කොම්පියුටර් පන්තිය







මේ දවස් වල අලුත් තැන වැඩ ටිකක් විතර අඩුයි නිසා වගේම පරණ යාලුවො එක්ක කයියට වැටිල්ලත් වැඩි වෙලා තියෙන හින්දම පරණ රස කතා ගෝනි ගනන් තමා මතක් වෙන්නෙ කතා කරගෙන යනකොට. ඉතිං ඔන්න අදත් දෙන්නම්කො ඒ දවස් වල වෙච්ච ලස්සන කතාවක්. හිතන්ඩ එපා මේ කොල්ලගෙ යාලුවො ගැන කතා විතරක් යන නිසා කොල්ලට ඔය වගේ රස සිද්ධි උණේ නැහැ කියල. වෙලා තියෙනව ඇති වෙන්ඩ ඒත් ඉතිං මගේ කතා මම ලියාගෙන ඉල්ලං කන්ඩ ඕනෙ නැති හින්දා කොල්ලගෙ යාලුවෙක් වෙච්ච කලු මල්ලිට වැඩේ පැවරුවා. මිනිහ හෙට අනිද්ද දිහාට ඒ වැඩේ පටන් ගනී ආපහු.


මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ කොල්ලලගෙ හොඳ යාලුවෙක්. පොරට අපි කියමුකො බුවා කියලා. බුවාගෙ කතාවෙ ලොකේෂන් එක ගැන කතා කරොත් අර රෑට කමු අපි වම්බ‍ටු කතාවෙ හිටිය රන්දිකයගෙ ගෙදර තමයි සිද්ධිය උණේ. ඒ දවස් වල ඉගෙනීම ඉවර වෙලා කට්ටිය රස්සාවල් වලට අඩිය තිබ්බ කාලෙ. ඉතිං රස්සාවට යනව කියන්නෙ එපා වෙන දෙයක් වෙලා තිබ්බ දවසුත් තිබ්බ. ගාන කැපෙනවට කැමති නැති නිසා අමාරුවෙන් හරි හැමදාම යනව ඉතිං. රන්දිකයත් ඒ දවස් වල වැඩට යනව නාවල පැත්තෙ තැනක. ආ කියන්ඩ අමතක උණානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ යන කාලෙ අපි කාගෙ කාගෙත් තිප්පලක් වෙලා තිබ්බ ගෙදරක් තිබ්බ ඒක තමා මේ රන්දිකයලගෙ ගෙදර. පොරගෙ අම්මයි තාත්තයි දෙන්නම හොඳ වැදගත් රජයේ සේවකයො (පුතා නසරාණිය උනාට). ඉතිං උදේ සිට හවස් වන තුරු රන්දිකයලගෙ ගෙදර පාසල්නොයන තවත් පොඩි පොඩි වැරදි වැඩ කරන අපේ සෙට් එකේ හිටපු හොඳ ළමයින්ට ක්ෂේම භූමියක් වගේ තමා. ඔය ඉස්කෝලෙ කාලෙ පුරුද්දට අපි වැඩට යන කාලෙත් ඉතිං මොකක් හරි වැදගත් වැඩක් තිබුනොත් රන්දිකයට කියල දවල් වරුවෙ ගෙවල් පැත්තෙ යන පුරුද්දක් තිබ්බ. හොඳ පුරුදු නැති කර ගන්ඩ හොඳ නැහැනෙ ඉස්කෝලෙ ගමන නැවැත්තුවයි කියල. අනිත් එක තමයි මුන්ගෙ ගෙදර ගොඩක්ම වෙලාවට කවුරුත් නැති නිසා යතුර තියන්ඩ ගෙදර උදවිය විසින් නම් කරපු තැනක් තිබ්බ (එක මල් පෝච්චියක් ලඟ). ඉතිං ඔය ලඟම යාලුවො ටික මේ යතුර තියෙන තැන ගැන හොඳ දැනුවත් වෙලා තමයි හිටියෙත්. අනිත් එක ඒ දවස් වල පරිගණක එච්චරම ප්‍රචලිත නැති කාලෙ. ඒත් රන්දිකට ගෙදරින් අරන් දීල තිබුන ඒ දවස් වල තිබ්බ හොඳම පරිගණකයක්. මම මේක කිව්වෙ ඇයි කියල ඕගොල්ලන්ට පස්සෙ තේරෙයි.


