Posts

වෑඩ ගොඩ වීම සහ කොල්ලගේ කතිර පෙට්ටිය......

Image
මේ දවස් වල කොල්ල පොඩ්ඩක් ඈනගෙන ඉන්නෙ වෑඩ ගොඩ වෙලා. ඒ මදිවට කොල්ලලගෙ ආයතනයෙ ඉන්න පිට රට ඈයො කට්ටියම අලුත් නිවහනකට ගියානෙ. අලුත් තෑන ලෝක ව්‍යාප්ත ජාලෙ තාම හරි හමනකට ගෑලපිලා නෑති හින්දා ලියන්ඩ වෙන්නෙ මෙහෙ ඔපීසියෙ ඉන්න වෙලේ තමා....... මුකුත්ම ලිව්වෙ නෑති හින්දා ඕන් කොල්ලගෙ ලඟ තියෙන කතිර පෙට්ටිය ගෑන පොඩි සඳහනක් දානව. ඒ මදිවට පහු ගිය ටිකේ තිබ්බ හෙල්ලිලා තිබ්බ ගතිය ගිහින් පේන හෑම දේම ලස්සනට පේන්ඩත් පටන් අරන් ඔන්න.  කොහොමින් කොහොමින් හරි මේ තියෙන්නෙ කොල්ලගෙ 360 කතිර පෙට්ටිය කියන යන්තරේ. මේකෙන් පුලුවන් තමුන්ට කෑමෑති ලෝකෙකට යන්ඩ කෑමති වෙලාවකට. අවශ්‍ය ද්‍රව්‍ය තමයි විදුලි බලය සහ සිතුවිලි වලට ගෑලපෙන තෑටියක්.කොල්ලගෙ ප්‍රියතම ලෝකෙ තමා මහා වාහන චෞරයාගේ ලෝකය. (Grand theft Auto)

හාසිනීගෙ ඉරොන් කඩේ....

Image
ඔය සුද්දගෙ බාසාව ගෑන කතන්දර නම් ගෝනි ගනන් මොකද සාමාන්‍ය පෙළට හෝඩියෙ හතර වෙනි අකුරක් කොල්ල උනත් ගත්තෙ වාසනාවට කියල හිතෙන තරමටම ඒ දවස් වල ඕක තිත්ත වෙලා තිබ්බෙ. වෑරදිලාවත් සුද්දෙක් දෑක්කොත් අහලක නොහිට දුවන තරමටම ඕක භීතිකාවක් වෙලා තිබ්බ සමහරුන්ට. මේ සිද්දිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙක් උනත් වෑඩිපුරම අර වම්බටු කථාවෙ හිටිය රන්දිකයගෙ ලඟින්ම හිටපු යාලුවෙකුට. යාලුවගෙ නම තමයි දුලීත. මේ දුලීතය ඒ දවස් වල හරිම ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් තමා රස්ති ශබ්ද කෝෂයේ හෑටියට "බඩු පෑරවීම" නොහොත් ගෑණු ලමයින් ගෑන උනන්දු වී ඔවුන් පසු පස ගොස් පෙම්වතිය බවට පත් කරගෑනීමේ පරම අභිලාශයෙන් කටයුතු කිරීම. ඒ දවස් වල දුලීතගෙ ඉලක්කයක් වෙල තිබ්බෙ හාසිනී කියල ටිකක් ලස්සන පහේ ගෑණු ලමයෙක්. මූ ඉතින් වෑඩ ඔක්කොම පාලු කරගෙන කාව හරි වෙන එකෙකුගෙ වෑඩකුත් පාඩු කරල දෙන්නම එක්ක ඔය ගෑණු ලමය පස්සෙ යනවලු. සති දෙක තුනකුත් පහු උනාට පස්සෙ කිසිම සද්දයක් මුගෙන් නෑති නිසා කට්ටිය ඈහුවලු ""හාසිනීට මොකෝ බන් උනේ"" කියලා. මූ කියනවලු, "" තාම නෑහෑ බන් ලොකු ප්‍රගතියක්, ඒත් ඉතින් මම පොඩ්ඩක් සිරා වගේ මෙකි ගෑන අදහ

ඇඩල්ස් කලම්බු....

