කවිද??? කතාද??? මමවත් නොදනිමි......


මහමෙරක් පැතුම් පොදි බැඳ..
ලස්සන මල් මාවතක ඇවිද යන්නට
ඇඟිලි ගැන්නද පෙරුම් පුරමින්..
ඉටු නොවුනු තැන මගේ පැතුමන්


අරමුණක් නැතිව..
ඔහේ ඇවිදන් යන විට
ජීවිතය මෙය යැයි..
පසක් කර දුන් පහන ඔබ විය


පෙම්බර නෑ සියන්..
සියක් වූ මිතුරන්
ලඟින් නැති පාළුව...
මැකූ දහසක් දෙනා ඔබ විය


මව්බිම රැඳෙන්නට..
කෑගසා කීවත් උඩු සිත
මම කෙසේ රැඳෙමිද..
අරක් ගෙන ඔබ මගේ යටි සිත


I dreamt hopelessly
to walk on a path
filled with roses...


You were the candle
lit my way
when I sheered off course...


You killed loneliness
I was suffering
away from my beloved...


Even I wish
staying in motherland
why my instincts say otherwise....

Comments

  1. උඹ තුල සැගවුන කවියෙක් ඉන්නවා කියලා දැනගත්තෙ අද.!! සාමාන්‍යයෙන් බ්ලොග් එකක කවියක් ලියවුනාම කියන්න මොනවත් නැත්නම් බොරුවට හරි ශා මරු කවිය කියලා ලියපු කෙනාගේ හිත හැදෙන්න මොනවහරි කිව්වට මේ පාරනම් බොරුවට නෙමේ සිරාවටම කියන්නේ කවිය හොදයි. :D

    ReplyDelete
  2. @රජිත් - නින්ද යන්නෙ නෑ බං නිදාගන්න බැරි කමට ලිව්වෙ. කවියක්ද කියල මම දන්නෙත් නෑ බං ඇත්තමයි. මෙහෙම කමෙන්ට් එකක් දැක්කම මට දැනෙන සතුටට වචන නෑ බං. ස්තූතියි බොක්කෙන්ම.

    ReplyDelete
  3. දැන් ඉතුරු කඩු බාගේ සිංහලෙන් දාපං බං.ඔය හැටි මධුර පෙරලන්න අපිට බෑ... හික් හික්.. සිංහල+English මික්ස් කරපු කවියක් දැක්කමද මන්ද.....

    ReplyDelete
  4. @සිහින - ඒ කඩු කෑල්ල සිංහල එකම තමයි බං.....

    ReplyDelete
  5. බැලුවෙමි. කමෙන්ටුවක්ද දැමුවෙමි...:D

    ReplyDelete
  6. @ ෆො.කු - ඔබ මෙය කියවූ බව කොමෙන්ටුව දුටු ගමන්ම දැනගත්තෙමි. හික්ස්.... ස්තූතියි. :D

    ReplyDelete
  7. හෙලුවෙන් වනාගෙන වනාගෙන ඇවිල්ලා හෙලුව අමතක වෙලා එකපාර කඩ්ඩෙන් වනන්න අරන්... අපි පවු නැද්ද අෆ්ෆා

    ReplyDelete
  8. ලස්සනයි මල්ලී . . .පාලුවට කියැවෙන / ලියැවෙන කවි කියන්නේ මේවට වෙන්ටැ . .අර ඉස්සර කාලේ පැල් කවි වගේ . . මේ පාලුවට කියැවෙන සයිබර් කවි . . අපූරුයි

    ReplyDelete
  9. මගේ ඇඟත් තුවාල වුනා......... :D

    ReplyDelete
  10. @කිඩා - ඔව් බං හෙළුව අමතකම උනා (ලව් කරන්නෙත් ඉංග්‍රීසියෙන්නෙ ඒකයි හික් හික්)

    @දුකා - ස්තූතියි ලොකු අයියා. ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  11. @ සෝරෝ - මොකද බං උණේ ගොඩක් තුවාලද?? :o තැංකූ ඈ මේ පැත්තෙ ආවට....

    ReplyDelete
  12. පට්ටයි ඈ..උඹ කොහේ යන්නද ඔන්න ඔහාට වෙලා හිටු...කසාදත් බැදගන

    ReplyDelete
  13. @ මදුශාන් - ස්තූතියි. ඒක තමා බං බැලුවෙ.

    ReplyDelete
  14. කවිය ලස්සනයි . පාලුවට දුකට තමයි හොඳ කවි ලියවෙන්නේ . ඉතින් ඔය මල නෙලාගෙන ගමරට ගියොත් වඩා හොඳයි නේද ...

    ReplyDelete
  15. @ Bindi - මමත් හිතන්නෙ ඔයා හරි. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ස්තූතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්ම්................ මං හිතන්නේ අර අක්කටත් පෙන්නන නිසා වෙන්නැ ඉංගිරීසියෙනුත් ලිව්වේ.... :D

    ReplyDelete
  17. @ හා .පැ - අන්න ඔයාට තේරුණා... මුලින්ම ලිව්වෙ ඉංගිරිසි එක නගා. පස්සෙ හිතුන සිංහල වචන ටිකක් දාල බ්ලොගේ ලියන්න..

    ReplyDelete
  18. හරිම ලස්සනයි.. ඔයාට හොඳට කවි ලියන්නත් පුලුවන්නේ... අද තමයි ඒක දැන ගත්තේ. හරිම ලස්සනයි.

    කොට ජීවිතේ

    ReplyDelete
  19. @ කින්නරාවි (කො.ජී) - ස්තූතියි. කාලෙකින් නේ. මම ඔයාට කො.ජී ම කියන්නද. අලුත් නමට වඩා ඒක ෂෝයි.

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….