හිතන්න පොඩි දෙයක්





ආපහු බ්ලොග් එකට පොඩ්ඩක් කර පෙව්වා. සෑහෙන දවසකින් හිතල ලිව්වෙ නෑ ඒක නිසා ලියන්ඩ යනකොට අත කියන්නෙම ලියන්ඩ එපා කියලමයි. ඒත් මට අර කතන්දර කියන්නැහැ රයිටර්ස් බ්ලොක් එක හැදිල නෑ කියල මටම හිතෙන නිසාත් අද මොනව හරි ලියනවමයි කියල උදේ නැගිටිනකොටම හිතපු නිසාත් ලියන එක ලියනවාමයි........


අද ලියන්ඩ හිතුනා අපි සමහර වෙලාවට දකින ඒ දේ නිසාම සමහරු සෑහෙන අපහසුතාවයට පත් වෙන එක පොඩි දෙයක් ගැන. ඔය දේ මුලින්ම පටන් ගන්නෙ ඉස්කෝලෙන්. ඕගොල්ලො ගොඩ දෙනෙක් මේක දැකල තියෙන්නත් පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පාසල් කාලෙ ඉන්නව එක එක ආකාරයේ කල්ලි.

  • මැර කල්ලිය (ඉගෙන ගන්න එච්චරම ආස නැති ජල්තර වැඩ වලට නම් දරාපු කල්ලිය - මාත් හිටියෙ මේකෙ)
  • බ්‍රයිට් කල්ලිය (ඉගෙන ගන්න කල්ලිය)
  • මෙලෝ රහක් නැති කල්ලිය (ඉගෙනීමට සම්බන්ධ නැති දෙයකට හරිම උනන්දුවෙන් සෙට් වෙලා ඒකෙම එල්ලීගෙන ඉන්න කල්ලියක්)
  • මෝරුන්ගෙ කල්ලි ( සල්ලි තියෙන තාත්තලගෙ පුත්තු වටේ එකතු වෙලා ඒ පුතාලගෙන් යැපෙන කල්ලි - එකකට වැඩි ගානක් තියෙන්ඩ හැකියි)



ඉතිං ඔය වගේ කල්ලි ඉස්කෝලෙන් පස්සෙත් පවතින වෙලාවල් තියෙනවා ඒත් හැමෝම නම් නෙමෙයි. අර මුලින්ම කියපු සෙට් එක නම් ගොඩක් වෙලාවට එකට ඉන්න අවස්ථා වැඩියි, අන්තිමටම කියපු සෙට් එක ඉස්කෝලෙ කාලෙවත් එකට ඉඳීද කියන්න බැරි තරමට උන්ගෙ පරමාර්ථ වෙනස් නිසා.


පහු ගිය කාලෙක ඔය වගේ කල්ලි දෙක තුනක් මගුල් ගෙදරකදි සෙට් උණා. ඒකට ඇවිත් හිටියා ඔය කලින් කිව්ව වගේ කොල්ලන් විසින් වට කරගෙන හිටපු සල්ලි කාර පුතෙක්. මේ යාලුවා ඒ දවස් වල තමුන්ගෙ කල්ලියෙ සගයෙක් වෙලා හිටපු තමුන්ගෙන් සෑහෙන්න වාසි ගත්තු  (නමුත් දැන් සමාගමක ලොකු තනතුරක් දරන) ඒ වගේම කාලෙකින් හමු නොවුණු කෙනෙක්ට මෙහෙම කියනවා.


"මචන් (ඔහුගෙ නම කියලා) අර ස්‍ටුවර්ඩ් ලඟට ගිහින් පොඩ්ඩක් එන්න කියපං බන් මම දැන් 3-4 පාරක්ම කතා කරා මේ යකා එන්නෙ නෑනෙ" කියලා


ඒ වෙලාවෙ අර යාලුවගෙ මූණෙ ඇති වුණ හැඟීම දැකපු අපිට ඇති වුණෙත් කියාගන්න අමාරු ලැජ්ජාවක්.


පාසලෙන් අයින් වෙලා අවුරුදු 10කටත් වඩා කල් ගෙවුණට පස්සෙ අපි කවුරුත් තේරුම් ගන්න ඕනෙනෙ අද ඉන්නෙ එදා හිටියට වඩා සෑහෙන්න වෙනස් වුණු මිනිස්සු කියලා. ඒ දේ තේරුම් නොගත්ත මිනිස්සු නිසා සිද්ධ වෙන්නෙ දෙගොල්ලොම අපහසුතාවෙට පත් වෙන එකයි. අනිත් දේ තමයි තමුන් අතීතෙදි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු දේවල් වලින් තමුන් පහු කාලෙක අපහසුතාවයට ලක් වෙන්න පුලුවන් කියල හිතාගෙන අද ඉඳන් හෝ වැරදියි කියල හිතෙන දේවල් කරන එකෙන් වැළකීම.


