About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Monday, June 27, 2011

අර මගෙන් ඉල්ලගත්ත 150


මේ ඇවිත් පරණ රස කතාවක්. මතක් වෙද්දි අපිටත් එක්ක ටිකාක් විතර ලැජ්ජ හිතෙන ජාතියෙ කතාවක්.................


මේ කතාවෙ කතා නායක තනතුර හොබවන්නෙ අර කලිනුත් පොඩි පොඩි අවුල් වැඩ වලින් කොල්ල විස්තර ලියල තිබ්බ මුක්කුවා තමයි. මුක්කුවා කොල්ලලත් එක්ක ගොඩක්ම ලඟින් ඇසුරු වුණේ සහ බොහොමයක්ම රස කතා මැවෙන්නෙත් අර උසස් පෙළ කියල ගොඩක්ම කොල්ලන්ගෙ ජීවිත වල හරි යන්ඩ හරි වරදින්ඩ හරි කියල එන කාල සීමාවෙ තමයි. කොල්ලලත් ඉතින් ඉතාම ආසාවෙන් හැමදාම උදේ නොවරදවා ගම්පහට යනව ඒ දවස් වල (පන්තියට යෑම නොයෑම තීරණය වෙන්නෙ එදා උදේම කාගෙ හරි ඔලුවට එන නසරාණි අදහසක් නැතිම උනොත් තමයි). ඒ කාලෙ ගැන ආපහු මතක් කරනකොට අනේ ආසාව සහ දුක කියන දෙකම එකට එකතු වෙච්ච පුදුමාකාර හැඟීමක් තමා හිතට දැනෙන්නෙ. ආසාව තමයි ඒ කාලෙ ගත්ත ෆන් ගැන මතක් වෙනකොට ආපහු ඒ කාලෙට යන්ඩ තියෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන එක. දුක හිතෙන්ඩ හේතු 2ක් තියෙනව, 


1) කොච්චර ආස උනත් ආපහු කාලෙ පස්සට යන්ඩ බැහැ කියල හොඳටම දන්න එක.
2) ඒ කාලෙ පොඩ්ඩක් හරි ඉගෙන ගත්තනං අද ඉංජිනේරු මහත්තයෙක් නේද කියල හිතෙනකොට


මොනව කරන්නද ඉතිං හැමෝම ඉංජිනේරුවො උනොත් උන් හදන බිල්ඩිං වල ඉන්ඩයි පාරවල් වල යන්ඩයි මිනිස්සු නැති වෙන නිසා කොල්ලලගෙ සෙට් එකේ එකෙක්වත් ඒ මෝඩකම කරේනම් නැහැ. 


කතාව මේකයි, ඔය කඩවල් ගානෙයි බස් නැවතුම ලඟයි හැමදාම කැරකි කැරකි ඉන්නකොට ඉතිං මල්සරා යන ගමං ෂූට් කරගෙන යනවනෙ හැමදාම දැකල පුරුදු හිතවත් කමට. ඔය මුක්කුවටත් උනේ ඒ වගේම දෙයක් තමයි. මුක්කුවට නිශාදි කියල ගැණු ළමයෙක් ගැන පිලිබඳ සිතක් පහල උනා. එදා ඉඳන් මේ මුක්කුවගෙ ජීවිතේ අපායක් උණා මදිවට යාලුවන්ටත් ඒකෙ ප්‍රති විපාක අත් විඳින්ඩ උනා. හැමදාම අර ළමයගෙ පන්ති ඇරෙන වෙලාවට මුක්කුව කොකෙක් වගේ බෙල්ල දික් කරගෙන ඉන්ඩ පටන් ගත්තා. ඌ එහෙම ඉන්නව මදිවට අපිටත් උණා ඌ වගේම වටේට රේඩාර් එක දාගෙන ඉන්ඩ. ඉතිං අපායෙ ගියා වගේ නෙමෙයිද කියල ඕගොල්ලොම හිතාගන්ඩකෝ..


පුරෝකථන ඔක්කොම අයින් කරොත් අන්තිමට උත්සාහවන්තයා ජයගනී කියන පිරුල හරි නිසා මුක්කුවා පවුල් උණා. එදා ඉඳන් මුක්කුව උදේ හවස අර නිශාදිගෙ මනෝ කාය එහෙම නැත්තම් වලිගෙ වගේ ඒ ළමය යන යන තැන දකින්න ලැබෙන චරිතයක් වෙලා තිබ්බ. හරියටම කියනවනම් අර පොලිස් කාරයෙක් හොරෙකුට මාංචු දාගෙන යනකොට ඒ හොරාට පොලිස් කාරය එක්ක යන්ඩම වෙනවනෙ, නිශාදිටත් උණේ ඒ වගේම ඇබැද්දියක් තමයි. කොහොමින් කොහොමින් හරි එක සෙනසුරාදාවක නිශාදි මුක්කුවට අඬගහල තිබුන එයාට සෙරෙප්පු දෙකක් ගන්න යන්ඩ. ගිහින් ඉතින් යනකොට යනකොට මේ ළමයට ලස්සන සෙරෙප්පු දෙකකට හිත ඇදිල එතනින් එහාට හෙල්ලෙන්නෙ නැති තැනට පත් උණා. පස්සෙ බලනකොට එවෙලෙ ඒ සෙරෙප්පු දෙකට හරි යන ගාණ නිශාදිගෙ අතේ තිබිල නැහැ. ඉතිං නිශාදි මුක්කුවට කියල "අනේ මුක්කු මගෙ අතේ දැන් ඕනෙ ගාණ නැහැ, ඔයා ලඟ තියෙනවනම් මට රු 150ක් දෙන්නකෝ. මම පස්සෙ ඔයාට දෙන්නම්". මුක්කුවත් ඉතින් සල්ලි සල්ලි කියල නොබලා 150ක් දුන්නලු. මේ කාලෙ ඉතිං කරන කියන දේවල් වටේ ඉන්න යාලුවො එක්ක කතා කිරීම ලොකු වීර කමක් විදිහට හිතන කාලයක් නිසා යාලුවොත් ඔය සිද්ධිය දැන ගත්තා.


