රෑට කමු අපි වම්බටු වම්බටු.......


මේක උනේ කොල්ලගෙ එළම ගජයෙක්ට තමයි.... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එළටම පිස්සු කෙලල කෙලල කොල්ලල එක්කම මේ ලඟක් වෙනකනුත් එහෙමම කරල දෑන් ඔන්න ඔය කෑන්ගරුවන්ගෙ දේසෙද මොකේද ඉගෙන ගන්ඩ කියල ගියපු එළ කොල්ලෙක් තමයි.


යාළුවගෙ නම කියමුකො රන්දික කියලා...


ඔය මගෙ කලින් වෑඩ පෙන්නපු පෝස්ට් එකේ කිව්ව වගේ ඉතින් පිටරට රස්සාවල් වල ලොකු පොඩි භේදයක් නෑහෑනෙ. ඉතින් මේ රන්දිකයත් කරන්නෙ සාමාන්‍ය පොඩි පහේ රස්සාවක් තමයි. ඔය ලොකු ලොකු නම් තියෙන රස්සාවල් කරන අපේ අයියලට පාගන බයිසිකලයක්වත් නෑති උනාට ඒ රටවල් වල නම් කා ලඟත් තමුන්ගෙම රෝද හතරක් තියෙනවා. අන්න සමාජ ක්‍රම... ගන්න පඩිය ඉතුරු නෑතත් මාසෙ ගෙවන්නෙ හරිම ලස්සනට. 


ඔන්න කොල්ල ලයින් එකෙන් අවුට් යනව නේද??........ කියන්ඩ ආවෙ කථාවක් ඒත් දෑන් කියන්නෙ වෙන මගුලක්නෙ.. අයියෝ අයියෝ.


ඔන්න දවසක් මේ රන්දික වෑඩ ඉවර වෙලා පයින් යනවලු. මේ දවස් වල මිනිහට කාර් පදින්ඩ බෑහෑලු මොකද මධ්‍යසාර භාවිතයෙන් පසු කාර් පෑදල මුළාදෑණි උන්නෑහෙල බලපත්තරේ විසන්ධි කරල පුන්චි කාලෙකට. ඔහොම යනකොට තියෙනවලු ගඟක්. ඔය ගඟේ ඉවුර දිගේ ඉතින් සිරි නරඹන ඈයො එහෙමත් ඉන්න එකේ ඔය වීදි අභිවාහක (Street Performers) උන්නෑහේල එහෙමත් ගඟ අයිනෙ ඉන්නවලු. 


කණ දාගෙන යනකොට ඔය යන අතරෙ රන්දිකයට ඈහෙනවලු,"රෑට කමු අපි වම්බටු වම්බටු, වම්බටු පෙති බෑදලා..." කියල තියෙන ජොලි සීයගෙ සින්දුව ඒ වගේම ගිටාර් එකකින් ගහනව. මාර සන්තෝසෙන් ලන්කාවෙ එකෙක් වෙන්ඩ ඈති කියල දුවගෙන වගේ ගිහින් බෑලුවලු. ඒත් ඉන්නෙ සුදු කොන්ඩෙ තියෙන කෑන්ගරු පොරක්ලු. මිනිහ හිතල වෑරදීමක් වෙන්ඩ ඈති කියල එහෙමම යන්ඩ ගිහින්  


ආපහු ඊලඟ දවසෙ එනකොටත් මේ සින්දුවම ගහනවලු වචනයක්වත් නෑර. මූට මාරම අවුල දෑන් මේ යකා කොහොමද අපේ සින්දු දන්නෙ කියල.


එදා හවස යාලුව කොල්ලට කථා කරන වෙලේ කොල්ලගෙන් අහනව, "මචන් අර රෑට කමු අපි වම්බටු කියන සින්දුව ජොලි සීයගෙ නේද කියලා. කොල්ලත් ඉතින් කිව්ව ඔව් කියලා."මාර වෑඩේනෙ බන් මන් දෑන් දවස් දෙකක් තිස්සෙ එකෙක් ගිටාර් ගහනව අහන් ඉන්නව. ඌ ඒ සින්දුව ඒ වගේම ගහනවනෙ. ඌ ලන්කාවෙ එකෙකුත් නෙමෙයි කියල රන්දිකය කිව්ව.


