Posts

Showing posts from 2011

නිකම් ඉන්න බැරුවට කරපු වැඩ

Image
කොත්තුවක් හදාපු පරණ වීඩියෝවක්. බලන්නත් එක්ක දැම්මා. හොඳද බලන්නකෝ සද්දෙත් එක්ක තමයි බලන්න ඕනෙ

ඕං අපිත් කරා නාට්ටියක්

Image
ඉස්සෙල්ල මේක අහල ඉන්නකො පලවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කරපු දේවල් ගැන ලොකුවට කියවන එක ප්‍රධාන දෙයක් වෙච්ච ලංකාවෙ ආඩම්බරකාර වැසියෙක් විදිහට කොල්ලත් ඔන්න අද හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න. මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපේ සිහින එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා. ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා. මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ මේ කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ. අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට කොල්ලගෙ විශේෂ ස්තූති

කවිද??? කතාද??? මමවත් නොදනිමි......

Image
මහමෙරක් පැතුම් පොදි බැඳ.. ලස්සන මල් මාවතක ඇවිද යන්නට ඇඟිලි ගැන්නද පෙරුම් පුරමින්.. ඉටු නොවුනු තැන මගේ පැතුමන් අරමුණක් නැතිව.. ඔහේ ඇවිදන් යන විට ජීවිතය මෙය යැයි.. පසක් කර දුන් පහන ඔබ විය පෙම්බර නෑ සියන්.. සියක් වූ මිතුරන් ලඟින් නැති පාළුව... මැකූ දහසක් දෙනා ඔබ විය මව්බිම රැඳෙන්නට.. කෑගසා කීවත් උඩු සිත මම කෙසේ රැඳෙමිද.. අරක් ගෙන ඔබ මගේ යටි සිත I dreamt hopelessly to walk on a path filled with roses... You were the candle lit my way when I sheered off course... You killed loneliness I was suffering away from my beloved... Even I wish staying in motherland why my instincts say otherwise....

හිතන්න පොඩි දෙයක්

Image
ආපහු බ්ලොග් එකට පොඩ්ඩක් කර පෙව්වා. සෑහෙන දවසකින් හිතල ලිව්වෙ නෑ ඒක නිසා ලියන්ඩ යනකොට අත කියන්නෙම ලියන්ඩ එපා කියලමයි. ඒත් මට අර කතන්දර කියන්නැහැ රයිටර්ස් බ්ලොක් එක හැදිල නෑ කියල මටම හිතෙන නිසාත් අද මොනව හරි ලියනවමයි කියල උදේ නැගිටිනකොටම හිතපු නිසාත් ලියන එක ලියනවාමයි........ අද ලියන්ඩ හිතුනා අපි සමහර වෙලාවට දකින ඒ දේ නිසාම සමහරු සෑහෙන අපහසුතාවයට පත් වෙන එක පොඩි දෙයක් ගැන. ඔය දේ මුලින්ම පටන් ගන්නෙ ඉස්කෝලෙන්. ඕගොල්ලො ගොඩ දෙනෙක් මේක දැකල තියෙන්නත් පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පාසල් කාලෙ ඉන්නව එක එක ආකාරයේ කල්ලි. මැර කල්ලිය (ඉගෙන ගන්න එච්චරම ආස නැති ජල්තර වැඩ වලට නම් දරාපු කල්ලිය - මාත් හිටියෙ මේකෙ) බ්‍රයිට් කල්ලිය (ඉගෙන ගන්න කල්ලිය) මෙලෝ රහක් නැති කල්ලිය (ඉගෙනීමට සම්බන්ධ නැති දෙයකට හරිම උනන්දුවෙන් සෙට් වෙලා ඒකෙම එල්ලීගෙන ඉන්න කල්ලියක්) මෝරුන්ගෙ කල්ලි ( සල්ලි තියෙන තාත්තලගෙ පුත්තු වටේ එකතු වෙලා ඒ පුතාලගෙන් යැපෙන කල්ලි - එකකට වැඩි ගානක් තියෙන්ඩ හැකියි) ඉතිං ඔය වගේ කල්ලි ඉස්කෝලෙන් පස්සෙත් පවතින වෙලාවල් තියෙනවා ඒත් හැමෝම නම් නෙමෙයි. අර මුලින්ම කියපු සෙට් එක නම් ගොඩක් වෙලාවට එකට ඉන

කට්ටියගේ හොඳ වැඩකට මට දෙන්න පුළුවන් පොඩි තල්ලුවක්

උපුටා ගැනීම නචියාගේ බස් එකකින්. කැමති කට්ටියගේ සහයෝගයනම් මසුරන් වටී සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා. දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින ස්ථානය - මහරගම පිළිකා රෝහල මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි. CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103. දු.ක. 0112 850252 - Ext 455 බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු... “ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“ අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන

පිස්සුද තාත්තෙ?? ඔය ඉරිසියාකාරයන්ගෙ කතා...

