Posts

Showing posts from April, 2011

උපහාරය

Image
මේ පෝස්ට් එක ලියුවෙ කොල්ල මුලින්ම  කොල්ලගෙ බ්ලොග් එකේ සංඛ්‍යා ලේඛන බලපු වෙලාවෙදි. මේක දැකල කොල්ලට සතු‍ටු හිතුන වගේම කොල්ල ආසාවෙන් පස්සෙන් යන (following) අනිත් ජ්‍යෙෂ්ඨයො කවුරුත් තරහ නොවෙයි කියල හිතන ගමන් කොල්ල ආසම කරන බ්ලොගයක් ලියන සහෝදරියකට උපහාරයක් පුදන්ඩ කැමතියි. ඒ සහෝදරී තමයි අපි කවුරුත් දන්න කො.ජී හෙවත් කොට ජීවිතේ . කොල්ල බ්ලොග් කෙරුවාවට ඇවිදින් වැඩි කාලයක් නැහැ, තාම යන්තම් මාස දෙකක්වත් නැහැ ඇත්තෙන්ම කිව්වොත්. ඒ වගේම තමයි කොල්ල තමන්ගෙ බ්ලොග් එක සින්ඩියකට එක්කාසු කරලත් තාම වැඩි කාලයක් නැහැ. ඒත් අද බලපු සංඛ්‍යා ලේඛන බැලුවහම දැකපු දේන් කොල්ලට ආපු සං‍තෝසෙ වචන වලින් කියන්ඩ බැහැ. මාස දෙකක් ගත නොවුනු ළදරු බ්ලොග් එක බලපු ගාන (hits) 2614ක්. පහල තියෙන්නෙ කොයි බ්ලොග් කාරයෙක් උනත් හරිම කැමති තමුන්ගෙ ගෙදරට පාර අනිත් අයට කියල දීපු අයගෙ විස්තරය. කොල්ලගෙ මේ උත්සාහයට තල්ලුවක් දීල සින්ඩියක් විදිහට කට්ටිය ගෙන්නන්ඩ උදව් කරපු කො.ජීට ස්තූතියි කියන්ඩ කොල්ල ලඟ වචන නැහැ Traffic Sources            More ▸ http://kotajeewithe.blogspot.com/     94 http://syndi.lankeeya.lk

ලක්ෂ දෙකයි

Image
මේක ඇවිල්ල වියට්නාමයේ සිද්ධ වෙච්ච කථාවක්. ලන්කාවෙ ඉඳන් පොරක් ආව මෙහෙට පොඩ්ඩ දවසකට කලින්. ගොඩක් කට්ටිය වියට්නාමෙ ගැන හිතන් හිටියට යුද්දෙ තදින් යන නොදියුනු රටක් කියලා, ඇත්තම තත්වෙ නම් ඒකෙ අනිත් පැත්ත තමයි.වියට්නාමෙ කියන රට හරි ප්‍රසිද්ධයි යුරෝපීය උදවිය අතරෙ. ඒකට හේතු ටිකක් තියෙනවා....  * ලස්සන බලන්න පුලුවන් තැන් ගොඩාක් තියෙනව රට පුරාම (අපේ රටෙත් එහෙම තමයි ඉතින් )  * යුරෝපීය රටක වියදම් එක්ක බලද්දි වියදම් පක්ෂය ඉතාම සහනදායී විදිහට ඉතාම සැප නිවාඩුවක් ගත කරන්න පුලුවන්. අන්තිම සහ හොඳම හේතුව  * ලස්සන ගෑණු ළමයින්ගෙන් ඇහැට සැපක් වගේම සරුවාන්ගෙටමත් එහෙම කරගන්ඩ පුලුවන් :D ( සම්පූර්ණ ඇත්ත, අපේ සමහර ඇමති ගොල්ලන්ගෙන් ඇහුවොත් දැනගන්ඩ පුලුවනි ) මෙහෙ සල්ලි ගැන කියනවනම්, 1000 කොලේකින් බල්ලෙකුට ගැහුවත් දුක හිතෙන්නෙ නැති තරමට වටිනාකම අඩුයි. සාමාන්‍යයෙන් බඩුවක් මුට්ටුවක් ගන්ඩ ගියාම ලක්ෂ ගණනින් තමයි වියදම් කරන්ඩ වෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත්, ජොනි අයියගෙ කලුවා බෝතලයක් ගන්න මෙහෙ සල්ලි (වියට්නාම් ඩොන්, VND) වලින් 450,000ක් විතර වියදම් කරන්න ඕනෙ. බය වෙන්න දෙයක් නැහැ. දැන ගැනීම පිණිස, VND 100,

වැරදිම තීරණය......

