What it takes to become a succesful Manager / Leader - සාර්ථක කළමණාකරුවෙක් / නායකයෙක් වීමේ රහස්

I did write about the same subject from a different perspective almost 10 years ago. It is time to polish up and write again because many beliefs and myths about Management have changed during the past 10 years. Also, my bilingual writing encouraged me to rewrite the article on the same subject.

මේ මාතෘකාව මීට වසර දහයකට වගේ කලින් කොල්ලා වෙනම ඇහැකින් ප්‍රායෝගිකව බලලා ලියල තියෙනවා. කාලයත් එක්ක නව අදහස් මිනිස්සු අතරට යෑම සහ කොල්ලා ද්විභාෂා ලියවිල්ල පටං ගත්තු නිසා ආපහු මේ ගැනම ලියන්න හිතුවා.


Being a manager is not an easy task. It requires a specific set of skills and personality traits. A good manager knows how to lead, motivate, and delegate tasks to his team members. This article will discuss what makes a good manager and what you should look for in your next boss.

කළමණාකරුවෙක් බවට පත්වෙනවා වගේම කළමණාකරුවෙක් වශයෙන් සාර්ථක විදියට වැඩ කටයුතු කරනවා කියන්නෙ ලේසි පහසු කාර්‍යයක් නම් නෙමෙයි. එසේ කරන්න නම් එවැනි පුද්ගලයෙක් සතුව විශේෂ කුසලතා වගේම හොඳ පෞරුෂයක් තිබෙන්නම ඕනෙ. හොඳ කළමණාකරුවෙක් කියන්නෙ තමුන්ගෙ කණ්ඩායම හොඳින් මෙහෙයවන අතරෙ ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ කටයුතු කරන සහ වගකීම් නිසියාකාරව බෙදාහරිමින් හොඳ කණ්ඩායම් යාන්ත්‍රණයක් පවත්වගෙන යන කෙනෙකුටයි. ඒ වගේ කාරණා දහයක් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තුව.

1. Communication Skills

The ability to communicate effectively is one of the critical traits of a good manager. As a manager, you should be able to communicate your expectations, goals, and visions clearly to your team members. You should also be a good listener and be open to feedback from your team.

භාෂා කුසලතාවය (ඉංග්‍රීසි හෝ සිංහල අදාල නොවේ)

හොඳ සන්න්නිවේදකයෙක් හොඳ කලමණාකරුවෙක් වීමේ සම්භාවිතාවය ඉතාම ඉහලයි. ඒකට ඉතාම පැහැදිලි හේතුවක් විදියට පෙන්නන්න පුලුවන් කාරණා වෙන්නෙ තමන්ට කණ්ඩායමක් වශයෙන් ලඟාවෙන්න ඕනෙ ඉලක්කය, ඒ සඳහා ආයතනික අවශ්‍යතාවය මොකක්ද කියන එක සියලුම මට්ටම් වල ඉන්න කණ්ඩායම් සාමාජිකයන්ට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට මනසට කාවැද්දවීම සහ ප්‍රතිපල ලඟා කරගැනීමේ දක්ෂතාවය. ඒ වගේම කිසියම් තැනකදි කණ්ඩායමේ ඕනෙම කෙනෙකුට නැගෙන පුද්ගලික හෝ රාජකාරිමය ගැටළුවකට සවන් දීලා ඒ සඳහා ගැල පෙන විසඳුමක් සාමූහිකව හොයන්නත් හොඳ කළමණාකරුවෙක් දක්ෂයෙක්. ආයතනික ඉහල කළමනාකාරිත්වය සහ සියලුම පහල මට්ටම් අතර සන්නිවේදනය සඳහා පාලමක් වගේ ක්‍රියාත්මක වෙන කෙනෙක් විදියටත්ත හොඳ කළමණාකරුවෙක් හඳුන්වන්න පුලුවන්.

