Posts

Showing posts from July, 2011

පිස්සුද තාත්තෙ?? ඔය ඉරිසියාකාරයන්ගෙ කතා...

Image
ඕං ටික දවසකින් පස්සෙ ආපහු ආව බ්ලොග් අවකාශෙ පැත්තෙ.. පහු ගිය ටිකේ ජුංඩක් කාර්ය බහුල වුණ නිසා ඔය යන එන ගමන් අතට අහු වෙන බ්ලොග් එකක් බලාගෙන පොඩි කමෙන්ට් එකක් දාගෙන හිටියට බලන්ඩ තියෙන පෝස්ට් ගාන දැන් 300+ වෙලා තියෙන්නෙ. එව්ව බලල ඉවරයක් කරන්ඩත් ඕනෙ. ඔය හැම දේටම තියෙනවනෙ වාරයක් කියල එකක්., ඔය අඹ වලට, කොස් වලට (අර සඳරු කිව්ව වගේ) ආදී නානාප්‍රකාර දේවල් වලට, ඒ වගේ මේ දවස් වල කොල්ලගෙ බ්ලොගේ තියෙන්නෙ පැරණි රස කතා වාරෙ. පැරණි රස කතා කියන්නෙ ඉතිං මඩ තමයි. ලඟදි මුක්කුවට ආරංචි වෙලා කොල්ල මුක්කුවගෙ කතා බ්ලොගේ දානව කියල, මුක්කුව කොල්ලට කතා කරල සෑහෙන්ඩ ස්තූති කරා. ඒව තව යාලුවො දෙන්නෙකුත් අහගෙන ඉඳල උන්ටත් හරිම සන්‍තෝසයක් ඇති උණා මුක්කුව කොල්ලට ස්තූති කරපු හැටි අහල  මේ කතාව ඇවිත් රන්දිකය ගැන කතාවක්, අර කොම්පියුටර් පංති දාන්ඩ කාමර කුලියට දුන්නෙ. රන්දිකයල කොල්ලල සහ තවත් පොඩිම් යාලුවො කොටසක් ඔය උසස් පෙළ කාලෙට පස්සෙත් අඩුම ගානෙ සතියකට දෙකකට වරක්වත් මධ්‍යසාර ටිකක් තොල ගාන්ඩ හරි එක්කහු වෙනවා. ඔය කට්ටිය අතරෙ කොල්ල අනිවාම ඉන්නව මොකද කොල්ලට තියෙනව ෆෝබියා එකක්   (ෆෝබියා ගැන දැනගන්ඩ ඕනෙනම් මෙතනින් බලන්ඩ) ලං