About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Thursday, September 15, 2011

නිකම් ඉන්න බැරුවට කරපු වැඩ

කොත්තුවක් හදාපු පරණ වීඩියෝවක්. බලන්නත් එක්ක දැම්මා. හොඳද බලන්නකෝ සද්දෙත් එක්ක තමයි බලන්න ඕනෙ


Tuesday, September 13, 2011

ඕං අපිත් කරා නාට්ටියක්

ඉස්සෙල්ල මේක අහල ඉන්නකො

පලවෙනි කොටස



දෙවෙනි කොටස



තුන්වෙනි කොටස




කරපු දේවල් ගැන ලොකුවට කියවන එක ප්‍රධාන දෙයක් වෙච්ච ලංකාවෙ ආඩම්බරකාර වැසියෙක් විදිහට කොල්ලත් ඔන්න අද හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න.

මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපේ සිහින එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා. ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා. මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ මේ කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ. අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට කොල්ලගෙ විශේෂ ස්තූතිය හිමි වෙනවා. අනිත් කෙනා අපේ රුචක (පච්ච මාමා) කතා කරපු සැනින් ඇවිත් “එළ මචං ඕනෙ එකක් මම එකෙන්ම” කියල තමයි කිව්වෙ.

කොහොම හරි ලියාගත්ත කියමුකො. ලිව්ව ඈත ගමක කතාවක් මුලින් එක්කෙනෙක් මරමු කියල කතා උනත් කොල්ලගෙ හිතේ තියෙන දුෂ්ට කම වැඩි හින්දද මන්දා තුන් දෙනාම මරල දැම්මා (හික් හික්). ලියල ඉවර වෙනකොට සෙනසුරාද රෑ වෙලා. සඳුදා රෑ වෙනකොට මේක විකාශය කරන්ඩත් ඕනෙ කියල සිහින කියපු නිසා තමුන්ට අදාල කොටස් ටික සෙනසුරාදම රෑ රෙකෝඩ් කරල සිහිනට ෆයිනල් එඩිට් එක සඳහා ඊ මේල් කරමු කියන තැන ඉඳන් වැඩේ පටන් ගත්තා. දුෂ්ටය ඇඟේම ඉන්න නිසා දුෂ්ටයගෙ කොටස් ටිකනම් පොඩි වෙලාවකින් ඉවර වුණා. කිඩෝත් පැණි බේරමින් ආදරේ කරල ඒ ටිකත් ඉවර වුණා කියමුකො. කියන්නම ඕනෙ රුචක. එද රෑ පච්චයකුත් ගහපු ගමන් අතේ වේදනාව පිටින් පාන්දර 3.30 වෙනකම් “සියාතු” ගෙ කොටස් ටික රෙකෝඩ් කරපු එකනම් ඇත්තටම අගය කරන්නම ඕනෙ. ඔය ඔක්කොම ඉවර වෙලා අම්මගෙයි නිළියගෙයි කොටස් ටික අපිට පටිගත කරන්න හම්බු උණේ ඉරිදා. තමුන්ගෙ දහසකුත් පුද්ගලික වැඩ තියාගෙන උනත් දිල්ශරා අම්මට අදාල හඩ කොටස් ටික පටිගත කරල එව්වා ඉරිද හවසම. අපේ ප්‍රධාන නිළිය පවුලෙ කට්ටිය එක්ක පන්සල් ගිහින් තිබුනා කලින්ම ඔය නිසා. විගහට එනව කිව්වත් පවුලෙ කට්ටිය එක්ක ගියාම හැමෝටම වෙනව වගේ එනකොට ටිකක් පරක්කු වුණා. ඉතිං කොහොමින් කොහොමින් හරි රශ්මිගෙ කොටස් ටික ඉවර වෙනකොටඉරිද රෑ වුණා කියමුකො. සිහිනගෙ යහලුවෙක් වෙච්ච ජීවන්තිවත් මතක් කරන්න ඕනෙ ඉදිරිපත් කරන්නියගෙ කොටස් ටිකට මේ වැඩේට දායක වුණු එකට.

ඊ ලඟට තමා මේකෙ ඇඩෙන වැඩ කොටස, ඒ කිව්වෙ ෆයිනල් එඩිටිං. මහ රැයක් වෙනකම් ඕක කරපු සිහිනගෙ කැපවීම කොච්චරක්ද කියනවනම් සඳුදා හවස් වරුවෙ නිවාඩුවකුත් දාගෙන මේක කරා කියල ඕගොල්ලො ඇහුවම හිතාගන්න පුළුවන්නෙ කැපවීම කොච්චරක් තිබුනද කියල මේ වැඩේට.