ඕගොල්ලො මොකද හිතන්නෙ කියල කමෙන්ට් එකකුත් දාලම ගියොත් මට සන්තෝසයි

Comments

  1. ඔන්න ඔය වෙනසට මම හරිම අකමැතියි.. ඒත් අකමැත්තෙන් උනත් මුහුන දෙන්න වෙන යථාරතයක් තමයි ඉතින්... කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
  2. මොකක්ද පිරුලක් තියේ නේද?

    .... මාළු තෑවනම් ...... මතක නෑ හරියටම... ඒකම තමා කියන්න වෙන්නේ...

    ReplyDelete
  3. කුම්බලා මාළු කියල තමයි මතක....

    ReplyDelete
  4. @ පිස්සා පලාමල්ල - ඔව් මචං හරියට හරි

    @ තරුණ මහත්මිය - කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ කියන එක වෙන්න ඕනෙ.

    ReplyDelete
  5. කුම්බල මාළු කෑවනම් විඳවපන් බළලෝ කියල නම් තියනවා.
    ආදර්ශමත් කතාවක් අයියා...

    ReplyDelete
  6. @ සඳ සාවි - බොහෝම ස්තූතියි ආවට මේ පැත්තෙ. ඔන්න මම ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරා.

    ReplyDelete
  7. "ඒ දේ තේරුම් නොගත්ත මිනිස්සු නිසා සිද්ධ වෙන්නෙ දෙගොල්ලොම අපහසුතාවෙට පත් වෙන එකයි"...ඔතනදි මචං සමහරවිට ඔය මෝරා දැනදැනම වෙන්නත් පුලුවන් නේද එහෙම කිව්වෙ..මූ ඒ දවස් වල මාව අන්දල මගෙන් හොඳට කෑව නේද කියල මතක් වෙලා..

    ReplyDelete
  8. ඇත්ත තමයි . සල්ලිකාර පුතාගේ මොලේ වයසේ තරමට වැඩිලා නැතුව ඇති.

    ReplyDelete
  9. @ දිනිත් - නෑ මචං ගොඩක් සල්ලිකාර තාත්තලගෙ පුතාලට එහෙම හිතන්න මොළයක් නෑ බං මම හිතන්නෙ ඌ ඒක කරේ ගොං කමට.

    @Bindi - කාලෙකින් දැක්කෙ. හරියට හරි

    ReplyDelete
  10. ඔව එහෙම තමයි බන්. ඔය කල්ලිවාදෙ ඉස්සරටත් වඩා දරැණුවට තියෙනවා අද ඉස්කෝලවල. දැං ඉන්න එවුන්ට උගන්නන්න ගියාම එපා වෙනවා.

    ReplyDelete
  11. ChAnDiKa ගේ කතාව හරි අද තමයි කල්ලි ගැන එක වැපුරම හා දරුනුවටම තියෙන්නේ ඉස්සර නම් ඔය කල්ලි වලින් මහ ලොකු වරදක් වුණේ නෑ ..

    ReplyDelete
  12. @ සඳරුවා - එහෙමද බං?? කාලෙත් එක්ක හිතන පතන විදිහ වෙනස් නොකරගත්තම වෙන අපහසුතා තමා මේවා.

    ReplyDelete
  13. ඔහොම සම හරක් ඉන්නවා ..........:D

    ReplyDelete
  14. අඩේ මාත් හිටියෙ ඔය පළවෙනි එකේනෙ බන්...

    ඕව ඔහොම තමයි බන්. සතුටු වෙනවා ඒ කල්ලියෙ හිටියෙ නැති එක ගැන...

    ජය...!!!

    ReplyDelete
  15. @ නචියා - එළ එළ පළවෙනි එකේනම් ඉතිං අහන්න දෙයක් නෑ.

    ReplyDelete
  16. අලේ මංද මොනව කියන්නද කියල.මම හිටියෙත් ඔය තුන් වෙනි කල්ලියෙ.

    ප.ලි. මේව බයට දාන කමෙන්ට්

    ReplyDelete
  17. මරනවා කියපු හන්දා දාන්නෙ :D කතාවනම් ඇත්ත තමා
    -උඹ නේද ඕක කලේ?-

    ReplyDelete
  18. @ සිහින - උඹ උනන්දු වෙලා හිටියෙ මොනවටද ඉතිං බං??