Image
මේක ඇවිල්ල ඇත්තම ඇත්ත කථාවක්.කොල්ල රැකියාවක් සම්බන්ධයෙන් ජීවිතේ ගත්ත වැරදිම තීරණය (අදටත් තාම පසු තැවෙනව ) සහ හොඳ මිනිසුන්ගේ ආශ්‍රය නිසා ගොඩ ආපු හැටි ගැන සරල කවි පද දෙක තුනක්. අද වෙනකොට ලන්කාවෙ හොඳ තැනක ඉන්ඩ තිබ්බ කොල්ල රටවල් ගානෙ ඇවිත් ඉන්නෙ ඒ එදා ගත්ත ගොන් තීරණේ නිසා තමයි. හිතනුය බොහෝ දුර... කියා තිබුනත් පනින්නට පෙර... දැන දැන වරද කර.. කොල්ල හඬතෙයි කඳුලු පෙර පෙර.. අවට වත්තල පුර... ආයතනෙ ගෙදරට නුදුර... නොහිතලා දිග දුර... දිවුව කොල්ලා කොළොම් පුරවර... කපටියෙකි මහ හොර... හිරවෙලා බැන්කුවට ණය බර.. පවුල් අසරණ කර... ලොක්ක පැන්නයි අප උකස් කර... කලින් ආයතනේ... කොයි හැම දේත් හොඳනේ... ඒ ගැන හිතන්නේ... හිතල කොල්ලා හූල්ලන්නේ... උන දේ උනාවේ... හිතල ඒ ගැන වැඩක් නැතියේ... මට එකෙක් ඕනේ... වැඩ කරන්නට මෙහෙ වරෙන්නේ...

සඳ බුල්ටෝ 2..

Image
පොඩ්ඩකට කලින් දාපු පලවෙනි පෝස්ට් එක නිසා ආපහු මතක් කරන්ඩ යන්නෙ නැහැ කොල්ලා... ඔන්න ඉතින් දැන් බිම් කලුවර වැටීගෙන එන වෙලාව (4.30-5.00) ලං වුණා.කොල්ලා ඇතුලු නඩේ 5 දෙනෙක් යනවා පොඩ්ඩක් ශරීර සුවතාවය තකා ඇවිදින්ඩ කියල වට පිටාවෙ.හිටපු තැන භාරකාරය කිව්ව උපරිම රෑ 6 වගේ වෙනකොට ආවෙ නැත්තන් ඇත්තටම දිවිය හම්බු වෙන්ඩත් පුලුවන් වෙයි කියල (ලොල්.....) ඔන්න යනව ඇවිදගෙන තණ පලස දිගේ සීතලේ ගැහි ගැහි. යනකොට දැක්ක දැකල පුරුදු දෙයක් තණකොල උඩ තියෙනව. ළං වෙලා බැලුව කෝකටත්. බලද්දි ගෝන මළ පහ තමයි අර දැකල පුරුදු දේ වගේ කට්ටිය දැකල තියෙන්නෙ. එකෙක් හිටිය ඌ ඇවිල්ල අනිත් එවුන් එක්ක බලද්දි දසම මදාවිය මොකද ඌට අපිට එන සිතුවිලි එන්නෙ අපේ මොලේ තියෙන ස්නායු වැඩ කරන්ඩත් කලින්. නම කියමුකො සංඛ කියල, ඌ කියනව "මචංලා, හැමදාම නෑ. දෙමුද මේව ඉටි කොලේක ඔතල "සඳ බුල්ටො" කියල. දැන් බීල ඉන්න නිසා කට්ටියට මලාට තේරෙන්නෙ නැහැ" කොල්ල සහ යාලුවො ඒ කාලෙ කාට හරි ගින්දරක්නම් ඉතින් එක පයින් හිටපු නසරාණිම සෙට් එකක් තමයි. බැහැ කියන්නෙ කව්ද අප්පා ඉතින්? මොකද කරේ ඉල්ලුමට සරිලනවටත් වඩා අතිරික්ත සැපයුම තිබුනු නිසා මද

