Posts

Showing posts from June, 2018

ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන

Image
පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගි‍යේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන

BMW මගඩිය

Image
කොහොමද? කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා. වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු  මොකක්ද මේ BMW මගඩිය? අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද? ඇත්තම කතාව මේකයි. ලංකාවෙ BMW නියෝජිතයා තමයි ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ. රාජ්ය සේවකයන්ට 2011 ඉඳන් 2014 වෙනකම් දුන්න තීරු බදු බලපත්‍ර වලට ආනයනය කරපු අලුත්ම වාහන 1728ක් අඩු වටිනාකම් පෙන්නලා බදු වංචා කරපු එක සහ ඒ වාහන ඇත්තටම ආනයනය කරේ ඒ බලපත්‍ර හිමියො නොවෙනවයි කියන කාරණා දෙකම මුල් කරගෙන පරීක්ෂණයක් පටන් ගත්තා 2016 අවුරුද්දේ මෑයි මාසේ. ඒ පරීක්ෂණය පටන් ගත්තේ ශ්‍රී ලංකා රේගු මධ්යම පරීක්ෂණ කාර්යාංශය. දල වශයෙන් රජයට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16ක් විතර කියලයි විශ්වාස කරන්නෙ. පහත පින්තූරෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා (මේක හොයාගත්තෙ ඉතිං අන්තර්ජාලෙන් තමයි) මේ වංචාව කරන්න ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම කරල තියෙන්නෙ, අර අපේ සමහරු කෑම බිල 400ක් උනාම ඔන් ඈපෘවල් බිලක් 800කට දානව වගේ කොම්පෑණියට (මාත් එක පාරක් කරල තියෙනවා 2005-