මුදලාලිගෙ බල්ලා





මේක ඈවිල්ලා අපේ ගෙවල් පෑත්තෙ හිටපු මුදලාලි කෙනෙක්ට වෙච්ච පොඩි කතන්දරයක්.  

මෙයාගෙ නම ඈවිල්ලා ගුණරත්න මුදලාලි කියමුකෝ..........

මේ මුදලාලි අවිල්ලා උදේ පාන්දරම කඩේ අරින හොඳ මනුස්සයා. කා එක්කත් හිනා වෙලා කථා බහ කරන නිහතමානී පොරක්. මෙයාගෙ තියෙන පොඩි අවුලක් තමයි සමහර වෙලවට ඈහිල්ලක් බෑලිල්ලක් නෑතුව සමහර ප්‍රශ්න වලට උත්තර දෙන එක.

ඔන්න දවසක් උදේ පාන්දරම මුදලාලි කඩේ එහෙම ඈරල කඩේ ඈතුලෙ පත්තරයක් එහෙම බල බල ඉන්නකොට එක මනුස්සයෙක් කඩේ පෑත්තට එන ගමන් මෙයාගෙන් අහනවලු "මුදලාලී, මුදලාලිගෙ බල්ල මිනිස්සුන්ව හපනවද..??" කියලා.

මුදලාලි බෑලුවලු මොකක්ද යකෝ මේ මනුස්සය මගෙන් අහන අන්ඩර දෙමලෙ කියල කෝකටත් මතක් කරල බෑලුවලු මුදලාලි ඈති කරපු බල්ල මිනිස්සුන්ව හපල තියෙනවද කියලා....................... මතක් උනේම නෑහලු කවදාවත් ඒ බල්ලා මනුස්සයෙක් හපාපු වගක් නෑට්ට වනාගෙන ඉස්සරහට දුවනව මිසක්. 


"පිස්සුද මහත්තයෝ, මහත්තයා ඌව හෑපුවත් ඌ නම් හපන එකක් නෑහෑ... හෙහ් හෙහ්............."  

අපි ඒ ගෙවල් පෑත්තෙ ගියත් ඔය සීදේවි බල්ලා කරන්නෙ අපෙ පස්සෙන් නෑට්ට වන වනා  ටික දුරක් ඈවිදන් යන එක තමයි ඒ දවස් වල......... මුදලාලි හාමිනේ වෙලාවකට බල්ලට බනිනවත් එක්ක මූ ආරක්ශාවට කෙසේ වෙතත් හොරුන්ට පාර පෙන්නල දෙයි කියලා......

ඔන්න අර කලින් මුදලාලිගෙන් බල්ල ගෑන අහපු මනුස්සයා කඩේ ඉස්සරහට ඈවිත් කඩේට නෑවිදින් ඉස්සරහ මොකක්දෝ කර කරා ඉන්නවලු. මුදලාලිටත් ඉතින් අනුන්ගෙ දේවල් මොකටද කියල එයත් පාඩුවෙ පත්තරේ බලනවලු. 

මෙන්න විනාඩි පහක් විතර යනකොට අර මනුස්සය මුදලාලිගෙ දෙමව්පියොන්ටයි පරම්පරාවටයි බෑන බෑන කඩේට ආවලු. ඈවිත් ලේ ගලන අතකුත් පෙන්න පෙන්න මුදලාලිට බනිනවලු පළු යන්ඩ "මුදලාලි මනුස්සකමට බල්ල ගෑන ඈහුවහම බොරු කියන්නෙ ඈයි? ඔලුව පොඩ්ඩක් අත ගෑව විතරයි මූ මගෙ අත හෑපුවනෙ පෑනපු ගමන්ම" 

ගුණරත්න මුදලාලි කියනව " මහත්තයො මගෙ බල්ල ඉන්නෙ ගෙදරනෙ" කියල.......

එතකොට අර මනුස්සයා අහනවලු "ඈයි එතකොට මෙ ඉස්සරහ නිදාගෙන හිටපු ලස්සන බල්ල කාගෙද?.... " කියලා...............   

ඔන්න ඕකයි කථාව............................................

Comments

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….