සඳ බුල්ටෝ

Image
මේ සිද්ධිය වෙන්නෙ 2000 පළමු දශකයෙ මුල් කාලෙදි. කොල්ල සහ යාලුවන් පිරිසක් විනෝද චාරිකාවක් විදියට යනව හෝර්ටන් තැන්නට. ඒ කාලෙ ඉතින් අතේ කාසි පණම් එහෙම ලොකුවට නැති කාලෙනෙ, ඉතින් කට්ටිය පෙරුම් පුරාගෙන අමාරුවෙන් සල්ලි ටිකක් එක්කාසු කරගෙන රේල්ලුවෙ යන්ඩ පිටත් උනා. යන්ඩ කලින් හෝර්ටන් තැන්න ඇතුලෙම තියෙන බන්ගලාව වෙන් කරගෙන තමයි ගියෙ. එතන සෑහෙන දෙනෙක්ට නවතින්ඩ පුලුවන් වගේම කෑම බීම උයා පිහාගෙන කන එකෙත් අවුලක් නැති හින්ද ගෙවන ගානට උඩින්ම වටින තැනක්. ඔන්න කෝච්චියෙන් ගිහින් ඉතින් තැන්න පැත්තට ලඟා වෙලා පිස්සු උපරිමයෙන් කෙලගෙන යනවා. යන අතරෙදි එකෙක්, අර දුලීතය , කියනව " මචෝ, කැලේ පැත්තෙන් බැහැගෙන යමු නේද? මාර ෆන් එකක් ගන්ඩ පුලුවන්" .... ඒ අතරෙදි තමයි එකෙක් කියන්නෙ කලින් හන්දියෙදි කෙනෙක් කිව්ව කියල ඔය කැලේ ඇතුලෙ දිවියො ඉන්නවයි කියන කතාව. ඕක කිව්ව කට්ටියටම. ඒත් කොටසක් අහන්නෙම නැහැ කියන දේ උන්ට යන්ඩම ඕනෙ කැලේ මැදින්. ඕනෙ එකක් වෙන්ඩ කියල කට්ටිය බෙදුන කණ්ඩායම් දෙකකට. කැලේ මැද්දෙන් යන උන් ටික එක පැත්තක. පාරෙන් යන උන් අනිත් පැත්තෙ. ඔන්න පාරෙන් ගිය කට්ටිය ඇවිත් නවාතැනට සෙට් වෙලා එහෙම හැ

නිදිමත

Image
කොල්ලට මේ දවස් වල අලුතින්ම බලපාල තියෙනව එදිනෙදා වැඩ අවුල් කරන්ඩ පුලුවන් ජාතියෙ හූනියමක් වගේ එකක්. ඒක තමයි නිදිමත........... මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පාන්දර 2-3 වෙනකොට නිදාගෙන ආපහු උදේ 6.30ටත් කලින් නැගිටින එක අමාරුයි නේද? ඔන්න ඕක දැන් වෙනව සති ගානක් තිස්සෙ. ඔය රෑ ඇහැරගෙන හිටියත් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩ හිතෙන්නෙත් නැහැ (අපේ කතන්දර මහත්තය කියන්නැහෙ අර රයිටර්ස් බ්ලොක් ද මොකක්ද හැදිලද දන්නෙත් නැහැ ) අත්හදා බලන්න එපා ඒත් නිකමට බැලුවොත් මෙහෙම නැගිටගෙන ඉඳල උදේ වැඩට ගිහින් වැඩ කරනව කියන්නෙ ඉතින්......... අපාය ගැන පොත් පත් වලින් දැකපුව ඇත්තද කියලත් හිතෙනව. අවුරුදුත් පහු උනා..... වෙන දවසක් වගේම අවුරුදු දවසෙත් වැඩට ඇවිත් ගෙදර ගිහින් පවුලෙ කට්ටිය එක්ක සතුටු සාමීචියක් දාගෙන ඉඳල නිදාගත්ත. මේ පෝස්ට් එක දාන්නෙ තේරුමක් ඇතුව නෙමෙයි. කොල්ලගෙ කෙටි කාලීන නිහැඬියාව වහගන්ඩ එක්කම ආපහු ලියන්ඩ පොඩි කික් එකක් ගන්ඩත් එක්ක නිසා. කියවන්ඩ දෙයක් නැති වීම ගැන තරහ වෙන්න එපා. ජීවිතේ ගලාගෙන යන විදිහ වෙනස් උනා පහු ගිය ටිකේ. මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟට වෙලා හිටි කම්මැලි කම මරල දාන උවමනාවෙන් වුනත් ලියාගන්

