ඇබැද්දි



අනුන්ගෙ රස කථා ලිව්වට අපිටත් එක එක රස කථා සිද්ධ වෙනවනෙ.... 


මෙන්න මේක කොල්ලට මේ ලඟදිම වෙච්ච ලැජ්ජාවෙ බැරි සත්‍ය සිද්ධියක් පාදක කොටගත් කථාවක්. 


දිනය - පසුගිය සතියේ දිනක්
ස්ථානය - කොල්ල දැනට ඉන්න ගෙදර
වේලාව - දැනට ඉන්න රටේ වෙලාවෙන් රාත්‍රී 10 ට පමණ
නම් ගම් මනංකල්පිතයි


කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ. මිනිහට ගැලපෙනම නම තමා ගලා, වැරදියට හිතන්ඩ එපා, ගලා කිව්වෙ පොර දැක්කොත් එතන අර ගල් බෝතලයක් දකින්ඩ ලැබෙන නිසා මිසක් වෙන ගලක් ගැන නෙමෙයි. ඒකෙ අවුලක් නැහැ ඉතින් කොල්ලගෙ යාලුවොත් කොල්ල වගේ නොවුනොත් කොහොමෙයි උන් යාලුවො වෙන්නෙ නේද? මේ ගලා හරි හිත හොඳ කොල්ලා, කොල්ල හැමදාම ගෙදර යන වෙලාවට ලංකාවෙ ප්‍රවාහන පහසුකම් වලින් වැඩි හරියකට අනුග්‍රහය දක්වන්නෙ ඉතිං මේ ගලා තමයි. 


ගලා ලඟදි ගත්ත උකුල උඩ තියාගන්ඩ පුලුවන් පරිගණකයක්, ඔය සිංහලෙන් ලැප් ටොප් කියන්නෙ, මේ දවස් වල ඉතින් හරිම ලේසියි මෙයාව සම්බන්ධ කරගන්ඩ, හරියටම කිව්වොත් බැංකුවක ඇමතුම් මධ්‍යස්ථානයක් වගේ, කොයි වෙලෙත් ඉන්නවා වැල උඩමයි (online). අර ඉහත කී දවසෙ කොල්ල දැක්ක ගලා සාමානයයෙන් කතා බහට පාවිච්චි කරන මෘදුකාංගෙ පෙන්නුම් කරනව. ඉතිං කොල්ල ගත්ත ඇමතුමක්............................ බීප් බීප්...........බීප් බීප්...................බීප් බීප්............................ x ගොඩ පාරක්


කිසිම උත්තරයක් නැහැ


සැලුනෙ නැහැ කොල්ල... ආපහු ගත්ත තුන් හතර පාරක්ම.......... කිසිම ප්‍රගතියක් නැහැ එමමයි ... මුගෙ (**!@#$~%~*)


ඔන්න ඊට පස්සෙ කොල්ල ගලාව යකාට ගියාවෙ කියල ගෙදරට පොඩ්ඩක් කථා කරල තව යාලුවෙක්ට එහෙමත් කථා කරල රිලැක්ස් එකේ ඉන්නව. ඔය ඉන්න අතරෙ එකපාරටම ගලාගෙන් කෝල් එකක් එනව කොල්ලට. දැන් ඉතින් කලින් සිද්ධිය මතක් වෙලා මල අතේ තියන් කොල්ල උගුර එහෙම පාදල ලෑස්ති උනා ගලාට සුභ පතන්ඩ.


කතා කරන්ඩ පටන් ගත්ත ගමන් කොල්ල පටන් ගත්ත දෙන්ඩ  මොන (*@$#%#^) බං කරන්නෙ මොන ($#%@*&%)ද ඔන් ලයින් ඉන්නෙ කථා කරන්නෙ නැත්තං (@!~) දෙනවද .. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්.........


ඔන්න ඒ පාර පින්තූරෙත් වැටෙන්ඩ පටන් ගත්ත තිරේ. බලනකොට හැඩ වැඩ ලලනාවක් තමා පෙන්නුම් කරන්නෙ............ එයා කියනව


"ආ අපේ මල්ලි ගියානෙ මල්ලි පොඩ්ඩක් එලියට, මේ කෝල් හතර පහක්ම දැක්ක නිසා බැලුවෙ හදිස්සියකටවත් කතා කරාද කියල"


කොහොමද සැප............?

Comments

  1. වෙලාවට අම්ම නොවුනේ !

    ReplyDelete
  2. ඉතින් මොනාද බං කොල්ලෝ උඹ ඒ ලළනාවට කිව්වෙ ? අපිටත් කියහන්කෝ...!

    ReplyDelete
  3. @ හාවි - එවෙලෙ කොල්ලට ආපු ලැජ්ජාව තමා ලැජ්ජාව....

    @ අහස - හ්ම්..............අම්ම උනානම් ඉතින් ලැජ්ජාව x 4 වගේ තමා

    @ දුමී අය්යා - කිව්වෙද? දන්න මාකටින් ඔක්කොම දාල කිව්ව අක්කෙ සමා වෙන්ඩ ඕනෙ මම හිතුවෙ ගලා කියල කව්ද අප්ප හිතන්නෙ ඔයා ගලාගෙ පරිගනකෙන් මට කෝල් කරයි කියල බ්ලාහ්... බ්ලාහ්....

