දුවන මැෂිම (Treadmill)
මේ සිද්ධිය උනේ 2011 පෙබරවාරි 04 වෙනිද කොල්ල ලංකාවෙ නිවාඩුවට ගිහින් හිටපු දවස් වල ගෙදර උදවිය එක්ක ලංකාවෙ සීතල පලාතකට නිවාඩුවට ගිය වෙලාවෙ. ඔන්න පළවෙනි දවසෙ (03 වෙනිද) කට්ටිය එක්ක ගියා පොඩ්ඩක් වට පිටාව බලලා සනීපයක් ගන්ටයි කියාල. වැඩේ පොඩියට වගෙ අල උනා වැහිබර කාලගුණේ හින්දා. ඒ කොහොම උනත් අපි යන්ඩ එන්ඩ පාවිච්චි කරපු වාහනේ එලවපු මල්ලි හොඳ කොල්ලෙක් නිසා මිනිහ ජාම බේරං අපිව ඔය තැන් දෙක තුනකට එක්කං ගිහින් පෙන්නුව. ඒකෙන් පොඩි කට්ටියනම් ජොලියක් ගත්ත, ඒත් ඉතින් අර කලින් පෝස්ට් එකේ කිව්ව වගේ මධ්‍යසාර නැතුව ඔය සීතල පලාත් වල ගිහින් වැඩක් නැහැනෙ. ඉතින් පොඩියට වගෙ අනුමත වෙන්ඩ හිතගෙන ට්‍රයි එකක් දුන්නට ඒකත් අල උනානෙ....... හැබැයි මෙ කොල්ල සැලුනෙ නැහැ ඔය කිසිම දේකින්, මොකද කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ඔය පලාතෙ හමුදා කඳවුරේ... කොල්ලලත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙළියට දැන්නම් මිනිහ ලොකු තානාන්තරයක් හොබවන රටට වැඩක් කරපු හමුදා නිලධාරියෙක් ඕං.............. ලංකාවට නිදහස හමබ උනයි කියන දවස තමා කොල්ලලගෙ සංචාරෙ දෙවෙනි දවස..... එදත් වටේ කැරකිලා කාරිය අහවර වෙලා හවස් වරුවෙ දුන්න මිත්‍රයට ඇමතුමක්......... කොල්ලා :