About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Friday, August 24, 2012

හොඳ කළමනාකරුවෙකුගේ ලක්ෂණ…




වල් පල් නොලියා වැඩක් ඇති දෙයක් ලියන්න හිතුවා. මගෙ නිර්මාණයක් නෙමෙයි මේක. ඔය කාටත් යන්න පුළුවන් අන්තර්ජාලෙ කතෘ කෙනෙක් නැතිව තියෙන ලියුම් වලිං එක්කහු කරගත්තු දේවල්. සිංහලෙන් කියවන කාට හරි ප්‍රයෝජනවත් වෙන්න මං සිංහලෙන්ම ලිව්වා. මගෙ අත්දැකීමුත් 30%ක් විතර ඇති මෙතන.


ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නෙ පාරිභෝගිකයින් තමුන්ගේ ව්‍යාපාරයට ඇති ඇල්ම එකම මට්ටමක රඳවාගැනීම හෝ තව්ත් වැඩි දියුණු කර ගැනීම. එක අතකින් බැලුවොත් පාරිභෝගිකයින්ගෙ හදවත් වලට කතා කිරීම. ව්‍යාපාරයක රඳා පැවැත්මෙ තව කණුවක් වෙන්නෙ ව්‍යාපාරයෙ එදිනෙදා කටයුතු වලට කෙලින්ම සම්බන්ධ වෙන සේවකයින්. සේවකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළමනාකරන සේවකයින් (Team Leaders ,Supervisors ,Managers)  සහ කළමණාකරන නොවන සේවකයින් විදිහට. කළමණාකරන සේවකයන් තමයි වක්‍රව කිසියම් ව‍යාපාරයක නැග්ම හෝ බැස්ම තීරණය කරන සාධකය. හොඳ කළමණාකරුවෙක් අපිට සමාන කරන්න පුළුවන් හොඳ මෝටර් රථ ක්‍රීඩකයෙකුට. මෝටර් රථයෙ තියෙන අශ්ව බල ප්‍රමාණය, ගියර් අනුපාත, තිරිංග පද්ධතිය වගේ දේවල් ගැන කාලයත් එක්ක අත්දැකීම් ලබාගෙන, තමන් වාහනය පදවන පාරෙ තත්වය එක්ක ඒ හැම දේම හරි විදිහට සංකලනය කරනව වගේ, තමුන්ගෙ සේවකයින්ගෙ හොඳ, නරක සහ රුචි අරුචිකම් හොඳට තේරුම් අරගෙන එදිනෙදා කටයුතු වලදි සහ අවස්ථානුකූලව සංකලනය කිරීම තමයි කෙටියෙන්ම කළමණාකරුවෙකුගෙ කාර්ය භාරය. (ගොඩක් අය කියන්නෙ මැනේජරය නිකං පුටුවෙ වාඩි වෙලා ඉඳං අපි හැමදාම කරන වැඩ කරාද කියල අහනවා කියලා. නෑ ඔයාල වැරදියි. සමහර වෙලාවට භෞතිකව පේන වැඩක් නොකළා වුණත් කළමණාකරුවෙකුගෙ කටින් තප්පරයකින් පිට වෙන එක තීරණයකින් ව්‍යාපාරයක් වැහෙන්න උනත් පුළුවන්. මතක තියාගන්න). අනිත් එක මොන අංශයක වුණත් කලමණාකරුවෙක් කියන්නෙ පාරිභෝගික සේවා නිලධාරියෙක්ට සමාන කරන්න පුළුවන්. මොකද තමුන්ගෙ සේවකයින් නැමති පාරිභෝගිකයන්ගෙ හිත් වලට කතා කරල ඔවුන්ගෙන් ආයතනයට ලැබෙන දායකත්වය වැඩි දියුණු කරන නිසා.


කළමණාකරුවෙක් වෙන්න සිහින මවන අපේ අයට මේව යම් දවසක ප්‍රයෝජනවත් වෙයි. කියවල හිතට ගන්න. තමුං කළමණාකරුවෙක් නොවුනත් තමන්ට රැකියාවෙදි අදාල කරගන්න පුළුවනිනම් කරන්න. සමහර විට ඒ දේවල් තමුන්ට උදව්වක් වෙන්න පුළුවං ඉදිරි ගමනට.

1)    තරුවක් වෙන්න යන්න එපා තරු හදන්න

ලකුණු දා ගැනීම, කොහෙත් තියෙන ජරා පුරුද්දක්. ඔබ කළමණාකරුවෙක් වුණේ ඔන්න ඔය දේ හොඳින් පාවිච්චි කරලනම් මේක කියවන එක මෙතනින්ම නවත්තන්න. ඔබේ තනතුර අවදානම් තත්වෙක මේ දියුණු වෙන ලෝකෙ. එහෙම නෙමෙයිනම් මෙන්න කියවගෙන යන්න…..

