About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Tuesday, June 28, 2011

කොම්පියුටර් පන්තිය







මේ දවස් වල අලුත් තැන වැඩ ටිකක් විතර අඩුයි නිසා වගේම පරණ යාලුවො එක්ක කයියට වැටිල්ලත් වැඩි වෙලා තියෙන හින්දම පරණ රස කතා ගෝනි ගනන් තමා මතක් වෙන්නෙ කතා කරගෙන යනකොට. ඉතිං ඔන්න අදත් දෙන්නම්කො ඒ දවස් වල වෙච්ච ලස්සන කතාවක්. හිතන්ඩ එපා මේ කොල්ලගෙ යාලුවො ගැන කතා විතරක් යන නිසා කොල්ලට ඔය වගේ රස සිද්ධි උණේ නැහැ කියල. වෙලා තියෙනව ඇති වෙන්ඩ ඒත් ඉතිං මගේ කතා මම ලියාගෙන ඉල්ලං කන්ඩ ඕනෙ නැති හින්දා කොල්ලගෙ යාලුවෙක් වෙච්ච කලු මල්ලිට වැඩේ පැවරුවා. මිනිහ හෙට අනිද්ද දිහාට ඒ වැඩේ පටන් ගනී ආපහු.


මේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ කොල්ලලගෙ හොඳ යාලුවෙක්. පොරට අපි කියමුකො බුවා කියලා. බුවාගෙ කතාවෙ ලොකේෂන් එක ගැන කතා කරොත් අර රෑට කමු අපි වම්බ‍ටු කතාවෙ හිටිය රන්දිකයගෙ ගෙදර තමයි සිද්ධිය උණේ. ඒ දවස් වල ඉගෙනීම ඉවර වෙලා කට්ටිය රස්සාවල් වලට අඩිය තිබ්බ කාලෙ. ඉතිං රස්සාවට යනව කියන්නෙ එපා වෙන දෙයක් වෙලා තිබ්බ දවසුත් තිබ්බ. ගාන කැපෙනවට කැමති නැති නිසා අමාරුවෙන් හරි හැමදාම යනව ඉතිං. රන්දිකයත් ඒ දවස් වල වැඩට යනව නාවල පැත්තෙ තැනක. ආ කියන්ඩ අමතක උණානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ යන කාලෙ අපි කාගෙ කාගෙත් තිප්පලක් වෙලා තිබ්බ ගෙදරක් තිබ්බ ඒක තමා මේ රන්දිකයලගෙ ගෙදර. පොරගෙ අම්මයි තාත්තයි දෙන්නම හොඳ වැදගත් රජයේ සේවකයො (පුතා නසරාණිය උනාට). ඉතිං උදේ සිට හවස් වන තුරු රන්දිකයලගෙ ගෙදර පාසල්නොයන තවත් පොඩි පොඩි වැරදි වැඩ කරන අපේ සෙට් එකේ හිටපු හොඳ ළමයින්ට ක්ෂේම භූමියක් වගේ තමා. ඔය ඉස්කෝලෙ කාලෙ පුරුද්දට අපි වැඩට යන කාලෙත් ඉතිං මොකක් හරි වැදගත් වැඩක් තිබුනොත් රන්දිකයට කියල දවල් වරුවෙ ගෙවල් පැත්තෙ යන පුරුද්දක් තිබ්බ. හොඳ පුරුදු නැති කර ගන්ඩ හොඳ නැහැනෙ ඉස්කෝලෙ ගමන නැවැත්තුවයි කියල. අනිත් එක තමයි මුන්ගෙ ගෙදර ගොඩක්ම වෙලාවට කවුරුත් නැති නිසා යතුර තියන්ඩ ගෙදර උදවිය විසින් නම් කරපු තැනක් තිබ්බ (එක මල් පෝච්චියක් ලඟ). ඉතිං ඔය ලඟම යාලුවො ටික මේ යතුර තියෙන තැන ගැන හොඳ දැනුවත් වෙලා තමයි හිටියෙත්. අනිත් එක ඒ දවස් වල පරිගණක එච්චරම ප්‍රචලිත නැති කාලෙ. ඒත් රන්දිකට ගෙදරින් අරන් දීල තිබුන ඒ දවස් වල තිබ්බ හොඳම පරිගණකයක්. මම මේක කිව්වෙ ඇයි කියල ඕගොල්ලන්ට පස්සෙ තේරෙයි.


