තවත් එක් මානවකයෙක් ....

පළවෙනි කොටහ බලපු නැති ඈයො එතනට ගිහිං ආවනං මේක අන්ඩර දෙමල වෙන එකක් නෑ මයෙ හිතේ...

එදා ඉඳන් සමරවීරගෙ දින චරියාව උනේ පීටර් මුදලාලිගෙ කාර්යාලය උදේම ඇරලා දුරකතනෙන් එක ඇනවුම් බාර ගැනීම සහ ඒවා වාඩියෙන් ලෑස්ති වෙන දවස් අදාල ආයතන වලට දැනුම් දෙන එකයි. ඒ වගේම තමුන්ට මේ අවස්ථාව දුන්නු මුදලාලිට තමුන්ගෙ උපරිමෙන් කරනව කියල හිතාගෙන හැම ගනු දෙනුවක්ම බොහොම පිලිවෙලට ගිණුම්ගත කරපු සමරවීරගෙ අවංක කම දැක්ක මුදලාලි කල් යනකොට සමරවීරට සැලකුවෙ තමුන්ගෙම නෑයෙකුට වගේ. ඔය අතරෙ තමයි පීටර් මුදලාලිගෙ තරුණ දුව සමරවීරගෙ ඇහැට වැටෙන්නෙ. ඉන් පස්සෙ අනික් හැම ආදර කතාවක් වගේම ලස්සනට මේ කතාවත් ගලාගෙන ගියා. වෙනසකට තිබුනෙ තමුන්ගෙ ව‍යාපාර දියුණු කරන්න කියලා තමුන්ගෙම ලී මෝලක් අරින්න යෝජනා කරපු සහ ඒක හොඳින් ක්‍රියාත්මක කරපු සමරවීරට පීටර් මුදලාලිගෙත් කැමැත්ත ලැබුණු එක විතරයි.

අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනකොට පීටර් මුදලාලිගෙ සම්පූර්ණ ආශිර්වාදය මත සමරවීර ටිම්බර් ස්ටෝර්ස් ආයතනයේ කළමණාකරු වෙච්ච සමරවීරගෙයි පීටර් මුදලාලිගෙ එකම දුවගෙයි විවාහය ඒ පළාතෙ ගොඩ දෙනෙක්ගෙ සහභාගීත්වයෙන් සිද්ධ වුණා. එදා ඉඳන් සමරවීර සියලුම ව‍යාපාර වල පාලකයා කරන්න වගේම ව‍යාපාර කටයුතු වලින් අයින් වෙලා නිස්කලංක ජීවිතයක් ගත කරන්නත් පීටර් මුදලාලි තීරණය කරේ ඔහු සමරවීර තුලින් දැකපු අවංක කම වගේම ඒ තමන්ගෙ එකම බෑණා නිසා. සමරවීර කාටත් හොඳින් සලකපු සේවකයො ගැන හොඳින් හොයා බලපු, ආඩම්බර කමක් නැති හාම්පුතෙක් වෙච්ච නිසා ව්‍යාපාරය බලාගෙන ඉඳිද්දි දියුණු උනා වගේම තමුන්ගෙ පවුලට හොඳ බෑණා කෙනෙක්, ස්වාමි පුරුෂයෙක් වෙන යුතුකමත් නොපිරිහෙලා ඉෂ්ට කරා.

මේ අතරෙ සමරවීර යුවල පුංචි පුතෙකුගෙ සුරතල් බලන්න වාසනාවන්ත වෙනවා. තමුන්ගෙ පළවෙනි මුණුපුරාව දැකපු පීටර් මුදලාලි ඒ සතුටින්ම තමුන්ගෙ සියලුම දේපල මුණුපුරාගෙ නමට පවරන්නෙ දෙපාරක් හිතන්නෙම නැතුව. කාලෙ ගත වෙනකොට පුංචි පුතා නිලන්ත ටිකින් ටික ලොකු වෙනවා. කොලඹ පිළිගත් පාසලකට ඇතුල් වෙන නිලන්ත තාත්තා වගේම ඉගෙනීමට දක්ෂකම් පෙන්නද්දි පීටර් මුදලාලිගෙ මරණින් පස්සෙ සමරවීර ඒ පළාතෙ නමගිය ව්‍යාපාර ගණනකම හිමි කරුවා වෙන එක ගැන කවුරුත් පුදුම නොවෙන්නෙ හැමෝම සමරවීරගෙ දක්ෂකම් අඳුනගෙන හිටියා වගේම කිසිම අසාධාරණ විදියකින් මුදල් හම්බ නොකළ කෙනෙක් බව කවුරුත් අත්දැකීමෙන්ම දැනගෙන හිටපු නිසා. නිලන්තට අවුරුදු 16 වෙනකොට සමරවීර මුදලාලි කියන්නෙ ලී ව‍යාපාර තුනක් වගේම ලංකාවෙ ප්‍රධාන පාරක් වුණු නුවර පාර අයිනෙ ඉන්ධන පිරවුම් හල් ගණනාවක අයිති කාරයෙක් වෙලා හිටපු ධනවත්, බලවත් වගේම කවුරුත් ආදරේ කරපු කෙනෙක් බවට පත් වෙලා හිටියෙ අවංක කම සහ කැපවීම නිසාමයි.

