Posts

ඉංග්‍රීසියෙන් ආදරේ කිරීම............

Image
I can love you more than any other, if you let me do it.... Taking care of you , I will do without a doubt................. If I love you, Sharing everything in my life with you is a must................ කවි ලියලම නැහැ කොල්ලා මේ තාක් කල්. ඒත් දැන් කවි නොවුනත් කථාත් නොවෙන ජාතියෙ දේවල් ලියවෙනව නොදැනීම. ඒකට හේතුව මොකක්ද???? නමුත් උඩින් තියෙන ඉංග්‍රීසි වචන ටික උත්තම පුරුෂ පැත්තට බර වැඩිද මන්දා?? උත්තම පුරුෂ = ආත්මාර්ථය    ද?

‍රැ තිස්සෙ නිදි මරාගෙන...........

Image
ඊයෙ ‍රැ ඇහැරගෙන ඉන්නකොට ඔහේ ලියපු දේවල් ටිකක් දාන්ඩ හිතුනා.  ආදරේ කියන්නෙ ඇත්තටම තමන් වෙන කෙනෙක් වෙනුවෙනුත්...... වෙන කෙනෙක් තමන් වෙනුවෙනුත්... කැප වෙන දිහා ආසාවෙන් බලාගෙන සතු‍ටු වීම නෙමෙයිද ? ආදරය ආත්මාර්ථකාමියිද එච්චරම ??????????? >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> කොල්ලට ප්‍රශ්නයක් හිත අතරමං වෙලා වගේ කියල කොල්ලට හිතෙනවා. අළුත් කෙල්ල කොල්ලට ලං වෙලා වැඩි කාලයක් නැහැ තාම. හිත අවුල් වෙලා තියෙන වෙලාවෙම බ්ලොග් එකත් අවුල් වෙලා. අලුතෙන් පෝස්ට් එකක් දාන්ඩවත් විදියක් නැහැ............. ජීවිතෙන් ඈත් වෙච්ච දේවල් ආපහු ලං කරගන්න තරම් මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නෙ ඇයි කියල කලින් හිතුව වැරදියි...... දූරං ගමං ඒක චරං........ කියල බුදු හාමුදුරුවො හිත ගැන කිව්ව දේ කොල්ලට තේරෙන්ඩ ගත්තෙ අද ඊයෙ නෙමෙයි උනත් , හිත මෙච්චරම සංකීර්ණ දෙයක් කිය

ස්තූතියි

Image
වෑඩේ පටන් අරන් දවස් දහයක් (10) ගත උනා නොදෑනීම. බොහෝම සන්තෝසයි දවස් දහයකින් හිතවත්තු දා හතර දෙනෙක් හදාගෙන අලුත් කෙනෙක්ට තල්ලුවක් දෙන ඈයො මේ අවකාශයෙ ඉන්නව කියල දෑනගන්න ලෑබුණු එක.......... බොහෝම ස්තූතියි මගෙ අලුත් ජාල සටහන ට (අර කතන්දර මහත්තයගෙ අලුත්ම පෝස්ට් එකේ වගේ අලුත් වචනයක් මම හදාපූ) දුන්න තල්ලුවට ජය වේවා ......... ප.ලි / වෑරදි පිලිගෑනීම මනුස්ස ගතියක්ලුනෙ...... ජාල සටහන කියන එක මගෙ වචනයක් වෙන්ඩ බෑහෑ කියල තේරුන නිසා පොඩ්ඩක් විපරම් කරාම ඒක හරි.ජාල සටහන මීට කලින් පාවිච්චි උන වචනයක්. හෑබෑයි Blogger කියන එකට ජාල සටහන් රචක කියන එක මුලින්ම කියල තියෙන්නෙ මම වගේ.......

මළ ගෙදරක වෙච්ච දෙයක්......