ඔන්න මේ සිද්ධිය වෙච්ච දවසෙ බුවා ගැණු ළමයවත් කතා කරගෙන පොඩ්ඩක් නිදහසේ ඉන්ඩයි කියල යන්ඩ හිතපු දවසක් (නිවාඩුවක් එහෙමත් දාල :p). ඉතිං ඇත්තටම එදා බුවා රන්දිකට කතා කරලත් නැහැ මොකද පොර වැඩට යන නිසාත් ගෙදර යතුර තියෙන තැන දන්න නිසාත් මොකට කරදර කරනවද කියල හිතල. ඉතිං ඔන්න බුවාන් ගියා ගෑණු ලමයත් එක්ක රන්දිකයගෙ ගෙදර. ගිහින් ඉතිං (@!~$$%$#$&&   වැඩිහිටියන්ට පමණයි   !!@$@!@!@%@#^%) ඉන්නවලු. ඔන්න එදා හරිම භීෂණාත්මක දවසක්. රන්දිකගෙ අම්මට අසනීප වෙලා උදේ වැඩට ගිහින් නැහැ. අම්මයි තාත්තයි දෙන්න බෙහෙත් ගන්න ගිහින් ආපහු ඇවිත්. අර මල් පෝච්චිය ලඟ තියෙන යතුරට අමතරව අම්මයි තාත්තයි දෙන්න ලඟත් තියෙනව ගෙදර දොරේ යතුරු.






