උපහාරය






















මේ පෝස්ට් එක ලියුවෙ කොල්ල මුලින්ම  කොල්ලගෙ බ්ලොග් එකේ සංඛ්‍යා ලේඛන බලපු වෙලාවෙදි. මේක දැකල කොල්ලට සතු‍ටු හිතුන වගේම කොල්ල ආසාවෙන් පස්සෙන් යන (following) අනිත් ජ්‍යෙෂ්ඨයො කවුරුත් තරහ නොවෙයි කියල හිතන ගමන් කොල්ල ආසම කරන බ්ලොගයක් ලියන සහෝදරියකට උපහාරයක් පුදන්ඩ කැමතියි.


ඒ සහෝදරී තමයි අපි කවුරුත් දන්න කො.ජී හෙවත් කොට ජීවිතේ.


කොල්ල බ්ලොග් කෙරුවාවට ඇවිදින් වැඩි කාලයක් නැහැ, තාම යන්තම් මාස දෙකක්වත් නැහැ ඇත්තෙන්ම කිව්වොත්. ඒ වගේම තමයි කොල්ල තමන්ගෙ බ්ලොග් එක සින්ඩියකට එක්කාසු කරලත් තාම වැඩි කාලයක් නැහැ. ඒත් අද බලපු සංඛ්‍යා ලේඛන බැලුවහම දැකපු දේන් කොල්ලට ආපු සං‍තෝසෙ වචන වලින් කියන්ඩ බැහැ. මාස දෙකක් ගත නොවුනු ළදරු බ්ලොග් එක බලපු ගාන (hits) 2614ක්.


පහල තියෙන්නෙ කොයි බ්ලොග් කාරයෙක් උනත් හරිම කැමති තමුන්ගෙ ගෙදරට පාර අනිත් අයට කියල දීපු අයගෙ විස්තරය.


කොල්ලගෙ මේ උත්සාහයට තල්ලුවක් දීල සින්ඩියක් විදිහට කට්ටිය ගෙන්නන්ඩ උදව් කරපු කො.ජීට ස්තූතියි කියන්ඩ කොල්ල ලඟ වචන නැහැ


Traffic Sources            More ▸
http://kotajeewithe.blogspot.com/     94
http://syndi.lankeeya.lk/                    67
http://sindiya.com/                            52 


කොල්ලගෙ විකාර කියවපු සහ හිතවත් වුණු (followers) හැමෝටම කොල්ල එක හිතින්ම ස්තූතියි කියල කියන්ඩ මේ වෙලාව පාවිච්චි කරනව.



Comments

  1. අළුත් කොල්ලෙකුට අපිත් ඕන වෙලාවක අත හිත දෙන්න ඉන්නවා . ඒකයි නිතරම මේපැත්තේ මංගච්චන්නේ . ඉතින් අපි එන යන වෙලාවට අපිට බලල යන්න මොනා හරි දෙයක් නිතරම දාලා තියන්න

    ReplyDelete
  2. බොහෝම ඉස්තූතියි අහස් කොල්ලො. උඹල බලන නිසා තමයි බන් ලියන්ඩ හිතෙන්නෙ. තමන් ලියන දෙයක් අනිත් අය බලනව කියල දන්නකොට දැනෙන සන්තෝසෙ මම උඹට අමුතුවෙන් කියන්ඩ ඕනෙ නැහැනෙ බන්....... හෑමෝටම ස්තූතියි...

    කොල්ල හිතන් ඉන්නව උගෙ ආසම මාතෘකාවක් උන වාහන ගැන ලියන්ඩ හෙට අනිද්දට සින්හලෙන්.

    ReplyDelete
  3. එල එල මචන් ඔහොම යන් ...සුබ පෑතුම්....දිගටම ලියන්න,මේ පෑත්තේ නම් නිතරම එනවා ඒත් සමහර වෙලාවට කොමෙන්ට් නම් දාන්න වෙන් නෑ,ඒත් යන හෑම වෙලාවකම කොමෙන්ට් එකක් දාන්න බලනවා.එල එල මච්න් දිගටම ලියන්න ජයවේවා.......

    ReplyDelete
  4. ස්තූතියි මචන්............. ලොකු හයියක්.......

    ReplyDelete
  5. එල එල බං ලියාගෙන යමන්... අපිත් නිතරම එනව කියවන්න....

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි චන්දික....... ඇවිත් යන එක ලොකු හයියක්....

    ReplyDelete
  7. එල එල...කො.ජී අක්ක තාම පෝස්ට එක දැකල නැද්ද මන්දා

    ReplyDelete
  8. @ කුරුන් - මම හිතන විදිහට නැහැ බන්. මේ දවස් වල බිසිලුනේ.............
    උඹල බලන නිසා තමයි ලියන්ඩ හිතෙන්නෙ දැන් දැන්. බොහෝම ස්තූතියි...

    ReplyDelete
  9. දිගටම ලියපන් අනිවා අපි බලනවා.........

    ReplyDelete
  10. ලියපං කොල්ලො අපි ඉන්නවා උඹත් එක්ක..........

    ReplyDelete
  11. අළුත් කොල්ලාට ගොඩක් දුර යන්න පුළුවන්....! ජයෙන් ජය....!

    ReplyDelete
  12. ස්තූතියි දුමී අයියා දිරිගැන්වීමට........

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….