Image
මේ සිද්ධිය වෙන්නෙ අපි උසස් පෙළ පන්ති පටන් ගත්ත අලුතම වගේ තමයි . ඒ දවස් වල අපි අලුතෙන් සෙට් හදාගන්න පටන් ගන්න කාලෙ.   සාමාන්‍ය පෙළ කාලෙදි හිටපු ඉස්කෝලෙ සෙට් වලට වඩා දුර ගිය රීජනල් (Regional) සෙට් පටන් ගන්නෙ මේ කාලෙ තමයි . ඔන්න ඔය කාලෙ තමයි කොල්ලො එක එක ජාතියෙ පරීක්ෂණාත්මක අමුද් ‍ රව් ‍ ය ( ඔය මධ් ‍ යසාර ගනය සහ ඊටත් එහා ගිය දෙවල් ) එක්ක පරීක්ෂණ කරල ඈන ගන්ඩ පටන් ගන්න කාලෙ . මේ කොල්ල උනත් ඉතින් ඔය කොයි කොයි දේත් මොන වගේද කියල රස බලපු මොනවද කරාට කමක් නෑත්තෙ , මොනවද කරන එක නරක කියල නිගමන වලට ඈවිත් තියෙන ගෑටයෙක් , සෑහෙන අවස්ථා වල ( හික්ස් z) ඒ දවස් වල ඉතින් කට්ටියගෙ විනෝදා ං ශ ලෑයිස්තුවෙ උඩම තිබුන එකක් තමයි අඳුනන , ටිකක් අඳුනන සහ එක පාරක් කථා කරල තියෙන කාගෙ උනත් ගෑවුනු මළ ගෙවල් හොයාගෙන යාම . එහෙම ගිහින් ඉතින් එලිමහනෙ තියෙන ටෙන්ට් එකකට වෙලා කාඩ් හරි කෑරම් හරි සෙල්ලම් කරන එක කියන්නෙ ඉතින් අනිවාර්ය දෙයක්ම වෙලා තිබුන . එක දවසක් ඔය වගෙ දුරින් යාලුවෙක්ගෙ මළ

දුවන මැෂිම (Treadmill)

Image
මේ සිද්ධිය උනේ  2011 පෙබරවාරි 04 වෙනිද කොල්ල ලංකාවෙ නිවාඩුවට ගිහින් හිටපු දවස් වල ගෙදර උදවිය එක්ක ලංකාවෙ සීතල පලාතකට නිවාඩුවට ගිය වෙලාවෙ. ඔන්න පළවෙනි දවසෙ (03 වෙනිද) කට්ටිය එක්ක ගියා පොඩ්ඩක් වට පිටාව බලලා සනීපයක් ගන්ටයි කියාල. වැඩේ පොඩියට වගෙ අල උනා වැහිබර කාලගුණේ හින්දා. ඒ කොහොම උනත් අපි යන්ඩ එන්ඩ පාවිච්චි කරපු වාහනේ එලවපු මල්ලි හොඳ කොල්ලෙක් නිසා මිනිහ ජාම බේරං අපිව ඔය තැන් දෙක තුනකට එක්කං ගිහින් පෙන්නුව. ඒකෙන් පොඩි කට්ටියනම් ජොලියක් ගත්ත, ඒත් ඉතින් අර කලින් පෝස්ට් එකේ කිව්ව වගේ මධ්‍යසාර නැතුව ඔය සීතල පලාත් වල ගිහින් වැඩක් නැහැනෙ. ඉතින් පොඩියට වගෙ අනුමත වෙන්ඩ හිතගෙන ට්‍රයි එකක් දුන්නට ඒකත් අල උනානෙ.......  හැබැයි මෙ කොල්ල සැලුනෙ නැහැ ඔය කිසිම දේකින්, මොකද කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ඔය පලාතෙ හමුදා කඳවුරේ... කොල්ලලත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙළියට දැන්නම් මිනිහ ලොකු තානාන්තරයක් හොබවන රටට වැඩක් කරපු හමුදා නිලධාරියෙක් ඕං.............. ලංකාවට නිදහස හමබ උනයි කියන දවස තමා කොල්ලලගෙ සංචාරෙ දෙවෙනි දවස..... එදත් වටේ කැරකිලා කාරිය අහවර වෙලා හවස් වරුවෙ දුන්න මිත්‍රයට ඇමතුමක්......... කොල්ලා :

