BMW මගඩිය


කොහොමද? කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා. වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු 


මොකක්ද මේ BMW මගඩිය?




අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද?
ඇත්තම කතාව මේකයි.

ලංකාවෙ BMW නියෝජිතයා තමයි ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ. රාජ්ය සේවකයන්ට 2011 ඉඳන් 2014 වෙනකම් දුන්න තීරු බදු බලපත්‍ර වලට ආනයනය කරපු අලුත්ම වාහන 1728ක් අඩු වටිනාකම් පෙන්නලා බදු වංචා කරපු එක සහ ඒ වාහන ඇත්තටම ආනයනය කරේ ඒ බලපත්‍ර හිමියො නොවෙනවයි කියන කාරණා දෙකම මුල් කරගෙන පරීක්ෂණයක් පටන් ගත්තා 2016 අවුරුද්දේ මෑයි මාසේ. ඒ පරීක්ෂණය පටන් ගත්තේ ශ්‍රී ලංකා රේගු මධ්යම පරීක්ෂණ කාර්යාංශය. දල වශයෙන් රජයට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16ක් විතර කියලයි විශ්වාස කරන්නෙ. පහත පින්තූරෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා (මේක හොයාගත්තෙ ඉතිං අන්තර්ජාලෙන් තමයි)



මේ වංචාව කරන්න ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම කරල තියෙන්නෙ, අර අපේ සමහරු කෑම බිල 400ක් උනාම ඔන් ඈපෘවල් බිලක් 800කට දානව වගේ කොම්පෑණියට (මාත් එක පාරක් කරල තියෙනවා 2005-2006 වගේ කාලෙ) ඒකෙ අනිත් පැත්ත, සත්‍ය ලදුපත් සහ නෑව්ගත ලියකියවිලි නෑතිව Navigare International කියන සමාගමෙන් නිකුත් කරපු වංචනික ලිය කියවිලි රේගුවට ඉදිරිපත් කරපු එකයි. මේ ලියකියවිලි ඉදිරිපත් කරපු ආයතනයේ හිමිකරු විදියට නම් කරල තියෙන්නෙත් ලංකාවේ ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ හෙන්ස් ඇඩොල්ෆ් රොයිටර් (Heinz Adolf Reuter) කියන පුද්ගලයායි. පහල ඉන්නෙ මෑන් තමයි. මිනිහගෙ නමත් නික‍ං ඇඩොල්ෆ් හිට්ලර් වගේ මට ඇහෙන්නෙ.



කොහොම නමුත් 2016 මෑයි 21 රේගු අධ්යක්ෂගෙ නියෝගයෙන් මේ පරීක්ෂණ නවත්වලා තියෙනවා. ඒ දවස් වලම ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් එකෙන් රුපියල් මිලියන 200ක මුදලක් ආපසු ගැනීමක් වාර්තා වෙනවා කියලයි කට්ටිය කියන්නෙ. කොහොම වුණත් මේ පරීක්ෂණය ආපහු උසාවියට ඈවිත් තියෙනවා මේ ලගදී. පහත වීඩියෝවෙන් විස්තර බලාගන්න පුලුවනි.



Comments

  1. මහ උන්ට එහෙමයි
    බයික් එකට ගහන බුදු තමා සතයක් අඩු නැත්තෙ

    ReplyDelete
  2. ප්‍රස්නේ නිතිය ඉදිරියේ තියෙන හින්දා බලන් ඉමුකො මොකෝ වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි බලන් ඉමුකෝ. ඒක නෙමේ ඔයා රොබින් සේනානායකද?

      Delete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්