Posts

බඩජාරියා

Image
මේක ලොකුවට හිනා යන කථාවක් නොවුනත් මිනිස්සුන්ගෙ හැටි තේරුම් ගන්ඩ පුලුවන් කතාවක්........ ඔන්න කොල්ල එක්ක වැඩ කරන ජොකියෙක් ඉන්නව. මිනිහ කොල්ලගෙ ජාතියෙ එකෙක් නම් නෙමෙයි ඒ උනත් සමහර එකට වැඩ කරන කොල්ලගෙ ජාතියෙ උන්ට වඩා මේ යකා හොඳයි අවංක කම ගත්තොතින්, මොකද හිතේ එකක් තියාගෙන කටින් එකක් කියන ජාතියෙ සතෙක් නොවෙන නිසා. ඔන්න අතුරු කථා.... අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ගෙ කුහක කම කියන එක හොඳටම බලාගන්ඩ පුලුවන් විදිහක් තමයි පිට රටකදි එකම තැන ඉන්ඩ ගියහම. හැමෝම එහෙම නොවුනත් ගඳයව හොඳටම අඳුරගන්ඩ පුලුවන් මෙහෙම උනහම............... ඔය කොල්ල කලින් කියපු මෑන්ට කියමුකො ජෝන් කියල. ඔන්න ඉතින් ඔය ජෝන් තමයි කොල්ල එක්ක ගොඩක් වෙලාවට එලියෙ එල්ලෙන්ඩ යන්නෙ (හැන්ග් අවුට්). සෙනසුරාද හවස දිහාට ගිහින් ඉතින් පොඩි පොඩි හොඳ වැඩ ටිකක් කරල ආපහු ඉරිද හවස දිහාට එන එක තමයි සති අන්තෙ කොල්ලගෙයි ජෝන්ගෙයි කාල සටහන. මූ අපායට හරි යන්ඩ එන ජාතියෙ පුතෙක් තමයි අඬගැහුවොතින්, හැබැයි තියෙන එකම පොඩි අවුල කෑම දැක්කොත් එතනින් නැගිටින්නෙ අර තියෙන කැම ටික ඔක්කොම ඉවර වුනාට පස්සෙ තමයි. කොල්ලල ඉන්න ගෙදර කැම උයන්ඩ එන ගැණු කෙනා කොටින්ම කිව්වොත

හැඟීමක්

Image
පර තෙරක් නැහැයි කියල කියන සාගරේ වුනත්, පොඩි පොකුණක් කියල...... ඉවරයක් නැහැයි කියල කියන තරු, පොඩි ගානක් තියෙනවයි කියල....... හිතන්න තරම් මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් එක හැඟීමක් ලෝකෙ තියෙනව........ ඒකට කියන නම කොල්ල  තාම හොයනව................. මොකද හැඟීමක් දැ නගෙන නමක් නොදැන ඉන්න එක හරිම අමාරු දෙයක් නිසා........ 

ලඟම පාර කියපු හැටි

Image
මේ සිද්ධිය වෙන්නෙ මීට මාසෙකට විතර කලින් කොල්ල දැනට ඉන්න රටේදි...... මෙහෙ තියෙනව ක්‍රිකට් කණ්ඩායමක් අපේ රටේ. ඒ වගේම තවත් රටවල් ගනනාවකගෙම ක්‍රිකට් කණ්ඩායම් ගොඩකුත් තියෙනව. ඔය කට්ටිය එක්කහු වෙලා ඉතින් නිවාඩු දවස් වලට තරඟ තියෙනව. ඔය තරඟ තියෙන්නෙ පන්දු වාර විස්සක් සෙල්ලම් කරන විදිහට. සෙල්ලම් කරන්නෙත් ඉතින් ඔය හම් (ලෙදර්) පන්දුවෙන් තමයි. මේ කථාව වුණේ තරඟ නැති දවසක පුහුණුවීම් වලට යන අතරෙදි. පොරක් ඉන්නව කුමාර කියල (දන්නවනෙ ඉතින් අන්වර්ථයි කියල නම ) ඔය කුමාර කොල්ල එක්ක සිය රටේදිත් වැඩ කරපු පොරක්. එහෙ වැඩ කරල කුමාරය මෙහෙට ආවෙ කොල්ලට වඩා අවුරුදු දෙකකට විතර කලින්. ආ කියන්ඩ අමතක උනා. කොල්ලලගෙ කන්තෝරුව තියෙන්නෙ අගනුවරින් මෙට්‍රික් ඒකක 15-16ක වගේ දුරකින්. ඉතින් යන එන එකට විනාඩි 40ක් වගේ ගත වෙනවා. මේ දවසෙ පුහුනුවීම් වලට යන්ඩ කට්ටිය පාවිච්චි කරි කුලී රථයක් එවෙලෙ වාහන තිබ්බෙ නැති හින්ද කොල්ලලට පාවිච්චි කරන්ඩ. සාමාන්‍යයෙන් කුලී රතේක ගියොත් වියදම යනව රුපියල් වලින්නම් 2100ක් වගේ එක පැත්තකට. ඔන්න කට්ටිය මග යනකොට කුමාරය කෝල් කරනව. "මචෝ උඹල කොහොමේ යන්නෙ අද පුහුණුවීම් වලට" කියල අහල. ඉතින

