ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන



පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි.

දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගි‍යේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්.
අපි හිටි දිහා

දැවැන්ත හුළං පෙති
උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන? ඉතිං අපි ගත්තා එකක් කුලියට.

අපි ජීප් එක ඇතුලේ
එළුවන්කුලම ඇතුල්වීම හරිම ලස්සන තැනක්. පාර හරහා වතුර පාරක් ගලාගෙන යනවා. පයින් ඒ හරහා යන එක ටිකක් අමාරු වැඩක් කියලා තමයි අපේ රියදුරු මහත්තයා අපිට කිව්වෙ.
එළුවන්කුලම ඇතුල්වීම
ඔන්න ඒ වතුර පාරෙන් එගොඩ වෙලා වනජීවී කාර්‍යාලෙන් ටිකට් ගන්න ඕනේ. ටිකට් අරං අපි ගියා විල්පත්තුව ඇතුලේ සත්තු බලන්න. එදා දවස අපි වගේම තව කැලේ ඇතුලෙ වටේ ගිය වාහන 40-50න් කාටවත්ම දිවි, අලි බලන්න හම්බු වෙලා තිබුණේ නෑ. ඔය මොණරු, මුවෝ, රාජාලියෝ, පිටරට කොක්කු වගේ සත්තු තමයි අපිට බලාගන්න ලැබුණේ. කොහොම හරි වටේම කරක් ගහලා දවල් කාලා අපි ගියා කුදිරමලේ කන්ද බලන්නත්. ඇත්තම කිව්වොත් බලපු මහ දෙයක් නෑ. විල්පත්තු කවුරු හරි යනවනම් මම නම් කියන්නෙ ඊට හොඳයි යාල හරි උඩවලවෙ හරි යන එක. අලි නම් නෑ මෙහේ. හැබැයි දලඹුවො ඉන්නවා අනික් ඔක්කොම සත්තුන්ට හරි යන්න. අපෙ වාහනේ ඇතුලෙ මර ලතෝනි ගොඩයි.


කුදිරමලේ කන්ද අවට පින්තූර         
කොහොම හරි ඔය ගමනත් ඉවර කරල ආපහු ආවා නවාතැනට. එදාත් ඉතිං කාලා බීලා නිදාගත්තා ගමන් මහන්සියට.

පස්සෙන්දා උදේම ඇහැරිලා අපි ගියා මූදු වෙරළට. අපේ නවාතැනේ ඉඳන් මීටර් 50ක් නෑ වෙරළට. ගිය ගමන් අපිට ලැබුණා බෝට්ටුවක්. 



බෝට්ටුවෙ නැගලා අපි ගියා වෙරළෙන් කිලෝමීටර් 3-4ක් මූද ඇතුලට. අපි යනකොට තව බෝට්ටු කීපයක්ම එක තැනක රොක් වෙලා වගේ ඉන්නවා දැක්කා. අපේ බෝට්ටුව පදවපු කෙනාත් එතනට හිමින් හිමින් ගියා. ටික වෙලාවකින් ඩොල්ෆින්ලා 100-200 ක වගේ ලොකු රංචුවක් අපි හිටපු බෝට්ටු මැද්දෙන් පැන පැන යන්න ගත්තා. ඒක ෆොටෝ වීඩියෝ වලට වඩා පියවි ඇහින් දැකලා විඳින්න ඕනෙ දර්ශණයක්. හරිම ලස්සනයි. අනික් වීඩියෝ බර වැඩි නිසා මම එක වීඩියෝ එකක් මෙතන දාන්නම්. හැබැයි ගිහින් පියවි ඇහෙන් දකින ලස්සන මේ වීඩියෝ එකේ නෑ කියලයි මට හිතෙන්නෙ. 


ඕක ඉවර වෙලා ඉතිං අපි ගෙදර ආවා.

Comments

  1. උඩවලවෙ ඇවිල්ල ඩොල්ෆින්ලවනං බලන්න හම්බවෙන්නෑ හැබැයි. :D

    අගේ ඇති ගමනක්.

    ReplyDelete
  2. හලෝ ප්‍රසන්න. කොහොමද? ට්‍රිප් එකනම් ඉතිං හොඳයි තමා.

    ReplyDelete
  3. වනොධ්යන වලට ගිහින් සත්තු බලන්ඩ බැරිඋනා කියන එක ගොඩක් අය කියන දෙයක්. උඩවලවේ නම් අලි ඉන්නවා, දොල්පින්නු නම් බලන්ඩ යන්ද ඕනේ, බෝට්ටුවට කියක් ගන්නවද

    ReplyDelete
  4. අනූ....
    තව තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා....

    ReplyDelete
  5. අවුරුදු දෙකකින් ලියලා නෑ, 2021වත් ලියපන් 👍

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….