කොහොමින් කොහොමින් හරි ඇහුවා ඊයෙ රෑ. ඒක ඇහෙනකොට වෙච්ච මහන්සිය අපතේ ගියෙ නෑ කියන එක ගැන ලොකු සතුටක් දැනුනා. දුකට කාරණේ තමයි අන්තිම ටික ඉන්ටනෙට් ප්‍රශ්ණ නිසා අහගන්න බැරි වෙච්ච එක ගැන.

මෙන්න වැඩේට දායක වෙච්ච කට්ටිය

සම්බන්ධීකරණය - සිහින
පිටපත - මදුශාන්, පසන්, සිහින, කිඩෝ සහ කොල්ලා
සමන්මලී - රශ්මි රවීනා
ජයන්ත - කිඩෝ
සියාතු (තාත්තා) - රුචක
සිරියාවතී (අම්මා) - දිල්ශරා
නිමල් (මැරයා) / දොස්තර /ගැමියෙක් - කොල්ලා
නිමල්ගේ මිතුරෙක් - සිහින
ඉදිරිපත් කරන්නිය - ජීවන්ති

කට්ටියම එකතු වෙලා කරපු මේ සාමූහික ප්‍රයත්නෙට තව අයට දායක වෙන්න පුලුවන් ඉදිරි සති වලදි. කැමති අය ඉන්නවනම් සිහින මලයට කතා කරන එකයි තියෙන්නෙ.

අහපු කට්ටියගෙන් බලාපොරොත්තු වෙනවා ගුණ දොස්. දොස් ගොඩක් තියෙන්න පුලුවන් මොකද දවස් දෙකක් ඇතුලෙ මේක කරපු නිසාත් පළවෙනිම වැඩසටහන නිසාත්. ඕනෙම විවේචනයක් බාරගන්න ලෑස්තියි.
ජය වේවා!

ප.ලි \ යූ ටියුබ් ලින්කුව දමා ඇත.......


ප.ප.ලි \ නිර්මානාත්මක අදහස් තියන බස් පදින බ්ලොග් ලියන හැමෝගෙන්ම කරන්න ඉල්ලීමක් තියනවා.කිව්වත් වගෙ මේක අපි හැමෝගෙම වැඩක්. බස් රේඩියෝ ඕඩියෝ පොත කියන නම මෙතනින් එහාට මේ නාට්‍ය හෝරාවට ගැලපෙන්නේ නෑ.ඒ හින්ද හැමෝගෙන්ම ඉල්ලනවා අපිට ලස්සන නමක් යෝජනා කරන්න කියල.සඳුදා රෑ 8.30 සිට 10.00 දක්වා දිවෙන නාට්‍යමය හෝරා එක හමාරට ගැලපෙන බස් කියන නමත් සම්භන්ධ ලස්සන නමක් හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා.

Sunday, September 11, 2011

කවිද??? කතාද??? මමවත් නොදනිමි......


මහමෙරක් පැතුම් පොදි බැඳ..
ලස්සන මල් මාවතක ඇවිද යන්නට
ඇඟිලි ගැන්නද පෙරුම් පුරමින්..
ඉටු නොවුනු තැන මගේ පැතුමන්


අරමුණක් නැතිව..
ඔහේ ඇවිදන් යන විට
ජීවිතය මෙය යැයි..
පසක් කර දුන් පහන ඔබ විය


පෙම්බර නෑ සියන්..
සියක් වූ මිතුරන්
ලඟින් නැති පාළුව...
මැකූ දහසක් දෙනා ඔබ විය


මව්බිම රැඳෙන්නට..
කෑගසා කීවත් උඩු සිත
මම කෙසේ රැඳෙමිද..
අරක් ගෙන ඔබ මගේ යටි සිත


I dreamt hopelessly
to walk on a path
filled with roses...


You were the candle
lit my way
when I sheered off course...


You killed loneliness
I was suffering
away from my beloved...


Even I wish
staying in motherland
why my instincts say otherwise....

Wednesday, September 7, 2011

හිතන්න පොඩි දෙයක්





ආපහු බ්ලොග් එකට පොඩ්ඩක් කර පෙව්වා. සෑහෙන දවසකින් හිතල ලිව්වෙ නෑ ඒක නිසා ලියන්ඩ යනකොට අත කියන්නෙම ලියන්ඩ එපා කියලමයි. ඒත් මට අර කතන්දර කියන්නැහැ රයිටර්ස් බ්ලොක් එක හැදිල නෑ කියල මටම හිතෙන නිසාත් අද මොනව හරි ලියනවමයි කියල උදේ නැගිටිනකොටම හිතපු නිසාත් ලියන එක ලියනවාමයි........