ඇබැද්දි

Image
අනුන්ගෙ රස කථා ලිව්වට අපිටත් එක එක රස කථා සිද්ධ වෙනවනෙ....  මෙන්න මේක කොල්ලට මේ ලඟදිම වෙච්ච ලැජ්ජාවෙ බැරි සත්‍ය සිද්ධියක් පාදක කොටගත් කථාවක්.  දිනය - පසුගිය සතියේ දිනක් ස්ථානය - කොල්ල දැනට ඉන්න ගෙදර වේලාව - දැනට ඉන්න රටේ වෙලාවෙන් රාත්‍රී 10 ට පමණ නම් ගම් මනංකල්පිතයි කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ලංකාවෙ. මිනිහට ගැලපෙනම නම තමා ගලා, වැරදියට හිතන්ඩ එපා, ගලා කිව්වෙ පොර දැක්කොත් එතන අර ගල් බෝතලයක් දකින්ඩ ලැබෙන නිසා මිසක් වෙන ගලක් ගැන නෙමෙයි. ඒකෙ අවුලක් නැහැ ඉතින් කොල්ලගෙ යාලුවොත් කොල්ල වගේ නොවුනොත් කොහොමෙයි උන් යාලුවො වෙන්නෙ නේද? මේ ගලා හරි හිත හොඳ කොල්ලා, කොල්ල හැමදාම ගෙදර යන වෙලාවට ලංකාවෙ ප්‍රවාහන පහසුකම් වලින් වැඩි හරියකට අනුග්‍රහය දක්වන්නෙ ඉතිං මේ ගලා තමයි.  ගලා ලඟදි ගත්ත උකුල උඩ තියාගන්ඩ පුලුවන් පරිගණකයක්, ඔය සිංහලෙන් ලැප් ටොප් කියන්නෙ, මේ දවස් වල ඉතින් හරිම ලේසියි මෙයාව සම්බන්ධ කරගන්ඩ, හරියටම කිව්වොත් බැංකුවක ඇමතුම් මධ්‍යස්ථානයක් වගේ, කොයි වෙලෙත් ඉන්නවා වැල උඩමයි (online). අර ඉහත කී දවසෙ කොල්ල දැක්ක ගලා සාමානයයෙන් කතා බහට පාවිච්චි කරන මෘදුකාංගෙ පෙන්නුම් කරනව. ඉතිං කොල්ල ගත්ත

අවුරුදු ඇවිත්...........

Image
ක්‍රිස්තු වර්ෂ 2011 අප්‍රියෙල් මාසෙ දහ හතර වෙනිදත් උනා..... කොල්ලලට වෙනද දවසක් වගේම උනාට මව් රටේ හිටියනම් අද දවසෙ තියෙන විශේෂත්වය අමුතුවෙන් නොකියන්ඩ බැරි තරම්මයි කියන එක අපි කවුරු උනත් හොඳින්ම දන්නවනෙ. කොහා මේ කොල්ල ඉන්න දිහා කෑ ගහන්නෙ නැති උනත් අපෙ යාලුවොනම් ඒ සද්දෙ ආසාවෙන් අහගෙන ඉන්නවයි කියන එක හිතෙනකොටත් පුන්චි දුකක් වගේ දැනුනත්,හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්ටයි කියල කියනව කොල්ල. ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක් වේවා කියල බ්ලොග් අවකාශෙටයි මුලු ලෝකෙම ඉන්න අපේම ඈයොන්ටයි සුභ පතන ගමන්, මේ දැන් හිතට ආපු සිතුවිල්ලක් කවියක් වගේ වෙන්ට ඇති කියල පහළින් දානව.  දුර ගව් ගනන් මුහුදෙන් පිට සිටියාට..... හෙළ කුල සිරිත් අමතක වී නැහැ මෙමට..... අවුරුදු ඇවිත් ඔබ හැම ගේ දොරකඩට... පින් නැහැ මෙමට අවුරුදු සිරි විඳගන්ට........