Image
ඕං ටික දවසකින් පස්සෙ ආපහු ආව බ්ලොග් අවකාශෙ පැත්තෙ.. පහු ගිය ටිකේ ජුංඩක් කාර්ය බහුල වුණ නිසා ඔය යන එන ගමන් අතට අහු වෙන බ්ලොග් එකක් බලාගෙන පොඩි කමෙන්ට් එකක් දාගෙන හිටියට බලන්ඩ තියෙන පෝස්ට් ගාන දැන් 300+ වෙලා තියෙන්නෙ. එව්ව බලල ඉවරයක් කරන්ඩත් ඕනෙ. ඔය හැම දේටම තියෙනවනෙ වාරයක් කියල එකක්., ඔය අඹ වලට, කොස් වලට (අර සඳරු කිව්ව වගේ) ආදී නානාප්‍රකාර දේවල් වලට, ඒ වගේ මේ දවස් වල කොල්ලගෙ බ්ලොගේ තියෙන්නෙ පැරණි රස කතා වාරෙ. පැරණි රස කතා කියන්නෙ ඉතිං මඩ තමයි. ලඟදි මුක්කුවට ආරංචි වෙලා කොල්ල මුක්කුවගෙ කතා බ්ලොගේ දානව කියල, මුක්කුව කොල්ලට කතා කරල සෑහෙන්ඩ ස්තූති කරා. ඒව තව යාලුවො දෙන්නෙකුත් අහගෙන ඉඳල උන්ටත් හරිම සන්‍තෝසයක් ඇති උණා මුක්කුව කොල්ලට ස්තූති කරපු හැටි අහල  මේ කතාව ඇවිත් රන්දිකය ගැන කතාවක්, අර කොම්පියුටර් පංති දාන්ඩ කාමර කුලියට දුන්නෙ. රන්දිකයල කොල්ලල සහ තවත් පොඩිම් යාලුවො කොටසක් ඔය උසස් පෙළ කාලෙට පස්සෙත් අඩුම ගානෙ සතියකට දෙකකට වරක්වත් මධ්‍යසාර ටිකක් තොල ගාන්ඩ හරි එක්කහු වෙනවා. ඔය කට්ටිය අතරෙ කොල්ල අනිවාම ඉන්නව මොකද කොල්ලට තියෙනව ෆෝබියා එකක්   (ෆෝබියා ගැන දැනගන්ඩ ඕනෙනම් මෙතනින් බලන්ඩ) ලං

කොම්පියුටර් පන්තිය

Image
මේ දවස් වල අලුත් තැන වැඩ ටිකක් විතර අඩුයි නිසා වගේම පරණ යාලුවො එක්ක කයියට වැටිල්ලත් වැඩි වෙලා තියෙන හින්දම පරණ රස කතා ගෝනි ගනන් තමා මතක් වෙන්නෙ කතා කරගෙන යනකොට. ඉතිං ඔන්න අදත් දෙන්නම්කො ඒ දවස් වල වෙච්ච ලස්සන කතාවක්. හිතන්ඩ එපා මේ කොල්ලගෙ යාලුවො ගැන කතා විතරක් යන නිසා කොල්ලට ඔය වගේ රස සිද්ධි උණේ නැහැ කියල. වෙලා තියෙනව ඇති වෙන්ඩ ඒත් ඉතිං මගේ කතා මම ලියාගෙන ඉල්ලං කන්ඩ ඕනෙ නැති හින්දා කොල්ලගෙ යාලුවෙක් වෙච්ච කලු මල්ලි ට වැඩේ පැවරුවා. මිනිහ හෙට අනිද්ද දිහාට ඒ වැඩේ පටන් ගනී ආපහු. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ කොල්ලලගෙ හොඳ යාලුවෙක්. පොරට අපි කියමුකො බුවා කියලා. බුවාගෙ කතාවෙ ලොකේෂන් එක ගැන කතා කරොත් අර රෑට කමු අපි වම්බ‍ටු කතාවෙ හිටිය රන්දික යගෙ ගෙදර තමයි සිද්ධිය උණේ. ඒ දවස් වල ඉගෙනීම ඉවර වෙලා කට්ටිය රස්සාවල් වලට අඩිය තිබ්බ කාලෙ. ඉතිං රස්සාවට යනව කියන්නෙ එපා වෙන දෙයක් වෙලා තිබ්බ දවසුත් තිබ්බ. ගාන කැපෙනවට කැමති නැති නිසා අමාරුවෙන් හරි හැමදාම යනව ඉතිං. රන්දිකයත් ඒ දවස් වල වැඩට යනව නාවල පැත්තෙ තැනක. ආ කියන්ඩ අමතක උණානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ යන කාලෙ අපි කාගෙ කාගෙත් තිප්පලක් වෙලා තිබ්බ ගෙදරක් ත