    අන්තිමට අක්ක ගලාට කියල තිබ්බ තමුසෙගෙ යාලුවො ඔහොමනම් ඉතින් තමුසෙත් ඒ වගේම නැතෑ කියල ලොල්.....

    ReplyDelete
  4. හප්පචිචායේ..... වහකන වැඩක්නේ :D

    ReplyDelete
  5. මට මැවිලා පේනවා කොල්ලගේ මුණ රතු වුනු හැටි....

    ReplyDelete
  6. @ චන්දික - ඔව්නෙ. වෙලාවට වහ ටිකක් තිබ්බෙ නැහැ ලඟ පාත....:-D

    ReplyDelete
  7. @ මගෙ පැල්පත - රතු උනා....රතු උනා..... ඒත් කොල්ල කලු නිසා අර අක්කට පෙනුනෙ නැහැ හික්ස්z.......

    ReplyDelete
  8. මරු කතාව.............:-D

    ReplyDelete
  9. ඇයි ගලාගේ අයියද කථා කලේ.... :D

    ReplyDelete
  10. @ සෝරෝ - උපුටා ගැනීමකි """
    ඔන්න ඒ පාර පින්තූරෙත් වැටෙන්ඩ පටන් ගත්ත තිරේ. බලනකොට හැඩ වැඩ ලලනාවක් තමා පෙන්නුම් කරන්නෙ........"" අක්ක මචන් අක්ක....... :((

    ReplyDelete
  11. සැප ගැන නම් කතාකර වැඩක් නොමැත. මම නම් බුරිය හපාගෙන බල්ටි දෙකක් ගසමි. :)

    ReplyDelete
  12. @ කේ.පී - එළ කථාවකි... බඩ ටිකක් වැඩි නිසා බල්ටි ගැහුවත් බුරියනම් හැපිය නොහැක.... ලොල්.......

    ReplyDelete
  13. මම A/L කරන කාලෙ දවසක් යාලුවෙක්ට කෝල්කලා. ඒ දවස් වල තිබුනෙ ලෑන්ඩ් ලයින් විතරනෙ. මමත් ඒ දවස් වල දන්නෙ කඩ්ඩෙං "මේ අයි ස්පීක් ‍ටු ****" කියන්න විතරනෙ . . . ඉතිං අරූගෙ ගෙදරට කෝල් කලාම ඔය සන්තෑසියම උනා . . . මෙන්න බොලේ එහාපැත්තෙං උත්තර දුන්න එකා කඩ්ඩෙං කොටනව එකසිය ගානට . . . අහං ඉඳල ඌ නැවැත්තුවම මම දෙසුව සොරි වෙන්නම . . . ."ඈ බොල ***පු‍තෝ . . . තොට සුද්ද*****ද කඩු වනන්නෙ . . . තොගෙ ()&^$%#&**(&(.......$@#%^&*%......!!!!!!
    ඔයාදී වශයෙං . . . මම නැවැත්තුවාම එහාකොනේ හිටපු එකා කියනව "මම ජී**ගෙ අයිය . . . ඔය කවුද කතාකරන්නෙ" කියල
    මමත් ඇරියෙ නෑ . . . . . මම ඇහුව "අයියට මාව අඳුරන්න බැරිද ?" කියල
    බුවා බෑ කිවුව විතරයි මම ලයින් එක කට් කරල මට නෙමේ වගේ හිටිය.
    ඔය සීන් එක උනේ 1995දි . . . ඒ කාලෙ CLI නෑ මගෙම වෙලාවට

    ReplyDelete
  14. @ ඕනයා - පඨ්ඨ ඛථාව........... #%$@%&&*^ ... ලොලේ ලොල්.........

    ReplyDelete
  15. හිහ්...හිහ්.... පට්ට චාටර් වැඩක්නේ වෙලා තියෙන්නේ... අර අක්කගේ මූණ මට මැවිලා පේනවා. අක්කව දැකපු කොල්ලගේ මූණ ඊටත් හොඳට මැවිලා පේනවා.... :D

    ReplyDelete
  16. @ampushpika - ඉස්තූතියි මචෝ

    @ කො.ජී - ඒක නේන්නම් දෙයියනේ. ඇඬෙනව තනි ඇහැට.......

    ඒක නෙමෙයි කෝ අර හිත් කියවන කතාව????

    ReplyDelete
  17. උඹට ඊට පස්සෙ හම්බ උනේ නැද්ද ඒ අක්කව...............

    ReplyDelete
  18. සැප කනේ කිව්වාලු :))

    ReplyDelete
  19. @ කල්හාර - නැහැ මචන්... ආපහු හම්බ වෙන්නෙ ඉතින් ලබන අවුරුද්දෙ ගියාම තමයි...

    @ හසිත - කනේ සහ තව ගොඩක් තැන් වල ... ලොල්z....

    ReplyDelete
  20. ඇයි වෙබ් කෑම් එකක් නැද්ද?

    ReplyDelete
  21. @ ka.soo - sama wenda one kadden ketuwata. online unicode converter ekata kelawee Atha.

    QUOTE
    ඔන්න ඒ පාර පින්තූරෙත් වැටෙන්ඩ පටන් ගත්ත තිරේ. බලනකොට හැඩ වැඩ ලලනාවක් තමා පෙන්නුම් කරන්නෙ..........
    UNQUOTE

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….