2. Leadership Skills

A good manager should be a great leader. A good leader sets an example for his team members and inspires them to follow in his footsteps. A good manager also motivates his team by recognizing their achievements and providing constructive feedback when necessary.

නායකත්ව ලක්ෂණ

මේ ගැන නම් අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නෙම නැති තරම්. හොඳ නායකයෙන් කියන්නේ තමුන් මුලින්ම උදාහරණයක් බවට පත්වෙලා තමුන්ගෙ අඩිපාරේ හෝ ඒ හා සමාන්තරව එකම අරමුණට ලඟා වෙන්න කණ්ඩායම් සාමාජිකයන්ව උද්‍යෝගිමත් කරවන කෙනෙක්. කණ්ඩායමේ විවිධ පුද්ගලයින් සතුව තියෙන විවිධ අංශ වල දක්ෂතා හොඳින් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගන්න ඒ පුද්ගලයින්ට උපදෙස් සහ මගපෙන්වීම ලබා දෙන එකත් මේ නායකත්වයේ තවත් ලක්ෂණයක් වෙනවා.

3. Time Management

A good manager should be able to manage his time effectively. This means being able to prioritize tasks, delegate tasks when necessary, and manage his own time efficiently. Good time management skills help managers to stay organized, meet deadlines, and avoid feeling overwhelmed. This could be helpful to personal life too which I am enjoying the benefit right now.

කාලය හොඳින් කළමණාකරනය

තමුන්ගේ රැකියාවට අදාල කාල රාමු හොඳින් කළමණාකරනය කිරීම, මේ හැකියාව මගින් ප්‍රමුඛතාවය ලබාදෙන්නට අවශ්‍ය වෙන්නෙ මොන වැඩ කටයුතු වලටද, තමුන්ට තනිවම අවසන් කරන්න අපහසු කටයුතු වල කොටස් කණ්ඩායමේ අනික් අයගේ වගකීම් යටතට ලබා දීලා අවසන් ප්‍රතිඵලය වෙලාවට නිම කරගන්න පුලුවන්ද කියන දේ හොඳ කළමණාකරුවෙක් හැම තිස්සෙම දැනුවත්. මේ කාලය කළමණාකරනය කිරීමේ හැකියාව නිසා යම් කාර්‍යයක් නියමිත කාලය තුල අවසන් කරන්න වගේම වගකීම් නිසා ඇතිවන පීඩනය අවම කරගන්නත් ඉතාම පහසුවක් වෙනවා. රැකියාවෙදි කාලය කළමණාකරනය කරන කෙනෙක්ට ඒක නිතැතින්ම පුද්ගලික ජීවිතයටත් පහසුවක් වෙනවා (පෞද්ගලික අත්දැකීමක්).

4. Problem-Solving Skills

Problems arise in any workplace, and a good manager should be able to handle them efficiently. A good manager should be able to identify problems, brainstorm solutions and implement them effectively. Also, a good manager should be able to handle conflicts between team members and professionally resolve them.

ගැටළු විශ්ලේෂණය සහ විසඳීමේ හැකියාව

ගැටළු නැති රැකියාවක් මේ ලෝකෙ කොහෙවත් තියෙන්න විදියක් නැහැ. කිසියම්  ගැටළුවක් පැන නැගුණාම ඒ ගැණ හොඳින් විශ්ලේෂණය කිරීම සහ කණ්ඩායම සමග තාර්කිකව ඒ ගැටළු වලට විසඳුම් තීරණය කිරීම වගේම ඒ තීරණය කරපු විසඳුම් ක්‍රියාවට නැංවීම කියන එකත් කළමණාකරුවෙක් රැකියාවෙදි බබලවන්න වැදගත් හේතුවක් වෙනවා. ඒ වගේම කණ්ඩායම තුල කණ්ඩායම් සාමාජිකයන් අතරේ ඇති වෙන මත ගැටුම් වගේ කාරණා වලදී මධ්‍යස්තව සහ විචක්ෂණශීලීව ඒවා විසඳීමත් හොඳ කළමණාකරුවෙක් ලඟ තියෙන්නම අවශ්‍ය ගුණාංගයක්.

