Posts

යථාර්තය

Image
මිනිහෙක් වැරදියට මුදල් පාවිච්චිය සමානයිලු වඳුරෙක් ගහෙන් ගහට පනිද්දි දිරච්ච අත්තක් අල්ල ගන්න එකට වචනම 20කට වැඩි නැතත් එතන තියෙන කතාව දිග පෝස්ට් එකක් වෙයි කියල හිතලා දැම්මා

ඔලුවෙ කැක්කුම

Image
මේ මට යාලුවෙක් ලඟදි එව්ව කතාවක් දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර  බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම

ගැටළුවක්...........

Image
අරමුණකට යෑම නොව සමාවට කරුණක්......... අනිවාර්යයෙන්ම විය හැකි වරදක් ගැන අනුමානයක්......... එවන් වරදක් වූ කල, පෙර අනුමානය හුවා දැක්වීමක්.......... උපහාසයෙන් හිත් බිඳවීම්.................... මේ සියල්ල සංස්ථාපිත ලෝකයෙන් ජීවිතයට ආ දේවල්ද??? ජීවිතයෙන් එහි ගිය ඒවාද???? මේ ගැන සිතමින් මම තාම ව්‍යාකූල මනසකින් ප.ලි - සංස්ථාපිත ලෝකය = (Corporate World) 

වෙලඳ කොන්දේසි හෙවත් Trade Terms

අද කාලෙ ගොඩක් ව්‍යාපාර කටයුතු කෙරෙන්නෙ අපේ රට ඇතුලෙ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව පැතිරුණු සැපයුම් කරුවො, ගැණුම් කරුවො  ඉන්න ව්‍යාපාරික ලෝකෙක මේ වෙලඳ කොන්දේසි කියන්නෙ මොනවද කියල පොඩි විස්තරයක් සටහන් කරන්නයි මම හදන්නෙ. අපේ සමහර සහෝදර සහෝදරියො ඔය වෙලඳ කොන්දේසි වලට කෙටියෙන් කියන නම් ඇහුවහම කිසිම දෙයක් නොදන්න නිසාත් කොයි දේ වුණත් දැනගෙන හිටියාම පසු කලෙක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසාත් ඔන්න පොඩි සටහනක්. මෙතන විස්තර වෙන්නෙ ගොඩක්ම ජනප්‍රිය ක්‍රම පමණක් නිසා සමහර විට මගෙ අතින් පොඩි පොඩි දේවල් මග ඇරෙන්න පුළුවන්. එහෙම ඔයාල දැක්කොත් කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. 1) භාණ්ඩයේ මිල පමණයි කොන්දේසිය (Ex Works) භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක තමයි මේක්‍රමය වෙන්නෙ. එතකොට කිසියම් පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් හෝ අපේම රටේ ඉන්න ගැණුම් කරුවෙක්ට සිදු වෙනවා අපේ ආයතනයේ ගබඩවෙන් (හෝ නම් කරන ලද ස්ථානයකින්) භාණ්ඩ ටික අරන් යන්න. හදිසියේවත් ඒ භාන්ඩ මිළදී ගන්නෙ පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් නම් ඔවුන්ට සිද්ධ වෙනවා නිශ්පාදනය කරපු රට ඇතුලේ සිදු වෙ

අපෙන් වෙන් වුණු විශිෂ්ටයා නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං

Image
2012 අගෝස්තු 25 වෙනිදා ලෝකෙන් යන්නම ගිය, 1969 ජූලී 20 වෙනිද ලෝකෙටම අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නු අපි කවුරුත් දන්න නීල් ආම්ස්ට්‍රෝං  ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුණා.  1930 අගෝස්තු 05 වෙනිදා ඇමරිකාවේ ඔහියෝ වල ජීවත් වුණු විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන් කෝනිග් ආම්ස්ට්‍රෝං සහ වයලා ලුයිස් යුවලට පුතෙක් ලැබෙනවා.නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං විදිහට නම් තැබෙන ඒ පුතාට පසුව තවත් දරු දෙදෙනෙක්ගෙ සුරතල් බලන්නත් මේ යුවල වාසනාවන්ත වෙනවා. රජයේ විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන්ගෙ රාජකාරි ජීවිතය නිසා නීල්ට වයස අවුරුදු 15ක් වෙනකොට ඔවුන් ජීවත් වුණේ තමුන් ඒ වෙනකම් එක දිගට වෙනස් කරපු 20 වෙනි නගරයෙ. හැමදාම නගරයෙන් නගරයට යන එක නීල්ට එක අතකින් කරදරයක් වුණත් මුලු ලෝකෙටම බලපාන එක දවසක් උදා වෙන කොට ඒකෙ කොටස් කාරයෙක් වෙන්න නීල්ට පුළුවන් උනේ ගුවන් යානා වලට ඇති උණු ඇල්ම නිසා කිව්වොත් හරි. වයස අවුරුදු 2 වෙනකොට ඔහුගෙ පියා නීල්ව ගුවන් යානා තරඟ බලන්න එක්ක යනවා. ඉන් පස්සෙ තමුන්ගෙ පළමුවෙනි ගුවන් ගමනට නීල් සහභාගි වෙන්නෙ ඔහුට වයස අවුරුදු 6ක් වෙද්දි. කොහොමින් හරි තමුන්ට අවුරුදු 15ක් වෙද්දි නීල් ගුවන් යානා පැදවීමේ සහ

පරණ එකට ආපහු

Image
අද උදේ අපේ යාලුවෙක් එක්ක දාපු චැට් එකක ප්‍රතිඵලයක් විදිහට ඔන්න මට පුලුවං උනා ආපහු පරණ බ්ලොගිය ඇරගන්න. මට ඒකට උදව් කරපු යාලුවා තමයි අපේ  ගෙහාන් චන්දික   නොහොත්  කෝච්චියා.  බොහොම ස්තූතියි මචං උදව්වට. පරණ එක පැත්තෙ එන්න ඇවිත් යන්න

හොඳ කළමනාකරුවෙකුගේ ලක්ෂණ…

Image
වල් පල් නොලියා වැඩක් ඇති දෙයක් ලියන්න හිතුවා. මගෙ නිර්මාණයක් නෙමෙයි මේක. ඔය කාටත් යන්න පුළුවන් අන්තර්ජාලෙ කතෘ කෙනෙක් නැතිව තියෙන ලියුම් වලිං එක්කහු කරගත්තු දේවල්. සිංහලෙන් කියවන කාට හරි ප්‍රයෝජනවත් වෙන්න මං සිංහලෙන්ම ලිව්වා. මගෙ අත්දැකීමුත් 30%ක් විතර ඇති මෙතන. ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නෙ පාරිභෝගිකයින් තමුන්ගේ ව්‍යාපාරයට ඇති ඇල්ම එකම මට්ටමක රඳවාගැනීම හෝ තව්ත් වැඩි දියුණු කර ගැනීම. එක අතකින් බැලුවොත් පාරිභෝගිකයින්ගෙ හදවත් වලට කතා කිරීම. ව්‍යාපාරයක රඳා පැවැත්මෙ තව කණුවක් වෙන්නෙ ව්‍යාපාරයෙ එදිනෙදා කටයුතු වලට කෙලින්ම සම්බන්ධ වෙන සේවකයින්. සේවකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළමනාකරන සේවකයින් (Team Leaders ,Supervisors ,Managers)  සහ කළමණාකරන නොවන සේවකයින් විදිහට. කළමණාකරන සේවකයන් තමයි වක්‍රව කිසියම් ව‍යාපාරයක නැග්ම හෝ බැස්ම තීරණය කරන සාධකය. හොඳ කළමණාකරුවෙක් අපිට සමාන කරන්න පුළුවන් හොඳ මෝටර් රථ ක්‍රීඩකයෙකුට. මෝටර් රථයෙ තියෙන අශ්ව බල ප්‍රමාණය, ගියර් අනුපාත, තිරිංග පද්ධතිය වගේ දේවල් ගැන කාලයත් එක්ක අත්දැකීම් ලබාගෙන, තමන් වාහනය පදවන පාරෙ තත්වය එක්ක ඒ හැම දේම හරි විදිහට

ආයුබෝවන්

Image
ආයුබෝවන් ආපහු බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනා. අළුත් ජොබකට සෙට් වෙලා ඉන්න ගමං මුල් දවස් ටිකේ හැමදාම වෙන විදිහට වෙලාවෙ පොඩි ඉතුරුවක් ආවා. නිකං කාලෙ නොකා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කරන්න හිතුන නිසා ඔන්න ආපහු ලියන්න ගත්තා. මීට අලුත් කොල්ලා