ඕබ කළමණාකරුවෙක් වුණේ ඔබ තරුවක් නිසා, ආපහු ඇයි තරුවක් වෙන්න යන්නෙ. අලුත් තරු හදන්න. ලිපිකාරයො ඉන්න කාර්යාලෙක ලිපිකාරයො ගොඩකට උඩින් ඉන්න පුළුවන් ප්‍රධාන ලිපිකරුවෙකුට. ඔබේ පහල මට්ටමේ ඉන්න ඔක්කොම කාර්ය මණ්ඩලය හැමදාමත් ලිපිකාරයොනම් ඔබ හැමදාටම ප්‍රධාන ලිපිකරුවෙක් වෙලා ඉඳියි. ඔබට පුළුවනිනම් තවත් ඔබේ අඩුපාඩුව පුරවන සගයන් ඔබේ කාර්ය මණ්ඩලය ඇතුලෙන් හදන්න ආයතන ප්‍රධානියො ඔබව අලුත් ඉහළ තනතුරකට පත් කරයි. උදාහරනයක් විදිහට සරලම එක මෙන්න.

කරලම බලන්න……………


2)    ආයතනයේ ව්‍යාපාර සංකල්පය අවබෝධ කර ගැනීම සහ පවත්වාගෙන යාම

හැම ආයතනයකම ව්‍යාපාර සංකල්පයක් කියන දේ තියෙනවා. ආයතනයේ පාලනාධිකාරිය ගෙනාපු ඒ සංකල්පය තමයි ආයතනය අද නෙමෙයි තව අවුරුදු ගනනවකින් ඉන්න තැන තීරණය කරන්නෙ. කළමණාකරුවෙකුගෙ ලක්ෂණයක් තමයි ඒ ව්‍යාපාර සංකල්පය කියන දේ අවබෝධ කර ගැනීම. ඒ එක්කම තමුන් ස්වයං අධ්‍යයනයක් කරලා තමන් විසින් තීරනයකට එන්න ඕනෙ මේ මට යන්න ඕනෙ තැනද කියලා. එහෙමනම් තමුන්ගෙ කාර්ය මණ්ඩලයටත් ආයතනයෙ සංකල්පය අවබෝධ කරවලා ඒ අනාගත ඉලක්කයට යන එක .

එහෙම නෙමෙයිනම් ඉතිං මං කියන්නත් ඕනෙද J


3)    තමුන්ගේ පුද්ගලික විලාශය ව්‍යාපාරයට වක්‍රව බලපාන බව අවබෝධ කරගෙන කටයුතු කිරීම

First impression is the last impression කියල කවුදෝ කිව්වලුනෙ.

පෘතග්ජන මිනිස්සු එහෙමයි. බැලු බැල්මට පෙනෙන දේ තමුන්ගෙ මනසට දෙන පණිවුඩේ සම්හර විට ජීවිත කලයක් යන තුරුම වෙනස් වෙන්නෙ නැහැ. ඔබව වෙනත් කෙනෙකුගෙ ඇසට වැටෙන විදිහ අනුව ඔවුන් තීරණය කරනවා ඔබට ඇති වටිනාකමක්. ඒ දේ අවාසනාවට ඔබේම උසස් නිලධාරිය අතින් වුනොත්? (මළ කෙලියයි) ඒ නිසා තමුන්ට හැකි හැම වෙලාවෙම පහළ තියෙන දේවල් අනිත් අයට වඩා වෙනස් විදියකට කරන්න අද ඉඳන්ම පුරුදු වුනොත් පහු කාලෙක ප්‍රයොජනයක් තියෙයි.

  • ආචාර ධර්ම සහ අන් අය සමග කටයුතු කරන ආකාරය
  • බාහිර පෙනුම (මේකනම් සමහර වෙලාවට අපිට වෙනස් කරගන්න අමාරුයි ඒත් අනිත් දේවල් වලින් අපිට පුළුවන් මේක පාලනය කරගන්න)
  • ඇදුම් පැලඳුම්
  • තමුන්ගෙ වැඩ කිරීමේ ශයිලිය (ස්ටයිල් එක කියන්නෙ) මගින් අනිත් අයට දැනෙන ශක්තිමත් භාව්ය
  • ශබ්දකෝෂය (හැමෝම පාවිච්චි නොකරන ව්චන පාවිච්චි කරන අය දිහා කවුරුත් එක පාරට බලනව දැකල ඇතිනෙ, හැබැයි විහිලුවක් නොවන තාක් දුරකට හොඳේ)

පුංචි දේවල් ටිකක් නමුත් ලොකු වෙනසක් එකතු කරන්න පුලුවන් තමුන්ගෙ පැවැත්මට සහ ව්‍යාපාරයේ පැවැත්මට.