එතකොට තමයි කොල්ලට මතක් උනේ ඒ තනුවම තියෙන"NEVER ON SUNDAY"  කියල ඉන්ග්‍රීසි සින්දුවක් ඈත කාලෙක කියවිලා තියෙනව කියල. (ඕනයා ට කොල්ලගේ උපහාරය සිංදුව මතක් කර දීම ගැන)


ප.ලි/ පසුව මකන ලදී. ස්තූතිය - ඕනයා

Comments

  1. ඈ... රන්දිකය රන්දිකය කියල දකිනකොට මම බයවෙලා ගියා මමත් රන්දික නිසා .. අපේ එකෙක් ලියන බ්ලොගක්වත්ද කියල ..
    එල.. ජයවේවා

    ReplyDelete
  2. ආ නැහැ මචං සහෝ....... මේ රන්දිකය වෙන එකෙක්. හැබැයි එළම එළ කොල්ලෙක් තමා ඕං.......

    ජය හා සතුට........

    ReplyDelete
  3. මට මතක නැහැනේ සිංදුවේ නම... :(

    ReplyDelete
  4. ගණන් ගන්න එපා කො.ජී. මටත් මතක නැහැ. ඒත් හැබැයි සිංදුවක් තියෙනවා......

    ReplyDelete
  5. නියම සිද්දිය

    ReplyDelete
  6. ඔව් ඔව් බීටා මෙ වගෙ සිද්ධි ගොඩක් තියේ. පස්සෙ ලියන්නම්........හික්ස්z

    ReplyDelete
  7. මචං . . . ඔය සිංදුවෙ ඔරිජිනල් එක ග්‍රීක් එකක්. ඉංග්‍රීසියෙං කියන්නෙ "NEVER ON SUNDAY" කියල. NANA MOUSKOURI කියන ග්‍රීක් ජාතික ගායිකාව තමයි ඔය සිංදුව කියන්නෙ. ගොඩක් අය හිතන්නෙ ඔය සිංදුව ස්පැනිෂ් කියල. ඒත් ඒක ග්‍රීක්. නානා මුෂ්කූරි ඔය සිංදුව ග්‍රීක් සහ ඉංග්‍රීසි කියන භෂා දෙකෙංම කියනව.
    පහල තියෙන්නෙ Never On Sunday සිංදුවෙ lyrics
    Oh, you can kiss me on a Monday, a Monday,
    A Monday is very very good.
    Or you can kiss me on a Tuesday, a Tuesday
    A Tuesday, in fact I wish you would.
    Or you can kiss me on a Wednesday, a Thursday,
    A Friday and Saturday is best.
    But never, never on a Sunday, a Sunday,
    A Sunday, 'cos that's my day of rest.

    Most any day you can be my guest.
    Any day you say, but my day of rest.
    Just name the day that you like the best.
    Only stay away on my day of rest.

    නානා මුෂ්කූරි 1933දි UNICEF එකේ Goodwill Ambassador විදියට පත්වෙනව. ඊට පස්සෙ එයා බොස්නියාවෙ යුද්දයෙන් අනාත උන ළමයි වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් ඉ‍ටු කරනව. මම දන්න විදියට ලෝක ඉතිහාසයේ ඒ වගේ අවස්තාවක් ලැබුන එකම සංගීතවේදිනිය තමයි නානා මුෂ්කූරි.
    පහල ලිංක් එකෙන් නානා මුෂ්කූරි ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවං . . . (කැමතිනං විතරක්)
    http://en.wikipedia.org/wiki/Nana_Mouskouri

    ReplyDelete
  8. ලංකාවේ 50% ක් කොපි තමා තියෙන්නෙ.........

    ReplyDelete
  9. ඔව් කල්හාර ඇත්ත තමයි....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….