කාලෙ ගතවෙනකොට හොඳින් උසස් පෙළ සමත් වෙන නිලන්තව විදේශ උසස් අධ්‍යාපනයට යොමු කරන්න හැමදේම සූදානම් වුණා. ඒ සම්බන්ධ වැඩ වලට හැම තිස්සෙම කොලඹ යන මුදලාලිව වට පිටාවෙ කාටත් බොහොම පුරුදු දසුනක් වුණා. තවත් එක දවසකට ඉර උදා වුනේ ඒ දවස මොන වගේ දවසක් වෙයිද කියන එක කාටවත් හිතාගන්න බැරි සාමාන්‍ය දවසක් විදිහට. ඒත් ඒ දවස නිලන්තගෙ සහ මුළු සමරවීර පවුලෙම ඉරණම වෙනස් කරන දවසක් කියන දේ කවුරුත්ම දැනගෙන ඉන්න නැතුව ඇති. නිලන්ත විදෙස්ගත වෙන්න තිබුනෙ හරියටම සති දෙකක් වගේ කාලයක්. ඒ සඳහා මුදල් ගෙවන්න යන්න සමරවීර මුදලාලියි ඔහුගෙ බිරිඳයි බැංකුවට යන්නෙ නිලන්තට කොළඹ යන්න ලෑස්ති වෙන්න කියලා මතක් කරන ගමන්මයි. තමුන්ගෙ දෙමව්පියො එනකම් මග බලාගෙන නිවසට වෙලා ඉන්න නිලන්තට පැය දෙකක් ගත වෙනව දැනුනෙ හරියටම දවස් දෙකක් ගත වෙනව වගේ. තමුන්ගෙම නිවසේ සාමාජිකයෙක් වෙච්චි සහ ව්‍යාපාර වලදි සමරවීරට උදව් කරපු සෝමරත්න මාම එක්ක නිලන්ත දෙමව්පියන්ගෙ පමාව ගැන මැසිවිලි නගපු වාර ගනන අතේ ඇඟිලි ගානට වැඩි උනා මිසක් අඩු උණේ නැහැ. මුදලාලිත් ඔහුගෙ බිරිඳත් පිටත් වෙලා පැය තුනක් වගේ යනකොට පොලිස් ජීප් රථය සමරවීර නිවස ඉස්සරහ නැවැත්තුව  හැටි දැකපු නිලන්තගෙ හිතට මහ මූසල හැඟීමක් ආවා.

Comments

  1. හයියෝ....ඒ මොකද...අනතුරක්වත් වෙලාද ඒ දෙන්නට....?

    ReplyDelete
  2. ඔන්න ඉතින් අලුත් කොල්ලත් අපි අතරමන් කරලා කෑලි කෑලි ලියන්න ගත්තා.

    ReplyDelete
  3. හොදම පොයින්ට් එකේදී සීන් එක කට් කට් කියලා වගේ, අනිත් කතාත් ඉක්මනට දාන්න . . .

    ReplyDelete
  4. @සිනි - බලාගෙන ඉන්නකෝ

    @සරත් - හික් හික්. මාත් ඉතින් රැල්ලට අහු වෙන්න එපායැ

    @amila chathuranga - Ya ya... :p

    bckurera - විගහට දාන්නම් ඊ ලඟ කොටහ

    Mobileman - තැංකිව් තැංකිව්...

    ReplyDelete
  5. මේ කතාව අවසානයක් නැති අතුරුදහන් වූ ගණයට වැටේ. ඉතුරු කොටස් ලියපු වර්ඩ් ඩොක් එක අතුරුදහන් වී ඇත.

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….