About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Monday, March 28, 2011

වෑඩ ගොඩ වීම සහ කොල්ලගේ කතිර පෙට්ටිය......





මේ දවස් වල කොල්ල පොඩ්ඩක් ඈනගෙන ඉන්නෙ වෑඩ ගොඩ වෙලා. ඒ මදිවට කොල්ලලගෙ ආයතනයෙ ඉන්න පිට රට ඈයො කට්ටියම අලුත් නිවහනකට ගියානෙ. අලුත් තෑන ලෝක ව්‍යාප්ත ජාලෙ තාම හරි හමනකට ගෑලපිලා නෑති හින්දා ලියන්ඩ වෙන්නෙ මෙහෙ ඔපීසියෙ ඉන්න වෙලේ තමා.......


මුකුත්ම ලිව්වෙ නෑති හින්දා ඕන් කොල්ලගෙ ලඟ තියෙන කතිර පෙට්ටිය ගෑන පොඩි සඳහනක් දානව. ඒ මදිවට පහු ගිය ටිකේ තිබ්බ හෙල්ලිලා තිබ්බ ගතිය ගිහින් පේන හෑම දේම ලස්සනට පේන්ඩත් පටන් අරන් ඔන්න. 




කොහොමින් කොහොමින් හරි මේ තියෙන්නෙ කොල්ලගෙ 360 කතිර පෙට්ටිය කියන යන්තරේ. මේකෙන් පුලුවන් තමුන්ට කෑමෑති ලෝකෙකට යන්ඩ කෑමති වෙලාවකට. අවශ්‍ය ද්‍රව්‍ය තමයි විදුලි බලය සහ සිතුවිලි වලට ගෑලපෙන තෑටියක්.කොල්ලගෙ ප්‍රියතම ලෝකෙ තමා මහා වාහන චෞරයාගේ ලෝකය. (Grand theft Auto)

Friday, March 25, 2011

හාසිනීගෙ ඉරොන් කඩේ....



ඔය සුද්දගෙ බාසාව ගෑන කතන්දර නම් ගෝනි ගනන් මොකද සාමාන්‍ය පෙළට හෝඩියෙ හතර වෙනි අකුරක් කොල්ල උනත් ගත්තෙ වාසනාවට කියල හිතෙන තරමටම ඒ දවස් වල ඕක තිත්ත වෙලා තිබ්බෙ. වෑරදිලාවත් සුද්දෙක් දෑක්කොත් අහලක නොහිට දුවන තරමටම ඕක භීතිකාවක් වෙලා තිබ්බ සමහරුන්ට.


මේ සිද්දිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙක් උනත් වෑඩිපුරම අර වම්බටු කථාවෙ හිටිය රන්දිකයගෙ ලඟින්ම හිටපු යාලුවෙකුට. යාලුවගෙ නම තමයි දුලීත. මේ දුලීතය ඒ දවස් වල හරිම ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් තමා රස්ති ශබ්ද කෝෂයේ හෑටියට "බඩු පෑරවීම" නොහොත් ගෑණු ලමයින් ගෑන උනන්දු වී ඔවුන් පසු පස ගොස් පෙම්වතිය බවට පත් කරගෑනීමේ පරම අභිලාශයෙන් කටයුතු කිරීම.


ඒ දවස් වල දුලීතගෙ ඉලක්කයක් වෙල තිබ්බෙ හාසිනී කියල ටිකක් ලස්සන පහේ ගෑණු ලමයෙක්. මූ ඉතින් වෑඩ ඔක්කොම පාලු කරගෙන කාව හරි වෙන එකෙකුගෙ වෑඩකුත් පාඩු කරල දෙන්නම එක්ක ඔය ගෑණු ලමය පස්සෙ යනවලු.


සති දෙක තුනකුත් පහු උනාට පස්සෙ කිසිම සද්දයක් මුගෙන් නෑති නිසා කට්ටිය ඈහුවලු ""හාසිනීට මොකෝ බන් උනේ"" කියලා.


මූ කියනවලු, "" තාම නෑහෑ බන් ලොකු ප්‍රගතියක්, ඒත් ඉතින් මම පොඩ්ඩක් සිරා වගේ මෙකි ගෑන අදහසකුත් තියෙනව, බෑඳගත්තත් පාඩුවක් නෑති වෙයි වගේ"" කියලා.එතකොට කට්ටිය අහල ඈයි කියල. "ඒකිගෙ තාත්තට ඉරොන් කඩේකුත් තියෙනව බන්, මම එදා පස්සෙන් ගිය වෙලේ දෑක්කෙ. උන්ගෙ ගෙවල් ලඟමයි තියෙන්නෙත්" කියල කථාවක් මූ කියනවලු.


මූ කියපු විදිහට මේ කියන්නෙ ලොකුම බර අත්තක් කියල හිතල බලන්ඩත් එක්ක හතර පස් දෙනෙක් යනවලු හාසිනී යන බස් එකේම. ගිහින් බෑහෑල පයින් යනකොට යනකොට දුලීතය කට්ටියට පෙන්නුවලු අර තියෙන්නෙ අර තියෙන්නෙ බන් කියල.


ඉස්සරහ තියෙනවලු ටිකක් ලොකු කඩයක්. ඒකෙ ඉස්සරහ තියෙනවලු ගහල බෝඩ් එකක්


" HAASINEE IRON WORKS"


දුලීත එදා ඉඳන් "ඉරොන් කඩේ" බවට පත් උනාලු..........

ඇඩල්ස් කලම්බු....





මේ ඇවිල්ලා මිනිස්සුන්ගෙ දැනුම නැති කම හෑල්ලුවට ලක් කරන්ඩ ලියන එකක් එහෙම නෙමෙයි හොඳේ. හුදු ආශ්වාදය තකා ලියන ලද්දක් පමණයි.....