ඔන්න මේ සිද්ධිය වෙච්ච දවසෙ බුවා ගැණු ළමයවත් කතා කරගෙන පොඩ්ඩක් නිදහසේ ඉන්ඩයි කියල යන්ඩ හිතපු දවසක් (නිවාඩුවක් එහෙමත් දාල :p). ඉතිං ඇත්තටම එදා බුවා රන්දිකට කතා කරලත් නැහැ මොකද පොර වැඩට යන නිසාත් ගෙදර යතුර තියෙන තැන දන්න නිසාත් මොකට කරදර කරනවද කියල හිතල. ඉතිං ඔන්න බුවාන් ගියා ගෑණු ලමයත් එක්ක රන්දිකයගෙ ගෙදර. ගිහින් ඉතිං (@!~$$%$#$&&   වැඩිහිටියන්ට පමණයි   !!@$@!@!@%@#^%) ඉන්නවලු. ඔන්න එදා හරිම භීෂණාත්මක දවසක්. රන්දිකගෙ අම්මට අසනීප වෙලා උදේ වැඩට ගිහින් නැහැ. අම්මයි තාත්තයි දෙන්න බෙහෙත් ගන්න ගිහින් ආපහු ඇවිත්. අර මල් පෝච්චිය ලඟ තියෙන යතුරට අමතරව අම්මයි තාත්තයි දෙන්න ලඟත් තියෙනව ගෙදර දොරේ යතුරු.