අර මගෙන් ඉල්ලගත්ත 150

Image
මේ ඇවිත් පරණ රස කතාවක්. මතක් වෙද්දි අපිටත් එක්ක ටිකාක් විතර ලැජ්ජ හිතෙන ජාතියෙ කතාවක්................. මේ කතාවෙ කතා නායක තනතුර හොබවන්නෙ අර කලිනුත් පොඩි පොඩි අවුල් වැඩ වලින් කොල්ල විස්තර ලියල තිබ්බ මුක්කුවා තමයි. මුක්කුවා කොල්ලලත් එක්ක ගොඩක්ම ලඟින් ඇසුරු වුණේ සහ බොහොමයක්ම රස කතා මැවෙන්නෙත් අර උසස් පෙළ කියල ගොඩක්ම කොල්ලන්ගෙ ජීවිත වල හරි යන්ඩ හරි වරදින්ඩ හරි කියල එන කාල සීමාවෙ තමයි. කොල්ලලත් ඉතින් ඉතාම ආසාවෙන් හැමදාම උදේ නොවරදවා ගම්පහට යනව ඒ දවස් වල (පන්තියට යෑම නොයෑම තීරණය වෙන්නෙ එදා උදේම කාගෙ හරි ඔලුවට එන නසරාණි අදහසක් නැතිම උනොත් තමයි). ඒ කාලෙ ගැන ආපහු මතක් කරනකොට අනේ ආසාව සහ දුක කියන දෙකම එකට එකතු වෙච්ච පුදුමාකාර හැඟීමක් තමා හිතට දැනෙන්නෙ. ආසාව තමයි ඒ කාලෙ ගත්ත ෆන් ගැන මතක් වෙනකොට ආපහු ඒ කාලෙට යන්ඩ තියෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන එක. දුක හිතෙන්ඩ හේතු 2ක් තියෙනව,  1) කොච්චර ආස උනත් ආපහු කාලෙ පස්සට යන්ඩ බැහැ කියල හොඳටම දන්න එක. 2) ඒ කාලෙ පොඩ්ඩක් හරි ඉගෙන ගත්තනං අද ඉංජිනේරු මහත්තයෙක් නේද කියල හිතෙනකොට මොනව කරන්නද ඉතිං හැමෝම ඉංජිනේරුවො උනොත් උන් හදන බිල්ඩිං වල ඉන්ඩයි පාරවල් ව

කොල්ලාගෙන් තවත් වාහනයක් (Rolls-Royce Phantom)

Image
කොල්ල අද ලෑස්ති වෙන්නෙ කට්ටියට කියන්ඩ තවත් වාහනයක් ගැන. ගොඩක් ධනපති උදවියගෙ සෞභාග්‍යවත් බව විදහා පාන්න පාවිච්චි කරන "සුපර් ලක්ෂරි" කියන කාණ්ඩය යටතේ වර්ග කෙරිල තියෙන මේ වාහනේ කාර් එකක්. ඒකෙ නම කියවෙන්නෙ සිංහල තේරුමෙන්නම් අවතාරයක්  එහෙමත් නැත්තම් මායාවක් කියන එක. ඒක කොච්චර දුරට ඇත්තද කිව්වොත් අපි වගේ පුංචි පහේ උදවියට මේක ඇත්තෙන්ම මායාවක් තමයි. අ‍ටුවා ටීකා ඕනෙ නැහැ මීට වඩා මේ මෝටර් රථය තමයි රෝල්ස් රොයිස් සමාගමේ හදන Rolls-Royce Phantom  කියන මාදිලිය. මේ මාදිලිය නිෂ්පාදනයට එන්නෙ 2003 වර්ෂයෙ. 2003 ඉඳන් අද දක්වාම මේ මාදිලිය බොහොම සාර්ථකව නිෂ්පාදනය වෙන වගේම විකිණීමත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා තියෙනව. මේ ෆැන්තම් මාදිලිය තමයි රෝල්ස් රොයිස් සමාගම තවත් ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වෙන බී.එම්.ඩබ්ලිව් සමාගම යටතට පත් වුණාට පස්සෙ නිෂ්පාදනයට ගත්ත පළවෙනිම මාදිලිය. ඒ වගේම මේ මාදිලියෙන් විස්තරිත උප මාදිලි දෙකක් වෙන Rolls-Royce Phantom Drophead Coupé, සහ Rolls-Royce Phantom Coupé දැනට නිෂ්පාදනය වෙනව කියන එකත් ඕගොල්ලන්ට කියන්න පුලුවන්. මේ මෝටර් රථය ඉතාම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වෙන (කො

අලුත් රස්සාව

Image
අලුතෙන් රස්සාවකට ආව නිසා පොඩ්ඩක් කාලය කියන එක තියෙනව මේ දවස් වල. අලුත් රස්සාව කියන්නෙ අලුත් මිනිසු අලුත් ක්‍රමවේද (ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන ) සහ තව එකී මෙකී නොකී දේවල් ගොඩක් මැද්දෙ හිර වෙලා. හරි ෂෝක්….. ඉතින් වේන රටකට යන්ඩ ලෑස්ති වෙන නිසා කොල්ලව හෝටල් කාමරේකට කොටු කරලත් දාල තවත් මරු. දෑන් කොල්ලගෙ දින චරියාව ගෙවෙන්නෙ මෙහෙමයි උදේ 8 වෙනකොට නැගිටීම 8.30 වෙනකොට උදේ කෑමට යෑම 8.45ට කාර්යාලයට යෑම වැඩ  වැඩ කෑම වෙලාවෙ ජාලෙ බයිල කෙලීම වැඩ වැඩ 5.00-5.30ට ආපසු යෑම 6.30-1.00 (විනෝදාන්ශ ) පාන්දර 1.00-1.30ට නිදාගෑනීම කොහොමද වැඩේ?? 