අලුත් ආරංචියක්

කට්ටියට දැන් මාර ප්‍රශ්නයක්ලු මේ කොල්ල කියන්නෙ කවුද කියල??

සිoහල විජට් එක

Image
ජාලෙ ඇතුලෙ කරක් ගහනකොට දැක්ක පොඩි විජට් ගැජට් එකක් අපේ මේ සිoහල නැති උදවියට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වගේම, බ්ලොග් එක ගොඩ දෙනෙක් අතරට ගෙනියන්ඩත් සෑහෙන උදව්වක් වෙයි කියල හිතෙන එකක්. ඇත්තටම අපේ රටේ කොච්චර ඉන්නවද දක්ෂයො?? ලoකාව කියන්නෙ දක්ෂයන්ගෙන් පිරිච්ච රටක්. අත දෙන්ඩ කට්ටිය තමයි නැත්තෙ.  කොහොම වුනත් මේ වැඩේ කරපු දක්ෂය තමයි ධනික (ගොඩක් අය දන්නවත් ඇති, ඒත් කමක් නැහැ මම කිව්ව ඔන්න ) ගොඩක් දෙනා දන්නව උනත් මම ධනිකගෙ බ්ලොග් එකත් මෙතනින් පෙන්නනව කැමති කෙනෙක්ට ගිහින් මේ විජට් එක ගැන විස්තර බලාගන්ඩ පුලුවන් වෙන්ඩ. ප.ලි / ඔන්න ඉතින් කොල්ලගෙ බ්ලොග් එකත් දැන් සිoහල විජට් එක සහිතයි :-) ධනික කතෘ අයිතිය ගැන තරහවෙන එකක් නැහැ කියල හිතනවා සයිට් එකෙන් පින්තූර ගත්තට, මොකද ඒක කරේ මේ දේට පොඩි තල්ලුවක් දෙන්ඩ නිසා.

බඩජාරියා

Image
මේක ලොකුවට හිනා යන කථාවක් නොවුනත් මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්ඩ පුලුවන් කතාවක්........ ඔන්න කොල්ල එක්ක වැඩ කරන ජොකියෙක් ඉන්නව. මිනිහ කොල්ලගෙ ජාතියෙ එකෙක් නම් නෙමෙයි ඒ උනත් සමහර එකට වැඩ කරන කොල්ලගෙ ජාතියෙ උන්ට වඩා මේ යකා හොඳයි අවංක කම ගත්තොතින්, මොකද හිතේ එකක් තියාගෙන කටින් එකක් කියන ජාතියෙ සතෙක් නොවෙන නිසා. ඔන්න අතුරු කථා.... අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ගෙ කුහක කම කියන එක හොඳටම බලාගන්ඩ පුලුවන් විදිහක් තමයි පිට රටකදි එකම තැන ඉන්ඩ ගියහම. හැමෝම එහෙම නොවුනත් ගඳයව හොඳටම අඳුරගන්ඩ පුලුවන් මෙහෙම උනහම............... ඔය කොල්ල කලින් කියපු මෑන්ට කියමුකො ජෝන් කියල. ඔන්න ඉතින් ඔය ජෝන් තමයි කොල්ල එක්ක ගොඩක් වෙලාවට එලියෙ එල්ලෙන්ඩ යන්නෙ (හැන්ග් අවුට්). සෙනසුරාද හවස දිහාට ගිහින් ඉතින් පොඩි පොඩි හොඳ වැඩ ටිකක් කරල ආපහු ඉරිද හවස දිහාට එන එක තමයි සති අන්තෙ කොල්ලගෙයි ජෝන්ගෙයි කාල සටහන. මූ අපායට හරි යන්ඩ එන ජාතියෙ පුතෙක් තමයි අඬගැහුවොතින්, හැබැයි තියෙන එකම පොඩි අවුල කෑම දැක්කොත් එතනින් නැගිටින්නෙ අර තියෙන කැම ටික ඔක්කොම ඉවර වුනාට පස්සෙ තමයි. කොල්ලල ඉන්න ගෙදර කැම උයන්ඩ එන ගැණු කෙනා කොටින්ම කිව්වොත