මධ්‍යසාර

Image
මධ්‍යසාර එහෙමත් නැතිනම් මත්පැන් කියන දේ අපි කාටත් අමුතු දෙයක් නෙමේ නේද? ඕවට සුද්දගෙ භාසාවෙන් කියන්නෙ Alcoholic Beverages කියල තමයි. මේ බීම ප්‍රධාන වර්ග 3 කට බෙදන්ඩත් පුලුවනිලු. ඔය ඒ දේවල් ගැන අධ්‍යයනය කරන අය කියන විදිහට ඒ වර්ග 3 තමයි 1) බීර         - සාමාන්‍යය ප්‍රතිශතය 4%-6% 2)වයින්         - සාමාන්‍යය ප්‍රතිශතය 9%-16% 3)සැර බීම (Spirits) - කියන්ඩ දෙයක් නැහැනෙ මෙව්ව ගැන ඔය මොන මොන නම් ගම් දීල තිබුනත් මේ හැම දෙයම කරන්නෙ මනුස්සයා කියන සතාගෙ සිහි කල්පනාව සහ ශරීරයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වෙනස් කරන එකයි.  ලෝකෙ වැඩිම මත් පැන් පාවිච්චි කරන්නෙ රුසියාව ආශ්‍රිත රටවල් වලයි කියලා ටිකකට කලින් කියවපු එකක් දැක්කා. මේ තියෙන්නෙ ඒක පුද්ගලිකව මගෙ අදහස තමයි මේ මත් පන් බීම නිසා මනුස්සය කියන සතා පිරිහෙනවයි කියන එක. ඒකට හේතුව තමයි අපි කවුරු කවුරුත් දන්නෙ නැහැ මේකෙ සීමාව කොතනද කියල, හරියට බොන මනුස්සයෙක්නම්..... එතකොට වෙන්නෙ ධන සහ සෞඛයය පරිහාණිය නිකම්ම තමුන් හොයාගෙන එන එක. ඒක නිසා ලස්සනටයි කට්ටිය එක්ක සෙට් වෙන්න තියෙන උවමනාවටයිනම් බොන්න එපා, තමුන්ට බොන්න ඕනෙම කියල හිතෙනවනම් විතරක් බොන්න මේ

මුදලාලිගෙ බල්ලා

Image
මේක ඈවිල්ලා අපේ ගෙවල් පෑත්තෙ හිටපු මුදලාලි කෙනෙක්ට වෙච්ච පොඩි කතන්දරයක්.   මෙයාගෙ නම ඈවිල්ලා ගුණරත්න මුදලාලි කියමුකෝ.......... මේ මුදලාලි අවිල්ලා උදේ පාන්දරම කඩේ අරින හොඳ මනුස්සයා. කා එක්කත් හිනා වෙලා කථා බහ කරන නිහතමානී පොරක්. මෙයාගෙ තියෙන පොඩි අවුලක් තමයි සමහර වෙලවට ඈහිල්ලක් බෑලිල්ලක් නෑතුව සමහර ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඔන්න දවසක් උදේ පාන්දරම මුදලාලි කඩේ එහෙම ඈරල කඩේ ඈතුලෙ පත්තරයක් එහෙම බල බල ඉන්නකොට එක මනුස්සයෙක් කඩේ පෑත්තට එන ගමන් මෙයාගෙන් අහනවලු "මුදලාලී, මුදලාලිගෙ බල්ල මිනිස්සුන්ව හපනවද..??" කියලා. මුදලාලි බෑලුවලු මොකක්ද යකෝ මේ මනුස්සය මගෙන් අහන අන්ඩර දෙමලෙ කියල කෝකටත් මතක් කරල බෑලුවලු මුදලාලි ඈති කරපු බල්ල මිනිස්සුන්ව හපල තියෙනවද කියලා....................... මතක් උනේම නෑහලු කවදාවත් ඒ බල්ලා මනුස්සයෙක් හපාපු වගක් නෑට්ට වනාගෙන ඉස්සරහට දුවනව මිසක්.  "පිස්සුද මහත්තයෝ, මහත්තයා ඌව හෑපුවත් ඌ නම් හපන එකක් නෑහෑ... හෙහ් හෙහ්............."   අපි ඒ ගෙවල් පෑත්තෙ ගියත් ඔය සීදේවි බල්ලා කරන්නෙ අපෙ පස්සෙන් නෑට්ට වන වනා  ටික දුරක් ඈවිදන් යන එක තමයි ඒ දවස් වල.......

කාන්තාවන්ට වෙන් වෙච්ච දවස

Image
අද ජාත්‍යන්තර කාන්තා දිනයලුනෙ.....  අපේ office එකේ ඉන්න කෙල්ලෙක් උදේ මල් ඉල්ලුවහම තමයි මතක් උනේ එහෙම දවසක් තියෙනවයි කියල. කොහොමින් කොහොමින් හරි ලෝක දෑලේ පොඩ්ඩක් ඈවිදලා මල් වල පින්තූර ටිකක් හොයාගෙන උන් ටිකට යවල දෑම්ම. ඒ කරල විතරක් නිකම් හිටියෙ නෑහෑ ඔය දන්න දන්න කාන්තා පාර්ශවේ කට්ටියටත් සුබ පෑතුව. ඉතින් මෙ වෙලාවෙ මම කෑමතියි අපේ ජාලෙ සෑරි සරන කාන්තා පාර්ශවේ අයටත් සුබම සුබ කාන්තා දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කොරන්ට........