ඔන්න රන්දිකගෙ තාත්ත ඇවිත් දොරට යතුර දාල කරකවන්ඩ බලද්දි දොරේ අගුලු දාල නැහැලු. ඒ වෙලාවෙ රත් වෙන්ඩ ඇති ඒ මනුස්සයට ඇයි දෙයියනේ ගෙදරට හොරු පැනලවත්ද කියල. ඔන්න අංකල් ගේ අයිනෙන් හොඳ පොල්ලක් එහෙම හොයාගෙන ඒකත් අරං ගෙට ඇතුල් වෙලා, දැං රන්දිකගෙ අම්මත් තාත්තගෙ පිටිපස්සෙන් හිමින් හිමින් යනවලු. ඔය අතරෙ බුවාට ඇහිල තියෙනව දොරේ අගුල කරකවන සද්දයක්. තිබ්බ බයටම විගහට කර කර හිටපු වැඩේ නවත්තල කලිසම හොයාගෙන එහෙන් මෙහෙන් ඇඳගෙන මේ යකා කාමරෙන් එලියට ඇවිත්. බුවා ආව විතරයි රන්දිකයගෙ තාත්ත උගෙ බෙල්ලෙන් අල්ලගත්තලු ( ආ අනිත් එක තමා රන්දිකයගෙ ගෙදර යන එන ගොඩක් යාලුවන්ව අම්ම අඳුරනව උනාට තාත්ත අඳුරන්නෙ එහෙ පැල් බැඳගෙනම හිටපු ටික දෙනෙක්ව  විතරයි. කොල්ලවත් දන්නවලු හිතාගන්ඩකො කොහොමද කියලා :p) දැන් බුවා නොවඳිනා වැඳුම් වඳිනවලු අංකල්ට මූව අඳුන්නල දෙන ගමන් "ඇයි අංකල් මතක නැද්ද අර රන්දිකගෙ කඩවත යාලුව මමනෙ අර රන්දික සෙනසුරද ඉරිද එන්නෙ අපේ දිහා" කිය කියා. ඉතිං ඇන්ටි ටිකක් මූව අඳුනනවලු. ඒ පාර ඇන්ටි කිව්වලු "ආ.. මට මතකයි මේ පුතාව, මොකද පුතා අසනීපයක්වත් හැදුනද හදිස්සියෙ මෙහෙ ආවෙ නිදාගන්ඩ " කියල. හික්ස්... එතකොටම ඔන්න බුවාගෙ ගෑණු දරුවත් එබිකම් කරනවලු කාමරේ ඉඳන්. ඒ පාර බුවා පුදුම අසරණ අඩියකට වැටිල දැං දහ අතේ කල්පනාවලු ජාම බේරගන්නෙ කොහොමද කියල. එක පාරට ආවලු අයිඩියාවක් බුවාගෙ ටිකිරි මොලේට. බුවා කිව්වලු "නෑ ඇන්ටි මම මේ අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් එක්කං ආව රන්දිකගෙ කොම්පියුටරෙන් කොම්පියුටර් ටිකක් කියල දෙන්ඩ" කියල. මෙච්චර වෙලා ඕක අහගෙන හිටපු අංකල් ඇහුවලු " ඈ ඕයි... තමුසෙ නංගිට කොම්පියුටර් උගන්නන්නෙ ඇඳුම් ඔක්කොම ගලවගෙනද ?" කියලා (විළි ලැජ්ජාවෙ බෑ....), ඕක අහපු ගමන් ඔන්න ගෑණු ළමය අඬන්ඩ පටන් ගත්තලු. මේක දැකල දෙන්නගෙම හිත උණු උනාලු ඉතිං කාගෙ උනත් ළමයෙක්නෙ කියල. ඊට පස්සෙ ඔන්න බුවා කිව්වලු " එහෙනම් ඇන්ටි අපි දැං යන්නම්. බොහෝම ස්තූතියි" කියල. ඒ පාර අංකල් කියනවලු "කොහෙ යන්ඩද තව ටිකක් ඔහොම ඉමු" කියල දෙන්නටම පැයක විතර දේශණාවක් දීල අන්තිමට අර ගෑණු ළමයට කිව්වලු " දුවේ මේ වගේ වනචරයො එක්ක ආශ්‍රය නොකරන තරමට ඔය ළමයට හොඳයි" කියලා. කතන්දරේ ඉවර වෙලා බුවා ඇඳුම් ඇඳගත්තත් ඇඳුම් නැතුවම වගේ එලියට බැහැල ගියාලු.


ඔන්න හවස රන්දිකය ආවලු ගෙදර. ඇවිත් නාල කාල එහෙම ඉන්න ගමන් තාත්ත ආවලු සාලෙ දිහාට, ඇවිත් කියනවලු " ආ.... අපේ ලොකු පුතා දැන් අලුත් බිස්නස් එකකුත් පටන් අරන්නෙ"  කියලා. දැං රන්දිකය නිකම් කරකවල අත ඇරිය වගේලු. මූ බලනවලු වැරදිලාවත් බිස්නස් කරන්ඩ හිතුවෙ නැති මූට තාත්ත මේ මොකක්ද කියන්නෙ කියල. මූ ඇහුවලු "මොකක්ද තාත්තෙ ඒ බිස්නස් එක?' කියල.


තාත්ත කිව්වලු 


" ඇයි කාමර කුලියට දෙන එක............"

Monday, June 27, 2011

අර මගෙන් ඉල්ලගත්ත 150


මේ ඇවිත් පරණ රස කතාවක්. මතක් වෙද්දි අපිටත් එක්ක ටිකාක් විතර ලැජ්ජ හිතෙන ජාතියෙ කතාවක්.................