ප්‍රියයන්ගෙන් වෙන්වීම

Image
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියල කියල තියෙනවනෙ අපේ පැරණි උදවිය. ඒක ඇවිත් නිකම්ම නිකම් කතාවක් කියල කොල්ල හිතාගෙන හිටිය පොඩි දවස් වල. ඊට පස්සෙ ඒ කතාවෙ ඇත්ත නැත්ත තේරුනේ කොල්ලගෙ අප්පච්චි කොල්ලවයි පවුලෙ අනිත් අයවයි දාල ගිය දවසෙ. ආපහු ඊට පස්සෙ කොල්ලගෙ කෙල්ල අවුරුදු ගානකට පස්සෙ කොල්ලව දාල ගිය වෙලාවෙත් කොල්ල ඒකෙ ඇත්ත නැත්ත හොඳින්ම අත් වින්ද. මේ දේ අත් විඳල තියෙන ඈයො දන්නව ඇති මම මේ කියන්නෙ මොකක්ද කියල. මනුස්සයන්ට හිතක් තියෙන්නෙ හිතන්ඩ වගේම හැඟීම්බර වෙන්ඩත් නිසාම අපි ගොඩක් වෙලාවට හිතනවට වඩා හැඟීම්බර වෙන නිසා පොඩි දෙයක් උනත් හිතට කා වදින ගැඹුර වැඩි ඇති මගෙ හිතේ. කොල්ල අවුරුදු දෙකකට පොඩ්ඩක් අඩු වෙන්ඩ මේ දැන් ඉන්න රටේ හිටිය. ඒ ඉන්න අතරෙ නොදැනීම හිතට ලං වෙච්ච දේවල් තිබුණ. ගොඩක්ම දේවල් වලට වඩා එකම එක දෙයක් කොල්ලගෙ හිතේ ඇතුලටම කා වැදුන, සමහර විට ඒක එහෙම උනේ රිදිල තිබුන හිතකට ලොකු සහනයක් ඒ දෙයින් ලැබුණු නිසාද කියල මේ අද වෙනකම්ම කල්පනාවට නොඑන තරමටම ඒ දේ හිතට කා වැදුන. එහෙම වෙලා ටික කාලයක් යනකොට කොල්ලගෙ ජීවිතේ නැතුවම බැරි දෙයක් බවට ඒ දේ පත් උණා. අද වෙනකොට කොල්ල ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණයක් ග

කලකට පස්සේ... (ජීවිතය )

හරියටම කිව්වොතින් සති 3ක් වගේ කාලයක් ලිව්වෙම නැහැ මුකුත්ම..දූවිලි ටිකක් ගසල දාල මකුළු දැල් කඩල පාළුව යන්ඩ්ත් එක්ක ලියන්ඩ හිතුවා පුන්චිම පුන්චි දෙයක්.... කෙටි කලකටයි මෙලොවට බිහිවී     ඉන්නේ ඇයි ඒ ටිකෙත් මේ ඇත්තෝ වලි     කන්නේ පැණි රස තිත්ත රස දෙක කළවම්     වන්නේ එවිටයි දිවියෙ අර්ථය පැහැදිලි        වෙන්නේ රැක ගන්නට තමන්ගේ මේ බඩ         වියත බල්ලෙකු පමණ වුව මිනිසෙකු යයි    පහත ඒ වැනි සතුන් ගහණව ඇති මේ          දියත කපුටන් සුදු නොවෙය පණ්ඩිතයන්   කියත

බුගාටි වෙයිරොන්

Image
අද කොල්ල හිතුව ගොඩක් අය දන්න වගේම ලෝකෙ වැඩියෙන්ම වටිනවයි කියන මෝටර් රථ වලින් එකක් ගැන පොඩි සටහනක් තියන්ඩෙයි කියල. මේ පාරෙ දුවන පිස්සු හැදුණු අස්සය වගේ කියන, ඒ වගේම වේගවත්ම මාර්ගයේ ගමන් කළ හැකි නිෂ්පාදනයේ පවතින මෝටර් රථය තමයි බුගාටි වෙයිරොන් කියන්නෙ. මේ කාර් එක හදන්නෙ ප්‍රoශයෙ බුගාටි ඔටෝමොබයිල්ස් කියන ආයතනයෙ. අපි කාටත් හොඳින් මතක ඉබ්බ කාර් හදපු වොල්ක්ස්වැගන් ආයතනය යටතේ පවතින ආයතනයක් තමයි මේක. දොර දෙකේ මෝටර් රථ ගණයට වැටෙන මේ කාර් එකේ එන්ජිම තියෙන්නෙ මගී ආසන වලට පිටුපසින් දික් අතට (අර කවුරුත් දන්න ෆෙරාරි කාර් වල වගේ) අශ්ව බල 1001ක එන්ජිමක් තමා කලින් වේගවත්ම කාර් එක වෙලා තිබුනු ස්ටෑන්ඩඩ් මාදිලියට බලය සපයන්නෙ. මේ එන්ජිමේ තියෙන සිලින්ඩර ගනණ 16ක් වගේම ඒව පිහිටුවල තියෙන්නෙ ඉග්‍රීසි "W" අකුරෙ හැඩේට. ටර්බෝ චාජර 4ක් මේ සිලින්ඩර 16 එක්ක එකතු වෙලා මේ වාහනය පාරෙ දුවන ගුවන් යානයක් වගේ කරන්න දෙන සහයෝගය ගොඩක් ලොකුයි මගෙ හිතේ. ඔය වගේ එන්ජිමක් එක්ක හරි හරියට දුවන්න ගියර් පෙට්ටියක් නැත්තම් එන්ජිමෙන් කිසි වැඩක් නැහැලුනේ. ඒක නිසා නිෂ්පාදක මහත්තුරු මේ වාහනේට සවි කරල තියෙන්නෙ වේග 7ක්

