Posts

~නයි දෙන්නාගේ කතා වස්තුව~

Image
ඔන්න නයි දෙන්නෙක් ගමනක් යනවලු. ඔය කියන විදිහට දරුණුම විස තියෙන කිං කෝබ්‍රා කියන ජාතියෙ නයි දෙන්නෙක්ලු මේ බඩගාගෙන යන්නෙ……. මේ අතරෙ එක නයෙක් අනික් නයාහගෙන් මෙහෙම අහනවලු 1 නයා - මචං.. ඇත්තද බං මේ මිනිස්සු කියනව කියන්නෙ ලෝකෙම වැඩිම විස තියෙන්නෙ අපේ කියලා..?? 2 නයා - (ආඩම්බරෙන් පෙනේ පුප්පමින්) ඔව් ඔව් ඇයි උඹ දන්නෙ නැද්ද?? 1 නයා - ආ ඇත්තද… (පෙනය බිමට හරවා ගනිමින් බඩ ගායි) ඔන්න ඔහොම දෙන්න යනවලු තව විනාඩි දෙක තුනක්… ගිහින් ඉවර වෙලා………….. 1 නයා - මචං උඹට හොඳටම ෂුවර්ද අපේ විස තමයි ලෝකෙම දරුණුම විස කියලා???? 2 නයා - ඇයි උඹට ෂුවර් නැද්ද? මම දෂ්ට කරපු මිනිහෙක් පැය බාගෙන් මලා දවසක්… 1 නයා - ආ….. ඒකත් එහෙමද???? (සෑහෙන දුකකින් බඩ ගාගෙන යයි) ආපහු දෙන්න යනවලු තව විනාඩි පහක් විතර…. ආපහු අර 1 නයා අනිත් එකාගෙන් මෙහෙම අහනවලු…….. 1 නයා - අපි දෂ්ට කරපු මිනිහෙක් බේරිලාම නැද්ද බං?? අපි එච්චරටම විසයිද??? 2 නයා - මොන මගුලක්ද බං උඹට වෙලා තියෙන්නෙ??? මොකද මේ විස ගැන මෙච්චර හාර අවුස්සන්නෙ? උඹට ෂුවර් නැත්තම් ඔය යන එක සතෙක්ට දෂ්ට කරල බලහං මොකද වෙන්නෙ කියල. මේක මහ වදයක් උනානෙ… (පොඩ්ඩ

නිකම් ඉන්න බැරුවට කරපු වැඩ

Image
කොත්තුවක් හදාපු පරණ වීඩියෝවක්. බලන්නත් එක්ක දැම්මා. හොඳද බලන්නකෝ සද්දෙත් එක්ක තමයි බලන්න ඕනෙ

ඕං අපිත් කරා නාට්ටියක්

Image
ඉස්සෙල්ල මේක අහල ඉන්නකො පලවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කරපු දේවල් ගැන ලොකුවට කියවන එක ප්‍රධාන දෙයක් වෙච්ච ලංකාවෙ ආඩම්බරකාර වැසියෙක් විදිහට කොල්ලත් ඔන්න අද හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න. මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපේ සිහින එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා. ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා. මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ මේ කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ. අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට කොල්ලගෙ විශේෂ ස්තූති

කවිද??? කතාද??? මමවත් නොදනිමි......

Image
මහමෙරක් පැතුම් පොදි බැඳ.. ලස්සන මල් මාවතක ඇවිද යන්නට ඇඟිලි ගැන්නද පෙරුම් පුරමින්.. ඉටු නොවුනු තැන මගේ පැතුමන් අරමුණක් නැතිව.. ඔහේ ඇවිදන් යන විට ජීවිතය මෙය යැයි.. පසක් කර දුන් පහන ඔබ විය පෙම්බර නෑ සියන්.. සියක් වූ මිතුරන් ලඟින් නැති පාළුව... මැකූ දහසක් දෙනා ඔබ විය මව්බිම රැඳෙන්නට.. කෑගසා කීවත් උඩු සිත මම කෙසේ රැඳෙමිද.. අරක් ගෙන ඔබ මගේ යටි සිත I dreamt hopelessly to walk on a path filled with roses... You were the candle lit my way when I sheered off course... You killed loneliness I was suffering away from my beloved... Even I wish staying in motherland why my instincts say otherwise....