මේ කතාවෙ කතා නායක තනතුර හොබවන්නෙ අර කලිනුත් පොඩි පොඩි අවුල් වැඩ වලින් කොල්ල විස්තර ලියල තිබ්බ මුක්කුවා තමයි. මුක්කුවා කොල්ලලත් එක්ක ගොඩක්ම ලඟින් ඇසුරු වුණේ සහ බොහොමයක්ම රස කතා මැවෙන්නෙත් අර උසස් පෙළ කියල ගොඩක්ම කොල්ලන්ගෙ ජීවිත වල හරි යන්ඩ හරි වරදින්ඩ හරි කියල එන කාල සීමාවෙ තමයි. කොල්ලලත් ඉතින් ඉතාම ආසාවෙන් හැමදාම උදේ නොවරදවා ගම්පහට යනව ඒ දවස් වල (පන්තියට යෑම නොයෑම තීරණය වෙන්නෙ එදා උදේම කාගෙ හරි ඔලුවට එන නසරාණි අදහසක් නැතිම උනොත් තමයි). ඒ කාලෙ ගැන ආපහු මතක් කරනකොට අනේ ආසාව සහ දුක කියන දෙකම එකට එකතු වෙච්ච පුදුමාකාර හැඟීමක් තමා හිතට දැනෙන්නෙ. ආසාව තමයි ඒ කාලෙ ගත්ත ෆන් ගැන මතක් වෙනකොට ආපහු ඒ කාලෙට යන්ඩ තියෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන එක. දුක හිතෙන්ඩ හේතු 2ක් තියෙනව, 


1) කොච්චර ආස උනත් ආපහු කාලෙ පස්සට යන්ඩ බැහැ කියල හොඳටම දන්න එක.
2) ඒ කාලෙ පොඩ්ඩක් හරි ඉගෙන ගත්තනං අද ඉංජිනේරු මහත්තයෙක් නේද කියල හිතෙනකොට


මොනව කරන්නද ඉතිං හැමෝම ඉංජිනේරුවො උනොත් උන් හදන බිල්ඩිං වල ඉන්ඩයි පාරවල් වල යන්ඩයි මිනිස්සු නැති වෙන නිසා කොල්ලලගෙ සෙට් එකේ එකෙක්වත් ඒ මෝඩකම කරේනම් නැහැ. 


කතාව මේකයි, ඔය කඩවල් ගානෙයි බස් නැවතුම ලඟයි හැමදාම කැරකි කැරකි ඉන්නකොට ඉතිං මල්සරා යන ගමං ෂූට් කරගෙන යනවනෙ හැමදාම දැකල පුරුදු හිතවත් කමට. ඔය මුක්කුවටත් උනේ ඒ වගේම දෙයක් තමයි. මුක්කුවට නිශාදි කියල ගැණු ළමයෙක් ගැන පිලිබඳ සිතක් පහල උනා. එදා ඉඳන් මේ මුක්කුවගෙ ජීවිතේ අපායක් උණා මදිවට යාලුවන්ටත් ඒකෙ ප්‍රති විපාක අත් විඳින්ඩ උනා. හැමදාම අර ළමයගෙ පන්ති ඇරෙන වෙලාවට මුක්කුව කොකෙක් වගේ බෙල්ල දික් කරගෙන ඉන්ඩ පටන් ගත්තා. ඌ එහෙම ඉන්නව මදිවට අපිටත් උණා ඌ වගේම වටේට රේඩාර් එක දාගෙන ඉන්ඩ. ඉතිං අපායෙ ගියා වගේ නෙමෙයිද කියල ඕගොල්ලොම හිතාගන්ඩකෝ..