පුංචි ඇබැද්දියක්

Image
කාලෙකින් ලිව්වෙත් නැහැනෙ මුකුත්. ඔන්න අද උදේ කොල්ල වැඩට යන්ඩ එලියට බහිද්දිම දැක්ක දෙයක පින්තූරයක් ගත්තා. ඔන්න බලලම හිතාගන්ඩකො මක්කැයි වෙලා තියෙන්නෙ කියලා..... කොල්ලලගෙ ගෙදර ඉස්සරහම තියෙන කන්ටේනර් අංගනයේ කලින් දවසෙ වැහැපු වැස්ස නිසා පොළව පොඩ්ඩක් බුරුල් වෙලා. ඉතින් එතන තිබ්බ එක කන්ටේනර් පෙට්ටියක් පොඩ්ඩක් ඇල ගහල තියෙන හැටි තමයි මේ. සාමාන්යයෙන් දකින්ඩ ටිකක් අමාරු දර්ශනයක් නිසා කොල්ල පින්තූරයක් ගහ ගත්තා කට්ටියට බලන්ඩත් එක්ක දාන්ටෙයි කියාල.

ෆාස්ට් 5 (රියෝ හයිස්ට්)

Image
වේගය එක්ක බැඳුනු චිත්‍රපට කිව්වහම කටියට මුලින්ම මතක් වෙන චිත්‍රපටි ගොන්න තමයි ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් චිත්‍රපටි මාලාව. ඔන්න අද කොල්ල ඉන්න රටේ ඒ චිත්‍රපටි මාලාවෙ අවසාන චිත්‍රපටිය කියලා නම් කෙරුණු ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් 5 චිත්‍රපටිය තිරගත වෙන්ඩ පටන් ගත්ත. කොල්ලටත් තියෙනවනෙ අමුතු ජාතියෙ පිස්සු. ඉතිං මොකෝ කරේ හවස වැඩ ඔක්කොම නවත්තල ගිහින් ඒක බැලුව. එළ බයිස්කෝප් එක ඈ.................... ඔය කවුරුත් දන්න ඩොමිනික් ටොරේටෝ (Vin Diesel) හිරේට නියම වෙනවනෙ අන්තිමට අපි බලපු 4 වෙනි කොටසෙ. මේක පටන් ගන්නෙ ඒ චිත්‍රපටියෙ අන්තිම ජවනිකාවෙන්, එහෙම පටන් අරන් විනාඩි 132ක්ම අපිට අධ්‍යක්ෂක උන්නැහේ දෙන ත්‍රිල් එක බලලම තමයි ගන්ට ඕනෙ අප්පා........... කෙටියෙන් කිව්වොත් ඔය කතා ගොන්නෙම ප්‍රධාන චරිත තුන වෙන ඩොම්, මියා සහ ඕ' බ්‍රයන් තුන් දෙනාව ෆෙඩරල් ආපරාධකාරයො විදිහට හංවඩු ගැහෙනව ඩොම්ව හිරෙන් පන්නපු හේතුව මත. ඉන් පස්සෙ කථාව දිග හැරෙන්නෙ මේ අයට හම්බු වෙන පරණ යාලුවෙකුයි ඒ යාලුව නිසා අත ගහන්න වෙන අලුත් හොරකමකුයි නිසා කට්ටිය මැදි වෙන ප්‍රශ්ණ ගොන්නක් කේන්ද්‍ර කරගෙන. මේ චිත්‍රපටියෙන් කලින් බලපු හැම

මොකක්ද ප්‍රේමය...

Image
රිදෙද්දිත් විඳවන... විඳවමින් තව ඇලෙන... දුකක් යැයි දැන දැන.... මම තවත් ගැලෙන.... ජීවිතය නම් දුකක් බැව් දැන.. එහිම ඇලෙනා මිනිස් ගතියට.. ගෙවන වන්දිය මෙයයි මිතුරනි.. නොවව් කිසිදා පෙමෙහි වහලෙක්...

