බහලුම් පෙට්ටි



ඕං 2013 පළවෙනිම පෝස්ට් එක.

හැම දේම පිට රටිං එන මේ කාලෙ, නිකමට හිතුනා ඔය බඩු එන වගේම අපේ රටෙං අපනයනය කරන බඩු යවන්නත් යොදාගන්න බහලුම් හෙවත් කන්ටේනර් පෙට්ටි වල දිග පළල වගේම තව විස්තර ටිකකුත් ඔයගොල්ලො එක්ක බෙදාගන්න. 

ගොඩක් අයට ප්‍රයෝජනවත් නැති උනත් සමහරුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.




පැහැදිලි මදි නම් රූපෙ උඩ ක්ලික් කරන්න ලොකුවට බලන්න.

මොනවා හරි අඩු පාඩුවක් තියේ නං පෙන්නන්න.


Comments

  1. මට ප්‍රයෝජවත් අංශයකට අදාල ලිපියක් නොවුවත්(එත් ඒක සර්ව කාලීන නෑනේ. ඉස්සරහා දවසකදි සමහර විට උවමනා වෙන්නත් හැකියි) අළුත් කොල්ලා ලිපියක් ලියු නිසා එය කියවුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිඋමි. පසුව දවසක ප්‍රයෝජනවත් වෙන්නත් බැරි නෑ

      Delete
  2. කන්ටේනර් ගැන දැක්කම පරණ මතක ගොඩක් මතක් උනා.. මම නම් නිකම් ඉන්න වෙලාවට සයිට් එකට රිංගලා තමයි අල්ලගත්තේ.. හි හි..

    ඔය කන්ටේනර් වල නම්බර් එකෙන් හොයන්න පුළුවන් කන්ටේනර් එක කාගෙද, මොන ජාතියෙද ( නෝමල් 20 ද, 40 ද, 45ද, රීෆර්ද වගේ ) කියලා... ( හැම එකම නෙවෙයි.. ISO numbering system එකේ ඒවා) මට දැං හැම එකම මතක නෑ... ඒ වගේම අන්තිම නම්බර් එක කියන්නේ අනිත් නම්බර් ටික එකතු කරලා සුත්‍රයක් දාලා ගන්න Check Digit එකක්.. ඒ නම්බර් එකෙන් අනිත් කිසිම දෙයක් නැති උනත් කන්ටේනර් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්..

    ඕක හෙන ආස හිතෙන වැඩක් නිකම් කියවලා බැලුවොත් ... හි හි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කම්මැලි නැත්තම් ගිහින් බලන්න.. ඔතන ගොඩක් එයාලගේ කන්ටේනර් ගැන විස්තර තියෙනවා.. කැටගරීස් ඔක්කොම විස්තර කරලා තියෙනවා රෑප සටහන් එක්කම...

      Container types

      Delete
    3. ස්තුතියි හිරු! අර දුන්නු ලිංක් එකටනං යන්න බෑ. මම රැකියාවටනං කරන්නෙ මේ සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් අන්තිමේ අපි මහන ඇඳුං පිට රට පටවන්න මේවා ඕනෙ වෙනවා :)

      Delete
    4. මෙන්න කන්ටේනර් අංකගත කිරීම ගැන වැද්ඩ්ගත් ලිපි ටිකකට ලිංක් ටිකක් (නම්බරිං) ඔයා හරියටම හරි

      http://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/container_identification_system.html

      http://excel.bigresource.com/check-digit-for-container-numbers-Dtw0Y9gL.html

      http://www.australiatrade.com.au/Shipping/ContainerCodes/index.htm

      Delete
    5. හැබෑටම ඒකට යන්න බෑ නේ.. ඇයිද මන්දා... ඔන්න මේකෙන් බලන්නකෝ.. ඔය මං වැඩ කරපු ලයින් එකේ සයිට් එක... ගොඩක් මෙයාලගේ කන්ටේනර් නම්බරින් ISO සිස්ටම් එකට තියෙනවා කියලා තමයි කියන්නේ...

      http://www.hapag-lloyd.com/en/fleet/container_type_groups.html

      නම්බරින් ගැන විකිපීඩියා එකේ හොඳ විස්තැයක් තියෙනවා දැක්කා.. මගේ කාසා ටියුට් ටික අහුවුනොත් ඔය සිස්ටම් එක ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගන්නා..

      අලුත් කොල්ලා ගාමන්ට් එකේ අපනයන කටයුතු සම්බන්ධවද වැඩකරන්නේ.. ඒකෙදි නම් මේවා දැනගෙන ඉන්න එක වැඩට පහසුයි...

      Delete
  3. ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් වලට සිංගිරිසියෙන් හදාගත්ත යෙදුමක් තමයි 'කන්ටේනර් එකක් යනවා' කියලා කියන්නේ. කන්ටේනර් එකට යන්න බැරි බවත්, පාරේ යන්නේ 'කන්ටේනර් ට්‍රේලරය' ඈඳාගත්, 'ප්‍රයිම් මූවරය' බවත්, 'කන්ටේනරයක් යනවා' වෙනුවට 'කන්ටේනරයක් ගෙනියනවා' යනුවෙන් නොකියන්නේ ඇයිදැයි යන්නත්, නොදනිමි. බහාලුම් නමැති අර්ථවත් වචනය භාවිත නොකරන්නේ එය 'ස්ටයිල්' මදි නිසා හෝ ගොඩේ මිනිස්සු කියන වචනයක් නිසාදැයි නොදනිමි.