පුරෝකථන ඔක්කොම අයින් කරොත් අන්තිමට උත්සාහවන්තයා ජයගනී කියන පිරුල හරි නිසා මුක්කුවා පවුල් උණා. එදා ඉඳන් මුක්කුව උදේ හවස අර නිශාදිගෙ මනෝ කාය එහෙම නැත්තම් වලිගෙ වගේ ඒ ළමය යන යන තැන දකින්න ලැබෙන චරිතයක් වෙලා තිබ්බ. හරියටම කියනවනම් අර පොලිස් කාරයෙක් හොරෙකුට මාංචු දාගෙන යනකොට ඒ හොරාට පොලිස් කාරය එක්ක යන්ඩම වෙනවනෙ, නිශාදිටත් උණේ ඒ වගේම ඇබැද්දියක් තමයි. කොහොමින් කොහොමින් හරි එක සෙනසුරාදාවක නිශාදි මුක්කුවට අඬගහල තිබුන එයාට සෙරෙප්පු දෙකක් ගන්න යන්ඩ. ගිහින් ඉතින් යනකොට යනකොට මේ ළමයට ලස්සන සෙරෙප්පු දෙකකට හිත ඇදිල එතනින් එහාට හෙල්ලෙන්නෙ නැති තැනට පත් උණා. පස්සෙ බලනකොට එවෙලෙ ඒ සෙරෙප්පු දෙකට හරි යන ගාණ නිශාදිගෙ අතේ තිබිල නැහැ. ඉතිං නිශාදි මුක්කුවට කියල "අනේ මුක්කු මගෙ අතේ දැන් ඕනෙ ගාණ නැහැ, ඔයා ලඟ තියෙනවනම් මට රු 150ක් දෙන්නකෝ. මම පස්සෙ ඔයාට දෙන්නම්". මුක්කුවත් ඉතින් සල්ලි සල්ලි කියල නොබලා 150ක් දුන්නලු. මේ කාලෙ ඉතිං කරන කියන දේවල් වටේ ඉන්න යාලුවො එක්ක කතා කිරීම ලොකු වීර කමක් විදිහට හිතන කාලයක් නිසා යාලුවොත් ඔය සිද්ධිය දැන ගත්තා.


ඔහොම ඉතින් ටිකෙන් ටික ඔය ආදර කතාව ගලාගෙන ගිහින් ගිහින් එක දවසක මේකට කණ කොකා ඇඬුවා. ඔන්න ඉතිං ඔක්කොම ඉවර වෙලා මුක්කුව ඇවිත් ඉන්නව කට්ටියත් එක්ක. ඉන්න ගමන් මුගෙ තියෙන ගොං කමටද වාචාල කමටද මන්ද කියවුණා "අපරාදෙ මගෙ රු 150. ඒක ඉල්ලගන්ඩ අමතක උණානෙ දුන්න දවසට පස්සෙන්දා. මට අමතකම වෙලා තිබුනෙ" කියලා... ඒ කාලෙ කොල්ලලගෙ සෙට් එක මහ නසරාණි යක්කු ටිකක්. මුන් ටික මොකද කරේ... ඊලඟ දවසෙ නිශාදි පන්තියට එනකොට පන්තිය අතුලෙන් එකෙක් කෑ ගහල කිව්ව " නිශාදි අර එදා මගෙන් ඉල්ල ගත්ත රු 150 දුන්නෙ නැහැනෙ නේද? මට ඔයත් නැති එකේ 150 තිබ්බනම් දුක හරි අඩු වෙයි " කියලා.. අර කෙල්ල පව් ඒ ළමයට පොලොව පලන් යන්ඩ හිතෙන්න ඇති.


එදාම හවස මේ ළමය ඇවිත් මුක්කුවට රු 200 ක් දීල කිව්ව "තමුසෙ වගෙ බූරුවෙක් එක්ක යාලු උණේ මගෙ තියෙන මෝඩ කමට" කියලා.


කොල්ලො ටික හවස අර රු 200න් එලවළු රොටී කෑවා. අර මුක්කුවටමයි වෙන්නෙ අප්පා.............

Thursday, June 23, 2011

කොල්ලාගෙන් තවත් වාහනයක් (Rolls-Royce Phantom)



කොල්ල අද ලෑස්ති වෙන්නෙ කට්ටියට කියන්ඩ තවත් වාහනයක් ගැන. ගොඩක් ධනපති උදවියගෙ සෞභාග්‍යවත් බව විදහා පාන්න පාවිච්චි කරන "සුපර් ලක්ෂරි" කියන කාණ්ඩය යටතේ වර්ග කෙරිල තියෙන මේ වාහනේ කාර් එකක්. ඒකෙ නම කියවෙන්නෙ සිංහල තේරුමෙන්නම් අවතාරයක්  එහෙමත් නැත්තම් මායාවක් කියන එක. ඒක කොච්චර දුරට ඇත්තද කිව්වොත් අපි වගේ පුංචි පහේ උදවියට මේක ඇත්තෙන්ම මායාවක් තමයි. අ‍ටුවා ටීකා ඕනෙ නැහැ මීට වඩා මේ මෝටර් රථය තමයි රෝල්ස් රොයිස් සමාගමේ හදන Rolls-Royce Phantom  කියන මාදිලිය. මේ මාදිලිය නිෂ්පාදනයට එන්නෙ 2003 වර්ෂයෙ. 2003 ඉඳන් අද දක්වාම මේ මාදිලිය බොහොම සාර්ථකව නිෂ්පාදනය වෙන වගේම විකිණීමත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා තියෙනව.


