වැරදිම තීරණය......



මේක ඇවිල්ල ඇත්තම ඇත්ත කථාවක්.කොල්ල රැකියාවක් සම්බන්ධයෙන් ජීවිතේ ගත්ත වැරදිම තීරණය (අදටත් තාම පසු තැවෙනව ) සහ හොඳ මිනිසුන්ගේ ආශ්‍රය නිසා ගොඩ ආපු හැටි ගැන සරල කවි පද දෙක තුනක්. අද වෙනකොට ලන්කාවෙ හොඳ තැනක ඉන්ඩ තිබ්බ කොල්ල රටවල් ගානෙ ඇවිත් ඉන්නෙ ඒ එදා ගත්ත ගොන් තීරණේ නිසා තමයි.


හිතනුය බොහෝ දුර...
කියා තිබුනත් පනින්නට පෙර...
දැන දැන වරද කර..
කොල්ල හඬතෙයි කඳුලු පෙර පෙර..


අවට වත්තල පුර...
ආයතනෙ ගෙදරට නුදුර...
නොහිතලා දිග දුර...
දිවුව කොල්ලා කොළොම් පුරවර...


කපටියෙකි මහ හොර...
හිරවෙලා බැන්කුවට ණය බර..
පවුල් අසරණ කර...
ලොක්ක පැන්නයි අප උකස් කර...


කලින් ආයතනේ...
කොයි හැම දේත් හොඳනේ...
ඒ ගැන හිතන්නේ...
හිතල කොල්ලා හූල්ලන්නේ...


උන දේ උනාවේ...
හිතල ඒ ගැන වැඩක් නැතියේ...
මට එකෙක් ඕනේ...
වැඩ කරන්නට මෙහෙ වරෙන්නේ...



Comments

  1. ගියදේ ගියාවේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කොල්ලෝ . දැන් ඉන්න රටේන් හෙන ගානක් හම්බ කරගෙන තව ටික කාලෙකින් ආයෙමත් ලංකාවට ඇවිත් කාටවත් යටත් නොවී තමන්ගෙම වැඩක් කරගෙන නිදහසේ ඉන්න උත්සහ කරන්න .

    ReplyDelete
  2. ඔව් බන්. උඹට බොහෝම ස්තූතියි. ඒක තමයි කරන්ඩ හිතන් ඉන්නෙ. ඒත් ගොඩක් වෙලාවට මතක් වෙනකොට දුකයි, ගෙදර දාල එන්ඩ උනේ ඒ මෝඩකම හින්ද නේද කියල.

    ReplyDelete
  3. දැන් ඉතින් කරපු මෝඩකම් වලට හූල්ලලා තේරුමක් නැහැ. ඒවයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය සාර්ථක කර ගන්න..... :)

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි කො.ජී ...........

    ReplyDelete
  5. ත්‍රී වීල් ඩැයිවර් කෙනෙක් කියල තියනවලු "සත්යය වැටහෙනවිට සියල්ල සිදුවී හමාරයි" කියල. . . . .

    ReplyDelete
  6. @ඕනයා - ඔව් බං..........සම්පූර්ණ ඇත්ත

    ඇයි තව කියල තියෙන්නෙ පිඹගෙන එන්නේ ඇරගෙන යන්නද කියලත්.......

    ReplyDelete
  7. ඈ කොල්ලො උඹට නියමෙට සරල විදියට තේරෙන බාසාවෙන් කවිත් ලියන්න පුලුවන්නෙ..........

    ReplyDelete
  8. ස්තූතියි මචං. ඒකතේරෙනවද, කවියක් වගෙත් තියෙනවද? එහෙනම් සන්‍තෝසයි...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….