මෝ ප්ලෙසර්.........
අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ......... මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක්. මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො. මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න. "හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක් කරන්නෙයි, මේ පාර යනෝ පිට" කියල හිතල තමයිලු ඉතිං ගියේ. අවුරුදු කාලෙ නිසා තනියෙංමලු මිනිහ ගියේ (අනික් මිනිස්සු ඉතිං ගම් බිම් වල යනවයි ෂොපිං කරනවයිනේ ඔය කාලෙ). ඔහොම ඉතිං ඇවිදින අතරෙ මෙයා ඒ රටේ මිනිස්සු එක්ක පොටෝ ගහනවයි එක එක අලුත් කෑම ජාති රස විදලා ඒවයේ හොද නරක බලන එකයි වගේ දේවල් තමයි කරේ. නමුත් ඉතිං මෙයත් මනුස්සයෙක් නෙව, ඔන්න ඉතිං පොඩි ආසාවක් ආවා මේ රටේ ඉන්න ගෑණු ළමිස්සියො ගැනත් පොඩි සමීක්ෂණයක් වගේ එකක් කරන්න. ඒ වගේ වැඩකට කියාපු දේ තමයි ඉතිං ඊටම අදාල තැනකට යන එක කියලා මිනිහා ගියා සම්බාහන මධ්‍යස්ථානයකට (අපි අර ඇඟ තලන එහෙමත් නැත්තං මසාජ් ක්ලිනික්, ඔව්වොව් ඒක තමා) ගිහින් ඉතිං සල්ලි එහෙම ගෙවලා තෝරගත්තා තමුන්ගෙ මනාපෙට හරි යන ගෑණු ළමයෙකුත්. අපි සුද්දො යටතෙ ඉදලා ඉංග්‍රීසියෙ කප් ගහ...