Image
මේ ඇවිල්ලා මිනිස්සුන්ගෙ දැනුම නැති කම හෑල්ලුවට ලක් කරන්ඩ ලියන එකක් එහෙම නෙමෙයි හොඳේ. හුදු ආශ්වාදය තකා ලියන ලද්දක් පමණයි..... ඒ දවස් වල පාසැල් කාලෙ කොල්ලල එක්ක හිටිය පොරක්, මිනිහගෙ නම රුවන්, ආදරේට දාපු නම්නෙ ඒ දවස් වල වැඩි පුරම පාවිච්චි උනේ. ඉතින් රුවන්ට කට්ටිය ලේසියට කිව්වෙ මුක්කුවා කියල. සිංහල බ්ලොග් කියවන්නෙ කොමෙන්‍ටු දාන්නෙ ඉතින් ඉංග්‍රීසි පාවිච්චි කරල නිසා මුක්කුවා කියන දේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියල හිතනව (හික්ස්z) ඔය මුක්කුවා ඇතුලු කොලු රෑනටම ඒ දවස් වල ඔය සුද්දගෙ බාසාව ටිකක් දුරයි. මේ මුක්කුවට නම් සෑහෙන්ඩම දුරයි දැන් හොඳ උනාට. දවසක් මේ මුක්කුවා උදේ ඉස්කෝලෙට ආපු ගමන් කට්ටියට දෙනව මෙන්න මෙහෙම වදන් ටිකක්.  මුක්කුවා - මචංලා මම අද උදේ ආවෙ ඇඩල්ස් කලම්බු බස් එකකනෙ. මරු බන් වෙනද වගේ නෙමෙයි හිර නොවී විගහටත් ආවනෙ. ඕනෙනම් තැන් දෙක තුනක නවත්තන්ඩ ඇති. එතකොට එතන හිටිය සංඛ කියල එකෙක්. ඌ අහනව "මොකක්ද බන් ඒ හරුපෙ තේරුම? කියන එකක් තේරෙන්ඩ කියපංකො" මුක්කුවා - ඇයි බන්, උඹලා ඇවිල්ලම නැද්ද ඇඩල්ස් කලම්බු බස් වල?? :-o ඌ පුදුමෙන් වගේ අහනවා. කට්ටියට සැහෙන්ඩ අ

රෑට කමු අපි වම්බටු වම්බටු.......

Image
මේක උනේ කොල්ලගෙ එළම ගජයෙක්ට තමයි.... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එළටම පිස්සු කෙලල කෙලල කොල්ලල එක්කම මේ ලඟක් වෙනකනුත් එහෙමම කරල දෑන් ඔන්න ඔය කෑන්ගරුවන්ගෙ දේසෙද මොකේද ඉගෙන ගන්ඩ කියල ගියපු එළ කොල්ලෙක් තමයි. යාළුවගෙ නම කියමුකො රන්දික කියලා... ඔය මගෙ කලින් වෑඩ පෙන්නපු පෝස්ට් එකේ කිව්ව වගේ ඉතින් පිටරට රස්සාවල් වල ලොකු පොඩි භේදයක් නෑහෑනෙ. ඉතින් මේ රන්දිකයත් කරන්නෙ සාමාන්‍ය පොඩි පහේ රස්සාවක් තමයි. ඔය ලොකු ලොකු නම් තියෙන රස්සාවල් කරන අපේ අයියලට පාගන බයිසිකලයක්වත් නෑති උනාට ඒ රටවල් වල නම් කා ලඟත් තමුන්ගෙම රෝද හතරක් තියෙනවා. අන්න සමාජ ක්‍රම... ගන්න පඩිය ඉතුරු නෑතත් මාසෙ ගෙවන්නෙ හරිම ලස්සනට.  ඔන්න කොල්ල ලයින් එකෙන් අවුට් යනව නේද??........ කියන්ඩ ආවෙ කථාවක් ඒත් දෑන් කියන්නෙ වෙන මගුලක්නෙ.. අයියෝ අයියෝ. ඔන්න දවසක් මේ රන්දික වෑඩ ඉවර වෙලා පයින් යනවලු. මේ දවස් වල මිනිහට කාර් පදින්ඩ බෑහෑලු මොකද මධ්‍යසාර භාවිතයෙන් පසු කාර් පෑදල මුළාදෑණි උන්නෑහෙල බලපත්තරේ විසන්ධි කරල පුන්චි කාලෙකට. ඔහොම යනකොට තියෙනවලු ගඟක්. ඔය ගඟේ ඉවුර දිගේ ඉතින් සිරි නරඹන ඈයො එහෙමත් ඉන්න එකේ ඔය වීදි අභිවාහක (Street Performers) උන්

අශුභවාදිත්වය....

Image
ඊයෙ අද දවස උදා වෙනකම් ඈඟිලි ගෑන ගෑන ඉඳලා....... අද දවසේ වෙන දේ හෙට උනානම් කියල හිතෙන එකට ...... අද දවසත් ඊයෙ වගේ වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන එකට..... ඕනෙ දේ ලෑබිලත් හිතේ සතුටක් නෑති එකට...... කියන නම මොකක්ද???