ඒ දවස් වල පාසැල් කාලෙ කොල්ලල එක්ක හිටිය පොරක්, මිනිහගෙ නම රුවන්, ආදරේට දාපු නම්නෙ ඒ දවස් වල වැඩි පුරම පාවිච්චි උනේ. ඉතින් රුවන්ට කට්ටිය ලේසියට කිව්වෙ මුක්කුවා කියල. සිංහල බ්ලොග් කියවන්නෙ කොමෙන්‍ටු දාන්නෙ ඉතින් ඉංග්‍රීසි පාවිච්චි කරල නිසා මුක්කුවා කියන දේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියල හිතනව (හික්ස්z)


ඔය මුක්කුවා ඇතුලු කොලු රෑනටම ඒ දවස් වල ඔය සුද්දගෙ බාසාව ටිකක් දුරයි. මේ මුක්කුවට නම් සෑහෙන්ඩම දුරයි දැන් හොඳ උනාට.


දවසක් මේ මුක්කුවා උදේ ඉස්කෝලෙට ආපු ගමන් කට්ටියට දෙනව මෙන්න මෙහෙම වදන් ටිකක්. 


මුක්කුවා - මචංලා මම අද උදේ ආවෙ ඇඩල්ස් කලම්බු බස් එකකනෙ. මරු බන් වෙනද වගේ නෙමෙයි හිර නොවී විගහටත් ආවනෙ. ඕනෙනම් තැන් දෙක තුනක නවත්තන්ඩ ඇති.


එතකොට එතන හිටිය සංඛ කියල එකෙක්. ඌ අහනව


"මොකක්ද බන් ඒ හරුපෙ තේරුම? කියන එකක් තේරෙන්ඩ කියපංකො"


මුක්කුවා - ඇයි බන්, උඹලා ඇවිල්ලම නැද්ද ඇඩල්ස් කලම්බු බස් වල?? :-o


ඌ පුදුමෙන් වගේ අහනවා.


කට්ටියට සැහෙන්ඩ අවුලක් මේ අලුත් බස් එක මොකක්ද කියල හොයා ගන්ඩ නැතුව.  


සංඛ - හරි මචං කියපංකො මොකක්ද ඔය අලුත් බස් එක කියලා......


මුක්කුවා - මෙහෙමනෙ බං. ඇඩල්ස් ඔන්ලි කියන්නෙ වැඩිහිටියන්ට පමණයි (විතරයි). ඇඩල්ස් කලම්බු කියන්නෙ එතකොට ඉතිං කොලඹට යන අය විතරයි නග්ග ගන්නෙ.


ඌට ඉතින් ටික කාලයක් යනකම් ආපහු මුක්කුවා කිව්වෙ නැහැ කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ මගෙ හිතේ........................

Wednesday, March 23, 2011

රෑට කමු අපි වම්බටු වම්බටු.......


මේක උනේ කොල්ලගෙ එළම ගජයෙක්ට තමයි.... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එළටම පිස්සු කෙලල කෙලල කොල්ලල එක්කම මේ ලඟක් වෙනකනුත් එහෙමම කරල දෑන් ඔන්න ඔය කෑන්ගරුවන්ගෙ දේසෙද මොකේද ඉගෙන ගන්ඩ කියල ගියපු එළ කොල්ලෙක් තමයි.


යාළුවගෙ නම කියමුකො රන්දික කියලා...


ඔය මගෙ කලින් වෑඩ පෙන්නපු පෝස්ට් එකේ කිව්ව වගේ ඉතින් පිටරට රස්සාවල් වල ලොකු පොඩි භේදයක් නෑහෑනෙ. ඉතින් මේ රන්දිකයත් කරන්නෙ සාමාන්‍ය පොඩි පහේ රස්සාවක් තමයි. ඔය ලොකු ලොකු නම් තියෙන රස්සාවල් කරන අපේ අයියලට පාගන බයිසිකලයක්වත් නෑති උනාට ඒ රටවල් වල නම් කා ලඟත් තමුන්ගෙම රෝද හතරක් තියෙනවා. අන්න සමාජ ක්‍රම... ගන්න පඩිය ඉතුරු නෑතත් මාසෙ ගෙවන්නෙ හරිම ලස්සනට. 


ඔන්න කොල්ල ලයින් එකෙන් අවුට් යනව නේද??........ කියන්ඩ ආවෙ කථාවක් ඒත් දෑන් කියන්නෙ වෙන මගුලක්නෙ.. අයියෝ අයියෝ.


ඔන්න දවසක් මේ රන්දික වෑඩ ඉවර වෙලා පයින් යනවලු. මේ දවස් වල මිනිහට කාර් පදින්ඩ බෑහෑලු මොකද මධ්‍යසාර භාවිතයෙන් පසු කාර් පෑදල මුළාදෑණි උන්නෑහෙල බලපත්තරේ විසන්ධි කරල පුන්චි කාලෙකට. ඔහොම යනකොට තියෙනවලු ගඟක්. ඔය ගඟේ ඉවුර දිගේ ඉතින් සිරි නරඹන ඈයො එහෙමත් ඉන්න එකේ ඔය වීදි අභිවාහක (Street Performers) උන්නෑහේල එහෙමත් ගඟ අයිනෙ ඉන්නවලු. 


කණ දාගෙන යනකොට ඔය යන අතරෙ රන්දිකයට ඈහෙනවලු,"රෑට කමු අපි වම්බටු වම්බටු, වම්බටු පෙති බෑදලා..." කියල තියෙන ජොලි සීයගෙ සින්දුව ඒ වගේම ගිටාර් එකකින් ගහනව. මාර සන්තෝසෙන් ලන්කාවෙ එකෙක් වෙන්ඩ ඈති කියල දුවගෙන වගේ ගිහින් බෑලුවලු. ඒත් ඉන්නෙ සුදු කොන්ඩෙ තියෙන කෑන්ගරු පොරක්ලු. මිනිහ හිතල වෑරදීමක් වෙන්ඩ ඈති කියල එහෙමම යන්ඩ ගිහින්  


ආපහු ඊලඟ දවසෙ එනකොටත් මේ සින්දුවම ගහනවලු වචනයක්වත් නෑර. මූට මාරම අවුල දෑන් මේ යකා කොහොමද අපේ සින්දු දන්නෙ කියල.