ඔන්න රන්දිකගෙ තාත්ත ඇවිත් දොරට යතුර දාල කරකවන්ඩ බලද්දි දොරේ අගුලු දාල නැහැලු. ඒ වෙලාවෙ රත් වෙන්ඩ ඇති ඒ මනුස්සයට ඇයි දෙයියනේ ගෙදරට හොරු පැනලවත්ද කියල. ඔන්න අංකල් ගේ අයිනෙන් හොඳ පොල්ලක් එහෙම හොයාගෙන ඒකත් අරං ගෙට ඇතුල් වෙලා, දැං රන්දිකගෙ අම්මත් තාත්තගෙ පිටිපස්සෙන් හිමින් හිමින් යනවලු. ඔය අතරෙ බුවාට ඇහිල තියෙනව දොරේ අගුල කරකවන සද්දයක්. තිබ්බ බයටම විගහට කර කර හිටපු වැඩේ නවත්තල කලිසම හොයාගෙන එහෙන් මෙහෙන් ඇඳගෙන මේ යකා කාමරෙන් එලියට ඇවිත්. බුවා ආව විතරයි රන්දිකයගෙ තාත්ත උගෙ බෙල්ලෙන් අල්ලගත්තලු ( ආ අනිත් එක තමා රන්දිකයගෙ ගෙදර යන එන ගොඩක් යාලුවන්ව අම්ම අඳුරනව උනාට තාත්ත අඳුරන්නෙ එහෙ පැල් බැඳගෙනම හිටපු ටික දෙනෙක්ව  විතරයි. කොල්ලවත් දන්නවලු හිතාගන්ඩකො කොහොමද කියලා :p) දැන් බුවා නොවඳිනා වැඳුම් වඳිනවලු අංකල්ට මූව අඳුන්නල දෙන ගමන් "ඇයි අංකල් මතක නැද්ද අර රන්දිකගෙ කඩවත යාලුව මමනෙ අර රන්දික සෙනසුරද ඉරිද එන්නෙ අපේ දිහා" කිය කියා. ඉතිං ඇන්ටි ටිකක් මූව අඳුනනවලු. ඒ පාර ඇන්ටි කිව්වලු "ආ.. මට මතකයි මේ පුතාව, මොකද පුතා අසනීපයක්වත් හැදුනද හදිස්සියෙ මෙහෙ ආවෙ නිදාගන්ඩ " කියල. හික්ස්... එතකොටම ඔන්න බුවාගෙ ගෑණු දරුවත් එබිකම් කරනවලු කාමරේ ඉඳන්. ඒ පාර බුවා පුදුම අසරණ අඩියකට වැටිල දැං දහ අතේ කල්පනාවලු ජාම බේරගන්නෙ කොහොමද කියල. එක පාරට ආවලු අයිඩියාවක් බුවාගෙ ටිකිරි මොලේට. බුවා කිව්වලු "නෑ ඇන්ටි මම මේ අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් එක්කං ආව රන්දිකගෙ කොම්පියුටරෙන් කොම්පියුටර් ටිකක් කියල දෙන්ඩ" කියල. මෙච්චර වෙලා ඕක අහගෙන හිටපු අංකල් ඇහුවලු " ඈ ඕයි... තමුසෙ නංගිට කොම්පියුටර් උගන්නන්නෙ ඇඳුම් ඔක්කොම ගලවගෙනද ?" කියලා (විළි ලැජ්ජාවෙ බෑ....), ඕක අහපු ගමන් ඔන්න ගෑණු ළමය අඬන්ඩ පටන් ගත්තලු. මේක දැකල දෙන්නගෙම හිත උණු උනාලු ඉතිං කාගෙ උනත් ළමයෙක්නෙ කියල. ඊට පස්සෙ ඔන්න බුවා කිව්වලු " එහෙනම් ඇන්ටි අපි දැං යන්නම්. බොහෝම ස්තූතියි" කියල. ඒ පාර අංකල් කියනවලු "කොහෙ යන්ඩද තව ටිකක් ඔහොම ඉමු" කියල දෙන්නටම පැයක විතර දේශණාවක් දීල අන්තිමට අර ගෑණු ළමයට කිව්වලු " දුවේ මේ වගේ වනචරයො එක්ක ආශ්‍රය නොකරන තරමට ඔය ළමයට හොඳයි" කියලා. කතන්දරේ ඉවර වෙලා බුවා ඇඳුම් ඇඳගත්තත් ඇඳුම් නැතුවම වගේ එලියට බැහැල ගියාලු.


ඔන්න හවස රන්දිකය ආවලු ගෙදර. ඇවිත් නාල කාල එහෙම ඉන්න ගමන් තාත්ත ආවලු සාලෙ දිහාට, ඇවිත් කියනවලු " ආ.... අපේ ලොකු පුතා දැන් අලුත් බිස්නස් එකකුත් පටන් අරන්නෙ"  කියලා. දැං රන්දිකය නිකම් කරකවල අත ඇරිය වගේලු. මූ බලනවලු වැරදිලාවත් බිස්නස් කරන්ඩ හිතුවෙ නැති මූට තාත්ත මේ මොකක්ද කියන්නෙ කියල. මූ ඇහුවලු "මොකක්ද තාත්තෙ ඒ බිස්නස් එක?' කියල.


තාත්ත කිව්වලු 


" ඇයි කාමර කුලියට දෙන එක............"

