ලඟම පාර කියපු හැටි
මේ සිද්ධිය වෙන්නෙ මීට මාසෙකට විතර කලින් කොල්ල දැනට ඉන්න රටේදි...... මෙහෙ තියෙනව ක්‍රිකට් කණ්ඩායමක් අපේ රටේ. ඒ වගේම තවත් රටවල් ගනනාවකගෙම ක්‍රිකට් කණ්ඩායම් ගොඩකුත් තියෙනව. ඔය කට්ටිය එක්කහු වෙලා ඉතින් නිවාඩු දවස් වලට තරඟ තියෙනව. ඔය තරඟ තියෙන්නෙ පන්දු වාර විස්සක් සෙල්ලම් කරන විදිහට. සෙල්ලම් කරන්නෙත් ඉතින් ඔය හම් (ලෙදර්) පන්දුවෙන් තමයි. මේ කථාව වුණේ තරඟ නැති දවසක පුහුණුවීම් වලට යන අතරෙදි. පොරක් ඉන්නව කුමාර කියල (දන්නවනෙ ඉතින් අන්වර්ථයි කියල නම ) ඔය කුමාර කොල්ල එක්ක සිය රටේදිත් වැඩ කරපු පොරක්. එහෙ වැඩ කරල කුමාරය මෙහෙට ආවෙ කොල්ලට වඩා අවුරුදු දෙකකට විතර කලින්. ආ කියන්ඩ අමතක උනා. කොල්ලලගෙ කන්තෝරුව තියෙන්නෙ අගනුවරින් මෙට්‍රික් ඒකක 15-16ක වගේ දුරකින්. ඉතින් යන එන එකට විනාඩි 40ක් වගේ ගත වෙනවා. මේ දවසෙ පුහුනුවීම් වලට යන්ඩ කට්ටිය පාවිච්චි කරි කුලී රථයක් එවෙලෙ වාහන තිබ්බෙ නැති හින්ද කොල්ලලට පාවිච්චි කරන්ඩ. සාමාන්‍යයෙන් කුලී රතේක ගියොත් වියදම යනව රුපියල් වලින්නම් 2100ක් වගේ එක පැත්තකට. ඔන්න කට්ටිය මග යනකොට කුමාරය කෝල් කරනව. "මචෝ උඹල කොහොමේ යන්නෙ අද පුහුණුවීම් වලට" කියල අහල. ඉතින