එදා හවස යාලුව කොල්ලට කථා කරන වෙලේ කොල්ලගෙන් අහනව, "මචන් අර රෑට කමු අපි වම්බටු කියන සින්දුව ජොලි සීයගෙ නේද කියලා. කොල්ලත් ඉතින් කිව්ව ඔව් කියලා."මාර වෑඩේනෙ බන් මන් දෑන් දවස් දෙකක් තිස්සෙ එකෙක් ගිටාර් ගහනව අහන් ඉන්නව. ඌ ඒ සින්දුව ඒ වගේම ගහනවනෙ. ඌ ලන්කාවෙ එකෙකුත් නෙමෙයි කියල රන්දිකය කිව්ව.


එතකොට තමයි කොල්ලට මතක් උනේ ඒ තනුවම තියෙන"NEVER ON SUNDAY"  කියල ඉන්ග්‍රීසි සින්දුවක් ඈත කාලෙක කියවිලා තියෙනව කියල. (ඕනයා ට කොල්ලගේ උපහාරය සිංදුව මතක් කර දීම ගැන)


ප.ලි/ පසුව මකන ලදී. ස්තූතිය - ඕනයා

Tuesday, March 22, 2011

අශුභවාදිත්වය....




ඊයෙ අද දවස උදා වෙනකම් ඈඟිලි ගෑන ගෑන ඉඳලා.......
අද දවසේ වෙන දේ හෙට උනානම් කියල හිතෙන එකට ......
අද දවසත් ඊයෙ වගේ වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන එකට.....
ඕනෙ දේ ලෑබිලත් හිතේ සතුටක් නෑති එකට......


කියන නම මොකක්ද???

ඈයි?......



ජීවත් වෙන, මාර්ග ඵල නොලබපු මනුස්සයෙක් මුලින්ම ආදරේ තමන්ටලු... ඉන් පස්සෙ ඒක විහිදිලා යන්නෙ තමුන්ගෙ පවුල කියන සම්පිණ්ඩනය ඈතුලෙ. එතනිනුත් එහාට ගිහින් ඒක බෙදෙනව තමුන්ගෙ ලඟ හිතවත්තු අතරෙ. මනුස්සය කියන්නෙ හෑමදාම ආදරේ කරන්ඩ කෑමති සතෙක් නිසා එතනින් ඒක නොනෑවතී එදිනෙදා හමු වෙන සියලු සත්වයෝ අතරෙත්බෙදෙනව.


ඔය ආදරේ වගේම තමයි වයිරය කියන දේත්. මිනිහා කියන සතා ඒ දේටත් ආදරේ කරනව වගේම දක්ෂයි. ඔය කොයි දේටත් මුල් වෙන්නෙ හිතලුනෙ.


මනුස්සයෙක් තමුන්ට ආදරේ නොකරනවනම් තමුන්ගෙ සබෑඳියන්ට ආදරේ කරන්ඩ පුලුවන් වෙයිද?? ඒ ආදරේ කළත් තමුන් ගෑන කළකිරීමකින් ඉන්න මිනිහෙකුගෙ ආදරෙන් වෑඩක් වෙයිද???


මට තියෙන්නෙම මහ ගොන් ප්‍රශ්න. ඒත් ඒ දේවල් ඈතුලෙ. මටත් නොතේරෙන සමහර දේවල් තියෙනව කියල හිතෙනවත්  එක්ක.


ප/ලි. මේ බ්ලොග් එක පටන් ගත්තෙ පරණ රස කතා ලියන්ඩ උනාට දෑන් ලියවෙන්නෙ හිතේ තියෙන කටින් පිට නොවෙන දේවල්.  

Friday, March 18, 2011

වැඩ පෙන්නීම





මේ සිද්ධිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙකුට.මේ කියන යාලුවා කොල්ලලගෙ ඉස්කෝලෙ එකටම හිටිය සෙට් එකේ පොරක්. ඒ දවස් වලත්  ඉතින් හොඳම ආතල් වෑඩ කරන මල්ලි කෙනෙක් තමයි මූ.මේ කථාව කිව්වෙත් හෑබෑයි මිනිහම තමයි. ඉතින් මම ඈහුව මගෙ බ්ලොග් එක පුරවගන්ඩද කියල මේ කථාව දාල.  


කොහොමින් කොහොමින් හරි දෑන් නම් මෑන් ඉන්නෙ ඉතාලියෙ.නම නාමල් කියල කියමුකො. මුලින්ම මෙයා ගියෙ එහෙ බාසාව ඉගෙන ගෙන කාරිය රස්සාවකට යන්ඩයි කියල. මොකද නාමල්ගෙ අක්ක ඉන්නෙත් එහෙම හින්ද ඔය ඉගෙන ගන්න වෑඩේ එච්චරම අවුලක් වෙන එකක් නෑහෑ කියල ඒ ගොල්ලොත් කියල තිබ්බ.


ඔන්න මිනිහ රස්සාවකට සෙට් උනාලු. දන්නවනෙ ඉතින් ගොඩක් පිට රටින් ආපු උදවිය එහෙ කරන්නෙ  සාමාන්‍ය පහේ රස්සාවල්නෙ. ඒකෙ ඉතින් එච්චර ගානකුත් නෑහෑලු අපේ ලන්කාවෙ වගේ බොරු ලොකු කම් ඒ මිනිස්සු ලඟ නෑති හින්දා. 


ආ කථාව... ඔන්න ඉතින් මිනිහට මුලින්ම රස්සාව ලෑබුනෙ ඔය තේ කඩේකලු (තේ කඩ කිව්වට එව්ව මේ අපේ තේ කඩ වගේ ලොකුවට නෑහෑ : p ) තේ වලට ඉතාලි බාසාවෙන් කියන්නෙ  te' කියලලු


te' caldo = රස්නෙ තේ
එතකොට caldo කියන්නෙ ඉතින් රස්නෙ වෙන්ඩ එපයි නේද?


che = මොකක්ද මේ/මොන වගේ තේරුමක්ලු එන්නෙ.


