බීපු ඩබල

මේක නම් මම කලින් කාගෙන් හරි අහපු කතාවක්. මරු කතාව නිසා දාන්න කියල හිතුනා ඔන්න දවසක් රෑ බාර් එකෙන් එලියට ආවලු කන් පාත් වෙලා සාක්කු වලත් පතුලටම බැහැපු ඩබලක්. දෙන්න එලියට ඇවිත් ටික වෙලාවක් වට පිට බල බල ඉඳලා පයින්ම එක පැත්තකට ගියාලු. ටික දුරක් ගිහින් එක පොරක් අනිත් පොරට කියනවලු මෙහෙම 1 පොර - ආ මචං. ඔන්න අපේ ගෙවල් ලඟටනම් ආවා. උඹට තනියම උඹේ දිහාට යන්න පුලුවන් නේද?? 2 පොර - පිස්සුද යකෝ මේ මගේ ගෙදර. උඹට තනියම උඹේ ගෙදරට යන්න පුලුවන්ද?? 1 පොර - උඹ බීල වැඩි වෙලා. මේ මගෙ ගෙදර යකෝ. මායි හාමිනෙයි පුතයි විතරයි මෙහෙ ඉන්නෙ. උඹ කොහෙ ඉන්නද මේ ගෙදර?? 2 පොර - මේ මේ පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා… මේ මගෙ ගෙදර. මායි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ මගෙ ගෙදර. ඔන්න ඔහොම පැය කාලක් විතර දෙන්න වාද කර කර ඉන්නවලු. ඊට පස්සෙ. 1 පොර - හා හා වරෙන් අපි දොරට තට්ටු කරල අහමු මේ කාගෙ ගෙදරද කියලා ඔන්න දොරට ටික වෙලාවක් තට්ටු කරාම ගෑණු කෙනෙක් දොර ඇරියලු. 2 පොර - සොරි ඈ කරදර කරාට මේ රෑ. අපිට කියන්න මේ කාගෙ ගෙදරද කියලා කාන්තාව - හිටු කොස්ස අරන් එනකම් මම. අදත් තාත්තයි පුතයි දෙන්න සිහි නැති වෙන්න බීල මෙතන ඇවිත් නේද මට ...