බුගාටි වෙයිරොන්





අද කොල්ල හිතුව ගොඩක් අය දන්න වගේම ලෝකෙ වැඩියෙන්ම වටිනවයි කියන මෝටර් රථ වලින් එකක් ගැන පොඩි සටහනක් තියන්ඩෙයි කියල.


මේ පාරෙ දුවන පිස්සු හැදුණු අස්සය වගේ කියන, ඒ වගේම වේගවත්ම මාර්ගයේ ගමන් කළ හැකි නිෂ්පාදනයේ පවතින මෝටර් රථය තමයි බුගාටි වෙයිරොන් කියන්නෙ. මේ කාර් එක හදන්නෙ ප්‍රoශයෙ බුගාටි ඔටෝමොබයිල්ස් කියන ආයතනයෙ. අපි කාටත් හොඳින් මතක ඉබ්බ කාර් හදපු වොල්ක්ස්වැගන් ආයතනය යටතේ පවතින ආයතනයක් තමයි මේක.




දොර දෙකේ මෝටර් රථ ගණයට වැටෙන මේ කාර් එකේ එන්ජිම තියෙන්නෙ මගී ආසන වලට පිටුපසින් දික් අතට (අර කවුරුත් දන්න ෆෙරාරි කාර් වල වගේ) අශ්ව බල 1001ක එන්ජිමක් තමා කලින් වේගවත්ම කාර් එක වෙලා තිබුනු ස්ටෑන්ඩඩ් මාදිලියට බලය සපයන්නෙ. මේ එන්ජිමේ තියෙන සිලින්ඩර ගනණ 16ක් වගේම ඒව පිහිටුවල තියෙන්නෙ ඉග්‍රීසි "W" අකුරෙ හැඩේට. ටර්බෝ චාජර 4ක් මේ සිලින්ඩර 16 එක්ක එකතු වෙලා මේ වාහනය පාරෙ දුවන ගුවන් යානයක් වගේ කරන්න දෙන සහයෝගය ගොඩක් ලොකුයි මගෙ හිතේ.



ඔය වගේ එන්ජිමක් එක්ක හරි හරියට දුවන්න ගියර් පෙට්ටියක් නැත්තම් එන්ජිමෙන් කිසි වැඩක් නැහැලුනේ. ඒක නිසා නිෂ්පාදක මහත්තුරු මේ වාහනේට සවි කරල තියෙන්නෙ වේග 7ක් ඇති පරිගනක මාර්ගයෙන් පාලනය වෙන ගියර පෙට්ටියක්. ඒ වගේම ගියර් මාරු කිරීම සිදු කරන්නෙ සුක්කානම පිටිපස්සෙ තියෙන මග්නීසියම් වලින් හදපු හුරුබුහුටි ගියර් අත් දෙකකින්, කියන විදිහට මේ ගියර් පද්ධතියෙ ප්‍රතිචාර කාල මිලි තත්පර 150ක්.


තවත් මේ වාහනේ තියෙන විශේෂත්වයක් තමයි සිසිලන පද්ධති හෙවත් අපි කවුරුත් දන්න රේඩියේටර 10ක් මුලු වාහනේම ආවරණය කරගෙන පැතිරිලා තියෙන එක. ඒව මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නෙ


* තාප හුවමාරු පද්ධති 3, ද්‍රව-වායු තාප හුවමාරුව සඳහා (ඉන්ටකූලර වල)
* එන්ජින් සිසිලක 3
* වායු සමීකරන පද්ධති සිසිලක 1
* ගියර පද්ධති තෙල් සිසිලක 1
* ඩිෆරන්ෂල තෙල් සිසිලක 1
* එන්ජින් තෙල් සිසිලක 1


මේ වාහනේ වේගය ගැන කථා කළොත්, සාමාන්‍ය මාදිලිය පැයට කිලෝ මීටර 408.47 ක වේගයක් සටහන් කරල තියෙනව 2005 අප්‍රියෙල් 19 වෙනිදා පරීක්ෂන ධාවනයක් අතරතුරදී. ඒ වගේම සුපර් ස්පෝර්ට් මාදිලිය වාර්තා කළ වේගය වෙන්නෙ පැ.කි.මී 434.20ක්. මේ මෝටර් රථයෙ එදිනෙදා වේගය විදිහට සටහන් වෙන්නෙ පැ.කි.මී 350ක්, ඒ වගේම මේ මෝටර් රථයෙ වේගය පැ.කි.මී 220ට  ආපු ගමන්ම පාලනය කරන පරිගනක පද්ධතිය වාහනය සහ පොලව අතර දුර අඩු කරනවා සෙ.මී 9ක් වගේ උසකට. ඒකට හේතුව තමා වාහනයේ සමබරතාවය සහ ස්ථායීතාවය පවත්වා ගැනීම.


