කොල්ලාගෙන් තවත් වාහනයක් (Rolls-Royce Phantom)



කොල්ල අද ලෑස්ති වෙන්නෙ කට්ටියට කියන්ඩ තවත් වාහනයක් ගැන. ගොඩක් ධනපති උදවියගෙ සෞභාග්‍යවත් බව විදහා පාන්න පාවිච්චි කරන "සුපර් ලක්ෂරි" කියන කාණ්ඩය යටතේ වර්ග කෙරිල තියෙන මේ වාහනේ කාර් එකක්. ඒකෙ නම කියවෙන්නෙ සිංහල තේරුමෙන්නම් අවතාරයක්  එහෙමත් නැත්තම් මායාවක් කියන එක. ඒක කොච්චර දුරට ඇත්තද කිව්වොත් අපි වගේ පුංචි පහේ උදවියට මේක ඇත්තෙන්ම මායාවක් තමයි. අ‍ටුවා ටීකා ඕනෙ නැහැ මීට වඩා මේ මෝටර් රථය තමයි රෝල්ස් රොයිස් සමාගමේ හදන Rolls-Royce Phantom  කියන මාදිලිය. මේ මාදිලිය නිෂ්පාදනයට එන්නෙ 2003 වර්ෂයෙ. 2003 ඉඳන් අද දක්වාම මේ මාදිලිය බොහොම සාර්ථකව නිෂ්පාදනය වෙන වගේම විකිණීමත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා තියෙනව.


මේ ෆැන්තම් මාදිලිය තමයි රෝල්ස් රොයිස් සමාගම තවත් ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වෙන බී.එම්.ඩබ්ලිව් සමාගම යටතට පත් වුණාට පස්සෙ නිෂ්පාදනයට ගත්ත පළවෙනිම මාදිලිය. ඒ වගේම මේ මාදිලියෙන් විස්තරිත උප මාදිලි දෙකක් වෙන Rolls-Royce Phantom Drophead Coupé, සහ Rolls-Royce Phantom Coupé දැනට නිෂ්පාදනය වෙනව කියන එකත් ඕගොල්ලන්ට කියන්න පුලුවන්. මේ මෝටර් රථය ඉතාම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වෙන (කොල්ල ආසාවෙන්ම බලන ) Top Gear වැඩසටහනේ 2003 වසරේ මෝටර් රථය විදිහට සම්මානයකුත් ලබා ගත්තා. මේ මෝටර් රථය නිපදවන්නෙ එංගලන්තයෙ බටහිර සසෙක්ස් ප්‍රාන්තයෙ චිචෙස්ටර් වල පිහිටි Goodwood කියන කර්මාන්ත ශාලාවෙ.


මේ මෝටර් රථයෙ වින්‍යාසය FR කියන කාණ්ඩයට වැටෙනවා. වාහන ගැන උනන්දු උදවිය දන්නවනෙ ඒ කියන්නෙ ඉදිරිපස එන්ජිම සහ පසුපස රෝද වලින් දිවෙන කියන එක කියල. නොදන්න අයට FR Layout  කියන්නෙ Front-engine, rear-wheel drive layout කියන එකයි. වාහනේ බඳ මුලුමනින්ම වගේ ඇලුමිනියම් වලින් තමා නිපදවල තියෙන්නෙ ශක්තිය සහ කාර්ය සාධනය (performance) සඳහා. එන්ජිම පැත්තට ආවොතින්, 6750CC ධාරිතාවයක් තියෙන ඉංග්‍රීසි V හැඩයට තියෙන සිලින්ඩර 12ක් තමයි මේ භූතයව පාර දිගේ යවන්නෙ. එකම වේගෙකින් යන්ඩ බැරි නිසා වේගය වෙනස් කරන ගියර පද්ධතියකුත් මේකෙ තියෙනවනෙ. ඒක ට පාවිච්චි වෙන්නෙ ජර්මනියෙ ZF Friedrichshafen සමාගමේ නිපදවුන වේග 6කින් සමන්විත වෙච්චි ස්වයංක්‍රීය ගියර පද්ධතියක්. වාහනේ දිග පලළ ගත්තොතින් ඉතිං මේක හොඳ සල්ලි තියෙන තරබාරු අය යන නිසා ටිකක් ලොකුවට තමා හදල තියෙන්නෙ. දිගින් මීටර් 5.834 ක් වෙන මේ වාහනේ පලළ මීටර 1.989 ක් වෙනව. හිතාගන්නකො කොහොම ඇතිද කියල ප්‍රමානෙ. අනික කියන්න ඕනෙ කොල්ලනම් හැමදාම මේ වගේ වාහන 1ක් 2ක් දකිනව මේ ඉන්න රටේ. සමහර විට ඒ එකම වාහනේ වෙන්ඩත් පුලුවන් හොඳේ :p


නව තාක්ෂණය මේ වාහනේ පාරිභෝගිකයන්ට ලබල දෙනව ගෙවන මුදලට වටිනාකමක්. ඒ දේවල් කෙටියෙන් කිව්වොතින්


* අපි මේ වාහනයක් ගන්නවනම් අපිට පුලුවන් පාටවල් 44,000 කින් කැමති පාටක් අපේ වාහනේ පාට බවට පත්කරගන්ඩ (කොහොමද පාට වලින් දෙන සැපේ)


* වාහනේ පදවන කෙනාට බලාගන්න පුලුවන් කොච්චර බලයක් ඔහුගෙ පාවිච්චියට එන්ජිමෙන් දෙනවද කියල. ඒකෙන් වාහනේ එලවනකොට වාහනේ ගැන තියෙන විශ්වාසය තහවුරු වෙනව.


