ඔලුවෙ කැක්කුම



මේ මට යාලුවෙක් ලඟදි එව්ව කතාවක්


දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..

ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර  බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්..


මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු.

බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..


බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...

Comments

  1. Replies
    1. යා යා. ස්තුතියි මේ පැත්තෙ ආවට නරුමයො (නම කිව්වෙ ඈ) ආපහු එන්න

      Delete
  2. Replies
    1. මේ කමෙන්ට් එක දාන්න ගහපු ෂෝට් කට් එක මොකක්ද බං??? හික් හික්

      Delete
  3. හිකිස්.. බැඳපු අයට නම් ආදර්ශමත් කතාවක්....

    ReplyDelete
    Replies
    1. නාඅ මාතලන් කාලෙකින් දැක්කෙ.

      ඔව් ඔව් බැඳපු නොබැඳපු අයියල ඔක්කොම ඔය වගේ එව්ව කරනව දැං කාලෙ.....

      Delete
  4. හොද වැඩේ... ජරාව බීලා තව පැනඩෝලුත් ඉල්ලන්න එනවට.....

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා අප්පා.... අපිත් වෙලාවකට ඔය වගේ වෙනවා

      බොහොම ස්තුතියි ආපු එකට මේ පැත්තට.....

      Delete
  5. උඹට එහෙම වෙච්ච එකක් චුට්ටක් චුටිටක් වෙනස් කරලා ලිව්වා එහෙම නෙමේ නේද ......

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං. මට මේ යාලුවෙක් එවපු කතාවක්

      Delete
  6. මේ කතාම මේ ළඟදී තව බ්ලොග් එකකි කියෙව්වා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. හසිත මට මේක යාලුවෙක් එව්ව කතාවක්. එහෙම තිබ්බනං බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න. මං අයිති කෙනාට කියන්නං.

      ස්තුතියි මේ පැත්තෙ ආවාට....... :)

      Delete
    2. මෙන්න නියම බ්ලොග් එකක් ඒකේ තමා කතාව තිබුණේ....

      …http://uwiniran-wwwbabilk.blogspot.com/2012/08/blog-post.html

      Delete
  7. ඒ අදමද මන්දා මේ පැත්තේ ආවේ... හොදයි වගේ ඈ... :)

    අපි දිගටම එනවලු එහෙනං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඕනෙ වෙන්ට ඕනෙ.....

      බොහොම ස්තුතියි ආ එකට මේ දිහාවෙ.

      සුභම වේවා!!! :)

      Delete
  8. අඩේ කොල්ලෝ මම මේක කොහේදී හරි කියවල තියනවනේ බං..පට්ට සීන් එක බුවාට වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ අම්ම දැකලා තියෙන්නේ උදේද දන්නේ නෑ. රෑක හෙම දැක්කනම් අනිවා ගලවනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ කතාව කලින් වෙන බ්ලොගක තිබිල. මම දන්නෙ පස්සෙ.

      ඔව් ඔව් ම්ම දකින්න ඇත්තෙ උදේ තමා.

      බොහොම ස්තුතියි ආවට මේ පැත්තෙ ඈ. දිගටම එන්න ඕනෙ. :)

      Delete
  9. ගාමිණී අයියගේ අඩවියට ගියාම අලුත් කොල්ලා දැක්කා . ඔන්න මං ආවා...හොඳයි ආයිමත් එනවා.

    ReplyDelete
    Replies
    1. එළ එළ....... ජය වේවා.

      බොහෝම ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  10. අලුත් කොල්ලා, අර ගාමිණීගෙ විජිතයෙ කමෙන්ට් එකේ කියපු තාත්තගෙයි පුතාගෙයි කතාව කොහෙද තියෙන්නෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ආ...... බොහොම් ස්තුතියි පාර හොයගෙන මේ දිහාට ආවට.

      http://aluthkolla.blogspot.com/2012/02/blog-post_23.html

      ඔන්න මම යන්න පාර දැම්මා ඒ පෝස්ට් එකට... :)

      Delete
  11. මගේ යාළුවෙක් ඉන්නවා, කඩවත පැත්තේ. දවසක් අපි කට්ටිය සෙට් වුනා බෝතල් පාටියකට යක්කල පොලිසිය ගාව තැනකට. බීල ඉවර වෙන කොට මගේ යාළුවට නස් පුක් වෙන්න වැදිලා. ඒත් ගෙදර යන්න තිබ්බේ බයික් එකේ. හැබැයි පොරට ඇවිදගෙන යන්නත් බෑ. අපි අම්බානට බය වෙලා හිටියේ. හැබැයි මිනිහ බයික් එකේ නැග්ගහම කිසි වෙරියක් නෑ. මෙන්න අගේට යනවා. ආයෙත් මගදි නැවැත්තුව (මතක විදිහට මිරිස්වත්තයි බැලුම්මහරයි අතරේ) දුමක් දාන්න. මෙන්න පොර ආයෙත් බයික් එකෙන් බැස්ස වෙලේ ඉදල වැනෙනවා. කොටින්ම කඩේ ටියුබ් ලයිට් එකත් එක්ක කඩාගෙන වැටෙන්නත් ගියා.

    මම හිතන්නේ පොරගේ බයික් එකට ගහන්නේ පෙට්‍රල් වෙනුවට පිරිත් වතුර වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කවුද පේට්‍රියොට් ඔය යාලුවා??? අපිත් දන්න කෙනෙක්ද?? :D

      Delete
  12. මරු කතාව මචං.

    අදමයි ආවේ මේ පැත්තේ. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මී පැටියෝ

      ආපහු එන්න

      Delete
  13. මරු මරු... ඔහොමත් වුණාලු ඉතින්...

    ReplyDelete
  14. ඔව් ඔව් අලුත් මල්ලි. ස්තුතියි ආවට ඈ....

    ReplyDelete
  15. ඉහත සදහන් කතාව කලින් කියවා ඇත.එහෙත් නැවත් කියවීමට ලැබීම සතුටකි. !!!! :)D

    ඔබට ජයෙන් ජය !!! :)D

    ReplyDelete
    Replies
    1. සික් විළි ලැජ්ජයි.

      ආවට බොහොම ස්තුතියි ඈ..........

      Delete
  16. මොකටද අප්පා එලි වෙන ජාමෙට බෙහෙතුත් බීලා තව පැනඩෝලුත්

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ

      ස්තුතියි ආවට ඈ... ආපහු එන්ට

      Delete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….