Posts

මධ්‍යසාර

Image
මධ්‍යසාර එහෙමත් නැතිනම් මත්පැන් කියන දේ අපි කාටත් අමුතු දෙයක් නෙමේ නේද? ඕවට සුද්දගෙ භාසාවෙන් කියන්නෙ Alcoholic Beverages කියල තමයි. මේ බීම ප්‍රධාන වර්ග 3 කට බෙදන්ඩත් පුලුවනිලු. ඔය ඒ දේවල් ගැන අධ්‍යයනය කරන අය කියන විදිහට ඒ වර්ග 3 තමයි 1) බීර         - සාමාන්‍යය ප්‍රතිශතය 4%-6% 2)වයින්         - සාමාන්‍යය ප්‍රතිශතය 9%-16% 3)සැර බීම (Spirits) - කියන්ඩ දෙයක් නැහැනෙ මෙව්ව ගැන ඔය මොන මොන නම් ගම් දීල තිබුනත් මේ හැම දෙයම කරන්නෙ මනුස්සයා කියන සතාගෙ සිහි කල්පනාව සහ ශරීරයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වෙනස් කරන එකයි.  ලෝකෙ වැඩිම මත් පැන් පාවිච්චි කරන්නෙ රුසියාව ආශ්‍රිත රටවල් වලයි කියලා ටිකකට කලින් කියවපු එකක් දැක්කා. මේ තියෙන්නෙ ඒක පුද්ගලිකව මගෙ අදහස තමයි මේ මත් පන් බීම නිසා මනුස්සය කියන සතා පිරිහෙනවයි කියන එක. ඒකට හේතුව තමයි අපි කවුරු කවුරුත් දන්නෙ නැහැ මේකෙ සීමාව කොතනද කියල, හරියට බොන මනුස්සයෙක්නම්..... එතකොට වෙන්නෙ ධන සහ සෞඛයය පරිහාණිය නිකම්ම තමුන් හොයාගෙන එන එක. ඒක නිසා ලස්සනටයි කට්ටිය එක්ක සෙට් වෙන්න තියෙන උවමනාවටයිනම් බොන්න එපා, තමුන්ට බොන්න ඕනෙම කියල හිතෙනවනම් විතරක් බොන්න මේ

මුදලාලිගෙ බල්ලා

Image
මේක ඈවිල්ලා අපේ ගෙවල් පෑත්තෙ හිටපු මුදලාලි කෙනෙක්ට වෙච්ච පොඩි කතන්දරයක්.   මෙයාගෙ නම ඈවිල්ලා ගුණරත්න මුදලාලි කියමුකෝ.......... මේ මුදලාලි අවිල්ලා උදේ පාන්දරම කඩේ අරින හොඳ මනුස්සයා. කා එක්කත් හිනා වෙලා කථා බහ කරන නිහතමානී පොරක්. මෙයාගෙ තියෙන පොඩි අවුලක් තමයි සමහර වෙලවට ඈහිල්ලක් බෑලිල්ලක් නෑතුව සමහර ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඔන්න දවසක් උදේ පාන්දරම මුදලාලි කඩේ එහෙම ඈරල කඩේ ඈතුලෙ පත්තරයක් එහෙම බල බල ඉන්නකොට එක මනුස්සයෙක් කඩේ පෑත්තට එන ගමන් මෙයාගෙන් අහනවලු "මුදලාලී, මුදලාලිගෙ බල්ල මිනිස්සුන්ව හපනවද..??" කියලා. මුදලාලි බෑලුවලු මොකක්ද යකෝ මේ මනුස්සය මගෙන් අහන අන්ඩර දෙමලෙ කියල කෝකටත් මතක් කරල බෑලුවලු මුදලාලි ඈති කරපු බල්ල මිනිස්සුන්ව හපල තියෙනවද කියලා....................... මතක් උනේම නෑහලු කවදාවත් ඒ බල්ලා මනුස්සයෙක් හපාපු වගක් නෑට්ට වනාගෙන ඉස්සරහට දුවනව මිසක්.  "පිස්සුද මහත්තයෝ, මහත්තයා ඌව හෑපුවත් ඌ නම් හපන එකක් නෑහෑ... හෙහ් හෙහ්............."   අපි ඒ ගෙවල් පෑත්තෙ ගියත් ඔය සීදේවි බල්ලා කරන්නෙ අපෙ පස්සෙන් නෑට්ට වන වනා  ටික දුරක් ඈවිදන් යන එක තමයි ඒ දවස් වල.......

කාන්තාවන්ට වෙන් වෙච්ච දවස

Image
අද ජාත්‍යන්තර කාන්තා දිනයලුනෙ.....  අපේ office එකේ ඉන්න කෙල්ලෙක් උදේ මල් ඉල්ලුවහම තමයි මතක් උනේ එහෙම දවසක් තියෙනවයි කියල. කොහොමින් කොහොමින් හරි ලෝක දෑලේ පොඩ්ඩක් ඈවිදලා මල් වල පින්තූර ටිකක් හොයාගෙන උන් ටිකට යවල දෑම්ම. ඒ කරල විතරක් නිකම් හිටියෙ නෑහෑ ඔය දන්න දන්න කාන්තා පාර්ශවේ කට්ටියටත් සුබ පෑතුව. ඉතින් මෙ වෙලාවෙ මම කෑමතියි අපේ ජාලෙ සෑරි සරන කාන්තා පාර්ශවේ අයටත් සුබම සුබ කාන්තා දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කොරන්ට........

ආයුබෝවන්!

Image
ඕං ඉතිං මාත් පටන් ගත්තා පොඩ්ඩක් හිතට එන දේවල් ටිකක් ලියලා මේ වැඩේ පටන් ගන්ටයි කියාලා....................... වයස අතින් ගත්තොත් නම් මම ඉන්නෙ අවුරුදු විසි ගනන් වල තමයි. ඒත් ඉතිං විසි ගනන් ඉවර වෙන්ඩ ඔන්න මෙන්න වගේ කිව්වොතින් වැ‍රැද්දක් තියෙයි කියන්ඩත් බැහැ ඕං........... බ්ලොග් වලින් කියවපු දේවල් බැලුවහම  පරන කථා වලට නම් හොඳ ප්‍රතිචාර තියෙනවනෙ ඉතින්, ඒක නිසා පරන වල් පල් ටිකක් මතක් වෙන විදියට ලියන්නම්කෝ. පින්තූරෙට බල්ලෙක් දැම්මෙ මම බල්ලොන්ට ගොඩක් කැමති නිසයි........හැබැයි බලු වැඩ නම් නැහැ හෙට දිහාට දාන්නංකෝ කතන්දර දෙක තුනක්................