Posts

Showing posts from August, 2011

කට්ටියගේ හොඳ වැඩකට මට දෙන්න පුළුවන් පොඩි තල්ලුවක්

උපුටා ගැනීම නචියාගේ බස් එකකින්. කැමති කට්ටියගේ සහයෝගයනම් මසුරන් වටී සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා. දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින ස්ථානය - මහරගම පිළිකා රෝහල මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි. CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103. දු.ක. 0112 850252 - Ext 455 බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු... “ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“ අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන