Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a  bilingual approach can help me bring the blog to many readers.

මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා. මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න. මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා.

I have started my career from the garment industry and have worked most of the time involving with Merchandising tasks. This would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand.

කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන්. කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව. ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා.


Garment merchandising is a crucial aspect of the fashion industry that involves the planning, development, and marketing of garments. It is a complex process that requires a deep understanding of consumer behavior, market trends, and production techniques. Garment merchandising is a vital link between the fashion designer and the consumer, and it is responsible for ensuring that the right products are produced at the right time and at the right price.

හැමෝම සිංහලෙන්ම දන්න ෆැෂන් එහෙමත් නැත්තං විලාසිතා ලෝකේ ඉතාම වැදගත් පැතිකඩක් තමයි මේ මර්චන්ඩයිසිං කියන්නෙ. මර්චන්ඩයිසිං කියන එකට සිංහලෙන් හරියටම පරිවර්තනේ කරපු සිංහල යෙදුමක් තවම කොල්ල දන්න විදියට නැහැ. මර්චන්ඩයිසිං කියන රස්සාව වෙන අංශ වලත් තිබුණට අද කතා කරන්නෙ ඇඟලුම් අංශයට සම්බන්ධ වැඩ කටයුතු ගැන. සැලසුම්, සංවර්ධනය (ඇඳුමක් නිර්මාපකයගෙ කටු සටහනක ඉඳන් අඳින්න පුලුවන් ඇඳුමක් දක්වා මැහීම) සහ ඒ ඇඳුම විකිණෙන්නෙ කොහොමද කියන හැම දේම එකට කැටි වෙච්ච බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් තමයි මර්චන්ඩයිසිං කියන්නෙ. මේ සංකීර්ණ ක්‍රියාවලිය සාර්තකව ඉදිරියට යන්න නම් පාරිභෝගික හැසිරීම, අලුත් වෙන විලාසිතා රැල්ල සහ ඇඳුම් මැසීමේ ක්‍රමවේදය කියන සියලුම දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇඳුම් නිර්මාණ කරුවා සහ ඒ ඇඳුම් අඳින පාරිභෝගිකයා එකට සම්බන්ධ කරන පුරුක වෙන්නෙ මෙන්න මේ මර්චන්ඩයිසිං කියන සංකල්පය. හරි වෙලාවේ හරි විලාසිතාව ගැලපෙන මිලකට වෙලඳපලට ගේන එක තමා මර්චන්ඩයිසිං වල මූලිකම වගකීම වෙන්නෙ.

The primary role of a garment merchandiser is to ensure that the garments produced meet the customer's requirements in terms of quality, style, and price. The merchandiser works closely with the designers, production teams, and buyers to ensure that the garments are produced according to the specifications and delivered on time. The merchandiser must also keep up-to-date with the latest fashion trends and consumer preferences to develop products that will appeal to the target market.

ඇඟලුම් මර්චන්ඩයිසිං වල මූලිකම වැඩ කටයුත්ත වෙන්නෙ නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් ගැනුම් කරුවා (ගැනුම් කරුවා වෙන්නේ ඇඳුම අඳින කෙනා නෙවෙයි, ඇඳුම් වෙලඳපලේ විකිණීම සඳහා කර්මාන්තශාලාවට ඇණවුම ලබා දෙන ආයතනය තමයි ගැනුම් කරුවා වෙන්නෙ) විසින් බලාපොරොත්තු වෙන තත්වය, පෙනුම සහ මිල කියන කාරණා ඔක්කොම සපුරන පිරිවිතර වලට යටත් වෙනවද කියන දේ සහතික කිරීම තමයි. ඒ සියල්ලම හරියට සිදු වෙනවද කියන එක හරියටම හොයා බලන්න දිනපතාම ඇඳුම් සැලසුම් කරන අය, නිෂ්පාදන කණ්ඩායම සහ ගැනුම් කරුවා සමග සම්බන්ධතාවය පවත්වා ගන්න ගමන්ම එදිනෙදා කටයුතු වල සංවර්ධනය කලමණාකාරිත්වය සහ ගැනුම් කරුවාට දැනුම් දීමත් මෙයාලගෙ රැකියාවෙ අනිවාර්‍ය අංගයක්. ඒ වගේම ඇඟලුම් වෙලඳපොලේ තියෙන විකුණුම් වාර එහෙමත් නැත්තං සීසන් වලට ගැලපෙන විලාසිතා මොනවද සහ ඒ විලාසිතා අදාල පාරිභෝගික කොට්ඨාශයන්ට අනුව ගැලපෙනවද කියන එක සොයා බැලීම දවසින් දවස අලුත් වෙන දැනුම එකතු කරගනිමින් කල යුතුම දෙයක්.

The garment merchandising process begins with market research to identify consumer preferences and trends. This information is used to develop a product range that meets the needs of the target market. The merchandiser then works with the designers to create sample garments that showcase the product range. These samples are presented to the buyers, who place orders for the garments they want to purchase.

කෙටියෙන් කියනවනම් මර්චන්ඩයිසිං වැඩ කොටස පටන් ගන්නෙ වෙලඳපොල සමීක්ෂණය කියන තැනින්. පාරිභෝගිකයන් මේ අවස්තාවේ කැමති මොන ආකාරයෙ විලාසිතාද, මොන වගේ ප්‍රවණතාද කියන එක මේ දවස් වල විලාසිතා වෙලඳපොලේ හැසිරීම අනුව බලල ලොකු විලාසිතා එකතුවක් නිර්මාණය කරන්න වෙනවා. ඊට පස්සෙ ඇඟලුම් නිර්මාණ කරුවො එක්ක එකට වැඩ කරලා ඒ ඇඳුම පාරිභෝගිකයින්ට අපහසුවකින් තොරව අඳින්න පුලුවන් ආකාරයට නියැදියක් (සාම්පලයක්) දක්වා අරගෙන එනවා. ඉන් පස්සෙ ගැනුම් කරුවාගේ නියෝජිතයො එක්ක ඒ ඇඳුම් ගැන සාකච්ඡා කරල ඒ අය මිලට ගන්න කැමති විලාසිතා මොනවද කියන අවසන් නිගමනයට එනවා.

Once the orders are received, the merchandiser works with the production team to ensure that the garments are produced according to the specifications and delivered on time. The merchandiser must also manage the production process to ensure that quality standards are met, and any issues or delays are addressed promptly.

අර කලින් වැඩ කොටස කරල ගැණුම් කරුවා අවශ්‍ය මොන විලාසිතාද කියන ඇණවුම ලබා දුන්නට පස්සෙ ඒ ඇණුවුමේ ප්‍රමාණය අනුව ඒ ඇඳුම් ප්‍රමාණය මහන්න අවශ්‍ය අමුද්‍රව්‍ය කොච්චර අවශ්‍යද, ඒවා ඇණවුම් කරලා දවස් කීයකින්ද එන්නෙ කියන දත්ත පදනම් කරගෙන නිෂ්පාද අංශය එක්ක කාල රාමුව සහ සැලසුමක් හදන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබුණට පස්සෙ නිෂ්පාදනකණ්ඩායම එක්ක දිනපතා මහන ඇඳුම් සංඛ්‍යා සහ නිෂ්පාදනය අතරමග එන ගැටළු වලට විසඳුම් සෙවීම සහ ගැනුම් කරුවා සමග එකඟ වෙච්ච දිනයට ඇඳුම් අපනයනය කිරීම කියන බොහොම සංකීර්ණ ක්‍රියාවලියෙ ප්‍රධානම චරිතයක් වෙන්නෙ මෙන්න මේ මර්චන්ඩයිසර් කාණ්ඩෙම තමයි.

Garment merchandising also involves pricing and promotion strategies. The merchandiser must determine the appropriate price for each garment based on production costs, target market, and competition. They must also develop marketing strategies to promote the garments and increase sales.

