BMW මගඩිය
කොහොමද? කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා. වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු මොකක්ද මේ BMW මගඩිය? අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද? ඇත්තම කතාව මේකයි. ලංකාවෙ BMW නියෝජිතයා තමයි ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ. රාජ්ය සේවකයන්ට 2011 ඉඳන් 2014 වෙනකම් දුන්න තීරු බදු බලපත්‍ර වලට ආනයනය කරපු අලුත්ම වාහන 1728ක් අඩු වටිනාකම් පෙන්නලා බදු වංචා කරපු එක සහ ඒ වාහන ඇත්තටම ආනයනය කරේ ඒ බලපත්‍ර හිමියො නොවෙනවයි කියන කාරණා දෙකම මුල් කරගෙන පරීක්ෂණයක් පටන් ගත්තා 2016 අවුරුද්දේ මෑයි මාසේ. ඒ පරීක්ෂණය පටන් ගත්තේ ශ්‍රී ලංකා රේගු මධ්යම පරීක්ෂණ කාර්යාංශය. දල වශයෙන් රජයට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16ක් විතර කියලයි විශ්වාස කරන්නෙ. පහත පින්තූරෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා (මේක හොයාගත්තෙ ඉතිං අන්තර්ජාලෙන් තමයි) මේ වංචාව කරන්න ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම කරල තියෙන්නෙ, අර අපේ සමහරු කෑම බිල 400ක් උනාම ඔන් ඈපෘවල් බිලක් 800කට දානව වගේ කොම්පෑණියට (මාත් එක පාරක් කරල තියෙනවා 2005-