අපේ මේ යෝදය වෑඩට ගිහින් ටික දවසක් වෙනවලු.ගිම්හාන කාලෙ මුල් දවස්ලු එතකොට, ඒ කියන්නෙ පටන් ගත්ත විතරයි. ඔහොම ඉන්න අතරෙ එක ඉතාලි ගෑනු කෙනෙක් ඈවිත් රස්නෙන් තේ එකක් ඉල්ලුවලු අර මම කලින් කියපු වචනෙ කියල. අපේ මිත්‍රයත් ඉතින් දන්න වෑඩ කිඩ ඔක්කොම දාල පුලුවන් තරම් ඉක්මනට තේ වලට අවශ්‍ය කළමනා ටිකයි උනු වතුර එකකුයි ගෙනිහින් දීල තියෙනවා. ඒත් හෑබයි අර ගෑණු මනුස්සය නෙමෙයිලු මේක දිහා ඈහෑක් ඈරල බලන්නෙ. පස්සෙ බලනකොට එයා කියල තියෙන්නෙ "මේ මොන රස්නයක්ද ?" කියලලු.


එදායින් පස්සෙ යාලුව වෑඩ පෙන්නීම පෑත්තක දාල තව ටිකක් බාසාව ඉගෙන ගන්ඩ පටන් ගත්තලු. ඒ වගේම මුලින් තේරුනේ නෑත්තම් දෙපාරක් හරි අහල වෑඩ කරන්ට පටන් ගත්තලු....

ඉරත් තරුවක්



ඉර කියන්නෙ තරුවක්
ඒත් ඉර දිහා කෙලින් බැලුවොත්...
පිච්චෙනවා
රෑ අහසෙ දකින තරුවක ලස්සන
මේ තියෙන ඉරෙන් දකින්නනම්........


යන්න වෙයිද දුර ආලෝක වර්ෂ ගානක්....................

ඉංග්‍රීසියෙන් ආදරේ කිරීම............





I can love you more than any other, if you let me do it....
Taking care of you , I will do without a doubt.................
If I love you,
Sharing everything in my life with you is a must................


කවි ලියලම නැහැ කොල්ලා මේ තාක් කල්. ඒත් දැන් කවි නොවුනත් කථාත් නොවෙන ජාතියෙ දේවල් ලියවෙනව නොදැනීම.


ඒකට හේතුව මොකක්ද????


නමුත් උඩින් තියෙන ඉංග්‍රීසි වචන ටික උත්තම පුරුෂ පැත්තට බර වැඩිද මන්දා??


උත්තම පුරුෂ = ආත්මාර්ථය    ද?

Thursday, March 17, 2011

‍රැ තිස්සෙ නිදි මරාගෙන...........




ඊයෙ ‍රැ ඇහැරගෙන ඉන්නකොට ඔහේ ලියපු දේවල් ටිකක් දාන්ඩ හිතුනා. 

ආදරේ කියන්නෙ ඇත්තටම

තමන් වෙන කෙනෙක් වෙනුවෙනුත්......
වෙන කෙනෙක් තමන් වෙනුවෙනුත්...
කැප වෙන දිහා ආසාවෙන් බලාගෙන සතු‍ටු වීම නෙමෙයිද?

ආදරය ආත්මාර්ථකාමියිද එච්චරම???????????




>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>



කොල්ලට ප්‍රශ්නයක්

හිත අතරමං වෙලා වගේ කියල කොල්ලට හිතෙනවා. අළුත් කෙල්ල කොල්ලට ලං වෙලා වැඩි කාලයක් නැහැ තාම. හිත අවුල් වෙලා තියෙන වෙලාවෙම බ්ලොග් එකත් අවුල් වෙලා. අලුතෙන් පෝස්ට් එකක් දාන්ඩවත් විදියක් නැහැ............. ජීවිතෙන් ඈත් වෙච්ච දේවල් ආපහු ලං කරගන්න තරම් මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නෙ ඇයි කියල කලින් හිතුව වැරදියි......

දූරං ගමං ඒක චරං........ කියල බුදු හාමුදුරුවො හිත ගැන කිව්ව දේ කොල්ලට තේරෙන්ඩ ගත්තෙ අද ඊයෙ නෙමෙයි උනත්, හිත මෙච්චරම සංකීර්ණ දෙයක් කියල තාම තේරෙන්නෙ නැහැ. ලෝකෙ ගෝලාකාර නිසා ඉර බහිද්දි හඳ පෙනුනත් ඔය ඉර හඳ තියෙන තැන් වෙනස් වෙන්නෙ නැහැ කියල හිතෙනකොටත්, මේ ලෝකෙ අපි ගෙවන ජීවිතේ තරම් සංකීර්ණ දෙයක් කාටවත් හොයාගන්ඩ බැහැ කියන සන්තෝසෙන් නිදාගන්නකොටත් වෙලාව පාන්දර 1.43

ප.ලි / මේක වෙන්ඩ ඕනෙ වෙබ් ලොග් කියන සංකල්පෙ. ලිව්වෙ හිත සැහැල්ලු කරගන්ඩ.


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

මල සහ සමනලයා

මල් වලට පිහා‍ටු තියෙන කාලෙක
සමනල්ලු ගස් වල ඉඳියිද...................
එහෙම වුනොත්
මල් සමනල්ලු හොයාගෙන ගිහින් පැණි පොවයිද?????

ලෝකෙ වෙන දේවල් වෙන්න ඕනෙ එකම විදියකටද?????

එහෙම නැත්තම් මට පිස්සුද...............................



ස්තූතියි






වෑඩේ පටන් අරන් දවස් දහයක් (10) ගත උනා නොදෑනීම. බොහෝම සන්තෝසයි දවස් දහයකින් හිතවත්තු දා හතර දෙනෙක් හදාගෙන අලුත් කෙනෙක්ට තල්ලුවක් දෙන ඈයො මේ අවකාශයෙ ඉන්නව කියල දෑනගන්න ලෑබුණු එක..........


බොහෝම ස්තූතියි මගෙ අලුත් ජාල සටහනට (අර කතන්දර මහත්තයගෙ අලුත්ම පෝස්ට් එකේ වගේ අලුත් වචනයක් මම හදාපූ) දුන්න තල්ලුවට


ජය වේවා .........




ප.ලි / වෑරදි පිලිගෑනීම මනුස්ස ගතියක්ලුනෙ...... ජාල සටහන කියන එක මගෙ වචනයක් වෙන්ඩ බෑහෑ කියල තේරුන නිසා පොඩ්ඩක් විපරම් කරාම ඒක හරි.ජාල සටහන මීට කලින් පාවිච්චි උන වචනයක්. හෑබෑයි Blogger කියන එකට ජාල සටහන් රචක කියන එක මුලින්ම කියල තියෙන්නෙ මම වගේ.......