මර්චන්ඩයිසිං රාජකාරියේ තියෙන තවත් වැදගත්ම කොටසක් තමා ඇඳුමක නිෂ්පාදන මිල සහ ගැනුම් කරුවාට එය විකුණන මිල ගණනය කිරීම. ඇඳුමක නිෂ්පාදනයට අවශ්‍ය රෙදි සහ අනෙකුත් අමුද්‍රව්‍ය වල මිල, ඒ අමුද්‍රව්‍ය පිටරට ඉඳන් ගේන්න යන වියදම, අමුද්‍රව්‍ය වරායෙන් නිදහස් කරගෙන කර්මාන්තශාලව වෙනකන් ගේන්න යන ප්‍රවාහන වියදම්, නිෂ්පාදනයෙදි ගෙවන පඩි, දිනපතා නිෂ්පාදනය කරන ඇඳුම්ප්‍රමාණය අනුව ඇති වෙන වෙනත් වියදම්, ලාභය, අපනයනය සඳහා රේගු කටයුතු වලට යන වියදම් සහ බහාලුම් පෙට්ටි අපනයනයට යන අනෙකුත් වියදම් වගේ මහා සංකීර්ණ තොරතුරු ගොඩක් එකට එකතු කරලා ඒක ඇණවුම එක්ක සංසන්දනය කරලා ගැනුම් කරුවා සමග මිල එකඟතාවයකට එන්න අවශ්‍යයි. ඒ වගේම ගැනුම් කරුවා සමග හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ගැනුම් කරුවන්ට අඩු මිලට ඇඳුම් සැපයීමෙන් අනාගත ඇණවුම් වැඩි කරගැනීම වගේ දේවල් කරන්නත් සිදු වෙන වෙලාවල් තියෙනවා.

In conclusion, garment merchandising plays a critical role in the fashion industry. It involves a complex process that requires a deep understanding of consumer behavior, market trends, and production techniques. The process begins with market research to identify consumer preferences and trends, followed by the development of a product range that meets the needs of the target market. The merchandiser then works with the designers, production teams, and buyers to ensure that the garments are produced according to the specifications and delivered on time. Finally, the merchandiser must develop pricing and promotion strategies to increase sales and profitability.

උඩ කිව්ව සේරම කාරණා වල තවත් සාරාංශයක් තමයි උඩින් තියෙන්නෙ. සරලවම මර්චන්ඩයිසිං කියන්නෙ නිෂ්පාදනයට ඇණවුමක් ලැබෙන්න කලින් ඉඳන්ම වැඩ කරලා නිෂ්පාදනය අතරමගත් වැඩ කරලා ඇණවුම අපනයනය දක්වාම ඇඳුමත් එක්ක එකට බැඳිච්ච රැකියාවක්. ඕය වැඩ කටයුත්තෙදි තව ගොඩක් අයගෙ සහයෝගය අපිට ලැබෙනවා. ඇඳුම් මහන සේවක සේවිකාවන් නැත්තං ඔය මොනවා කරත් වැඩක් නැහැ නෙව....








Comments

  1. අපනයනය සඳහා රේගු කටයුතු වලට යන වියදම් සහ බහාලුම් පෙට්ටි අපනයනයට යන අනෙකුත් වියදම් වගේ මහා සංකීර්ණ තොරතුරු ගොඩක් එකට එකතු කරලා//
    පරිගණක යෙදවුමක් මගින් මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් නේද....

    ReplyDelete
    Replies
    1. අලුත් කොල්ලා - Lalith එහෙම පරිගණක යෙදවුමකින් කරගන්න පුලුවන් හැම ආයතනයකම 100%ක් පරිගණක යෙදවුම එක්ක හරියටම වැඩ කරනවනම්. ඇඟලුම් ආයතන ගොඩක ERP සහ තවත් පරිගණක යෙදවුම් නමට තිබුණට ඒවගෙන් හරියටම වැඩ ගන්න ආයතන ඉතාම අල්පයි. ඒ නිසා ඒක තව අවුරුදු 5ක්වත් යනකන් අපිට කරන්න අමාරු වෙයි

      Delete
    2. ඇයි ඉතින් erp system වගේ දේවල් use කරන්න නැත්තෙ හරියට?

      සාමාන්‍යෙන් MAS / Brandix/ Hela / hidramani වගේ companies වල නම් ඒවා නියමානුකූලව සිද්ධ වෙනව ඇති නෙහ්🤔

      - නවීන්

      Delete
  2. ඔබ බොහෝ වසර ගණනාවකට පසුව ලියන්නට පටන් ගෙන! එය; ඔබගේ පාඨකයින් හට සතුටු දනවන ආරංචියක් වනවා සේම අප කණ්ඩායමටද ඉතාමත් සතුටු දායක ආරංචියක් වූවා.
    මෙම ලිවීම දිගටම පවත්වාගෙන යනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු!

    ReplyDelete
  3. එසේම ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ; "බ්ලොග් සඟරා" කොළමේද "පුනරුප්පත්ති" කොළමේද ප්‍රදර්ශණය කෙරේ.

    සඳකඩපහන සින්ඩිය යනු අවකාශයේ යාවත්කාලීන වන විශාලතම සිඬියයි.
    ඔබගේ අඩවිය තුල අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එයට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්