~නයි දෙන්නාගේ කතා වස්තුව~




ඔන්න නයි දෙන්නෙක් ගමනක් යනවලු. ඔය කියන විදිහට දරුණුම විස තියෙන කිං කෝබ්‍රා කියන ජාතියෙ නයි දෙන්නෙක්ලු මේ බඩගාගෙන යන්නෙ…….


මේ අතරෙ එක නයෙක් අනික් නයාහගෙන් මෙහෙම අහනවලු


1 නයා - මචං.. ඇත්තද බං මේ මිනිස්සු කියනව කියන්නෙ ලෝකෙම වැඩිම විස තියෙන්නෙ අපේ කියලා..??


2 නයා - (ආඩම්බරෙන් පෙනේ පුප්පමින්) ඔව් ඔව් ඇයි උඹ දන්නෙ නැද්ද??


1 නයා - ආ ඇත්තද… (පෙනය බිමට හරවා ගනිමින් බඩ ගායි)


ඔන්න ඔහොම දෙන්න යනවලු තව විනාඩි දෙක තුනක්… ගිහින් ඉවර වෙලා…………..


1 නයා - මචං උඹට හොඳටම ෂුවර්ද අපේ විස තමයි ලෝකෙම දරුණුම විස කියලා????


2 නයා - ඇයි උඹට ෂුවර් නැද්ද? මම දෂ්ට කරපු මිනිහෙක් පැය බාගෙන් මලා දවසක්…


1 නයා - ආ….. ඒකත් එහෙමද???? (සෑහෙන දුකකින් බඩ ගාගෙන යයි)


ආපහු දෙන්න යනවලු තව විනාඩි පහක් විතර…. ආපහු අර 1 නයා අනිත් එකාගෙන් මෙහෙම අහනවලු……..


1 නයා - අපි දෂ්ට කරපු මිනිහෙක් බේරිලාම නැද්ද බං?? අපි එච්චරටම විසයිද???


2 නයා - මොන මගුලක්ද බං උඹට වෙලා තියෙන්නෙ??? මොකද මේ විස ගැන මෙච්චර හාර අවුස්සන්නෙ? උඹට ෂුවර් නැත්තම් ඔය යන එක සතෙක්ට දෂ්ට කරල බලහං මොකද වෙන්නෙ කියල. මේක මහ වදයක් උනානෙ… (පොඩ්ඩක් විතර තරහින්)


1 නයා - (අඩමින්) උඹ මේ මගුලක් කතා කරනවා. මට අද උදේ බැරි වෙලා නැට්ට හැපුනා බං…………..

Comments

  1. ලෝකේ වැඩියෙන්ම විස සතා මනුස්සයානේ..

    ReplyDelete
  2. ඔව් ඔව් සරත්. ඒත් මේක විහිලු කතාවක් නිසා නයි කියලා ලිව්වා..

    ReplyDelete
  3. Me kathawa mama ahala thiyenne netta neve thola hapuna kiyala

    ReplyDelete
  4. උඹ කවද ඉඳලද නයි පටවන්න පටං ගත්තෙ????

    ReplyDelete
  5. නයාටත් වැරදෙන වෙලාවක් තියනවා වගේ මිනිස්සු වෙන අපිටත් වැරදෙන වෙලාවල් තියනවා.නයාට වැරදුනොත් වැරදුනාම තමයි ඉතින්..

    කතාව ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  6. පෝස්ට් එක වගේම මේ කමෙන්ට් එකත් සිරා..

    "උඹ කවද ඉඳලද නයි පටවන්න පටං ගත්තෙ???? "

    ReplyDelete
  7. සිරා කතාව.. ඒ කියන්නේ නයාට උගේ විස විස වෙන්නේ නැද්ද??

    ReplyDelete
  8. @ ඇනෝ - කතානම් එක එක විදිහට තියෙනවනේ. මේ මම අහපු විදිහ :) ආපු එකට ස්තූතියි

    @ ඕනයා - උඹ කියපු දවසෙ ඉඳන් හික් හික්

    @ අපි වගේ - හරියට හරි. බොහොම ස්තුතියි කතාව ලස්සනයි කියුව එකට ඈ..

    @ මාරෙ - හ්ම්ම් හ්ම්ම්

    @ හරී - ස්තුතියි ස්තුතියි..... ඕනය ඉතින් කවදත් එහෙමනෙ හික් හික්

    @ දිනේෂ් - එළ මචං. අර විස වෙන එකනම් ඇත්තටම මම දන්නෙත් නෑ බං.

    ReplyDelete
  9. කිරිත් එකක් සමහන් බොනවනම් එච්චර අවුලක් වෙන එකක් නෑ.. :D

    ReplyDelete
  10. පව් 1 නයා.ඉතිං ඌ මලාද?

    ReplyDelete
  11. හික්...
    පව් බං නයා...

    ReplyDelete
  12. @ තාරක - හ්ම්ම් හ්ම්ම් එහෙමද :p

    @ සිතුවම් - දන්නෙ නෑ... ඒ කෑල්ල මට දැනගන්න හම්බු උනේ නෑ නෙව..

    @ ලොකු පුතා - ඔව් බං පව් හික් හික්...

    ReplyDelete
  13. ආ ෆීනික්ස් මලයා තැංකූ ආවට මේ පැත්තෙ...

    ReplyDelete
  14. හික්ස්...නයි කයිද රෝස් පාන් කිව්වලු!

    ReplyDelete
  15. හි හි... ඔන්න ඒ පාර දෙවෙනි නයා...

    අම්මට හුඩු... උඹ හොල්මන් නයෙක්නෙ යකෝ... කියල කෑ ගහල පණ එපා කියල බඩගාන්න ගත්තලු...

    ReplyDelete
  16. @ Sabith - රෝස් පාං කන්නත් බැරියැයි බං අර ල්කු දලත් තියෙන්නෙ.

    @Hare - හික් හික්

    ReplyDelete
  17. @ නොසන්ඩාලයා - හික් හික් හික්

    ReplyDelete
  18. නයි දෙන්නෙක් ෆයිට් එකක් ගිහින්, එකාට එකා වලිගෙන් පටන් අරං ගිල්ලලු. දන්නවද අන්තිමට මොකද වුනේ කියල ?

    ReplyDelete
  19. නෑනෙ ඔබා මාමෙ. මොකෑ ඇත්තට උනේ???

    ReplyDelete
  20. me gataunta 6k hathara k therena akak ya..
    bola NAI redda asse dagena kawa ganillako0..

    (Podi gamaya)

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….