මේ ෆැන්තම් මාදිලිය තමයි රෝල්ස් රොයිස් සමාගම තවත් ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වෙන බී.එම්.ඩබ්ලිව් සමාගම යටතට පත් වුණාට පස්සෙ නිෂ්පාදනයට ගත්ත පළවෙනිම මාදිලිය. ඒ වගේම මේ මාදිලියෙන් විස්තරිත උප මාදිලි දෙකක් වෙන Rolls-Royce Phantom Drophead Coupé, සහ Rolls-Royce Phantom Coupé දැනට නිෂ්පාදනය වෙනව කියන එකත් ඕගොල්ලන්ට කියන්න පුලුවන්. මේ මෝටර් රථය ඉතාම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වෙන (කොල්ල ආසාවෙන්ම බලන ) Top Gear වැඩසටහනේ 2003 වසරේ මෝටර් රථය විදිහට සම්මානයකුත් ලබා ගත්තා. මේ මෝටර් රථය නිපදවන්නෙ එංගලන්තයෙ බටහිර සසෙක්ස් ප්‍රාන්තයෙ චිචෙස්ටර් වල පිහිටි Goodwood කියන කර්මාන්ත ශාලාවෙ.


මේ මෝටර් රථයෙ වින්‍යාසය FR කියන කාණ්ඩයට වැටෙනවා. වාහන ගැන උනන්දු උදවිය දන්නවනෙ ඒ කියන්නෙ ඉදිරිපස එන්ජිම සහ පසුපස රෝද වලින් දිවෙන කියන එක කියල. නොදන්න අයට FR Layout  කියන්නෙ Front-engine, rear-wheel drive layout කියන එකයි. වාහනේ බඳ මුලුමනින්ම වගේ ඇලුමිනියම් වලින් තමා නිපදවල තියෙන්නෙ ශක්තිය සහ කාර්ය සාධනය (performance) සඳහා. එන්ජිම පැත්තට ආවොතින්, 6750CC ධාරිතාවයක් තියෙන ඉංග්‍රීසි V හැඩයට තියෙන සිලින්ඩර 12ක් තමයි මේ භූතයව පාර දිගේ යවන්නෙ. එකම වේගෙකින් යන්ඩ බැරි නිසා වේගය වෙනස් කරන ගියර පද්ධතියකුත් මේකෙ තියෙනවනෙ. ඒක ට පාවිච්චි වෙන්නෙ ජර්මනියෙ ZF Friedrichshafen සමාගමේ නිපදවුන වේග 6කින් සමන්විත වෙච්චි ස්වයංක්‍රීය ගියර පද්ධතියක්. වාහනේ දිග පලළ ගත්තොතින් ඉතිං මේක හොඳ සල්ලි තියෙන තරබාරු අය යන නිසා ටිකක් ලොකුවට තමා හදල තියෙන්නෙ. දිගින් මීටර් 5.834 ක් වෙන මේ වාහනේ පලළ මීටර 1.989 ක් වෙනව. හිතාගන්නකො කොහොම ඇතිද කියල ප්‍රමානෙ. අනික කියන්න ඕනෙ කොල්ලනම් හැමදාම මේ වගේ වාහන 1ක් 2ක් දකිනව මේ ඉන්න රටේ. සමහර විට ඒ එකම වාහනේ වෙන්ඩත් පුලුවන් හොඳේ :p


