~නයි දෙන්නාගේ කතා වස්තුව~
ඔන්න නයි දෙන්නෙක් ගමනක් යනවලු. ඔය කියන විදිහට දරුණුම විස තියෙන කිං කෝබ්‍රා කියන ජාතියෙ නයි දෙන්නෙක්ලු මේ බඩගාගෙන යන්නෙ…….
මේ අතරෙ එක නයෙක් අනික් නයාහගෙන් මෙහෙම අහනවලු
1 නයා - මචං.. ඇත්තද බං මේ මිනිස්සු කියනව කියන්නෙ ලෝකෙම වැඩිම විස තියෙන්නෙ අපේ කියලා..??
2 නයා - (ආඩම්බරෙන් පෙනේ පුප්පමින්) ඔව් ඔව් ඇයි උඹ දන්නෙ නැද්ද??
1 නයා - ආ ඇත්තද… (පෙනය බිමට හරවා ගනිමින් බඩ ගායි)
ඔන්න ඔහොම දෙන්න යනවලු තව විනාඩි දෙක තුනක්… ගිහින් ඉවර වෙලා…………..
1 නයා - මචං උඹට හොඳටම ෂුවර්ද අපේ විස තමයි ලෝකෙම දරුණුම විස කියලා????
2 නයා - ඇයි උඹට ෂුවර් නැද්ද? මම දෂ්ට කරපු මිනිහෙක් පැය බාගෙන් මලා දවසක්…
1 නයා - ආ….. ඒකත් එහෙමද???? (සෑහෙන දුකකින් බඩ ගාගෙන යයි)
ආපහු දෙන්න යනවලු තව විනාඩි පහක් විතර…. ආපහු අර 1 නයා අනිත් එකාගෙන් මෙහෙම අහනවලු……..
1 නයා - අපි දෂ්ට කරපු මිනිහෙක් බේරිලාම නැද්ද බං?? අපි එච්චරටම විසයිද???
2 නයා - මොන මගුලක්ද බං උඹට වෙලා තියෙන්නෙ??? මොකද මේ විස ගැන මෙච්චර හාර අවුස්සන්නෙ? උඹට ෂුවර් නැත්තම් ඔය යන එක සතෙක්ට දෂ්ට කරල බලහං මොකද වෙන්නෙ කියල. මේක මහ වදයක් උනානෙ… (පොඩ්ඩක් විතර තරහින්)
1 නයා - (අඩමින්) උඹ මේ මගුලක් කතා කරනවා. මට අද උදේ බැරි වෙලා නැට්ට හැපුනා බං…………..
ලෝකේ වැඩියෙන්ම විස සතා මනුස්සයානේ..
ReplyDeleteඔව් ඔව් සරත්. ඒත් මේක විහිලු කතාවක් නිසා නයි කියලා ලිව්වා..
ReplyDeleteMe kathawa mama ahala thiyenne netta neve thola hapuna kiyala
ReplyDeleteඋඹ කවද ඉඳලද නයි පටවන්න පටං ගත්තෙ????
ReplyDeleteනයාටත් වැරදෙන වෙලාවක් තියනවා වගේ මිනිස්සු වෙන අපිටත් වැරදෙන වෙලාවල් තියනවා.නයාට වැරදුනොත් වැරදුනාම තමයි ඉතින්..
ReplyDeleteකතාව ලස්සනට ලියලා තියනවා.
නයියා නේද..?
ReplyDeleteපෝස්ට් එක වගේම මේ කමෙන්ට් එකත් සිරා..
ReplyDelete"උඹ කවද ඉඳලද නයි පටවන්න පටං ගත්තෙ???? "
සිරා කතාව.. ඒ කියන්නේ නයාට උගේ විස විස වෙන්නේ නැද්ද??
ReplyDelete@ ඇනෝ - කතානම් එක එක විදිහට තියෙනවනේ. මේ මම අහපු විදිහ :) ආපු එකට ස්තූතියි
ReplyDelete@ ඕනයා - උඹ කියපු දවසෙ ඉඳන් හික් හික්
@ අපි වගේ - හරියට හරි. බොහොම ස්තුතියි කතාව ලස්සනයි කියුව එකට ඈ..
@ මාරෙ - හ්ම්ම් හ්ම්ම්
@ හරී - ස්තුතියි ස්තුතියි..... ඕනය ඉතින් කවදත් එහෙමනෙ හික් හික්
@ දිනේෂ් - එළ මචං. අර විස වෙන එකනම් ඇත්තටම මම දන්නෙත් නෑ බං.
කිරිත් එකක් සමහන් බොනවනම් එච්චර අවුලක් වෙන එකක් නෑ.. :D
ReplyDeleteපව් 1 නයා.ඉතිං ඌ මලාද?
ReplyDeleteහික්...
ReplyDeleteපව් බං නයා...
@ තාරක - හ්ම්ම් හ්ම්ම් එහෙමද :p
ReplyDelete@ සිතුවම් - දන්නෙ නෑ... ඒ කෑල්ල මට දැනගන්න හම්බු උනේ නෑ නෙව..
@ ලොකු පුතා - ඔව් බං පව් හික් හික්...
හික්...
ReplyDeleteආ ෆීනික්ස් මලයා තැංකූ ආවට මේ පැත්තෙ...
ReplyDeleteහික්ස්...නයි කයිද රෝස් පාන් කිව්වලු!
ReplyDeleteහි හි... ඔන්න ඒ පාර දෙවෙනි නයා...
ReplyDeleteඅම්මට හුඩු... උඹ හොල්මන් නයෙක්නෙ යකෝ... කියල කෑ ගහල පණ එපා කියල බඩගාන්න ගත්තලු...
@ Sabith - රෝස් පාං කන්නත් බැරියැයි බං අර ල්කු දලත් තියෙන්නෙ.
ReplyDelete@Hare - හික් හික්
අෆොයි
ReplyDelete@ නොසන්ඩාලයා - හික් හික් හික්
ReplyDeleteනයි දෙන්නෙක් ෆයිට් එකක් ගිහින්, එකාට එකා වලිගෙන් පටන් අරං ගිල්ලලු. දන්නවද අන්තිමට මොකද වුනේ කියල ?
ReplyDeleteනෑනෙ ඔබා මාමෙ. මොකෑ ඇත්තට උනේ???
ReplyDeleteme gataunta 6k hathara k therena akak ya..
ReplyDeletebola NAI redda asse dagena kawa ganillako0..
(Podi gamaya)