Monday, March 14, 2011

මළ ගෙදරක වෙච්ච දෙයක්......



මේ සිද්ධිය වෙන්නෙ අපි උසස් පෙළ පන්ති පටන් ගත්ත අලුතම වගේ තමයි. දවස් වල අපි අලුතෙන් සෙට් හදාගන්න පටන් ගන්න කාලෙ. සාමාන්‍ය පෙළ කාලෙදි හිටපු ඉස්කෝලෙ සෙට් වලට වඩා දුර ගිය රීජනල් (Regional) සෙට් පටන් ගන්නෙ මේ කාලෙ තමයි.

ඔන්න ඔය කාලෙ තමයි කොල්ලො එක එක ජාතියෙ පරීක්ෂණාත්මක අමුද්රව් (ඔය මධ්යසාර ගනය සහ ඊටත් එහා ගිය දෙවල්) එක්ක පරීක්ෂණ කරල ඈන ගන්ඩ පටන් ගන්න කාලෙ.මේ කොල්ල උනත් ඉතින් ඔය කොයි කොයි දේත් මොන වගේද කියල රස බලපු මොනවද කරාට කමක් නෑත්තෙ, මොනවද කරන එක නරක කියල නිගමන වලට ඈවිත් තියෙන ගෑටයෙක්, සෑහෙන අවස්ථා වල (හික්ස්z)

දවස් වල ඉතින් කට්ටියගෙ විනෝදා ලෑයිස්තුවෙ උඩම තිබුන එකක් තමයි අඳුනන, ටිකක් අඳුනන සහ එක පාරක් කථා කරල තියෙන කාගෙ උනත් ගෑවුනු මළ ගෙවල් හොයාගෙන යාම.එහෙම ගිහින් ඉතින් එලිමහනෙ තියෙන ටෙන්ට් එකකට වෙලා කාඩ් හරි කෑරම් හරි සෙල්ලම් කරන එක කියන්නෙ ඉතින් අනිවාර්ය දෙයක්ම වෙලා තිබුන.

එක දවසක් ඔය වගෙ දුරින් යාලුවෙක්ගෙ මළ ගෙදරක ගියා. දෑනගන්ඩ ලෑබුණ ආකාරයට අභාවප්‍රාප්ත වෙලා තිබුනෙ ගොඩක් වයසක කෙනෙක්. දන්නවනෙ ඉතින් ඔය මල ගෙදර මෑරුණු කෙනා ගොඩක්ම වයසයි නම් කට්ටියගෙ දුක සහ පෙනුමට ඈඬීම ටිකක් විතර අඩුයිනෙ. අපිටත් ඉතින් මල ගෙදර එච්චර දුක්මුසු බවක් පෙනුනෙ නෑති නිසාත්, කට්ටියට පොඩි බෙහෙත් ටිකක් ගත යුතු ජාතියෙ ලෙඩක් හෑදිල තිබීම හින්දත් මුලින්ම ආචාර සමාචාර නොකර මුල්ලකට උනා. ඊට පස්සෙ ඉතින් වෙද මහත්තුරු බෙහෙත් ඔතනවයි, ලෙඩ්ඩු පිලිවෙලකට ගිහින් ප්රතිකාර අරන් එන එකයි වෙන අතරෙම කට්ටිය සෙල්ලම් කරන්ඩ පටන් ගත්ත. ඔය විදිහට පෑය ගානක්ම නොදෑනීම ගෙවිල ගියා කියමුකො.............

ඔය මම කියපු බෙහෙත් ජාතිය ලෙඩෙක් ගත්තහම ලෙඩාට එනව එක එක අතුරු ආබාධ. දැස කුඩා වීම, සැහැල්ලු බවක් දැනීම, හිනා වෙන්ඩ ආසාවෙන් පොඩි දෙයක් ඇහුණු ගමන්ම නොසැහෙන්ඩ හිනා වීම වගේම මුහුදු මට්ටමේ සාමාන්‍ය උස ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ගත් කල වැඩි බව දැනීම තමයි ප්‍රධාන වෙන්නෙ.

ඉතිං ඔය අතුරු ආබාධ වලින් පීඩා විඳින ගමන්ම මළ ගෙයක් කියල වට පිටාවෙ ඉන්න අයට දැනෙන්නෙ නැති වෙන විදිහෙ විහිලු තහලු කරන එක නවත්තන්ඩ කාටවත්ම බැහැනෙ. මේ කියන දවසෙත් ඉතින් ඔය දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුනා. කොහොමින් කොහොමින් හරි වෙලාව ගිහින් පාන්දර 2-3 ට වගේ කට්ටිය යන්ඩ ලෑස්ති වුනා ඊලඟ දවසෙ තිබුන පන්තියට යන්ඩ ඕනෙම නිසා. මොකද පන්ති ගියා හෝ නැතුවා අපේ යාලුවො කවුරුත් පන්ති තියෙන දවස් වල ගෙදර හිටියෙ නැහැ මොකද ඒ තරමටම උනන්දුයි ගෙදරින් (පන්ති) යන එකට. 

අපි මේ යාලුවට අකිල කියල කියමුකො හඳුනාගැනීමේ පහසුව පිණිස, අකිලට දැන් අර අතුරු ආබාධ උපරිම තත්වයෙ තමයි තියෙන්නෙ. ඒ වගේම තමයි මිනිහ මොන තත්වෙ හිටියත් අර අපෙ දේශපාලක උන්නැහැලාගෙ තියෙන ගති ලක්ෂණ නොසෑහෙන්ඩ තිබ්බා. ඉතිං සුපුරුදු ලෙස මිනිහ පෙරමුණේ රාල වෙලා යනව ආචාර සමාචාර පවත්වන්ඩ නැසී ගිය අයගේ  ඥාති හිතමිත්‍රාදීන්ට. ගිහින් ඉස්තෝප්පුවට ගොඩ වෙලා සෙරෙප්පු එහෙම ගලවලා ගිහින් අපි අඳුනන කෙනාගෙ අම්මට ආචාර කරන ගමන් මෙන්න මෙහෙම අහනවා

අකිල - ඇන්ටි සීය නැති වෙන්ඩ කලින් සෑහෙන දවසක් ඉස්පිරිතාලෙ හිටියලු නේද? මොකක්ද ඇත්තටම තිබුන ලෙඩේ?........