අද ලියන්ඩ හිතුනා අපි සමහර වෙලාවට දකින ඒ දේ නිසාම සමහරු සෑහෙන අපහසුතාවයට පත් වෙන එක පොඩි දෙයක් ගැන. ඔය දේ මුලින්ම පටන් ගන්නෙ ඉස්කෝලෙන්. ඕගොල්ලො ගොඩ දෙනෙක් මේක දැකල තියෙන්නත් පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පාසල් කාලෙ ඉන්නව එක එක ආකාරයේ කල්ලි.

  • මැර කල්ලිය (ඉගෙන ගන්න එච්චරම ආස නැති ජල්තර වැඩ වලට නම් දරාපු කල්ලිය - මාත් හිටියෙ මේකෙ)
  • බ්‍රයිට් කල්ලිය (ඉගෙන ගන්න කල්ලිය)
  • මෙලෝ රහක් නැති කල්ලිය (ඉගෙනීමට සම්බන්ධ නැති දෙයකට හරිම උනන්දුවෙන් සෙට් වෙලා ඒකෙම එල්ලීගෙන ඉන්න කල්ලියක්)
  • මෝරුන්ගෙ කල්ලි ( සල්ලි තියෙන තාත්තලගෙ පුත්තු වටේ එකතු වෙලා ඒ පුතාලගෙන් යැපෙන කල්ලි - එකකට වැඩි ගානක් තියෙන්ඩ හැකියි)



ඉතිං ඔය වගේ කල්ලි ඉස්කෝලෙන් පස්සෙත් පවතින වෙලාවල් තියෙනවා ඒත් හැමෝම නම් නෙමෙයි. අර මුලින්ම කියපු සෙට් එක නම් ගොඩක් වෙලාවට එකට ඉන්න අවස්ථා වැඩියි, අන්තිමටම කියපු සෙට් එක ඉස්කෝලෙ කාලෙවත් එකට ඉඳීද කියන්න බැරි තරමට උන්ගෙ පරමාර්ථ වෙනස් නිසා.


පහු ගිය කාලෙක ඔය වගේ කල්ලි දෙක තුනක් මගුල් ගෙදරකදි සෙට් උණා. ඒකට ඇවිත් හිටියා ඔය කලින් කිව්ව වගේ කොල්ලන් විසින් වට කරගෙන හිටපු සල්ලි කාර පුතෙක්. මේ යාලුවා ඒ දවස් වල තමුන්ගෙ කල්ලියෙ සගයෙක් වෙලා හිටපු තමුන්ගෙන් සෑහෙන්න වාසි ගත්තු  (නමුත් දැන් සමාගමක ලොකු තනතුරක් දරන) ඒ වගේම කාලෙකින් හමු නොවුණු කෙනෙක්ට මෙහෙම කියනවා.


"මචන් (ඔහුගෙ නම කියලා) අර ස්‍ටුවර්ඩ් ලඟට ගිහින් පොඩ්ඩක් එන්න කියපං බන් මම දැන් 3-4 පාරක්ම කතා කරා මේ යකා එන්නෙ නෑනෙ" කියලා


ඒ වෙලාවෙ අර යාලුවගෙ මූණෙ ඇති වුණ හැඟීම දැකපු අපිට ඇති වුණෙත් කියාගන්න අමාරු ලැජ්ජාවක්.


පාසලෙන් අයින් වෙලා අවුරුදු 10කටත් වඩා කල් ගෙවුණට පස්සෙ අපි කවුරුත් තේරුම් ගන්න ඕනෙනෙ අද ඉන්නෙ එදා හිටියට වඩා සෑහෙන්න වෙනස් වුණු මිනිස්සු කියලා. ඒ දේ තේරුම් නොගත්ත මිනිස්සු නිසා සිද්ධ වෙන්නෙ දෙගොල්ලොම අපහසුතාවෙට පත් වෙන එකයි. අනිත් දේ තමයි තමුන් අතීතෙදි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු දේවල් වලින් තමුන් පහු කාලෙක අපහසුතාවයට ලක් වෙන්න පුලුවන් කියල හිතාගෙන අද ඉඳන් හෝ වැරදියි කියල හිතෙන දේවල් කරන එකෙන් වැළකීම.


ඕගොල්ලො මොකද හිතන්නෙ කියල කමෙන්ට් එකකුත් දාලම ගියොත් මට සන්තෝසයි