හැඟීමක්

Image
පර තෙරක් නැහැයි කියල කියන සාගරේ වුනත්, පොඩි පොකුණක් කියල...... ඉවරයක් නැහැයි කියල කියන තරු, පොඩි ගානක් තියෙනවයි කියල....... හිතන්න තරම් මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් එක හැඟීමක් ලෝකෙ තියෙනව........ ඒකට කියන නම කොල්ල  තාම හොයනව................. මොකද හැඟීමක් දැ නගෙන නමක් නොදැන ඉන්න එක හරිම අමාරු දෙයක් නිසා........ 

ලඟම පාර කියපු හැටි

Image
මේ සිද්ධිය වෙන්නෙ මීට මාසෙකට විතර කලින් කොල්ල දැනට ඉන්න රටේදි...... මෙහෙ තියෙනව ක්‍රිකට් කණ්ඩායමක් අපේ රටේ. ඒ වගේම තවත් රටවල් ගනනාවකගෙම ක්‍රිකට් කණ්ඩායම් ගොඩකුත් තියෙනව. ඔය කට්ටිය එක්කහු වෙලා ඉතින් නිවාඩු දවස් වලට තරඟ තියෙනව. ඔය තරඟ තියෙන්නෙ පන්දු වාර විස්සක් සෙල්ලම් කරන විදිහට. සෙල්ලම් කරන්නෙත් ඉතින් ඔය හම් (ලෙදර්) පන්දුවෙන් තමයි. මේ කථාව වුණේ තරඟ නැති දවසක පුහුණුවීම් වලට යන අතරෙදි. පොරක් ඉන්නව කුමාර කියල (දන්නවනෙ ඉතින් අන්වර්ථයි කියල නම ) ඔය කුමාර කොල්ල එක්ක සිය රටේදිත් වැඩ කරපු පොරක්. එහෙ වැඩ කරල කුමාරය මෙහෙට ආවෙ කොල්ලට වඩා අවුරුදු දෙකකට විතර කලින්. ආ කියන්ඩ අමතක උනා. කොල්ලලගෙ කන්තෝරුව තියෙන්නෙ අගනුවරින් මෙට්‍රික් ඒකක 15-16ක වගේ දුරකින්. ඉතින් යන එන එකට විනාඩි 40ක් වගේ ගත වෙනවා. මේ දවසෙ පුහුනුවීම් වලට යන්ඩ කට්ටිය පාවිච්චි කරි කුලී රථයක් එවෙලෙ වාහන තිබ්බෙ නැති හින්ද කොල්ලලට පාවිච්චි කරන්ඩ. සාමාන්‍යයෙන් කුලී රතේක ගියොත් වියදම යනව රුපියල් වලින්නම් 2100ක් වගේ එක පැත්තකට. ඔන්න කට්ටිය මග යනකොට කුමාරය කෝල් කරනව. "මචෝ උඹල කොහොමේ යන්නෙ අද පුහුණුවීම් වලට" කියල අහල. ඉතින

අද

Image
කවුරුත් දන්න අද දවස තමයි අප්‍රියෙල් 01 වෙනිදා................. මෝඩයාගේ දවස කියල කියනව වගේම අපි අපි සමහර යාලුවන්ටත් සුභ උපන් දිනයක් වේවා කියල සුභපතන්නෙත් අද තමයි..... ඉතින් ඈස් රතු වෙන විහිලු නොකර පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑහෑ මොකද ගොඩක් වෙලාවට ඈස් රතු වෙන විහිලු නිසා කට්ටිය ගොඩක් අපහසුතා වලට ලක් වෙන හින්දා. එහෙනම් කොහොමින් කොහොමින් හරි අදාල අයට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව කොල්ල ඕන්.