Posts

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

Image
Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a  bilingual approach can help me bring the blog to many readers. මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා. මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න. මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා. I have started my career from the garment industry and have worked most of the time involving with Merchandising tasks. This would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand. කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන්. කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව. ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. Garment merchandising is a crucial

ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන

Image
පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගි‍යේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන

BMW මගඩිය

Image
කොහොමද? කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා. වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු  මොකක්ද මේ BMW මගඩිය? අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද? ඇත්තම කතාව මේකයි. ලංකාවෙ BMW නියෝජිතයා තමයි ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ. රාජ්ය සේවකයන්ට 2011 ඉඳන් 2014 වෙනකම් දුන්න තීරු බදු බලපත්‍ර වලට ආනයනය කරපු අලුත්ම වාහන 1728ක් අඩු වටිනාකම් පෙන්නලා බදු වංචා කරපු එක සහ ඒ වාහන ඇත්තටම ආනයනය කරේ ඒ බලපත්‍ර හිමියො නොවෙනවයි කියන කාරණා දෙකම මුල් කරගෙන පරීක්ෂණයක් පටන් ගත්තා 2016 අවුරුද්දේ මෑයි මාසේ. ඒ පරීක්ෂණය පටන් ගත්තේ ශ්‍රී ලංකා රේගු මධ්යම පරීක්ෂණ කාර්යාංශය. දල වශයෙන් රජයට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16ක් විතර කියලයි විශ්වාස කරන්නෙ. පහත පින්තූරෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා (මේක හොයාගත්තෙ ඉතිං අන්තර්ජාලෙන් තමයි) මේ වංචාව කරන්න ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම කරල තියෙන්නෙ, අර අපේ සමහරු කෑම බිල 400ක් උනාම ඔන් ඈපෘවල් බිලක් 800කට දානව වගේ කොම්පෑණියට (මාත් එක පාරක් කරල තියෙනවා 2005-

මෝ ප්ලෙසර්.........

Image
අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ......... මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක්. මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො. මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න. "හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක් කරන්නෙයි, මේ පාර යනෝ පිට" කියල හිතල තමයිලු ඉතිං ගියේ. අවුරුදු කාලෙ නිසා තනියෙංමලු මිනිහ ගියේ (අනික් මිනිස්සු ඉතිං ගම් බිම් වල යනවයි ෂොපිං කරනවයිනේ ඔය කාලෙ). ඔහොම ඉතිං ඇවිදින අතරෙ මෙයා ඒ රටේ මිනිස්සු එක්ක පොටෝ ගහනවයි එක එක අලුත් කෑම ජාති රස විදලා ඒවයේ හොද නරක බලන එකයි වගේ දේවල් තමයි කරේ. නමුත් ඉතිං මෙයත් මනුස්සයෙක් නෙව, ඔන්න ඉතිං පොඩි ආසාවක් ආවා මේ රටේ ඉන්න ගෑණු ළමිස්සියො ගැනත් පොඩි සමීක්ෂණයක් වගේ එකක් කරන්න. ඒ වගේ වැඩකට කියාපු දේ තමයි ඉතිං ඊටම අදාල තැනකට යන එක කියලා මිනිහා ගියා සම්බාහන මධ්‍යස්ථානයකට (අපි අර ඇඟ තලන එහෙමත් නැත්තං මසාජ් ක්ලිනික්, ඔව්වොව් ඒක තමා) ගිහින් ඉතිං සල්ලි එහෙම ගෙවලා තෝරගත්තා තමුන්ගෙ මනාපෙට හරි යන ගෑණු ළමයෙකුත්. අපි සුද්දො යටතෙ ඉදලා ඉංග්‍රීසියෙ කප් ගහ

ඇටය සහ අවංක කම

Image
හම්මේ කාලයක් ගොහිං.........................  බ්ලොගේ මකුළු දැල් බැදිලා අත් ඇරලා දාලා තිබ්බෙ. නිවාඩුව පටන් ගන්නෙ හෙට නිසා අදත් ඔෆිස් එන්න උනා. ඉන්න ගමන් බ්ලොග් එකක ලිපියක් කියෙව්වා. ඒක කියෝපු ගමන් ආපහු ලිව්වොත් මොකෝ කියලා විදුලියක් කොටනවා වගේ ඔළුවට ආවා. ලියන්න දෙයක් හිතුනෙ නැති නිසා ජාලෙන් හොයාගෙන හරි ලියන්න හිතුවා. ඕං කථාව... කලිං කථාව දන්නා කට්ටිය ඉන්නවනං තරහ අවසර,... එක ආයතනයක හිමි කාරයා වයස වැඩි වෙන කොට තීරණය කරා තමන්ට දැන් මේ තරම් වෙහෙස වෙලා වැඩ කරන්න හැකියාව තව ටික දවසකින්ම ඉවර වෙන නිසා ආයතනයේ කළමණාකාරිත්වය සුදුසු කෙනෙකුට භාර දෙන්නට ඕනෑ කියලා. නමුත් අවාසනාවට ඒ මනුස්සයාට උරුමක්කාරයෙක් හිටියේ නැහැ. ඊලඟ ඉතාම සුදුසු තීරණය වුණේ ආයතනයේ දැනට වැඩ කරන තරුණ විධායක නිලධාරින්ගෙන් සුදුසුම කෙනා තෝරලා ඒ තනතුරේ වගකීම භාර දෙන එකයි. ඉතින් සියලුම විධායකයන්ව රෑස්වීම් කාමරයට රැස් කරපු මේ ආයතනයේ අයිති කාරයා මෙන්න මෙහෙම කිව්වා. "මම ඔය සෑම දෙනෙක්ටම ඇටයක් (ශාක බීජයක්) ගණනේ දෙනවා. ඔය කවුරුත් ඒ ඇටය ගෙදර ගෙනිහින් පෝච්චියක දාලා තමන්ගෙ ලොකුම රාජකාරියක් විදියට සලකලා සාත්තු කරන

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

Image
නිකමට වගේ බ්ලොගේ පැත්තෙ ගියා. ගිහිං බලද්දි දැක්කෙ මේක අටවං අවුරුදු දෙකකුත් ගිහිං දන්නෙම නැතුව. උපන් දිනේ තිබිල තියෙන්නෙ පහු ගිය 7 වෙනිදා වයස ගියාට ලිපි නං එච්චර නෑ. මේ අවුරුදු දෙකේ මගේ බ්ලොග ෆලෝ කරපු, කමෙන්ට් කරපු සහ මේ නිසා අඳුන ගන්න ලැබුණු සියලු දෙනාට මගේ ප්‍රණාමය බැති සිතින් පල කර සිටිමි.

බහලුම් පෙට්ටි

Image
ඕං 2013 පළවෙනිම පෝස්ට් එක. හැම දේම පිට රටිං එන මේ කාලෙ, නිකමට හිතුනා ඔය බඩු එන වගේම අපේ රටෙං අපනයනය කරන බඩු යවන්නත් යොදාගන්න බහලුම් හෙවත් කන්ටේනර් පෙට්ටි වල දිග පළල වගේම තව විස්තර ටිකකුත් ඔයගොල්ලො එක්ක බෙදාගන්න.  ගොඩක් අයට ප්‍රයෝජනවත් නැති උනත් සමහරුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. පැහැදිලි මදි නම් රූපෙ උඩ ක්ලික් කරන්න ලොකුවට බලන්න. මොනවා හරි අඩු පාඩුවක් තියේ නං පෙන්නන්න.