උපහාරය

Image
මේ පෝස්ට් එක ලියුවෙ කොල්ල මුලින්ම  කොල්ලගෙ බ්ලොග් එකේ සංඛ්‍යා ලේඛන බලපු වෙලාවෙදි. මේක දැකල කොල්ලට සතු‍ටු හිතුන වගේම කොල්ල ආසාවෙන් පස්සෙන් යන (following) අනිත් ජ්‍යෙෂ්ඨයො කවුරුත් තරහ නොවෙයි කියල හිතන ගමන් කොල්ල ආසම කරන බ්ලොගයක් ලියන සහෝදරියකට උපහාරයක් පුදන්ඩ කැමතියි. ඒ සහෝදරී තමයි අපි කවුරුත් දන්න කො.ජී හෙවත් කොට ජීවිතේ . කොල්ල බ්ලොග් කෙරුවාවට ඇවිදින් වැඩි කාලයක් නැහැ, තාම යන්තම් මාස දෙකක්වත් නැහැ ඇත්තෙන්ම කිව්වොත්. ඒ වගේම තමයි කොල්ල තමන්ගෙ බ්ලොග් එක සින්ඩියකට එක්කාසු කරලත් තාම වැඩි කාලයක් නැහැ. ඒත් අද බලපු සංඛ්‍යා ලේඛන බැලුවහම දැකපු දේන් කොල්ලට ආපු සං‍තෝසෙ වචන වලින් කියන්ඩ බැහැ. මාස දෙකක් ගත නොවුනු ළදරු බ්ලොග් එක බලපු ගාන (hits) 2614ක්. පහල තියෙන්නෙ කොයි බ්ලොග් කාරයෙක් උනත් හරිම කැමති තමුන්ගෙ ගෙදරට පාර අනිත් අයට කියල දීපු අයගෙ විස්තරය. කොල්ලගෙ මේ උත්සාහයට තල්ලුවක් දීල සින්ඩියක් විදිහට කට්ටිය ගෙන්නන්ඩ උදව් කරපු කො.ජීට ස්තූතියි කියන්ඩ කොල්ල ලඟ වචන නැහැ Traffic Sources            More ▸ http://kotajeewithe.blogspot.com/     94 http://syndi.lankeeya.lk

ලක්ෂ දෙකයි

Image
මේක ඇවිල්ල වියට්නාමයේ සිද්ධ වෙච්ච කථාවක්. ලන්කාවෙ ඉඳන් පොරක් ආව මෙහෙට පොඩ්ඩ දවසකට කලින්. ගොඩක් කට්ටිය වියට්නාමෙ ගැන හිතන් හිටියට යුද්දෙ තදින් යන නොදියුනු රටක් කියලා, ඇත්තම තත්වෙ නම් ඒකෙ අනිත් පැත්ත තමයි.වියට්නාමෙ කියන රට හරි ප්‍රසිද්ධයි යුරෝපීය උදවිය අතරෙ. ඒකට හේතු ටිකක් තියෙනවා....  * ලස්සන බලන්න පුලුවන් තැන් ගොඩාක් තියෙනව රට පුරාම (අපේ රටෙත් එහෙම තමයි ඉතින් )  * යුරෝපීය රටක වියදම් එක්ක බලද්දි වියදම් පක්ෂය ඉතාම සහනදායී විදිහට ඉතාම සැප නිවාඩුවක් ගත කරන්න පුලුවන්. අන්තිම සහ හොඳම හේතුව  * ලස්සන ගෑණු ළමයින්ගෙන් ඇහැට සැපක් වගේම සරුවාන්ගෙටමත් එහෙම කරගන්ඩ පුලුවන් :D ( සම්පූර්ණ ඇත්ත, අපේ සමහර ඇමති ගොල්ලන්ගෙන් ඇහුවොත් දැනගන්ඩ පුලුවනි ) මෙහෙ සල්ලි ගැන කියනවනම්, 1000 කොලේකින් බල්ලෙකුට ගැහුවත් දුක හිතෙන්නෙ නැති තරමට වටිනාකම අඩුයි. සාමාන්‍යයෙන් බඩුවක් මුට්ටුවක් ගන්ඩ ගියාම ලක්ෂ ගණනින් තමයි වියදම් කරන්ඩ වෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත්, ජොනි අයියගෙ කලුවා බෝතලයක් ගන්න මෙහෙ සල්ලි (වියට්නාම් ඩොන්, VND) වලින් 450,000ක් විතර වියදම් කරන්න ඕනෙ. බය වෙන්න දෙයක් නැහැ. දැන ගැනීම පිණිස, VND 100,

වැරදිම තීරණය......