ඔහොම ඉතින් ටිකෙන් ටික ඔය ආදර කතාව ගලාගෙන ගිහින් ගිහින් එක දවසක මේකට කණ කොකා ඇඬුවා. ඔන්න ඉතිං ඔක්කොම ඉවර වෙලා මුක්කුව ඇවිත් ඉන්නව කට්ටියත් එක්ක. ඉන්න ගමන් මුගෙ තියෙන ගොං කමටද වාචාල කමටද මන්ද කියවුණා "අපරාදෙ මගෙ රු 150. ඒක ඉල්ලගන්ඩ අමතක උණානෙ දුන්න දවසට පස්සෙන්දා. මට අමතකම වෙලා තිබුනෙ" කියලා... ඒ කාලෙ කොල්ලලගෙ සෙට් එක මහ නසරාණි යක්කු ටිකක්. මුන් ටික මොකද කරේ... ඊලඟ දවසෙ නිශාදි පන්තියට එනකොට පන්තිය අතුලෙන් එකෙක් කෑ ගහල කිව්ව " නිශාදි අර එදා මගෙන් ඉල්ල ගත්ත රු 150 දුන්නෙ නැහැනෙ නේද? මට ඔයත් නැති එකේ 150 තිබ්බනම් දුක හරි අඩු වෙයි " කියලා.. අර කෙල්ල පව් ඒ ළමයට පොලොව පලන් යන්ඩ හිතෙන්න ඇති.


එදාම හවස මේ ළමය ඇවිත් මුක්කුවට රු 200 ක් දීල කිව්ව "තමුසෙ වගෙ බූරුවෙක් එක්ක යාලු උණේ මගෙ තියෙන මෝඩ කමට" කියලා.


කොල්ලො ටික හවස අර රු 200න් එලවළු රොටී කෑවා. අර මුක්කුවටමයි වෙන්නෙ අප්පා.............

12 comments:

  1. සිකේ මූ මුගේම බූට් එක 150ක් දීලා අරංනේ හිහි..

    ReplyDelete
  2. ලාබයි නෙ බං, 150ට 200ක්ම

    අම්මපා මාත් පටං ගන්නවා බිස්නස් එක. දවසට දහයක් පාලහක් දාගෙන අතෑරියම ගෙඩිපිටින් 500යකට එහා,

    ReplyDelete
  3. @#3 මචන් එක බඩුවක් දාගන්න අපි කාපු කට්ටෙ විදියට බඩු 10ක් දාගන්න අවුරුදු 20ක් වත් යාවි

    (පයිලට් මලයා)

    ReplyDelete
  4. @කිඩෝ - අනේද කියන්නෙ...

    @කල්හාර -අපිටත් පොඩ්ඩක් ලැජ්ජයි

    @ ඇනෝ - හ්ම්ම් හ්ම්ම් බලමු කරලා...

    ReplyDelete
  5. ado dan kale ohoma unanam 150 newaine ban..1500k ehemat nattam 15000k...
    ane ammooo....

    ReplyDelete
  6. කොහොමටත් කෙල්ල අන්තිමට කිවූ එක නම් ඇත්තයි වගේ !!

    ReplyDelete
  7. එහෙම කියන්නත් බැ බන් අපට ඒ කලෙ 150ක් මාර වටිනවා, ගල් බාගයක් ගහන්න පුලුවන් 120ට ඒ දවස් වල...

    ReplyDelete
  8. අම්මෝ ඒ කාලෙ class එකටත් 150 නෙ ගන්නෙ. ඉතින් මුක්කුවා සධාරණයි.......

    ReplyDelete
  9. @ දිලීප - අම්මප.. එහෙමද??

    @ සරත් - අනිවාර්යයෙන්ම ... හික්ස්...

    @ඇනෝ - අරින්නෙපා...

    @ කළුමල්ලි - ආපහු ඉතිං අපි ඕක කතා කරන්ඩ දෙයක් නැහැනෙ බං. ඒ දවස් වල මතකයිනෙ..හෙ හෙ..

    ReplyDelete
  10. 150 ට 200 ක්ම හම්බුනා නේ :)

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......