ඒ කෙසේ වෙතත් නිෂ්පාදකයන් විසින් වාහනයේ වේගය පාලනය කරල තියෙනව උපරිමය පැ.කි.මී 415කට. ඒකට හේතුව විදිහට ඔවුන් සඳහන් කරන්නෙ වාහනයේ ටයර වල කල් පැවැත්ම සහ ආරක්ෂාව තමයි.


මේ වාහනයේ මිල ගැන කොල්ල කතා කරන්නෙ නැහැ මොකද ඒ ගැන කිව්වොත් අඬන්න හිතෙන නිසා ලොල්......

Comments

  1. මේක කීයෝනකොට මතක් උනෙ අපිට ඉංගිරිස් පන්තියෙ කියවන්න කියලා දුන්නනෙව බුගර්ටි වෙරෝන් 16.4 එක ගැන...(මාස 3කට විතර කලින්..දැන් පන්තිය ඉවරයි නොවැ :( :( ) මට තාම මතකයි...පට්ට කාර තමයි,හැබැයි ඉතින් ලංකාව හරහා පැයයි..මැද්දෙ තියන කදු නැත්නම්..(පාරවල් නැතැයි උපකල්පනය කල යුතුය!!)..මෙහ් මේක මතක් උනෙ අර F1 කතාවෙන්ද?

    ReplyDelete
  2. නෑ නෑ පුතා මේක ලියල ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ එකක් දැනුයි දැකල ඉතුරු ටික ලියල දැම්මෙ...

    ReplyDelete
  3. දිගටම දාපන් බන් මේවත්.. ඔය වගේ ඒව කියවන්න සෑහෙන ආසයි.
    ටොප් ගියර් එකේ ප්ලේන් එකක් එක්ක රේස් එකක් තිබ්බෙත් මේකක් නේද?

    ReplyDelete
  4. @ රොබින් - Thanks man...

    @ තාරක - ස්තූතියි මචං. ඔව් ඔව් එහෙම එකක් තිබ්බ තමා.. Eurofighter Typhoon කියලා ප්ලේන් එකක් එක්ක. මේ තියෙන්නෙ ලින්ක් එක

    http://www.need4speed.ws/video-337.html

    ReplyDelete
  5. නියම විස්තරය මචං ආසාවෙන් කියෙවුවා ආත්ම හතකින්වත් මේ ජාතියේ එකක් ගන්න පින නොලැබුන අපට මෙහෙම බලන්න තියන එකත් සැපයි

    ReplyDelete
  6. මෙහෙම කියෙවුවොත් මිසක් අපි කොහෙද මේවා ගැන හොයන්නේ? තැන්කු ....

    ReplyDelete
  7. @සඳරු - එළම තමා

    @සරත් - වෙල්කම් වේවා...

    ReplyDelete
  8. කීයද කියන එක ප්‍රශ්නයක් කර ගන්න එපා උඹ කාර් එකේ ගාණ කියපං ...........

    ReplyDelete
  9. රුපියල් මිලියන 297ක් වගේ වෙන්නෙ Super Sport මාදිලිය. දැං උඹ අඬපං... ලොල්....

    ReplyDelete
  10. @අළුත් කොල්ලා,
    අරගන්න එක නෙමේ මචං ප්‍රශ්නෙ ලංකාවෙ පාරවල් නැති එක ......

    ReplyDelete
  11. කල්හාරගේ කතාව දැක්කම මට මතක් උනේ.. මිනිහෙක් කිවුවලු සැහෙන ගානක් දීල හෙණ්ඩුවක් නම් ගත්ත දැන් ඉතින් අලියෙක් විතරයි අඩු කියලා

    ReplyDelete
  12. පික්සු ආහ්. නියම වාහන සැට් එක :))

    ReplyDelete
  13. @ සරත් - මරු කතාව
    @ හසිත - ආයෙත් අහලා....

    ReplyDelete
  14. මමත් මේ පිස්සු පීකුදු වෙන වාහනේ දකින්න තරම් වාසනාවන්ත උනා. මට මීටර් 5ක් විතර දුරින් තිබ්බේ.. ලඟට යන්න විදියක් තිබුනේ නෑ මම ඒ වෙලාවේ ප්ලේන් එකට නගින්න බුස් එකේ යන ගමන් හිටපු නිසා. උන් ඉතින් මට ෆොටෝ අල්ලන්න ඕක නවත්තන්න ඉන්නෙ නැහැනේ...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….