Image
මේක ඇවිල්ල ඇත්තම ඇත්ත කථාවක්.කොල්ල රැකියාවක් සම්බන්ධයෙන් ජීවිතේ ගත්ත වැරදිම තීරණය (අදටත් තාම පසු තැවෙනව ) සහ හොඳ මිනිසුන්ගේ ආශ්‍රය නිසා ගොඩ ආපු හැටි ගැන සරල කවි පද දෙක තුනක්. අද වෙනකොට ලන්කාවෙ හොඳ තැනක ඉන්ඩ තිබ්බ කොල්ල රටවල් ගානෙ ඇවිත් ඉන්නෙ ඒ එදා ගත්ත ගොන් තීරණේ නිසා තමයි. හිතනුය බොහෝ දුර... කියා තිබුනත් පනින්නට පෙර... දැන දැන වරද කර.. කොල්ල හඬතෙයි කඳුලු පෙර පෙර.. අවට වත්තල පුර... ආයතනෙ ගෙදරට නුදුර... නොහිතලා දිග දුර... දිවුව කොල්ලා කොළොම් පුරවර... කපටියෙකි මහ හොර... හිරවෙලා බැන්කුවට ණය බර.. පවුල් අසරණ කර... ලොක්ක පැන්නයි අප උකස් කර... කලින් ආයතනේ... කොයි හැම දේත් හොඳනේ... ඒ ගැන හිතන්නේ... හිතල කොල්ලා හූල්ලන්නේ... උන දේ උනාවේ... හිතල ඒ ගැන වැඩක් නැතියේ... මට එකෙක් ඕනේ... වැඩ කරන්නට මෙහෙ වරෙන්නේ...

සඳ බුල්ටෝ 2..

Image
පොඩ්ඩකට කලින් දාපු පලවෙනි පෝස්ට් එක නිසා ආපහු මතක් කරන්ඩ යන්නෙ නැහැ කොල්ලා... ඔන්න ඉතින් දැන් බිම් කලුවර වැටීගෙන එන වෙලාව (4.30-5.00) ලං වුණා.කොල්ලා ඇතුලු නඩේ 5 දෙනෙක් යනවා පොඩ්ඩක් ශරීර සුවතාවය තකා ඇවිදින්ඩ කියල වට පිටාවෙ.හිටපු තැන භාරකාරය කිව්ව උපරිම රෑ 6 වගේ වෙනකොට ආවෙ නැත්තන් ඇත්තටම දිවිය හම්බු වෙන්ඩත් පුලුවන් වෙයි කියල (ලොල්.....) ඔන්න යනව ඇවිදගෙන තණ පලස දිගේ සීතලේ ගැහි ගැහි. යනකොට දැක්ක දැකල පුරුදු දෙයක් තණකොල උඩ තියෙනව. ළං වෙලා බැලුව කෝකටත්. බලද්දි ගෝන මළ පහ තමයි අර දැකල පුරුදු දේ වගේ කට්ටිය දැකල තියෙන්නෙ. එකෙක් හිටිය ඌ ඇවිල්ල අනිත් එවුන් එක්ක බලද්දි දසම මදාවිය මොකද ඌට අපිට එන සිතුවිලි එන්නෙ අපේ මොලේ තියෙන ස්නායු වැඩ කරන්ඩත් කලින්. නම කියමුකො සංඛ කියල, ඌ කියනව "මචංලා, හැමදාම නෑ. දෙමුද මේව ඉටි කොලේක ඔතල "සඳ බුල්ටො" කියල. දැන් බීල ඉන්න නිසා කට්ටියට මලාට තේරෙන්නෙ නැහැ" කොල්ල සහ යාලුවො ඒ කාලෙ කාට හරි ගින්දරක්නම් ඉතින් එක පයින් හිටපු නසරාණිම සෙට් එකක් තමයි. බැහැ කියන්නෙ කව්ද අප්පා ඉතින්? මොකද කරේ ඉල්ලුමට සරිලනවටත් වඩා අතිරික්ත සැපයුම තිබුනු නිසා මද

සඳ බුල්ටෝ

Image
මේ සිද්ධිය වෙන්නෙ 2000 පළමු දශකයෙ මුල් කාලෙදි. කොල්ල සහ යාලුවන් පිරිසක් විනෝද චාරිකාවක් විදියට යනව හෝර්ටන් තැන්නට. ඒ කාලෙ ඉතින් අතේ කාසි පණම් එහෙම ලොකුවට නැති කාලෙනෙ, ඉතින් කට්ටිය පෙරුම් පුරාගෙන අමාරුවෙන් සල්ලි ටිකක් එක්කාසු කරගෙන රේල්ලුවෙ යන්ඩ පිටත් උනා. යන්ඩ කලින් හෝර්ටන් තැන්න ඇතුලෙම තියෙන බන්ගලාව වෙන් කරගෙන තමයි ගියෙ. එතන සෑහෙන දෙනෙක්ට නවතින්ඩ පුලුවන් වගේම කෑම බීම උයා පිහාගෙන කන එකෙත් අවුලක් නැති හින්ද ගෙවන ගානට උඩින්ම වටින තැනක්. ඔන්න කෝච්චියෙන් ගිහින් ඉතින් තැන්න පැත්තට ලඟා වෙලා පිස්සු උපරිමයෙන් කෙලගෙන යනවා. යන අතරෙදි එකෙක්, අර දුලීතය , කියනව " මචෝ, කැලේ පැත්තෙන් බැහැගෙන යමු නේද? මාර ෆන් එකක් ගන්ඩ පුලුවන්" .... ඒ අතරෙදි තමයි එකෙක් කියන්නෙ කලින් හන්දියෙදි කෙනෙක් කිව්ව කියල ඔය කැලේ ඇතුලෙ දිවියො ඉන්නවයි කියන කතාව. ඕක කිව්ව කට්ටියටම. ඒත් කොටසක් අහන්නෙම නැහැ කියන දේ උන්ට යන්ඩම ඕනෙ කැලේ මැදින්. ඕනෙ එකක් වෙන්ඩ කියල කට්ටිය බෙදුන කණ්ඩායම් දෙකකට. කැලේ මැද්දෙන් යන උන් ටික එක පැත්තක. පාරෙන් යන උන් අනිත් පැත්තෙ. ඔන්න පාරෙන් ගිය කට්ටිය ඇවිත් නවාතැනට සෙට් වෙලා එහෙම හැ

