පහු ගිය අප්රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගියේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන...
සුභපැතුම් අයියා.....දිගටම ලියන්න.....
ReplyDeleteහිමින් යන කෙනා ගමන දිගටම යනවා හයියෙන යන කෙනාට ති වැටිලා නතර වෙනකොට එයාවත් පහු කරගෙන.. සුබපැතුම්..
ReplyDeleteජයෙන් ජය...!!
ReplyDeleteනියමයි මගෙනුත් පළවෙනි කමෙන්ට් එකෙන්ම ඔන්න සුභ පැතුම්
ReplyDeleteඔය රේට් එකෙංම 100 ගහපං . . . මගෙං සුබ පැතුම්
ReplyDeleteමගෙං සුබ පැතුම්
ReplyDeleteජය...!!
සුභ පැතුම්. ඉබ්බයි දිනුවෙ හාව නෙවෙයි මතකයිනෙ.
ReplyDeleteමාත් මග එනවා!සුභ පැතුම්!!!!
ReplyDeleteඉලක්කමෙන් නම් 50 කියන්නේ මොකක්ද? ඒත් පෝස්ට් වලින් ගත්තම නම් 50 කියන්නේ අලි ගානක්. ඉතින් තවත් 50 ඒවා 50 ක් ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteතව අම්බානෙක ලියන්න අපි ඉන්නවනෙ කියවන්න.......අදයි ආවෙ මේ පැත්තෙ ජය හෝ.....!!!!!
ReplyDeleteඑල එල කොල්ලා ඔහොම යන්.50ට මගෙනුත් සුබ පැතුම්.
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteසුබ පතන්න ආවේ . පරණ ලිපි මග ඇරිලනේ මට . දිගටම ලියන්න . දැන් මට තේරෙන දෙයක් තමයි බ්ලොග් එකක් පවත්වාගෙන යන්න ලියන්න පුළුවන් වීමට වඩා ලොකු ආත්ම ශක්තියක් ඕනේ . WILL POWER නේද ඕකට සිංහලෙන් කියන්නේ . කාලයක් තිස්සේ මේ වැඩේ කරන අයට මගේ ලොකු ගෞරවයක් තියෙන්නේ ඒ හන්ද. ඒ හන්ද හැකියාව තියෙන අය කොහොම හරි දිගටම ලියන එකත් වැදගත් ...WISH U ALL THE BEST ..
ReplyDelete@ සිනි - ස්තුතියි නගා... ලියන්න බලනවා දිගටම
ReplyDelete@ සරත් - බොහෝම ස්තුතියි යාලුවා...
@ සෝලෝ - ස්තුතියි බං...
@ කණියා - ස්තුතියි. බ්ලොග් එකට ආවටත් ස්තුතියි...
@ ඕනෙ - ස්තුතියි මචං. කමක් නැද්ද මේ රේට් එකෙන්ම ගැහුවට :p
@ නිශ් - ස්තුතියි මචං
@ Mobileman - ඔව් ඔව් මතකයි. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට
@ Sabith - වරෙං වරෙං . උඹට මට කලින් 100ගහන්න පුලුවන් වෙන්නයි කියල ප්රාර්ථනා කරනවා
@ bckurera - බොහෝම ස්තුතියි යාලුවා
@ පිස්සා - ලියන්නං ලියන්නං.. ස්තුතියි මට හයියක් උනාට
@ නිකමා - බොහොම ස්තුතියි මචං..
@ Dinesh - ස්තුතියි ගොඩාක්
@ Bindi - ඒ කිව්වෙ මට ලියන්න බැහැ කියලද??? :(((
:p :p :p හික් හික්
බොහෝම ස්තුතියි දිරි ගැන්වීමට.
0on ehenao kollo magenuth bota subapathum..
ReplyDelete(Podi gamaya)
@ පොඩි ගමයා - ස්තූතියි මචං....
ReplyDelete