    ප.ලි - බයට හරි කමෙන්ට් එකක් දාපු එකට තැංකූ

    ReplyDelete
  19. @ මදුශාන් - නෑ බං පිස්සුද මම නෙමෙයි (මට එච්චර සල්ලි තිබ්බනම් පිට රට එනවද බං රස්සාවට??)

    ReplyDelete
  20. වවුලගේ මගුල්ගෙදර එල්ලිලා හිටු !!
    මේ දැන් ඉන්නේ කොහෙද ? වියට්නාමේ නෙවෙයිද ?

    ReplyDelete
  21. ආ සරත් කොහොමද ඉතිං??

    වියට්නාමෙ වියට්නාමෙ ඉන්නෙ (මේක දාල කොහෙ යන්නද දැං)

    ReplyDelete
  22. ඉස්සර තමන්ගේ කොයි තරම් අතිජාත මිත්‍රයෙක් උනත් ඒ කෙනා අද සමාජයේ යම් ඉහල තැනක වැජබෙන කෙනෙක් නම් ඒ කෙනාගේ ආත්ම ගෞරවය ආරක්ශා වෙන විදිහට වැඩ කරන එක තමයි යුතුකම.!!!

    ReplyDelete
  23. අද මම විතරයි ඔපිස් එකේ...මගේ කම්පිටරෙයි ෆයිල් වලයි ඩේට තියන නිසා පොජෙක්ට් වල ෆයිනල් කැපිටලයිෙස්ෂන් වලට ඕනි දත්ත වගයක් ගන්න අපේ බොසා ආව මෙහෙට....ඇවිත් අපි දෙන්නම එකතු වෙල වැඩේ ගොඩ දැම්ම..ඒක සාමාන්‍යයෙන් මේ වගේ ආයතන වල නොවන දෙයක්..
    පෙරෙයිද අපේ බොසාලෙගෙ ලෙවල් එකෙන් පිට අයට කරපු ප්‍රසන්ටේෂන් එකක මම තමයි ටී බෝයි...
    මම පොරක් කියනව නෙමෙ...ඒත් කොයි තරන් ලොකු පුටුවල හිටියත් උන් පොරවල් කියල බලාගන්න වෙන්නෙ ගහගනිපු බෝඩ් එකකින් නම් උන් තැන් තැන්වල ටී බෝයිලටත් අන්ත විදියට ෆක් වෙනව...
    වේටර ක්ලීනර් කෙනෙක් වුනත් හරියට කෙලින් තමුන්ගෙ ජොබ විතරක් කරනව නම් ඒවත් හරි ගරුකටයුතු ජොබ්...
    ඒත් මෙහෙ(ලංකාවෙ) බහුතර මයිනර් ස්ටාෆ් උන් හිතන්නෙ තමන්ගෙ ජේ ඩී එකට ලොක්කට ගොට්ට අල්ලන එක කඩේ යන ඒවත් ඉන්ක්ලූඩ් කියල..

    ReplyDelete
  24. @ අමිල -ඇත්තටම හිතන්න ඕනෙ දෙයක් තමඉ ඕකත්. තැංකූ මේ පැත්තෙ ආවට

    ReplyDelete
  25. අහ් මටත් මතකයි ඔහොම කල්ලි තිබුනවගේ අපේ ඉක්කෝලෙත්.. අපිනං ඉතිං නෑ ඔව්වට.. හිකිස්

    ReplyDelete
  26. @ හිමා - ඇයි අප්පා ඒ. ඉන්නනෙ තිබ්බෙ ඔයා එක කල්ලියක හරි.. :)

    ReplyDelete
  27. අප්පා..කල්ලිද..කල්ලි ගැන කතා කරන්න එපා මල්ලි...

    ReplyDelete
  28. මම නං ඉස්කෝලෙ යන කාලෙ ඉඳං කල්ලි සීන් එකට නෑ . . . . ඔය ගරං කන සහ පාඩං කරන කල්ලි වල ඇරෙන්න අනිත් හැම කල්ලියකම වගේ හිටිය. හැබැයි අදටත් මම මොන තත්වෙක හිටියත් . . . . මම . . . . ගමේ ඉස්කෝලෙ යාලුවන්ට "ක‍ටුවා", ශාස්ත්‍රාලෙ එවුංට "ජන්තුවා", ධර්මපාලෙ එවුංට "ඇන්ඩා", කැම්පස් එකේ එවුංට "ඕනයා" . . . . . . මම ඒ හැඳින්වීම කවදාවත් අඩුවෙං හිතන්නෙ නෑ . . . . .

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

ආයුබෝවන්

යථාර්තය