නිදිමත

Image
කොල්ලට මේ දවස් වල අලුතින්ම බලපාල තියෙනව එදිනෙදා වැඩ අවුල් කරන්ඩ පුලුවන් ජාතියෙ හූනියමක් වගේ එකක්. ඒක තමයි නිදිමත........... මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පාන්දර 2-3 වෙනකොට නිදාගෙන ආපහු උදේ 6.30ටත් කලින් නැගිටින එක අමාරුයි නේද? ඔන්න ඕක දැන් වෙනව සති ගානක් තිස්සෙ. ඔය රෑ ඇහැරගෙන හිටියත් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩ හිතෙන්නෙත් නැහැ (අපේ කතන්දර මහත්තය කියන්නැහෙ අර රයිටර්ස් බ්ලොක් ද මොකක්ද හැදිලද දන්නෙත් නැහැ ) අත්හදා බලන්න එපා ඒත් නිකමට බැලුවොත් මෙහෙම නැගිටගෙන ඉඳල උදේ වැඩට ගිහින් වැඩ කරනව කියන්නෙ ඉතින්......... අපාය ගැන පොත් පත් වලින් දැකපුව ඇත්තද කියලත් හිතෙනව. අවුරුදුත් පහු උනා..... වෙන දවසක් වගේම අවුරුදු දවසෙත් වැඩට ඇවිත් ගෙදර ගිහින් පවුලෙ කට්ටිය එක්ක සතුටු සාමීචියක් දාගෙන ඉඳල නිදාගත්ත. මේ පෝස්ට් එක දාන්නෙ තේරුමක් ඇතුව නෙමෙයි. කොල්ලගෙ කෙටි කාලීන නිහැඬියාව වහගන්ඩ එක්කම ආපහු ලියන්ඩ පොඩි කික් එකක් ගන්ඩත් එක්ක නිසා. කියවන්ඩ දෙයක් නැති වීම ගැන තරහ වෙන්න එපා. ජීවිතේ ගලාගෙන යන විදිහ වෙනස් උනා පහු ගිය ටිකේ. මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟට වෙලා හිටි කම්මැලි කම මරල දාන උවමනාවෙන් වුනත් ලියාගන්

ඇබැද්දි

Image
අනුන්ගෙ රස කථා ලිව්වට අපිටත් එක එක රස කථා සිද්ධ වෙනවනෙ....  මෙන්න මේක කොල්ලට මේ ලඟදිම වෙච්ච ලැජ්ජාවෙ බැරි සත්‍ය සිද්ධියක් පාදක කොටගත් කථාවක්.  දිනය - පසුගිය සතියේ දිනක් ස්ථානය - කොල්ල දැනට ඉන්න ගෙදර වේලාව - දැනට ඉන්න රටේ වෙලාවෙන් රාත්‍රී 10 ට පමණ නම් ගම් මනංකල්පිතයි කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ. මිනිහට ගැලපෙනම නම තමා ගලා, වැරදියට හිතන්ඩ එපා, ගලා කිව්වෙ පොර දැක්කොත් එතන අර ගල් බෝතලයක් දකින්ඩ ලැබෙන නිසා මිසක් වෙන ගලක් ගැන නෙමෙයි. ඒකෙ අවුලක් නැහැ ඉතින් කොල්ලගෙ යාලුවොත් කොල්ල වගේ නොවුනොත් කොහොමෙයි උන් යාලුවො වෙන්නෙ නේද? මේ ගලා හරි හිත හොඳ කොල්ලා, කොල්ල හැමදාම ගෙදර යන වෙලාවට ලංකාවෙ ප්‍රවාහන පහසුකම් වලින් වැඩි හරියකට අනුග්‍රහය දක්වන්නෙ ඉතිං මේ ගලා තමයි.  ගලා ලඟදි ගත්ත උකුල උඩ තියාගන්ඩ පුලුවන් පරිගණකයක්, ඔය සිංහලෙන් ලැප් ටොප් කියන්නෙ, මේ දවස් වල ඉතින් හරිම ලේසියි මෙයාව සම්බන්ධ කරගන්ඩ, හරියටම කිව්වොත් බැංකුවක ඇමතුම් මධ්‍යස්ථානයක් වගේ, කොයි වෙලෙත් ඉන්නවා වැල උඩමයි (online). අර ඉහත කී දවසෙ කොල්ල දැක්ක ගලා සාමානයයෙන් කතා බහට පාවිච්චි කරන මෘදුකාංගෙ පෙන්නුම් කරනව. ඉතිං කොල්ල ගත්ත