ඈයි?......

Image
ජීවත් වෙන, මාර්ග ඵල නොලබපු මනුස්සයෙක් මුලින්ම ආදරේ තමන්ටලු... ඉන් පස්සෙ ඒක විහිදිලා යන්නෙ තමුන්ගෙ පවුල කියන සම්පිණ්ඩනය ඈතුලෙ. එතනිනුත් එහාට ගිහින් ඒක බෙදෙනව තමුන්ගෙ ලඟ හිතවත්තු අතරෙ. මනුස්සය කියන්නෙ හෑමදාම ආදරේ කරන්ඩ කෑමති සතෙක් නිසා එතනින් ඒක නොනෑවතී එදිනෙදා හමු වෙන සියලු සත්වයෝ අතරෙත්බෙදෙනව. ඔය ආදරේ වගේම තමයි වයිරය කියන දේත්. මිනිහා කියන සතා ඒ දේටත් ආදරේ කරනව වගේම දක්ෂයි. ඔය කොයි දේටත් මුල් වෙන්නෙ හිතලුනෙ. මනුස්සයෙක් තමුන්ට ආදරේ නොකරනවනම් තමුන්ගෙ සබෑඳියන්ට ආදරේ කරන්ඩ පුලුවන් වෙයිද?? ඒ ආදරේ කළත් තමුන් ගෑන කළකිරීමකින් ඉන්න මිනිහෙකුගෙ ආදරෙන් වෑඩක් වෙයිද??? මට තියෙන්නෙම මහ ගොන් ප්‍රශ්න. ඒත් ඒ දේවල් ඈතුලෙ. මටත් නොතේරෙන සමහර දේවල් තියෙනව කියල හිතෙනවත්  එක්ක. ප/ලි. මේ බ්ලොග් එක පටන් ගත්තෙ පරණ රස කතා ලියන්ඩ උනාට දෑන් ලියවෙන්නෙ හිතේ තියෙන කටින් පිට නොවෙන දේවල්.  

වැඩ පෙන්නීම

Image
මේ සිද්ධිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙකුට.මේ කියන යාලුවා කොල්ලලගෙ ඉස්කෝලෙ එකටම හිටිය සෙට් එකේ පොරක්. ඒ දවස් වලත්  ඉතින් හොඳම ආතල් වෑඩ කරන මල්ලි කෙනෙක් තමයි මූ.මේ කථාව කිව්වෙත් හෑබෑයි මිනිහම තමයි. ඉතින් මම ඈහුව මගෙ බ්ලොග් එක පුරවගන්ඩද කියල මේ කථාව දාල.   කොහොමින් කොහොමින් හරි දෑන් නම් මෑන් ඉන්නෙ ඉතාලියෙ.නම නාමල් කියල කියමුකො. මුලින්ම මෙයා ගියෙ එහෙ බාසාව ඉගෙන ගෙන කාරිය රස්සාවකට යන්ඩයි කියල. මොකද නාමල්ගෙ අක්ක ඉන්නෙත් එහෙම හින්ද ඔය ඉගෙන ගන්න වෑඩේ එච්චරම අවුලක් වෙන එකක් නෑහෑ කියල ඒ ගොල්ලොත් කියල තිබ්බ. ඔන්න මිනිහ රස්සාවකට සෙට් උනාලු. දන්නවනෙ ඉතින් ගොඩක් පිට රටින් ආපු උදවිය එහෙ කරන්නෙ  සාමාන්‍ය පහේ රස්සාවල්නෙ. ඒකෙ ඉතින් එච්චර ගානකුත් නෑහෑලු අපේ ලන්කාවෙ වගේ බොරු ලොකු කම් ඒ මිනිස්සු ලඟ නෑති හින්දා.  ආ කථාව... ඔන්න ඉතින් මිනිහට මුලින්ම රස්සාව ලෑබුනෙ ඔය තේ කඩේකලු (තේ කඩ කිව්වට එව්ව මේ අපේ තේ කඩ වගේ ලොකුවට නෑහෑ : p ) තේ වලට ඉතාලි බාසාවෙන් කියන්නෙ  te' කියලලු te' caldo = රස්නෙ තේ එතකොට caldo කියන්නෙ ඉතින් රස්නෙ වෙන්ඩ එපයි නේද? che = මොකක්ද මේ/මොන වගේ තේරුමක්ලු එන්නෙ. අපේ ම