* පිටිපස දොරවල් වල සරනේරු තියෙන්නෙ පිටිපස්සෙ නිසා දොරවල් ඇරපුවහම ලොකු ඉඩක් එනව වගේම හරිම පහසුයි ඇතුලු වෙන්නෛ පිට වෙන්නයි. මේ දොරට කියන්නෙ Coach Doors කියල සමාගමෙන්. ඒ වගේම දොරවල් පිහිටල තියෙන අසම්ප්‍රදායික විදිහ නිසා සහ ආරක්ෂාව තහවුරු කරන්න මේ දොරවල් ඉලෙක්ට්‍රොනික අගුලු වලින් සමන්විත වෙලා තියෙනව. වැරදීමකින් හරි වාහනේ යන්න හදනකොට මෙයින් එක දොරක් හරි ඇරිල තිබුනොතින් වාහනේ ස්වයංක්‍රීයවම ඇවිදින වේගයට පහළ වැටෙන විදිහට තිරිංග ක්‍රියාත්මක වෙනව.




* ස්වයංක්‍රීය දිශා දර්ශකයක් (කටහඬට අනුකූල ), ස්වයංක්‍රීය හිරු වහලක් (sunroof), පසුපස ආසනයට වෙන් වෙච්චි ඩී.වී.ඩී පද්ධතියක්, ස්පීකර 26ක් එක්ක එන හඬ පද්ධතියක් වගේ එකී මෙකී නොකී දේවල් ගොඩක්ම මේ වාහනේ ගන්න පිංවතාට අත්විඳින්න පුලුවන්ලු.........




වාහනේ ගැන කිව්වට ගාන අපි කාටවත් වැඩක් නැති නිසා කියන්නෙ නෑ හොඳේ




මේක ඇවිත් වාහනේ ගැන හැඳින්වීමක් විතරයි. තව විස්තර දැනගන්න ආසයි නම් මෙන්න මේ සබැඳිය ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුලුවනි.      



Comments

  1. ගාන දාපු නැති හින්දා ගන්ඩ විදිහක් නෑ .....
    ( Sameera )

    ReplyDelete
  2. සමීර, පොඩි ණයක් ගන්න පුලුවන් වෙයිද හදිස්සියකට? හික්ස්....

    ReplyDelete
  3. මට රියදුරු පුහුණුව නැති නිසා අරන් වැඩක් නැහැ. නැත්නම් ගන්නවා . අසංකගේ කවි මුතුවැල් වල සුජීව ලයිසන් ගත් හැටි තියෙනවා . ඉඩක් ඇතොත් බලන්න

    ReplyDelete
  4. අපේ පාරෙ වලවල් නිසා අරන් වැඩක් නෑ :D

    ReplyDelete
  5. @ නෙළුම්.. - Hieu Roi හික් හික්... ලංකාවට බැහැපු දවසක රියදුරු පුහුණුව අරන් එකක් ගමු නේ?

    @ සඳරු - මොකෝ... නයෙක්වත් මුණ ගැහුනද??

    @ තීර්ථ යාත්‍රිකයා - හා හා බය වෙන්ඩ එපා ඔය වළවල් ඉක්මනින්ම ගොඩ වෙයි ප්‍රතිපාදන පාස් උනාම.. ලොල්..

    ReplyDelete
  6. ඔව්වා දිහා දැන්ම බලලා වැඩක් නෑ.driving ටිකයි පුලුවන් සල්ලිත් නෑ..:(

    ReplyDelete
  7. වැඩක් නැහැ මචං, උඹ ඕක ඉස්සෙල්ලා කියන්න එපෑ, උඹ අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ දාලා තිබුන එක මම ගත්තා, බලමු ඒක දෙන්න පුලුවන් උනොත් ඕකට යන්න පුලුවන් වෙයි ......

    කොහොමද අලුත් තැන එක .......

    ReplyDelete
  8. @ කඩේ හාමිනේ - හ්ම්ම්... තව ටික දවසකින් බලමු නේ..

    @ කල්හාර - සිළුමිණ පත්තරේ ලුහුඬු දැන්වීම් වලට දාමු ඒක....

    අලුත් තැනේනම් අවුලක් නැහැ පාඩුවෙ වැඩ කරන් ඉන්නවා..

    ReplyDelete
  9. ගාන කියන්න අයියේ. දැනටම මගෙ ලඟ $100.00ක් ව්තර තියෙනවා. ඉතුරු ටිකට පොඩි ලොන් එකක් දැම්මනම් ඇති...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….