දුවන මැෂිම (Treadmill)



මේ සිද්ධිය උනේ  2011 පෙබරවාරි 04 වෙනිද කොල්ල ලංකාවෙ නිවාඩුවට ගිහින් හිටපු දවස් වල ගෙදර උදවිය එක්ක ලංකාවෙ සීතල පලාතකට නිවාඩුවට ගිය වෙලාවෙ.

ඔන්න පළවෙනි දවසෙ (03 වෙනිද) කට්ටිය එක්ක ගියා පොඩ්ඩක් වට පිටාව බලලා සනීපයක් ගන්ටයි කියාල. වැඩේ පොඩියට වගෙ අල උනා වැහිබර කාලගුණේ හින්දා. ඒ කොහොම උනත් අපි යන්ඩ එන්ඩ පාවිච්චි කරපු වාහනේ එලවපු මල්ලි හොඳ කොල්ලෙක් නිසා මිනිහ ජාම බේරං අපිව ඔය තැන් දෙක තුනකට එක්කං ගිහින් පෙන්නුව. ඒකෙන් පොඩි කට්ටියනම් ජොලියක් ගත්ත, ඒත් ඉතින් අර කලින් පෝස්ට් එකේ කිව්ව වගේ මධ්‍යසාර නැතුව ඔය සීතල පලාත් වල ගිහින් වැඩක් නැහැනෙ. ඉතින් පොඩියට වගෙ අනුමත වෙන්ඩ හිතගෙන ට්‍රයි එකක් දුන්නට ඒකත් අල උනානෙ.......  හැබැයි මෙ කොල්ල සැලුනෙ නැහැ ඔය කිසිම දේකින්, මොකද කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ඔය පලාතෙ හමුදා කඳවුරේ... කොල්ලලත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙළියට දැන්නම් මිනිහ ලොකු තානාන්තරයක් හොබවන රටට වැඩක් කරපු හමුදා නිලධාරියෙක් ඕං..............

ලංකාවට නිදහස හමබ උනයි කියන දවස තමා කොල්ලලගෙ සංචාරෙ දෙවෙනි දවස..... එදත් වටේ කැරකිලා කාරිය අහවර වෙලා හවස් වරුවෙ දුන්න මිත්‍රයට ඇමතුමක්.........

කොල්ලා : ...................@#$%ඪ්*&^........
මිත්‍රයා: හරි හරි %#$@@&^ රෑ වෙලා වරෙන්කො මේ පැත්තෙ

අර කච්චිය පිච්චියට ගියත් බල්ල හෙලුවෙන් කිව්ව වගේ කොල්ලයි උගෙ යාලුවොයි වයස මොකක් උනත්, මොන ලොක්ක උනත්, කොහෙ ගියත් ලංකාවෙ සදාචාරයට සත පහකින්වත් වැ‍රැද්දක් කරන්නෙ නැහැ සුද්ද සිංහලෙන්මයි කථාව(හික්ස්)....

ඔන්න ‍රැ වෙලා ගෙදර කට්ටියට නිදාගන්ඩ කියල කොල්ල ගියා අර වාහනේ මල්ලිත් එක්ක නගරෙ පැත්තට. අමුතුවෙන් කියන්ඩ ඕනෙ නැහනෙ නිදහස් දවසෙ මධ්‍යයසාර ගුල් වහලනෙ ඒත් ඉතින් බයක් නැතුව කෙලින්ම ගියා වෙන්නෙ මොකක්ද කියල දන්න නිසා. යනකොට මෙන්න බොලේ ඒ ගිය තැන කොල්ලගෙ යාලුවගෙ තව යාලුවෙක්ගෙ යාලුවො කට්ටියක්ම ඇවිත් සංචාරෙක. ඉතිං ඒ උදවිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉන්නකොට ඒ සෙට් එකේ හිටපු තවත් එළ කොල්ලෙක් (රාසු කියමුකො මෑන්ට) කට්ටියට සෙට් උනා. වෙලා ඉතින් හැමදාම වෙන ආකාරයටම කිව්වත් නොකිව්වත් කට්ටිය දන්න ආකාරයෙ ආතල් එකක් දැම්මයි කියමුකො. ඔය අතරෙ ඒ පලාතෙ ඉන්න ව්‍යාපාරික මහත්තයෙකුත් ඇවිත් කට්ටියට එකී මෙකී නොකී බීමක් දුන්න එයාගෙ තැනට එක්කං ගිහිං.