Comments

  1. හපොයි..අනාතයි..
    ඕන් අපිත් මේ පැත්තෙ ආව..කැමතිනම් අපේ පැත්තෙත් ඇවිල්ල ෆලෝ පාර්ක් දාමු
    http://chaterkolla.blogspot.com/

    ReplyDelete
  2. අපේ ගෙදරත් කාලයක් ඔයවගේ තිබුන. O/L කරන කාලෙ කොල්ලො අපේ ගෙදරට කීවෙ ආනන්ද ශාස්ත්‍රාලීය රඟහල කියල.
    ප.ලි.
    මං ගියා කලු මල්ලිලෑ පැත්තෙ . . . ඌ "බාසා වෙල්ලෙක්"නෙ. මහ අමුතු බාසාවක් දාගෙන ඉන්නෙ

    ReplyDelete
  3. shit wanachara kollo me bopala wage inna apiwath narak wenawa

    ReplyDelete
  4. තාත්තා ෂේප් වෙච්ච නිසා ඔය ගානින් ගියා, නැත්තං ඉතිං පැරකොට් තමයි කෙල්ලට බොන්න වෙන්නෙ ........

    ReplyDelete
  5. ඔන්න් මම අදයි මේ පැත්තෙ ආවෙ.
    අපේ ගෙදරනම් තාම ඔයවගේ සීන් යනව. මොකද අපේ අමමයි තාත්තයි දෙන්නම ගෙදර නෑ.මමයි අයියයි ගෙදර ඉන්නෙ. අයියගෙ යළුවන්ගෙ ඔය වගේ වැඩ අනන්තවත් මට මාට්ටු.පුදුම වැඩේ කියන්නෙ මට තාම අයියව මාට්ටු කරගන්න බැරිඋනානෙ බං....

    ReplyDelete
  6. රන්දිකගේ අම්ම බුවාගේ කෙල්ලට කියල දුවේ මේවගෙ වනචරයොත් එක්ක අශ්‍රය කරන්න එපා කියල. පවු බන් උගේ කෙල්ලත් දලා ගිය ඌව ඊට පස්සෙ ..

    ReplyDelete
  7. @ චාටර් කොල්ලා - එළ. බොහෝම ස්තූතියි. කොල්ලත් ෆලෝ කරන්ඩ ගත්ත ඕං

    @ ඕනයා - එළම තමයි. කළු මල්ලි කියන්නෙ අපේ හොඳ බොක්කක් තමයි ඕං...

    @ ඇනෝ - සොරි හොඳේ... මේ කතා දාන්ඩත් එපැයි

    @ කල්හාර - බොහොම හරි බොහොම හරි.. හික්ස්...

    @ ඇන්. දිසා - එළනෙ බං. අපිට තිබ්බෙ නැහැනෙ ඔය වගේ චාන්ස්.. අපේ අම්මගෙ ජොබ් එක ගෘහණියක්නෙ

    @ 2 වෙනි ඇනෝ - රන්දිකයවයි බුවාවයි අඳුනනවද?

    ReplyDelete
  8. අම්මෝ අපි කොච්චර හොඳද ඒ කාලේ !!

    ReplyDelete
  9. චිකේයියා.. මේ හොඳට ඉන්න අපිත් නරක් වෙනවා මේව කියෝලා...

    ReplyDelete
  10. @ මාරයියා - සමාව බජනය කරමි ඔබට සිදුවූ සදාචාරාත්මක හානිය පිලිබඳව... හික්ස්...

    ReplyDelete
  11. රන්දිකය ගැන නම්........තව මොන කථාද?

    ReplyDelete
  12. @ කළුමල්ලි - නැත්තං නැත්තං

    ReplyDelete
  13. මේ අර බස් පදින රන්දිකයා එහෙම නෙවේ වෙනඩෑ...

    අපිත් නරක් වෙනවා බොල අර මාරයියා කිව්වත් වගේ....

    ReplyDelete
  14. @ හසියා - නෑ නෑ... බස් පදින රන්දික නම් නෙමෙයි, මෙව්ව කියන්නෙ කියවල හැදෙන්නනෙ මචං.. නරක් වෙන්න නෙමෙයි....

    ReplyDelete
  15. හැක් හැක් පට්ටයි බොල කාමර කුලියට දීම...

    ReplyDelete
  16. @ කිඩෝ - පට්ටදත් අහනව.... ඇඬෙනවා...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….