Posts

මෝ ප්ලෙසර්.........

Image
අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ......... මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක්. මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො. මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න. "හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක් කරන්නෙයි, මේ පාර යනෝ පිට" කියල හිතල තමයිලු ඉතිං ගියේ. අවුරුදු කාලෙ නිසා තනියෙංමලු මිනිහ ගියේ (අනික් මිනිස්සු ඉතිං ගම් බිම් වල යනවයි ෂොපිං කරනවයිනේ ඔය කාලෙ). ඔහොම ඉතිං ඇවිදින අතරෙ මෙයා ඒ රටේ මිනිස්සු එක්ක පොටෝ ගහනවයි එක එක අලුත් කෑම ජාති රස විදලා ඒවයේ හොද නරක බලන එකයි වගේ දේවල් තමයි කරේ. නමුත් ඉතිං මෙයත් මනුස්සයෙක් නෙව, ඔන්න ඉතිං පොඩි ආසාවක් ආවා මේ රටේ ඉන්න ගෑණු ළමිස්සියො ගැනත් පොඩි සමීක්ෂණයක් වගේ එකක් කරන්න. ඒ වගේ වැඩකට කියාපු දේ තමයි ඉතිං ඊටම අදාල තැනකට යන එක කියලා මිනිහා ගියා සම්බාහන මධ්‍යස්ථානයකට (අපි අර ඇඟ තලන එහෙමත් නැත්තං මසාජ් ක්ලිනික්, ඔව්වොව් ඒක තමා) ගිහින් ඉතිං සල්ලි එහෙම ගෙවලා තෝරගත්තා තමුන්ගෙ මනාපෙට හරි යන ගෑණු ළමයෙකුත්. අපි සුද්දො යටතෙ ඉදලා ඉංග්‍රීසියෙ කප් ගහ

ඇටය සහ අවංක කම

Image
හම්මේ කාලයක් ගොහිං.........................  බ්ලොගේ මකුළු දැල් බැදිලා අත් ඇරලා දාලා තිබ්බෙ. නිවාඩුව පටන් ගන්නෙ හෙට නිසා අදත් ඔෆිස් එන්න උනා. ඉන්න ගමන් බ්ලොග් එකක ලිපියක් කියෙව්වා. ඒක කියෝපු ගමන් ආපහු ලිව්වොත් මොකෝ කියලා විදුලියක් කොටනවා වගේ ඔළුවට ආවා. ලියන්න දෙයක් හිතුනෙ නැති නිසා ජාලෙන් හොයාගෙන හරි ලියන්න හිතුවා. ඕං කථාව... කලිං කථාව දන්නා කට්ටිය ඉන්නවනං තරහ අවසර,... එක ආයතනයක හිමි කාරයා වයස වැඩි වෙන කොට තීරණය කරා තමන්ට දැන් මේ තරම් වෙහෙස වෙලා වැඩ කරන්න හැකියාව තව ටික දවසකින්ම ඉවර වෙන නිසා ආයතනයේ කළමණාකාරිත්වය සුදුසු කෙනෙකුට භාර දෙන්නට ඕනෑ කියලා. නමුත් අවාසනාවට ඒ මනුස්සයාට උරුමක්කාරයෙක් හිටියේ නැහැ. ඊලඟ ඉතාම සුදුසු තීරණය වුණේ ආයතනයේ දැනට වැඩ කරන තරුණ විධායක නිලධාරින්ගෙන් සුදුසුම කෙනා තෝරලා ඒ තනතුරේ වගකීම භාර දෙන එකයි. ඉතින් සියලුම විධායකයන්ව රෑස්වීම් කාමරයට රැස් කරපු මේ ආයතනයේ අයිති කාරයා මෙන්න මෙහෙම කිව්වා. "මම ඔය සෑම දෙනෙක්ටම ඇටයක් (ශාක බීජයක්) ගණනේ දෙනවා. ඔය කවුරුත් ඒ ඇටය ගෙදර ගෙනිහින් පෝච්චියක දාලා තමන්ගෙ ලොකුම රාජකාරියක් විදියට සලකලා සාත්තු කරන

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

Image
නිකමට වගේ බ්ලොගේ පැත්තෙ ගියා. ගිහිං බලද්දි දැක්කෙ මේක අටවං අවුරුදු දෙකකුත් ගිහිං දන්නෙම නැතුව. උපන් දිනේ තිබිල තියෙන්නෙ පහු ගිය 7 වෙනිදා වයස ගියාට ලිපි නං එච්චර නෑ. මේ අවුරුදු දෙකේ මගේ බ්ලොග ෆලෝ කරපු, කමෙන්ට් කරපු සහ මේ නිසා අඳුන ගන්න ලැබුණු සියලු දෙනාට මගේ ප්‍රණාමය බැති සිතින් පල කර සිටිමි.

බහලුම් පෙට්ටි

Image
ඕං 2013 පළවෙනිම පෝස්ට් එක. හැම දේම පිට රටිං එන මේ කාලෙ, නිකමට හිතුනා ඔය බඩු එන වගේම අපේ රටෙං අපනයනය කරන බඩු යවන්නත් යොදාගන්න බහලුම් හෙවත් කන්ටේනර් පෙට්ටි වල දිග පළල වගේම තව විස්තර ටිකකුත් ඔයගොල්ලො එක්ක බෙදාගන්න.  ගොඩක් අයට ප්‍රයෝජනවත් නැති උනත් සමහරුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. පැහැදිලි මදි නම් රූපෙ උඩ ක්ලික් කරන්න ලොකුවට බලන්න. මොනවා හරි අඩු පාඩුවක් තියේ නං පෙන්නන්න.

යථාර්තය

Image
මිනිහෙක් වැරදියට මුදල් පාවිච්චිය සමානයිලු වඳුරෙක් ගහෙන් ගහට පනිද්දි දිරච්ච අත්තක් අල්ල ගන්න එකට වචනම 20කට වැඩි නැතත් එතන තියෙන කතාව දිග පෝස්ට් එකක් වෙයි කියල හිතලා දැම්මා

ඔලුවෙ කැක්කුම

Image
මේ මට යාලුවෙක් ලඟදි එව්ව කතාවක් දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර  බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම

ගැටළුවක්...........

Image
අරමුණකට යෑම නොව සමාවට කරුණක්......... අනිවාර්යයෙන්ම විය හැකි වරදක් ගැන අනුමානයක්......... එවන් වරදක් වූ කල, පෙර අනුමානය හුවා දැක්වීමක්.......... උපහාසයෙන් හිත් බිඳවීම්.................... මේ සියල්ල සංස්ථාපිත ලෝකයෙන් ජීවිතයට ආ දේවල්ද??? ජීවිතයෙන් එහි ගිය ඒවාද???? මේ ගැන සිතමින් මම තාම ව්‍යාකූල මනසකින් ප.ලි - සංස්ථාපිත ලෝකය = (Corporate World)