කිසීම උත්තරයක් හම්බු උනේ නැහැ...............................

ඊට හපන් එතන හිටපු කට්ටිය මූණට මූණ බලාගන්නව. අර යාලුවගෙ අම්ම අකිලය දිහා බලාගෙන දත් මිටි කනව...........එකෙක් කිව්ව "මචං එකෙක් පොඩ්ඩක් ගිහින් බලල වරෙන් මොකක්ද අවුල කියල, කට්ටියම ඔතනට ගියොත් වැඩේ අවුල් වෙනවා" කියලා.

ඊට පස්සෙ එකෙක් ගිහින් අකිලයවත් ඇදගෙන දුවගෙන එනව මහ හයියෙන් හිනා වෙවී. උගෙන් ඇහුවට මුකුත් කියන්නෙ නැහැ බඩ අල්ලන් හිනා වෙනව. අකිලය එකසිය ගානට අරූට රවනව එක විකාරයයි. වැඩේ නිකම් ඇදගෙන නාගන්ඩ ඕනෙ නැහැනෙ මළ ගෙදර මැද්දෙ හිනා වෙන එකෙක් තියාගෙන කියල කට්ටියම එන්ඩ සෙට් උනා. එන ගමන් නිකමට මල ගෙදරට එන තැන උඩ එල්ලල තිබුන බැනර් එක දිහා බලපු ගමන් සෙට් එකම හිනා වෙන්ඩ පටන් ගත්ත එක ගෙවල් වලට යනකනුත් හිනා උනා මතක් කර කර..........

බැනර් එකේ තිබ්බෙ මොකක්ද දන්නවද??

"සත් ගුණවත් ඇසිලින් උපාසිකා මාතාවට නිවන් සුව ලැබේවා......................................."

එදායින් පස්සෙ අර දුරින් යාලුවා වැරදිලාවත් අපි එක්ක වචනයක්වත් කථා කරේ නම් නැහැ

Friday, March 11, 2011

දුවන මැෂිම (Treadmill)



මේ සිද්ධිය උනේ  2011 පෙබරවාරි 04 වෙනිද කොල්ල ලංකාවෙ නිවාඩුවට ගිහින් හිටපු දවස් වල ගෙදර උදවිය එක්ක ලංකාවෙ සීතල පලාතකට නිවාඩුවට ගිය වෙලාවෙ.

ඔන්න පළවෙනි දවසෙ (03 වෙනිද) කට්ටිය එක්ක ගියා පොඩ්ඩක් වට පිටාව බලලා සනීපයක් ගන්ටයි කියාල. වැඩේ පොඩියට වගෙ අල උනා වැහිබර කාලගුණේ හින්දා. ඒ කොහොම උනත් අපි යන්ඩ එන්ඩ පාවිච්චි කරපු වාහනේ එලවපු මල්ලි හොඳ කොල්ලෙක් නිසා මිනිහ ජාම බේරං අපිව ඔය තැන් දෙක තුනකට එක්කං ගිහින් පෙන්නුව. ඒකෙන් පොඩි කට්ටියනම් ජොලියක් ගත්ත, ඒත් ඉතින් අර කලින් පෝස්ට් එකේ කිව්ව වගේ මධ්‍යසාර නැතුව ඔය සීතල පලාත් වල ගිහින් වැඩක් නැහැනෙ. ඉතින් පොඩියට වගෙ අනුමත වෙන්ඩ හිතගෙන ට්‍රයි එකක් දුන්නට ඒකත් අල උනානෙ.......  හැබැයි මෙ කොල්ල සැලුනෙ නැහැ ඔය කිසිම දේකින්, මොකද කොල්ලගෙ යාලුවෙක් ඉන්නව ඔය පලාතෙ හමුදා කඳවුරේ... කොල්ලලත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙළියට දැන්නම් මිනිහ ලොකු තානාන්තරයක් හොබවන රටට වැඩක් කරපු හමුදා නිලධාරියෙක් ඕං..............

ලංකාවට නිදහස හමබ උනයි කියන දවස තමා කොල්ලලගෙ සංචාරෙ දෙවෙනි දවස..... එදත් වටේ කැරකිලා කාරිය අහවර වෙලා හවස් වරුවෙ දුන්න මිත්‍රයට ඇමතුමක්.........

කොල්ලා : ...................@#$%ඪ්*&^........
මිත්‍රයා: හරි හරි %#$@@&^ රෑ වෙලා වරෙන්කො මේ පැත්තෙ

අර කච්චිය පිච්චියට ගියත් බල්ල හෙලුවෙන් කිව්ව වගේ කොල්ලයි උගෙ යාලුවොයි වයස මොකක් උනත්, මොන ලොක්ක උනත්, කොහෙ ගියත් ලංකාවෙ සදාචාරයට සත පහකින්වත් වැ‍රැද්දක් කරන්නෙ නැහැ සුද්ද සිංහලෙන්මයි කථාව(හික්ස්)....

ඔන්න ‍රැ වෙලා ගෙදර කට්ටියට නිදාගන්ඩ කියල කොල්ල ගියා අර වාහනේ මල්ලිත් එක්ක නගරෙ පැත්තට. අමුතුවෙන් කියන්ඩ ඕනෙ නැහනෙ නිදහස් දවසෙ මධ්‍යයසාර ගුල් වහලනෙ ඒත් ඉතින් බයක් නැතුව කෙලින්ම ගියා වෙන්නෙ මොකක්ද කියල දන්න නිසා. යනකොට මෙන්න බොලේ ඒ ගිය තැන කොල්ලගෙ යාලුවගෙ තව යාලුවෙක්ගෙ යාලුවො කට්ටියක්ම ඇවිත් සංචාරෙක. ඉතිං ඒ උදවිය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉන්නකොට ඒ සෙට් එකේ හිටපු තවත් එළ කොල්ලෙක් (රාසු කියමුකො මෑන්ට) කට්ටියට සෙට් උනා. වෙලා ඉතින් හැමදාම වෙන ආකාරයටම කිව්වත් නොකිව්වත් කට්ටිය දන්න ආකාරයෙ ආතල් එකක් දැම්මයි කියමුකො. ඔය අතරෙ ඒ පලාතෙ ඉන්න ව්‍යාපාරික මහත්තයෙකුත් ඇවිත් කට්ටියට එකී මෙකී නොකී බීමක් දුන්න එයාගෙ තැනට එක්කං ගිහිං.

ඔය ඔක්කොම ඉවර වෙලා ඇවිත් රෑ කෑම කනකොට වෙලාව පාන්දර 4යි. කැම කාල ඉවර වේගෙන එනකොට රාසුට හොඳ ගනන්. කියන්ඩ අමතක උනා මිනිහගෙ බර බැලුවොත් පොඩි ලමයෙක්ට වඩා (ඒ කිව්වෙ කොල්ල වගේ) කිලෝ 10ක් විතර බරයි. ඉතින් වදෙන් පොරෙන් රාසුව දෙපැත්තෙන් අල්ලගෙන කට්ටිය නැග්ග උඩ තට්‍ටුවට, නිදාගන්ඩ තිබුන කාමර තියෙන පැත්තට. ඒ ටික කරපු වෙලාවෙ කොල්ලට හිතුන මේ යාලුව එහෙම මුලින්ම හමුදාවට එන කාලෙ කරපු ශාරීරික ව්‍යායාම් කොහොම වෙන්ඩ ඇතිද කියලා (අනේ අපොයි.......)

ඔන්න කොහොමින් කොහොමින් හරි උඩට නැග්ගහම කාමරේට යන තැන තියෙනව දුවන මැෂිමක් අර සිංහලෙන් Treadmill කියන්නෙ. මේක දැක්ක විතරයි රාසු මරගාතෙම කියනව "මචහ්ං මට නිදාගන්ඩ කලින් මේකෙ ටිකක් දුවන්ඩ ඕනෙ" කියල.ඉතින් විනාඩි 5-10ක් වාත වෙලා ඕක දාල දුන්න හිමින්ම යන වේගෙට. මිනිහ කියනව "යකෝ මේ මොන speedද වැඩි කරපන් වැඩි කරපන් කියල දාගත්ත වැඩිම වේගෙට. මිනිහ දුවන අතරෙ කාලෙකින් කතා කරන්ඩ ගොඩක් දේවල් තියෙන නිස කොල්ලයි යාලුවයි පොඩි කයියක් ගහගෙන ඉන්නවා. විනාඩියක් වගේ යනකොට සද්දයක් ඇහෙනව "අනේ බුදු මැෂිම නැවතියං නැවතියං" කියල. බලනකොට රාසු අර මැෂිමට වඳිනව බිම වැටිලා........ ඊට පස්සෙ ඉතිං නිදාගන්ඩම පැය භාගයක් විතර ගියා මේ යකා පෙරලිලා මැෂිමට වැන්ද හැටි ගැන මතක් කර කර හිනා වෙලා.................

 (ඉඟිය - කොල්ලගෙ බර කිලෝ 109 යි අවසන් වරට බලන විට) 

 .

Tuesday, March 8, 2011

මධ්‍යසාර



මධ්‍යසාර එහෙමත් නැතිනම් මත්පැන් කියන දේ අපි කාටත් අමුතු දෙයක් නෙමේ නේද? ඕවට සුද්දගෙ භාසාවෙන් කියන්නෙ Alcoholic Beverages කියල තමයි. මේ බීම ප්‍රධාන වර්ග 3 කට බෙදන්ඩත් පුලුවනිලු. ඔය ඒ දේවල් ගැන අධ්‍යයනය කරන අය කියන විදිහට ඒ වර්ග 3 තමයි

1) බීර         - සාමාන්‍යය ප්‍රතිශතය 4%-6%
2)වයින්         - සාමාන්‍යය ප්‍රතිශතය 9%-16%
3)සැර බීම (Spirits) - කියන්ඩ දෙයක් නැහැනෙ මෙව්ව ගැන

ඔය මොන මොන නම් ගම් දීල තිබුනත් මේ හැම දෙයම කරන්නෙ මනුස්සයා කියන සතාගෙ සිහි කල්පනාව සහ ශරීරයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වෙනස් කරන එකයි. 

ලෝකෙ වැඩිම මත් පැන් පාවිච්චි කරන්නෙ රුසියාව ආශ්‍රිත රටවල් වලයි කියලා ටිකකට කලින් කියවපු එකක් දැක්කා. මේ තියෙන්නෙ ඒක


පුද්ගලිකව මගෙ අදහස තමයි මේ මත් පන් බීම නිසා මනුස්සය කියන සතා පිරිහෙනවයි කියන එක. ඒකට හේතුව තමයි අපි කවුරු කවුරුත් දන්නෙ නැහැ මේකෙ සීමාව කොතනද කියල, හරියට බොන මනුස්සයෙක්නම්..... එතකොට වෙන්නෙ ධන සහ සෞඛයය පරිහාණිය නිකම්ම තමුන් හොයාගෙන එන එක. ඒක නිසා ලස්සනටයි කට්ටිය එක්ක සෙට් වෙන්න තියෙන උවමනාවටයිනම් බොන්න එපා, තමුන්ට බොන්න ඕනෙම කියල හිතෙනවනම් විතරක් බොන්න


මේ ලොකුවට බණ දේශනා කරාට මේ මං ගොයියත් ඔය මධු පානෙ පාවිච්චි කොරනවනෙ ඉතිං.

ප.ලි/ මෙ ඉ කොටට කොටට පෝස්ට් දාන්නෙ සිංහල ටයිප් කරන්ඩ අතේ හුරුව හදාගන්නකම්

ප.ප.ලි / මේ අදහස ගත්තෙ අපෙ කතන්දර මහත්තයගෙන්. තරහ වෙන එකක් නැහැ කියල හිතනවා

මුදලාලිගෙ බල්ලා





මේක ඈවිල්ලා අපේ ගෙවල් පෑත්තෙ හිටපු මුදලාලි කෙනෙක්ට වෙච්ච පොඩි කතන්දරයක්.  