නව තාක්ෂණය මේ වාහනේ පාරිභෝගිකයන්ට ලබල දෙනව ගෙවන මුදලට වටිනාකමක්. ඒ දේවල් කෙටියෙන් කිව්වොතින්


* අපි මේ වාහනයක් ගන්නවනම් අපිට පුලුවන් පාටවල් 44,000 කින් කැමති පාටක් අපේ වාහනේ පාට බවට පත්කරගන්ඩ (කොහොමද පාට වලින් දෙන සැපේ)


* වාහනේ පදවන කෙනාට බලාගන්න පුලුවන් කොච්චර බලයක් ඔහුගෙ පාවිච්චියට එන්ජිමෙන් දෙනවද කියල. ඒකෙන් වාහනේ එලවනකොට වාහනේ ගැන තියෙන විශ්වාසය තහවුරු වෙනව.


* පිටිපස දොරවල් වල සරනේරු තියෙන්නෙ පිටිපස්සෙ නිසා දොරවල් ඇරපුවහම ලොකු ඉඩක් එනව වගේම හරිම පහසුයි ඇතුලු වෙන්නෛ පිට වෙන්නයි. මේ දොරට කියන්නෙ Coach Doors කියල සමාගමෙන්. ඒ වගේම දොරවල් පිහිටල තියෙන අසම්ප්‍රදායික විදිහ නිසා සහ ආරක්ෂාව තහවුරු කරන්න මේ දොරවල් ඉලෙක්ට්‍රොනික අගුලු වලින් සමන්විත වෙලා තියෙනව. වැරදීමකින් හරි වාහනේ යන්න හදනකොට මෙයින් එක දොරක් හරි ඇරිල තිබුනොතින් වාහනේ ස්වයංක්‍රීයවම ඇවිදින වේගයට පහළ වැටෙන විදිහට තිරිංග ක්‍රියාත්මක වෙනව.




* ස්වයංක්‍රීය දිශා දර්ශකයක් (කටහඬට අනුකූල ), ස්වයංක්‍රීය හිරු වහලක් (sunroof), පසුපස ආසනයට වෙන් වෙච්චි ඩී.වී.ඩී පද්ධතියක්, ස්පීකර 26ක් එක්ක එන හඬ පද්ධතියක් වගේ එකී මෙකී නොකී දේවල් ගොඩක්ම මේ වාහනේ ගන්න පිංවතාට අත්විඳින්න පුලුවන්ලු.........




වාහනේ ගැන කිව්වට ගාන අපි කාටවත් වැඩක් නැති නිසා කියන්නෙ නෑ හොඳේ




මේක ඇවිත් වාහනේ ගැන හැඳින්වීමක් විතරයි. තව විස්තර දැනගන්න ආසයි නම් මෙන්න මේ සබැඳිය ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුලුවනි.      



Friday, June 17, 2011

අලුත් රස්සාව





අලුතෙන් රස්සාවකට ආව නිසා පොඩ්ඩක් කාලය කියන එක තියෙනව මේ දවස් වල. අලුත් රස්සාව කියන්නෙ අලුත් මිනිසු අලුත් ක්‍රමවේද (ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන ) සහ තව එකී මෙකී නොකී දේවල් ගොඩක් මැද්දෙ හිර වෙලා. හරි ෂෝක්….. ඉතින් වේන රටකට යන්ඩ ලෑස්ති වෙන නිසා කොල්ලව හෝටල් කාමරේකට කොටු කරලත් දාල තවත් මරු.




දෑන් කොල්ලගෙ දින චරියාව ගෙවෙන්නෙ මෙහෙමයි


උදේ 8 වෙනකොට නැගිටීම
8.30 වෙනකොට උදේ කෑමට යෑම
8.45ට කාර්යාලයට යෑම
වැඩ 
වැඩ
කෑම වෙලාවෙ ජාලෙ බයිල කෙලීම
වැඩ
වැඩ
5.00-5.30ට ආපසු යෑම
6.30-1.00 (විනෝදාන්ශ )
පාන්දර 1.00-1.30ට නිදාගෑනීම


කොහොමද වැඩේ?? 

