Posts

Showing posts from February, 2012

බීපු ඩබල

Image
මේක නම් මම කලින් කාගෙන් හරි අහපු කතාවක්. මරු කතාව නිසා දාන්න කියල හිතුනා ඔන්න දවසක් රෑ බාර් එකෙන් එලියට ආවලු කන් පාත් වෙලා සාක්කු වලත් පතුලටම බැහැපු ඩබලක්. දෙන්න එලියට ඇවිත් ටික වෙලාවක් වට පිට බල බල ඉඳලා පයින්ම එක පැත්තකට ගියාලු. ටික දුරක් ගිහින් එක පොරක් අනිත් පොරට කියනවලු මෙහෙම 1 පොර - ආ මචං. ඔන්න අපේ ගෙවල් ලඟටනම් ආවා. උඹට තනියම උඹේ දිහාට යන්න පුලුවන් නේද?? 2 පොර - පිස්සුද යකෝ මේ මගේ ගෙදර. උඹට තනියම උඹේ ගෙදරට යන්න පුලුවන්ද?? 1 පොර - උඹ බීල වැඩි වෙලා. මේ මගෙ ගෙදර යකෝ. මායි හාමිනෙයි පුතයි විතරයි මෙහෙ ඉන්නෙ. උඹ කොහෙ ඉන්නද මේ ගෙදර?? 2 පොර - මේ මේ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා… මේ මගෙ ගෙදර. මායි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ මගෙ ගෙදර. ඔන්න ඔහොම පැය කාලක් විතර දෙන්න වාද කර කර ඉන්නවලු. ඊට පස්සෙ. 1 පොර - හා හා වරෙන් අපි දොරට තට්ටු කරල අහමු මේ කාගෙ ගෙදරද කියලා ඔන්න දොරට ටික වෙලාවක් තට්ටු කරාම ගෑණු කෙනෙක් දොර ඇරියලු. 2 පොර - සොරි ඈ කරදර කරාට මේ රෑ. අපිට කියන්න මේ කාගෙ ගෙදරද කියලා කාන්තාව - හිටු කොස්ස අරන් එනකම් මම. අදත් තාත්තයි පුතයි දෙන්න සිහි නැති වෙන්න බීල මෙතන ඇවිත් නේද මට

ඕං පණහයි

Image
නිකමට වගේ බලද්දි දැකපු එක දෙයක් නිසා පුංචි පහේ සතුටක් හිතට ආවා..... මං පෝස්ට් පණහක් ලියල නොවැ. ඒ මදිවට ෆලෝවර්ස්ල 75 දෙනෙකුත් එක්කහු වෙලා. සන්තෝසයි...... මගේ ගමනනං ඉතිං හිමිං ඕං..

තවත් එක් මානවකයෙක් ....

පළවෙනි කොටහ බලපු නැති ඈයො එතනට ගිහිං ආවනං මේක අන්ඩර දෙමල වෙන එකක් නෑ මයෙ හිතේ... එදා ඉඳන් සමරවීරගෙ දින චරියාව උනේ පීටර් මුදලාලිගෙ කාර්යාලය උදේම ඇරලා දුරකතනෙන් එක ඇනවුම් බාර ගැනීම සහ ඒවා වාඩියෙන් ලෑස්ති වෙන දවස් අදාල ආයතන වලට දැනුම් දෙන එකයි. ඒ වගේම තමුන්ට මේ අවස්ථාව දුන්නු මුදලාලිට තමුන්ගෙ උපරිමෙන් කරනව කියල හිතාගෙන හැම ගනු දෙනුවක්ම බොහොම පිලිවෙලට ගිණුම්ගත කරපු සමරවීරගෙ අවංක කම දැක්ක මුදලාලි කල් යනකොට සමරවීරට සැලකුවෙ තමුන්ගෙම නෑයෙකුට වගේ. ඔය අතරෙ තමයි පීටර් මුදලාලිගෙ තරුණ දුව සමරවීරගෙ ඇහැට වැටෙන්නෙ. ඉන් පස්සෙ අනික් හැම ආදර කතාවක් වගේම ලස්සනට මේ කතාවත් ගලාගෙන ගියා. වෙනසකට තිබුනෙ තමුන්ගෙ ව‍යාපාර දියුණු කරන්න කියලා තමුන්ගෙම ලී මෝලක් අරින්න යෝජනා කරපු සහ ඒක හොඳින් ක්‍රියාත්මක කරපු සමරවීරට පීටර් මුදලාලිගෙත් කැමැත්ත ලැබුණු එක විතරයි. අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනකොට පීටර් මුදලාලිගෙ සම්පූර්ණ ආශිර්වාදය මත සමරවීර ටිම්බර් ස්ටෝර්ස් ආයතනයේ කළමණාකරු වෙච්ච සමරවීරගෙයි පීටර් මුදලාලිගෙ එකම දුවගෙයි විවාහය ඒ පළාතෙ ගොඩ දෙනෙක්ගෙ සහභාගීත්වයෙන් සිද්ධ වුණා. එදා ඉඳන් සමරවීර සියලුම ව‍යාපාර වල පාලකයා කරන්න වගේ

තවත් එක් මානවකයෙක්.

වැඩ නිසා බ්ලොග් එක පැත්තෙ එන්න හිතෙන්නෙත් නෑ වෙලාවකට. ඒත් වැඩක් පටන් ගත්තම මග නතර කරන්න හොඳ නෑ කියනවනෙ, ඒක නිසා පොඩි උත්සාහයක් ගන්නවා කතන්දරයක් වගේ එකක් ලියන්න. හිමින් ලියන නිසා එක කොටසක් එච්චර දිග වෙන එකක් නෑ. ඕගොල්ලන්ගෙ අදහස් ගොඩක්ම වටිනවා මේක ලියවෙන විදිහ ගැන. වෙලාව උදේ 7.30ට විතර ඇති. වාහනේ එලවන්න තිබුණු කම්මැලි කම නිසා බස් එකකින් කොලඹ යන්න නිට්ටඹුව නුවර පාරෙ තිබුණු බස් නැවතුම්පලට ආවත් එන හැම බස් එකකම සෙනග ඉතිරිලා ගිහින්. කම්මැලි කම පැත්තක දාල කාර් එකේ ආවනම් මෙලහට කිලෝමීටර් ගානක් ගිහිනුත් ඉවරයි නේද කියල නිලන්තට හිතුනා. නිලන්ත සමරවීර, එක්තරා සාමාන‍ය පන්තියෙ කොල්ලෙක් කියල දකින කාටත් හිතෙන ජාතියෙ චරිතයක්. පදිංචිය නිට්ටඹුවෙ. වයස අවුරුදු 25-26ක් තරම්. පවුලෙ තමන්ගෙම කියල කවුරුත් නැති වෙන්නෙ නිලන්තට වයස අවුරුදු 18දි. ඒක වෙන්නෙ මෙහෙමයි………… සමරවීර මුදලාලි කියන්නෙ පස්යාල කියන පැත්තෙ සාර්ථකම ලී වෙලඳාම අයිතිව තිබුණු කෙනා. මුදලාලිගෙ පවුලෙ හිටියෙ එයාගෙ බිරිඳයි එකම පුතායි විතරයි. දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් අවුරුදු විස්සකට විතර කලින් කොළඹ එන්න ඇවිත් මගදි හම්බු වුණු මනුස්සයෙක් නිසා ලී වාඩියක වැඩට ආපු