Posts

Showing posts from January, 2012

~නයි දෙන්නාගේ කතා වස්තුව~

Image
ඔන්න නයි දෙන්නෙක් ගමනක් යනවලු. ඔය කියන විදිහට දරුණුම විස තියෙන කිං කෝබ්‍රා කියන ජාතියෙ නයි දෙන්නෙක්ලු මේ බඩගාගෙන යන්නෙ……. මේ අතරෙ එක නයෙක් අනික් නයාහගෙන් මෙහෙම අහනවලු 1 නයා - මචං.. ඇත්තද බං මේ මිනිස්සු කියනව කියන්නෙ ලෝකෙම වැඩිම විස තියෙන්නෙ අපේ කියලා..?? 2 නයා - (ආඩම්බරෙන් පෙනේ පුප්පමින්) ඔව් ඔව් ඇයි උඹ දන්නෙ නැද්ද?? 1 නයා - ආ ඇත්තද… (පෙනය බිමට හරවා ගනිමින් බඩ ගායි) ඔන්න ඔහොම දෙන්න යනවලු තව විනාඩි දෙක තුනක්… ගිහින් ඉවර වෙලා………….. 1 නයා - මචං උඹට හොඳටම ෂුවර්ද අපේ විස තමයි ලෝකෙම දරුණුම විස කියලා???? 2 නයා - ඇයි උඹට ෂුවර් නැද්ද? මම දෂ්ට කරපු මිනිහෙක් පැය බාගෙන් මලා දවසක්… 1 නයා - ආ….. ඒකත් එහෙමද???? (සෑහෙන දුකකින් බඩ ගාගෙන යයි) ආපහු දෙන්න යනවලු තව විනාඩි පහක් විතර…. ආපහු අර 1 නයා අනිත් එකාගෙන් මෙහෙම අහනවලු…….. 1 නයා - අපි දෂ්ට කරපු මිනිහෙක් බේරිලාම නැද්ද බං?? අපි එච්චරටම විසයිද??? 2 නයා - මොන මගුලක්ද බං උඹට වෙලා තියෙන්නෙ??? මොකද මේ විස ගැන මෙච්චර හාර අවුස්සන්නෙ? උඹට ෂුවර් නැත්තම් ඔය යන එක සතෙක්ට දෂ්ට කරල බලහං මොකද වෙන්නෙ කියල. මේක මහ වදයක් උනානෙ… (පොඩ්ඩ