අද

Image
කවුරුත් දන්න අද දවස තමයි අප්‍රියෙල් 01 වෙනිදා................. මෝඩයාගේ දවස කියල කියනව වගේම අපි අපි සමහර යාලුවන්ටත් සුභ උපන් දිනයක් වේවා කියල සුභපතන්නෙත් අද තමයි..... ඉතින් ඈස් රතු වෙන විහිලු නොකර පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑහෑ මොකද ගොඩක් වෙලාවට ඈස් රතු වෙන විහිලු නිසා කට්ටිය ගොඩක් අපහසුතා වලට ලක් වෙන හින්දා. එහෙනම් කොහොමින් කොහොමින් හරි අදාල අයට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව කොල්ල ඕන්.

වෑඩ ගොඩ වීම සහ කොල්ලගේ කතිර පෙට්ටිය......

Image
මේ දවස් වල කොල්ල පොඩ්ඩක් ඈනගෙන ඉන්නෙ වෑඩ ගොඩ වෙලා. ඒ මදිවට කොල්ලලගෙ ආයතනයෙ ඉන්න පිට රට ඈයො කට්ටියම අලුත් නිවහනකට ගියානෙ. අලුත් තෑන ලෝක ව්‍යාප්ත ජාලෙ තාම හරි හමනකට ගෑලපිලා නෑති හින්දා ලියන්ඩ වෙන්නෙ මෙහෙ ඔපීසියෙ ඉන්න වෙලේ තමා....... මුකුත්ම ලිව්වෙ නෑති හින්දා ඕන් කොල්ලගෙ ලඟ තියෙන කතිර පෙට්ටිය ගෑන පොඩි සඳහනක් දානව. ඒ මදිවට පහු ගිය ටිකේ තිබ්බ හෙල්ලිලා තිබ්බ ගතිය ගිහින් පේන හෑම දේම ලස්සනට පේන්ඩත් පටන් අරන් ඔන්න.  කොහොමින් කොහොමින් හරි මේ තියෙන්නෙ කොල්ලගෙ 360 කතිර පෙට්ටිය කියන යන්තරේ. මේකෙන් පුලුවන් තමුන්ට කෑමෑති ලෝකෙකට යන්ඩ කෑමති වෙලාවකට. අවශ්‍ය ද්‍රව්‍ය තමයි විදුලි බලය සහ සිතුවිලි වලට ගෑලපෙන තෑටියක්.කොල්ලගෙ ප්‍රියතම ලෝකෙ තමා මහා වාහන චෞරයාගේ ලෝකය. (Grand theft Auto)

හාසිනීගෙ ඉරොන් කඩේ....

Image
ඔය සුද්දගෙ බාසාව ගෑන කතන්දර නම් ගෝනි ගනන් මොකද සාමාන්‍ය පෙළට හෝඩියෙ හතර වෙනි අකුරක් කොල්ල උනත් ගත්තෙ වාසනාවට කියල හිතෙන තරමටම ඒ දවස් වල ඕක තිත්ත වෙලා තිබ්බෙ. වෑරදිලාවත් සුද්දෙක් දෑක්කොත් අහලක නොහිට දුවන තරමටම ඕක භීතිකාවක් වෙලා තිබ්බ සමහරුන්ට. මේ සිද්දිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙක් උනත් වෑඩිපුරම අර වම්බටු කථාවෙ හිටිය රන්දිකයගෙ ලඟින්ම හිටපු යාලුවෙකුට. යාලුවගෙ නම තමයි දුලීත. මේ දුලීතය ඒ දවස් වල හරිම ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් තමා රස්ති ශබ්ද කෝෂයේ හෑටියට "බඩු පෑරවීම" නොහොත් ගෑණු ලමයින් ගෑන උනන්දු වී ඔවුන් පසු පස ගොස් පෙම්වතිය බවට පත් කරගෑනීමේ පරම අභිලාශයෙන් කටයුතු කිරීම. ඒ දවස් වල දුලීතගෙ ඉලක්කයක් වෙල තිබ්බෙ හාසිනී කියල ටිකක් ලස්සන පහේ ගෑණු ලමයෙක්. මූ ඉතින් වෑඩ ඔක්කොම පාලු කරගෙන කාව හරි වෙන එකෙකුගෙ වෑඩකුත් පාඩු කරල දෙන්නම එක්ක ඔය ගෑණු ලමය පස්සෙ යනවලු. සති දෙක තුනකුත් පහු උනාට පස්සෙ කිසිම සද්දයක් මුගෙන් නෑති නිසා කට්ටිය ඈහුවලු ""හාසිනීට මොකෝ බන් උනේ"" කියලා. මූ කියනවලු, "" තාම නෑහෑ බන් ලොකු ප්‍රගතියක්, ඒත් ඉතින් මම පොඩ්ඩක් සිරා වගේ මෙකි ගෑන අදහ

ඇඩල්ස් කලම්බු....

Image
මේ ඇවිල්ලා මිනිස්සුන්ගෙ දැනුම නැති කම හෑල්ලුවට ලක් කරන්ඩ ලියන එකක් එහෙම නෙමෙයි හොඳේ. හුදු ආශ්වාදය තකා ලියන ලද්දක් පමණයි..... ඒ දවස් වල පාසැල් කාලෙ කොල්ලල එක්ක හිටිය පොරක්, මිනිහගෙ නම රුවන්, ආදරේට දාපු නම්නෙ ඒ දවස් වල වැඩි පුරම පාවිච්චි උනේ. ඉතින් රුවන්ට කට්ටිය ලේසියට කිව්වෙ මුක්කුවා කියල. සිංහල බ්ලොග් කියවන්නෙ කොමෙන්‍ටු දාන්නෙ ඉතින් ඉංග්‍රීසි පාවිච්චි කරල නිසා මුක්කුවා කියන දේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියල හිතනව (හික්ස්z) ඔය මුක්කුවා ඇතුලු කොලු රෑනටම ඒ දවස් වල ඔය සුද්දගෙ බාසාව ටිකක් දුරයි. මේ මුක්කුවට නම් සෑහෙන්ඩම දුරයි දැන් හොඳ උනාට. දවසක් මේ මුක්කුවා උදේ ඉස්කෝලෙට ආපු ගමන් කට්ටියට දෙනව මෙන්න මෙහෙම වදන් ටිකක්.  මුක්කුවා - මචංලා මම අද උදේ ආවෙ ඇඩල්ස් කලම්බු බස් එකකනෙ. මරු බන් වෙනද වගේ නෙමෙයි හිර නොවී විගහටත් ආවනෙ. ඕනෙනම් තැන් දෙක තුනක නවත්තන්ඩ ඇති. එතකොට එතන හිටිය සංඛ කියල එකෙක්. ඌ අහනව "මොකක්ද බන් ඒ හරුපෙ තේරුම? කියන එකක් තේරෙන්ඩ කියපංකො" මුක්කුවා - ඇයි බන්, උඹලා ඇවිල්ලම නැද්ද ඇඩල්ස් කලම්බු බස් වල?? :-o ඌ පුදුමෙන් වගේ අහනවා. කට්ටියට සැහෙන්ඩ අ

රෑට කමු අපි වම්බටු වම්බටු.......

Image
මේක උනේ කොල්ලගෙ එළම ගජයෙක්ට තමයි.... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එළටම පිස්සු කෙලල කෙලල කොල්ලල එක්කම මේ ලඟක් වෙනකනුත් එහෙමම කරල දෑන් ඔන්න ඔය කෑන්ගරුවන්ගෙ දේසෙද මොකේද ඉගෙන ගන්ඩ කියල ගියපු එළ කොල්ලෙක් තමයි. යාළුවගෙ නම කියමුකො රන්දික කියලා... ඔය මගෙ කලින් වෑඩ පෙන්නපු පෝස්ට් එකේ කිව්ව වගේ ඉතින් පිටරට රස්සාවල් වල ලොකු පොඩි භේදයක් නෑහෑනෙ. ඉතින් මේ රන්දිකයත් කරන්නෙ සාමාන්‍ය පොඩි පහේ රස්සාවක් තමයි. ඔය ලොකු ලොකු නම් තියෙන රස්සාවල් කරන අපේ අයියලට පාගන බයිසිකලයක්වත් නෑති උනාට ඒ රටවල් වල නම් කා ලඟත් තමුන්ගෙම රෝද හතරක් තියෙනවා. අන්න සමාජ ක්‍රම... ගන්න පඩිය ඉතුරු නෑතත් මාසෙ ගෙවන්නෙ හරිම ලස්සනට.  ඔන්න කොල්ල ලයින් එකෙන් අවුට් යනව නේද??........ කියන්ඩ ආවෙ කථාවක් ඒත් දෑන් කියන්නෙ වෙන මගුලක්නෙ.. අයියෝ අයියෝ. ඔන්න දවසක් මේ රන්දික වෑඩ ඉවර වෙලා පයින් යනවලු. මේ දවස් වල මිනිහට කාර් පදින්ඩ බෑහෑලු මොකද මධ්‍යසාර භාවිතයෙන් පසු කාර් පෑදල මුළාදෑණි උන්නෑහෙල බලපත්තරේ විසන්ධි කරල පුන්චි කාලෙකට. ඔහොම යනකොට තියෙනවලු ගඟක්. ඔය ගඟේ ඉවුර දිගේ ඉතින් සිරි නරඹන ඈයො එහෙමත් ඉන්න එකේ ඔය වීදි අභිවාහක (Street Performers) උන්