    ලිපිය අතිශයින් අගය කරමි. බහාලුම් වල දිග පළල උස මහත ගැන අවබෝධයක් ලබාගතිමි. මේවා උස්සන පෙරලන ෆෝක් ලිෆ්ට්, සහ දොඹකර ගැනත් තව ලිපියක් ලිව්වොත් බොහොම පින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි විචාරක මහත්මයා...

      හරියටම හරි. ඔය පෙට්ටිය අඩුක් කරපු ට්‍රේලර් එක ඇදගෙන යන්නෙ ප්‍රයිම් මුවර් එක එහෙමත් නැත්තම් ට්‍රැක්ටර් හෙඩ් එකයි. නමුත් අපේ ගොඩක් අය නොදැන පාවිච්චි වෙල මේ කන්ටේනරේ කියන වචනෙත් දැං අර පදික වේදිකාවට කියන නම පේමන්ට් එක වගේ වෙලා (පදික වේදිකාව පේව්මන්ට් නෙ) සාමාන්‍ය බස් වහරෙ ලියාපදිංචි වුණු වචනයක්.

      Delete
    2. ආ අමතක වුණා. අර ෆෝක් ලිෆ්ට් සහ දොඹකර ගැනත් වෙලාවක් හම්බු වුණොත් ලියන්නං

      Delete
  4. එල එල ගොඩක් දේවල් දැනගත්ත.
    දිගටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.

      හරිම සන්තෝසයි නොදන්න යමක් මේකෙන් දැනඟත්තනං

      Delete
  5. බැලුවම අලුත් කොල්ලත් ඉන්නෙ මේ පරණ කොල්ල ඉන්න ක්ෂේත්‍රයෙ වගේ..

    ReplyDelete
    Replies
    1. ආ කොහොමද සරත් (පරණ) කොල්ලා :)

      මම මේ අංශයෙනම් නෙමෙයි. නමුත් අපේ අංශෙට මේක සම්බන්ධ වෙන්නෙ අපි මහන රෙදි ටික සුද්දොංට යවන වෙලාවට තමයි. ඉතිං සාමන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි දැනීමක් තියෙනවා.

      Delete
  6. කන්ටේනර් වර්ග ගැන මමත් ඉගෙන ගත්තා. අපේ කොමුපැනියෙ වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ 40' High Cube කියන කන්ටේනර් එක.. ඒකෙ උස වැඩියි අනිත් 40' එකට වඩා. 20' එකෙත් HC Container තියනව කියල කවුරු හරි මට කිවුව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං උඹ මේ අංසෙනෙ වැඩ.

      20 හයි කියුබ් දන්නා තරමිං (මං මේ වැඩ කරාපු කාල සීමාවෙ)නං හම්බු වෙලා නෑ. ඒත් එහෙම එකක් තියේ. සාමාන්‍ය එකට වඩා උස අඩියකින් වැඩීලු

      Delete
  7. පොඩි දෙයක් දැන ගන්න ඕනෙ.

    දැන් ඔය කන්ටේනර් එකක අයිති කාරය කවුද?

    හිතන්න කන්ටේනර් එකක් ඇමරිකාවෙ ඉදන් ලන්කාවට ආවම අපි ආපහු ඒ හිස් කන්ටේනර් එක ඒ ඇමරිකාවෙ අයිති කාරයට යවනවද? එහෙම නැත්නම් ඒකෙ ආපහු බඩු දාල වෙන රටකට යවනවද?

    ReplyDelete
    Replies
    1. කන්ටේනර් වල අයිතිය තියෙන්නෙ අදාල නාවික සමාගමට. උදහරනයක් විදිහ්ට එවර්ග්‍රීන් නම්. ඒ අයගෙ කන්ටේනර් පාවිච්චි වෙන්නෙ ඒ අයගෙ අදාල් නැව්ගත කිරීම් ව්ලට තම්යි. ඇමරිකාවෙ ඉඳං ලංකවට කන්ටේනර් එකක් ආවොත් බොහෝ දුරට ඒ කන්ටේනර් එක නිදහස් වුනාට පස්සෙ ආපහු ආපු දිහාට හරි සිංගප්පූරුවට හරි යැවෙනවා. මේ ගැන හොඳටම විස්තරයක් දැනගන්න පුලුවන් යාලුවෙක් ඉන්නවානම් නාවික සේවා සපයන ආයතනයක

      Delete
  8. පෙට්ටිවලත් දිගක් පලලක් තිබේ එහෙනම් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දිග පළල හොඳින් දැනෙන පෙනෙන විදියටම තිබේ.

      Delete
  9. කන්ටේනර් පෙට්ටි මිලට ගතහැකි ස්තාන කියන්න

    ReplyDelete
  10. කන්ටෙනර් පෙට්විටක් මිල දි ගන්නෙ කොහොමද....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….