Wednesday, June 15, 2011

ප්‍රියයන්ගෙන් වෙන්වීම





ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියල කියල තියෙනවනෙ අපේ පැරණි උදවිය. ඒක ඇවිත් නිකම්ම නිකම් කතාවක් කියල කොල්ල හිතාගෙන හිටිය පොඩි දවස් වල. ඊට පස්සෙ ඒ කතාවෙ ඇත්ත නැත්ත තේරුනේ කොල්ලගෙ අප්පච්චි කොල්ලවයි පවුලෙ අනිත් අයවයි දාල ගිය දවසෙ. ආපහු ඊට පස්සෙ කොල්ලගෙ කෙල්ල අවුරුදු ගානකට පස්සෙ කොල්ලව දාල ගිය වෙලාවෙත් කොල්ල ඒකෙ ඇත්ත නැත්ත හොඳින්ම අත් වින්ද. මේ දේ අත් විඳල තියෙන ඈයො දන්නව ඇති මම මේ කියන්නෙ මොකක්ද කියල.


මනුස්සයන්ට හිතක් තියෙන්නෙ හිතන්ඩ වගේම හැඟීම්බර වෙන්ඩත් නිසාම අපි ගොඩක් වෙලාවට හිතනවට වඩා හැඟීම්බර වෙන නිසා පොඩි දෙයක් උනත් හිතට කා වදින ගැඹුර වැඩි ඇති මගෙ හිතේ. කොල්ල අවුරුදු දෙකකට පොඩ්ඩක් අඩු වෙන්ඩ මේ දැන් ඉන්න රටේ හිටිය. ඒ ඉන්න අතරෙ නොදැනීම හිතට ලං වෙච්ච දේවල් තිබුණ. ගොඩක්ම දේවල් වලට වඩා එකම එක දෙයක් කොල්ලගෙ හිතේ ඇතුලටම කා වැදුන, සමහර විට ඒක එහෙම උනේ රිදිල තිබුන හිතකට ලොකු සහනයක් ඒ දෙයින් ලැබුණු නිසාද කියල මේ අද වෙනකම්ම කල්පනාවට නොඑන තරමටම ඒ දේ හිතට කා වැදුන. එහෙම වෙලා ටික කාලයක් යනකොට කොල්ලගෙ ජීවිතේ නැතුවම බැරි දෙයක් බවට ඒ දේ පත් උණා. අද වෙනකොට කොල්ල ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණයක් ගන්න තව ටික කාලයක් ඕනෙ කියල හිතෙන තරමටම ළං වෙනකොට, කොල්ලට ඒ හැම දේම අත් ඇරල වෙන රටකට යන්ඩ වෙලා..........


පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි


ඒත් එක පාරක් ජීවිතේ රිදුණු තැනක් ආපහු රිද්දගන්න ඕනෙ නැහැ කොල්ලට. බලමු මොකක් වෙයිද කියලා.......

Friday, June 10, 2011

කලකට පස්සේ... (ජීවිතය )

හරියටම කිව්වොතින් සති 3ක් වගේ කාලයක් ලිව්වෙම නැහැ මුකුත්ම..දූවිලි ටිකක් ගසල දාල මකුළු දැල් කඩල පාළුව යන්ඩ්ත් එක්ක ලියන්ඩ හිතුවා පුන්චිම පුන්චි දෙයක්....



කෙටි කලකටයි මෙලොවට බිහිවී     ඉන්නේ
ඇයි ඒ ටිකෙත් මේ ඇත්තෝ වලි     කන්නේ
පැණි රස තිත්ත රස දෙක කළවම්     වන්නේ
එවිටයි දිවියෙ අර්ථය පැහැදිලි        වෙන්නේ



රැක ගන්නට තමන්ගේ මේ බඩ         වියත
බල්ලෙකු පමණ වුව මිනිසෙකු යයි    පහත
ඒ වැනි සතුන් ගහණව ඇති මේ          දියත
කපුටන් සුදු නොවෙය පණ්ඩිතයන්   කියත