මෙයාගෙ නම ඈවිල්ලා ගුණරත්න මුදලාලි කියමුකෝ..........

මේ මුදලාලි අවිල්ලා උදේ පාන්දරම කඩේ අරින හොඳ මනුස්සයා. කා එක්කත් හිනා වෙලා කථා බහ කරන නිහතමානී පොරක්. මෙයාගෙ තියෙන පොඩි අවුලක් තමයි සමහර වෙලවට ඈහිල්ලක් බෑලිල්ලක් නෑතුව සමහර ප්‍රශ්න වලට උත්තර දෙන එක.

ඔන්න දවසක් උදේ පාන්දරම මුදලාලි කඩේ එහෙම ඈරල කඩේ ඈතුලෙ පත්තරයක් එහෙම බල බල ඉන්නකොට එක මනුස්සයෙක් කඩේ පෑත්තට එන ගමන් මෙයාගෙන් අහනවලු "මුදලාලී, මුදලාලිගෙ බල්ල මිනිස්සුන්ව හපනවද..??" කියලා.

මුදලාලි බෑලුවලු මොකක්ද යකෝ මේ මනුස්සය මගෙන් අහන අන්ඩර දෙමලෙ කියල කෝකටත් මතක් කරල බෑලුවලු මුදලාලි ඈති කරපු බල්ල මිනිස්සුන්ව හපල තියෙනවද කියලා....................... මතක් උනේම නෑහලු කවදාවත් ඒ බල්ලා මනුස්සයෙක් හපාපු වගක් නෑට්ට වනාගෙන ඉස්සරහට දුවනව මිසක්. 


"පිස්සුද මහත්තයෝ, මහත්තයා ඌව හෑපුවත් ඌ නම් හපන එකක් නෑහෑ... හෙහ් හෙහ්............."  

අපි ඒ ගෙවල් පෑත්තෙ ගියත් ඔය සීදේවි බල්ලා කරන්නෙ අපෙ පස්සෙන් නෑට්ට වන වනා  ටික දුරක් ඈවිදන් යන එක තමයි ඒ දවස් වල......... මුදලාලි හාමිනේ වෙලාවකට බල්ලට බනිනවත් එක්ක මූ ආරක්ශාවට කෙසේ වෙතත් හොරුන්ට පාර පෙන්නල දෙයි කියලා......

ඔන්න අර කලින් මුදලාලිගෙන් බල්ල ගෑන අහපු මනුස්සයා කඩේ ඉස්සරහට ඈවිත් කඩේට නෑවිදින් ඉස්සරහ මොකක්දෝ කර කරා ඉන්නවලු. මුදලාලිටත් ඉතින් අනුන්ගෙ දේවල් මොකටද කියල එයත් පාඩුවෙ පත්තරේ බලනවලු. 

මෙන්න විනාඩි පහක් විතර යනකොට අර මනුස්සය මුදලාලිගෙ දෙමව්පියොන්ටයි පරම්පරාවටයි බෑන බෑන කඩේට ආවලු. ඈවිත් ලේ ගලන අතකුත් පෙන්න පෙන්න මුදලාලිට බනිනවලු පළු යන්ඩ "මුදලාලි මනුස්සකමට බල්ල ගෑන ඈහුවහම බොරු කියන්නෙ ඈයි? ඔලුව පොඩ්ඩක් අත ගෑව විතරයි මූ මගෙ අත හෑපුවනෙ පෑනපු ගමන්ම" 

ගුණරත්න මුදලාලි කියනව " මහත්තයො මගෙ බල්ල ඉන්නෙ ගෙදරනෙ" කියල.......

එතකොට අර මනුස්සයා අහනවලු "ඈයි එතකොට මෙ ඉස්සරහ නිදාගෙන හිටපු ලස්සන බල්ල කාගෙද?.... " කියලා...............   

ඔන්න ඕකයි කථාව............................................

කාන්තාවන්ට වෙන් වෙච්ච දවස


අද ජාත්‍යන්තර කාන්තා දිනයලුනෙ..... 
අපේ office එකේ ඉන්න කෙල්ලෙක් උදේ මල් ඉල්ලුවහම තමයි මතක් උනේ එහෙම දවසක් තියෙනවයි කියල.

කොහොමින් කොහොමින් හරි ලෝක දෑලේ පොඩ්ඩක් ඈවිදලා මල් වල පින්තූර ටිකක් හොයාගෙන උන් ටිකට යවල දෑම්ම. ඒ කරල විතරක් නිකම් හිටියෙ නෑහෑ ඔය දන්න දන්න කාන්තා පාර්ශවේ කට්ටියටත් සුබ පෑතුව.

ඉතින් මෙ වෙලාවෙ මම කෑමතියි අපේ ජාලෙ සෑරි සරන කාන්තා පාර්ශවේ අයටත් සුබම සුබ කාන්තා දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කොරන්ට........


Monday, March 7, 2011

ආයුබෝවන්!


ඕං ඉතිං මාත් පටන් ගත්තා පොඩ්ඩක් හිතට එන දේවල් ටිකක් ලියලා මේ වැඩේ පටන් ගන්ටයි කියාලා.......................

වයස අතින් ගත්තොත් නම් මම ඉන්නෙ අවුරුදු විසි ගනන් වල තමයි. ඒත් ඉතිං විසි ගනන් ඉවර වෙන්ඩ ඔන්න මෙන්න වගේ කිව්වොතින් වැ‍රැද්දක් තියෙයි කියන්ඩත් බැහැ ඕං...........

බ්ලොග් වලින් කියවපු දේවල් බැලුවහම  පරන කථා වලට නම් හොඳ ප්‍රතිචාර තියෙනවනෙ ඉතින්, ඒක නිසා පරන වල් පල් ටිකක් මතක් වෙන විදියට ලියන්නම්කෝ.

පින්තූරෙට බල්ලෙක් දැම්මෙ මම බල්ලොන්ට ගොඩක් කැමති නිසයි........හැබැයි බලු වැඩ නම් නැහැ

හෙට දිහාට දාන්නංකෝ කතන්දර දෙක තුනක්................