Posts

Showing posts from May, 2011

බුගාටි වෙයිරොන්

Image
අද කොල්ල හිතුව ගොඩක් අය දන්න වගේම ලෝකෙ වැඩියෙන්ම වටිනවයි කියන මෝටර් රථ වලින් එකක් ගැන පොඩි සටහනක් තියන්ඩෙයි කියල. මේ පාරෙ දුවන පිස්සු හැදුණු අස්සය වගේ කියන, ඒ වගේම වේගවත්ම මාර්ගයේ ගමන් කළ හැකි නිෂ්පාදනයේ පවතින මෝටර් රථය තමයි බුගාටි වෙයිරොන් කියන්නෙ. මේ කාර් එක හදන්නෙ ප්‍රoශයෙ බුගාටි ඔටෝමොබයිල්ස් කියන ආයතනයෙ. අපි කාටත් හොඳින් මතක ඉබ්බ කාර් හදපු වොල්ක්ස්වැගන් ආයතනය යටතේ පවතින ආයතනයක් තමයි මේක. දොර දෙකේ මෝටර් රථ ගණයට වැටෙන මේ කාර් එකේ එන්ජිම තියෙන්නෙ මගී ආසන වලට පිටුපසින් දික් අතට (අර කවුරුත් දන්න ෆෙරාරි කාර් වල වගේ) අශ්ව බල 1001ක එන්ජිමක් තමා කලින් වේගවත්ම කාර් එක වෙලා තිබුනු ස්ටෑන්ඩඩ් මාදිලියට බලය සපයන්නෙ. මේ එන්ජිමේ තියෙන සිලින්ඩර ගනණ 16ක් වගේම ඒව පිහිටුවල තියෙන්නෙ ඉග්‍රීසි "W" අකුරෙ හැඩේට. ටර්බෝ චාජර 4ක් මේ සිලින්ඩර 16 එක්ක එකතු වෙලා මේ වාහනය පාරෙ දුවන ගුවන් යානයක් වගේ කරන්න දෙන සහයෝගය ගොඩක් ලොකුයි මගෙ හිතේ. ඔය වගේ එන්ජිමක් එක්ක හරි හරියට දුවන්න ගියර් පෙට්ටියක් නැත්තම් එන්ජිමෙන් කිසි වැඩක් නැහැලුනේ. ඒක නිසා නිෂ්පාදක මහත්තුරු මේ වාහනේට සවි කරල තියෙන්නෙ වේග 7ක්

පුංචි ඇබැද්දියක්

Image
කාලෙකින් ලිව්වෙත් නැහැනෙ මුකුත්. ඔන්න අද උදේ කොල්ල වැඩට යන්ඩ එලියට බහිද්දිම දැක්ක දෙයක පින්තූරයක් ගත්තා. ඔන්න බලලම හිතාගන්ඩකො මක්කැයි වෙලා තියෙන්නෙ කියලා..... කොල්ලලගෙ ගෙදර ඉස්සරහම තියෙන කන්ටේනර් අංගනයේ කලින් දවසෙ වැහැපු වැස්ස නිසා පොළව පොඩ්ඩක් බුරුල් වෙලා. ඉතින් එතන තිබ්බ එක කන්ටේනර් පෙට්ටියක් පොඩ්ඩක් ඇල ගහල තියෙන හැටි තමයි මේ. සාමාන්යයෙන් දකින්ඩ ටිකක් අමාරු දර්ශනයක් නිසා කොල්ල පින්තූරයක් ගහ ගත්තා කට්ටියට බලන්ඩත් එක්ක දාන්ටෙයි කියාල.

ෆාස්ට් 5 (රියෝ හයිස්ට්)

Image
වේගය එක්ක බැඳුනු චිත්‍රපට කිව්වහම කටියට මුලින්ම මතක් වෙන චිත්‍රපටි ගොන්න තමයි ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් චිත්‍රපටි මාලාව. ඔන්න අද කොල්ල ඉන්න රටේ ඒ චිත්‍රපටි මාලාවෙ අවසාන චිත්‍රපටිය කියලා නම් කෙරුණු ෆාස්ට් ඇන්ඩ් ද ‍ෆියුරියස් 5 චිත්‍රපටිය තිරගත වෙන්ඩ පටන් ගත්ත. කොල්ලටත් තියෙනවනෙ අමුතු ජාතියෙ පිස්සු. ඉතිං මොකෝ කරේ හවස වැඩ ඔක්කොම නවත්තල ගිහින් ඒක බැලුව. එළ බයිස්කෝප් එක ඈ.................... ඔය කවුරුත් දන්න ඩොමිනික් ටොරේටෝ (Vin Diesel) හිරේට නියම වෙනවනෙ අන්තිමට අපි බලපු 4 වෙනි කොටසෙ. මේක පටන් ගන්නෙ ඒ චිත්‍රපටියෙ අන්තිම ජවනිකාවෙන්, එහෙම පටන් අරන් විනාඩි 132ක්ම අපිට අධ්‍යක්ෂක උන්නැහේ දෙන ත්‍රිල් එක බලලම තමයි ගන්ට ඕනෙ අප්පා........... කෙටියෙන් කිව්වොත් ඔය කතා ගොන්නෙම ප්‍රධාන චරිත තුන වෙන ඩොම්, මියා සහ ඕ' බ්‍රයන් තුන් දෙනාව ෆෙඩරල් ආපරාධකාරයො විදිහට හංවඩු ගැහෙනව ඩොම්ව හිරෙන් පන්නපු හේතුව මත. ඉන් පස්සෙ කථාව දිග හැරෙන්නෙ මේ අයට හම්බු වෙන පරණ යාලුවෙකුයි ඒ යාලුව නිසා අත ගහන්න වෙන අලුත් හොරකමකුයි නිසා කට්ටිය මැදි වෙන ප්‍රශ්ණ ගොන්නක් කේන්ද්‍ර කරගෙන. මේ චිත්‍රපටියෙන් කලින් බලපු හැම

මොකක්ද ප්‍රේමය...

Image
රිදෙද්දිත් විඳවන... විඳවමින් තව ඇලෙන... දුකක් යැයි දැන දැන.... මම තවත් ගැලෙන.... ජීවිතය නම් දුකක් බැව් දැන.. එහිම ඇලෙනා මිනිස් ගතියට.. ගෙවන වන්දිය මෙයයි මිතුරනි.. නොවව් කිසිදා පෙමෙහි වහලෙක්...