හිතන්න පොඩි දෙයක්

Image
ආපහු බ්ලොග් එකට පොඩ්ඩක් කර පෙව්වා. සෑහෙන දවසකින් හිතල ලිව්වෙ නෑ ඒක නිසා ලියන්ඩ යනකොට අත කියන්නෙම ලියන්ඩ එපා කියලමයි. ඒත් මට අර කතන්දර කියන්නැහැ රයිටර්ස් බ්ලොක් එක හැදිල නෑ කියල මටම හිතෙන නිසාත් අද මොනව හරි ලියනවමයි කියල උදේ නැගිටිනකොටම හිතපු නිසාත් ලියන එක ලියනවාමයි........ අද ලියන්ඩ හිතුනා අපි සමහර වෙලාවට දකින ඒ දේ නිසාම සමහරු සෑහෙන අපහසුතාවයට පත් වෙන එක පොඩි දෙයක් ගැන. ඔය දේ මුලින්ම පටන් ගන්නෙ ඉස්කෝලෙන්. ඕගොල්ලො ගොඩ දෙනෙක් මේක දැකල තියෙන්නත් පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පාසල් කාලෙ ඉන්නව එක එක ආකාරයේ කල්ලි. මැර කල්ලිය (ඉගෙන ගන්න එච්චරම ආස නැති ජල්තර වැඩ වලට නම් දරාපු කල්ලිය - මාත් හිටියෙ මේකෙ) බ්‍රයිට් කල්ලිය (ඉගෙන ගන්න කල්ලිය) මෙලෝ රහක් නැති කල්ලිය (ඉගෙනීමට සම්බන්ධ නැති දෙයකට හරිම උනන්දුවෙන් සෙට් වෙලා ඒකෙම එල්ලීගෙන ඉන්න කල්ලියක්) මෝරුන්ගෙ කල්ලි ( සල්ලි තියෙන තාත්තලගෙ පුත්තු වටේ එකතු වෙලා ඒ පුතාලගෙන් යැපෙන කල්ලි - එකකට වැඩි ගානක් තියෙන්ඩ හැකියි) ඉතිං ඔය වගේ කල්ලි ඉස්කෝලෙන් පස්සෙත් පවතින වෙලාවල් තියෙනවා ඒත් හැමෝම නම් නෙමෙයි. අර මුලින්ම කියපු සෙට් එක නම් ගොඩක් වෙලාවට එකට ඉන

කට්ටියගේ හොඳ වැඩකට මට දෙන්න පුළුවන් පොඩි තල්ලුවක්

උපුටා ගැනීම නචියාගේ බස් එකකින්. කැමති කට්ටියගේ සහයෝගයනම් මසුරන් වටී සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා. දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින ස්ථානය - මහරගම පිළිකා රෝහල මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි. CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103. දු.ක. 0112 850252 - Ext 455 බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු... “ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“ අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන

පිස්සුද තාත්තෙ?? ඔය ඉරිසියාකාරයන්ගෙ කතා...