5. Delegation Skills

Delegation is an essential skill for any manager. A good manager should be able to delegate tasks to his team members effectively. Delegation helps to distribute workload, promotes team collaboration and fosters a sense of responsibility and accountability.

වගකීම් බෙදාහැරීම සහ පැවරීම

හැම කළමණාකරුවෙකුගෙම වගකීම වෙන්නෙ තනි ඉලක්කයක් නෙමෙයි. හැම තිස්සෙම කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක අවසන් ප්‍රතිඵලය තමා කළමණාකරුගේ අවසන් ඉලක්කය වෙන්නෙ. 15 හෝ 20 දෙනෙකුගෙ වැඩ තනියම කරන්න කළමණාකරුවෙක් කියන්නෙ දෙවියෙක් නෙමෙයිනෙ.  කණ්ඩායමේ එක් එක් අංශ වල දක්ෂතා ඇති අයට අදාල වෙන වැඩ කටයුතු නිසියාකාරව පවරලා ඒ එක් එක් වැඩ කොටස් අවසාන කාල රාමුව එක්ක සමපාත වෙනවද කියන දේ හැම තිස්සෙම පරික්ෂා කිරීම මගින් හොඳ කළමණාකරුවෙක්ට පුලුවන් කණ්ඩායමේ සාමූහිකත්වය සහ වගකීම් සහගත බව ඉහළ මට්ටමක තියාගන්න.

6. Technical Skills

A good manager should have a good understanding of the technical aspects of his industry. While a manager should not necessarily be an expert in each area, he should have a basic understanding of the various functions within his organization. This will allow him to make informed decisions and guide his team members.

රැකියාවට අදාල තාක්ෂණික දැනුම

හොඳ කළමණාකරුවෙක් තමන් සිටින ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුම ගැන අවබෝධයකින් සිටිය යුතුයි. සියළුම අංශ වල වැඩ ගැන පරතෙරටම ගිය දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැත් උනත් හැම අංශයකම වැඩ කටයුතු සිදු වෙන විදිය ගැන දැනුමක් තිබීම වැදගත් තීරණ ගැනීම වගේම කණ්ඩායම හොඳින් මෙහෙයවන්නත් ඉතාම රුකුලක් බව නොකියාම බැහැ.

7. Creativity

A good manager should be creative and think outside the box. This helps in developing innovative solutions, developing new ideas, and identifying new opportunities. Creativity also enables managers to recognize problems others may not have noticed and develop unique solutions.

නිර්මාණශීලිත්වය

හොඳ කළමණාකරුවෙක් බොහෝ වෙලාවට ගතානුගතික විදියේ සිතුවිලි තිබෙන කෙනෙක් වීමේ හැකියාව ගොඩක්ම අඩුයි. සාම්ප්‍රදායික හිතීමේ රටාවෙන් බැහැරට ගිහින් නිර්මාණශීලිත්වය රැකියාවේ කටයුතු වලට අදාල කරගන්න බොහෝ දෙනෙකුට පුලුවන් නව අවස්තාවන් උදාකරගන්න. ඒ වගේම සාමාන්‍ය ඇසකින් දකින්න බැරි ප්‍රශ්ණයක් නිර්මාණශීලිව බලන කෙනෙක්ට පෙනීමේ හැකියාව වගේම අනෙක් අයට කලින් ඇති වෙන්න පුලුවන් ගැටළුවකට විසඳුම් හොයාගන්නත් හැකියාවක් තියෙනවා.

8. Emotional Intelligence

Emotional intelligence is the ability to recognize and manage emotions, both one's own and others. A manager with a high level of emotional intelligence can relate to his team members, provide constructive feedback, and respond to situations calmly and effectively.

