ඉස්සෙල්ල මේක අහල ඉන්නකො පලවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කරපු දේවල් ගැන ලොකුවට කියවන එක ප්‍රධාන දෙයක් වෙච්ච ලංකාවෙ ආඩම්බරකාර වැසියෙක් විදිහට කොල්ලත් ඔන්න අද හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න. මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපේ සිහින එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා. ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා. මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ මේ කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා. ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ. අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට කොල්ලගෙ විශේෂ ස්තූති...