Image
ඕං ටික දවසකින් පස්සෙ ආපහු ආව බ්ලොග් අවකාශෙ පැත්තෙ.. පහු ගිය ටිකේ ජුංඩක් කාර්ය බහුල වුණ නිසා ඔය යන එන ගමන් අතට අහු වෙන බ්ලොග් එකක් බලාගෙන පොඩි කමෙන්ට් එකක් දාගෙන හිටියට බලන්ඩ තියෙන පෝස්ට් ගාන දැන් 300+ වෙලා තියෙන්නෙ. එව්ව බලල ඉවරයක් කරන්ඩත් ඕනෙ. ඔය හැම දේටම තියෙනවනෙ වාරයක් කියල එකක්., ඔය අඹ වලට, කොස් වලට (අර සඳරු කිව්ව වගේ) ආදී නානාප්‍රකාර දේවල් වලට, ඒ වගේ මේ දවස් වල කොල්ලගෙ බ්ලොගේ තියෙන්නෙ පැරණි රස කතා වාරෙ. පැරණි රස කතා කියන්නෙ ඉතිං මඩ තමයි. ලඟදි මුක්කුවට ආරංචි වෙලා කොල්ල මුක්කුවගෙ කතා බ්ලොගේ දානව කියල, මුක්කුව කොල්ලට කතා කරල සෑහෙන්ඩ ස්තූති කරා. ඒව තව යාලුවො දෙන්නෙකුත් අහගෙන ඉඳල උන්ටත් හරිම සන්‍තෝසයක් ඇති උණා මුක්කුව කොල්ලට ස්තූති කරපු හැටි අහල  මේ කතාව ඇවිත් රන්දිකය ගැන කතාවක්, අර කොම්පියුටර් පංති දාන්ඩ කාමර කුලියට දුන්නෙ. රන්දිකයල කොල්ලල සහ තවත් පොඩිම් යාලුවො කොටසක් ඔය උසස් පෙළ කාලෙට පස්සෙත් අඩුම ගානෙ සතියකට දෙකකට වරක්වත් මධ්‍යසාර ටිකක් තොල ගාන්ඩ හරි එක්කහු වෙනවා. ඔය කට්ටිය අතරෙ කොල්ල අනිවාම ඉන්නව මොකද කොල්ලට තියෙනව ෆෝබියා එකක්   (ෆෝබියා ගැන දැනගන්ඩ ඕනෙනම් මෙතනින් බලන්ඩ) ලං

කොම්පියුටර් පන්තිය

Image
මේ දවස් වල අලුත් තැන වැඩ ටිකක් විතර අඩුයි නිසා වගේම පරණ යාලුවො එක්ක කයියට වැටිල්ලත් වැඩි වෙලා තියෙන හින්දම පරණ රස කතා ගෝනි ගනන් තමා මතක් වෙන්නෙ කතා කරගෙන යනකොට. ඉතිං ඔන්න අදත් දෙන්නම්කො ඒ දවස් වල වෙච්ච ලස්සන කතාවක්. හිතන්ඩ එපා මේ කොල්ලගෙ යාලුවො ගැන කතා විතරක් යන නිසා කොල්ලට ඔය වගේ රස සිද්ධි උණේ නැහැ කියල. වෙලා තියෙනව ඇති වෙන්ඩ ඒත් ඉතිං මගේ කතා මම ලියාගෙන ඉල්ලං කන්ඩ ඕනෙ නැති හින්දා කොල්ලගෙ යාලුවෙක් වෙච්ච කලු මල්ලි ට වැඩේ පැවරුවා. මිනිහ හෙට අනිද්ද දිහාට ඒ වැඩේ පටන් ගනී ආපහු. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ කොල්ලලගෙ හොඳ යාලුවෙක්. පොරට අපි කියමුකො බුවා කියලා. බුවාගෙ කතාවෙ ලොකේෂන් එක ගැන කතා කරොත් අර රෑට කමු අපි වම්බ‍ටු කතාවෙ හිටිය රන්දික යගෙ ගෙදර තමයි සිද්ධිය උණේ. ඒ දවස් වල ඉගෙනීම ඉවර වෙලා කට්ටිය රස්සාවල් වලට අඩිය තිබ්බ කාලෙ. ඉතිං රස්සාවට යනව කියන්නෙ එපා වෙන දෙයක් වෙලා තිබ්බ දවසුත් තිබ්බ. ගාන කැපෙනවට කැමති නැති නිසා අමාරුවෙන් හරි හැමදාම යනව ඉතිං. රන්දිකයත් ඒ දවස් වල වැඩට යනව නාවල පැත්තෙ තැනක. ආ කියන්ඩ අමතක උණානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ යන කාලෙ අපි කාගෙ කාගෙත් තිප්පලක් වෙලා තිබ්බ ගෙදරක් ත