චිත්තවේගයන් පාලනය කිරීමේ බුද්ධිය

තමන්ගේ වගේම අනෙක් අයගේත් සිතුවිලි හඳුනාගැනීම වගේම පාලනය කරන්න පුලුවන් කළමණාකරුවෙක් යටතේ වැඩ කරන සේවකයින් ඉතාම වාසනාවන්තයි. එහෙම හැකියාවක් තියෙන කළමණාකරුවෙක්ට හැකියාව තියෙනව තමන්ගේ කණ්ඩායමේ ඕනෙම සාමාජිකයෙක්ට ගැටළුවක් ඇති වෙන අවස්තාවලදී ඔවුන්ට මානසිකව සහයක් වෙන්න වගේම ඔවුන්ගේ අතපසුවීමක් ගැන හිත නොරිදෙන විදිහට මනසට කාවද්දලා ඔවුන්ව නිවැරදි කරන්නත්.

9. Flexibility

A good manager should be flexible and adaptable to change. Changes in an industry or organization can happen quickly and unexpectedly, and a good manager should be able to respond to these changes effectively. Flexibility also helps managers to foster an environment of openness and collaboration within the team.

නම්‍යශීලිත්වය

මහා නුග ගස් කඩා වැටෙන කුණාටුවකදි උණ පඳුර කඩා නොවැටෙන්න හේතුව වෙන්නේ පරිසරයෙ වෙන වෙනස්කමට අනුකූලව සුලඟත් එක්ක ඒ අතට නම්‍යශීලිව වැනීම කියන එක අපි පොඩි කාලෙ කතාවක් ඇසුරෙන් ඉගෙන ගත්තා. හොඳ කළමණාකරුවෙකුටත් ඔය කියන උණ පඳුරේ තියෙන ගුණාංගය තිබිය යුතුමයි. නව තාක්ෂණය හෝ ආයතනයේ සිදු වෙන පුද්ගල වෙනස් වීම් සහ තමන්ගේ කණ්ඩායමේ හදිසියේ ඇති වෙන ඕනෑම වෙනසක් කෙටි කාලයකින් සාමාන්‍ය දෙයක් බවට පත් කරගෙන කාර්‍යක්ෂමතාවය නොකඩවා පවත්වාගන්නා කළමණාකරුවෙක් හැම විටම ඉතාමත් හොඳ කළමණාකරුවෙක්.

10. Positive Attitude

Finally, a good manager should have a positive attitude. Positivity fosters a sense of camaraderie within a team, promotes enthusiasm and helps to create a healthy and productive work environment where team members feel valued and appreciated.

ධනාත්මක ආකල්ප

ධනාත්මක ආකල්ප තියෙන කළමණාකරුවෙක් එක්ක ඉන්න කණ්ඩායම හැම වෙලාවකම සතුටින් සහ එක පවුලක් කියන සංකල්පය එක්ක වැඩ කරන්න පෙලඹෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔවුන්ව හැම විටම සතුටින් තැබීම සහ ඔවුන්ගේ වටිනාකම ඔවුන්ට හැඟෙන ආකාරයට වැඩ කරන්න හොඳ කළමණාකරුවෙක් හැම විටම උත්සාහ කරන නිසා.

In conclusion, a good manager possesses many skills and traits that help him lead, motivate, and delegate tasks to his team members. These skills include effective communication, leadership, time management, problem-solving, delegation, technical skills, creativity, emotional intelligence, flexibility and a positive attitude. By possessing these skills, a good manager can create a productive, collaborative, and supportive work environment, where team members feel confident and motivated to perform at their best.

අවසානයට කියන්න තියෙන්නේ උඩ සඳහන් වෙච්ච ගුණාංග තියෙන කළමණාකරුවෙකුට තමුගෙ කණ්ඩායමට නායකත්වය දෙන අතරෙම වගකීම් බෙදාහැරීම සහ හිතකර වටපිටාවක් නිමර්මාණය කිරීම මගින් කණ්ඩායමක තියෙන උපරිම කාර්‍යක්ෂමතාවය ලඟා කරගන්න පුලුවන්.

Comments

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්