ඔය ඔක්කොම ඉවර වෙලා ඇවිත් රෑ කෑම කනකොට වෙලාව පාන්දර 4යි. කැම කාල ඉවර වේගෙන එනකොට රාසුට හොඳ ගනන්. කියන්ඩ අමතක උනා මිනිහගෙ බර බැලුවොත් පොඩි ලමයෙක්ට වඩා (ඒ කිව්වෙ කොල්ල වගේ) කිලෝ 10ක් විතර බරයි. ඉතින් වදෙන් පොරෙන් රාසුව දෙපැත්තෙන් අල්ලගෙන කට්ටිය නැග්ග උඩ තට්‍ටුවට, නිදාගන්ඩ තිබුන කාමර තියෙන පැත්තට. ඒ ටික කරපු වෙලාවෙ කොල්ලට හිතුන මේ යාලුව එහෙම මුලින්ම හමුදාවට එන කාලෙ කරපු ශාරීරික ව්‍යායාම් කොහොම වෙන්ඩ ඇතිද කියලා (අනේ අපොයි.......)

ඔන්න කොහොමින් කොහොමින් හරි උඩට නැග්ගහම කාමරේට යන තැන තියෙනව දුවන මැෂිමක් අර සිංහලෙන් Treadmill කියන්නෙ. මේක දැක්ක විතරයි රාසු මරගාතෙම කියනව "මචහ්ං මට නිදාගන්ඩ කලින් මේකෙ ටිකක් දුවන්ඩ ඕනෙ" කියල.ඉතින් විනාඩි 5-10ක් වාත වෙලා ඕක දාල දුන්න හිමින්ම යන වේගෙට. මිනිහ කියනව "යකෝ මේ මොන speedද වැඩි කරපන් වැඩි කරපන් කියල දාගත්ත වැඩිම වේගෙට. මිනිහ දුවන අතරෙ කාලෙකින් කතා කරන්ඩ ගොඩක් දේවල් තියෙන නිස කොල්ලයි යාලුවයි පොඩි කයියක් ගහගෙන ඉන්නවා. විනාඩියක් වගේ යනකොට සද්දයක් ඇහෙනව "අනේ බුදු මැෂිම නැවතියං නැවතියං" කියල. බලනකොට රාසු අර මැෂිමට වඳිනව බිම වැටිලා........ ඊට පස්සෙ ඉතිං නිදාගන්ඩම පැය භාගයක් විතර ගියා මේ යකා පෙරලිලා මැෂිමට වැන්ද හැටි ගැන මතක් කර කර හිනා වෙලා.................

 (ඉඟිය - කොල්ලගෙ බර කිලෝ 109 යි අවසන් වරට බලන විට) 

 .

Comments

  1. කොච්චර බිව්වත් වැඩ ටික එක පිලිවෙලකට කරන බූවෙක් වගේ මේ රාසුවා.

    ReplyDelete
  2. අනේ ඔව්. ඔය රාසු කියන්නෙ බොන්ඩ ගියහමත් හරිම පිලිවෙලකට බොන ජාතියෙ අයිය කෙනෙක් කියල තමයි තතු දත්තෝ කියන්නෙ (හික්ස්..)

    ReplyDelete
  3. එල එල...ඔහොම පොරවල් නැතුවමත් නෙවයි..

    ReplyDelete
  4. මාර ආතල් වැඩේනෙ වෙලා තියෙන්නෙ.............හිහ් හිහ්...

    ReplyDelete
  5. @ Dileepa - අනිවා ඉන්නවා මේ වගේ පොරවල් අනන්තවත්

    @ කල්හාර - හික්ස්z... දවස් ගානක් යනකම් ඕක තමා රස කථාව වුනේ

    ReplyDelete
  6. හිහ්..හිහ්... මරු වැඩේ... බිවුවහම ඉතින් වැඩි හරියක් ඉන්නේ පිස්සොනේ... :)

    ReplyDelete
  7. හා හා කො.ජී.. එහෙම කියන්ඩ එපා. මෙ අපි බිව්වහම කොච්චර විනීතද?

    ReplyDelete
  8. ha haaaaaaa oya ahu wenne hora wada. tawa masayak witara blog 1 ta liwwot oyage jeewita katawama apita danaganna puluwan wey wage nedaaaaaaaaaaaaaa?

    ReplyDelete
  9. නෑහෑ අනුරාධා... ලියන්ඩ පුලුවන් මට්ටමේ ඒවා විතරයි මෙකට වෑටෙන්නෙ.......

    ReplyDelete
  10. api nodanna chess.................

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….