4)    නායකත්වය යනු බලය නොව ආභාෂය බව තේරුම් ගැනීම

දවසින් දවස දියුණු වෙන ලෝකයේ තවදුරටත් වැඩවසම කියන්නෙ මිථ්‍යාවක් කියල අපි කාටත් තේරෙනවා. බලය පාවිච්චි කරලා තමුන්ගෙ කාර්ය මණ්ඩලය පාලනය කරන කළමණාකරුවෙකුගෙ ආයුෂ සෑහෙන්නම අඩුයි අද ලෝකෙ (ඉස්සර එහෙම තියෙන්න ඇති). ඒකට තියෙන හොඳම විසඳුම තමයි දැන් ගොඩක් කළමනාකරුවො ප්‍රායෝගිකව අනුගමනය කරන තමුන්ගෙ ආභාෂය කාර්ය මණ්ඩලයට දෙන ගමන්ම තමුන්ගෙ ක්‍රියා පටිපාටියට කොච්චර දුරට සේවකයන්ගෙ කාර්‍යක්ෂමතාවය බලපානවද කියලා විවෘතව සාකච්චා කරන එක. සමහරු කියන්නෙ “මේ මනුස්සයනම් ඉපදිලා තියෙන්නෙම මැනේජර් කෙනෙක් වෙන්න” කියලා, අන්න ඒ වගේ අය තමයි මේ පිළිවෙල හරියටම අනුගමනය කරන අය.
බලන්න ඔයාලටත් පුළුවනිද කියලා…..


5)    වෙනස/ අලුත් දේවල් සමග වැඩ කිරීම

ලෝකෙ කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ගෙ හිත් වලින් තාම දුරස් වෙලා නැති දෙයක් තමයි වෙනසට/අලුත් දේවල් ගැන තියෙන උදාසීන හැඟීම සහ අස්ථාන බය.

“මේ කරගෙන ආපු විදිහ නැතුව මොන මගුලක් කරන්න යනවද මන්ද මේ යක්කු අලුතෙන් සිස්ටම් කිය කියා”

“මාව මෙතනින් වෙනස් කරන්නෙ ගෙදර යවන්නද දන්නෙ නෑ”

“මගෙ වැඩ වලින් බාගයක් අරූට දෙන්නෙ තව මාස කීපෙකින් මට අයින් වෙන්න වෙයිද දන්නෙ නෑ”

සේවා ස්ථානෙ වෙනසක් වෙනකොට ඔය වගේ හිතපු අය අපි අතරෙ ගොඩක් ඇති. ඉතිං ඔය වගේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරන්න බැරි ප්‍රශ්න වලදි අපි බලෙන් දෙයක් මිනිස්සුන්ගෙ ඇඟේ ගහනව කියන්නෙ තියෙන කාර්යක්ෂමතාවය 50%ටත් අඩුවෙන්න පුළුවන් තරම් බලවත් දෙයක්. ඒක නිසා වෙනසක් කරනවනම් තමුන්ගෙ තනි මතේට වැඩ නොකර, මුලින්ම තමුන්ගෙ කර්ය මණ්ඩලය දැනුවත් කරන්න. ඔවුන්ගෙ අදහස් ගන්න. සමහර විට අපේ සේවකයෙක් ලඟ වෙනසකට අපිටත් වඩා හොඳ අදහස් තියෙන්න පුළුවනි (ඒ වගේ අය තමා අනාගත කළමණාකරුවො වෙන්නෙත්). මමත් පුද්ගලිකව අත්විඳපු දෙයක් තමයි වෙනසක් කරන වෙලාවට අනිත් කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරල කරන අලුත් වෙනස් කම් හැම තිස්සෙම සාර්ථක වෙන බව.


6)    ආයතනික ප්‍රතිපත්ති

ඇත්තටම කියනවනම් මමත් කැමති නෑ මම වැඩ කරපු සමහර ආයතන වල ප්‍රතිපත්ති වලට. අපි කවුරුත් මිනිස්සුනෙ. නමුත් ආයතනික ප්‍රතිපර්ත්තියක් කියන්නෙ සමූහයක් එකම විදිහට වැඩ කරන්න දෙන අත්වැලක් මිසක් දණ්ඩ නීති සංග්‍රහයක් නෙමෙයි කියන එක මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ දේ අපේ කාර්ය මණ්ඩලයට තේරුම් කරල දෙන්නත් ඕනෙ. මොකද කොයි දේ මැන්නත් හිතේ තියෙන සතුට සහ කාර්‍‍යක්ෂමතාවය අතර තියෙන අනුලෝමව සමානුපාතික බව මනින මිම්මක් තාම හොයාගෙන නැති නිසා.


7)    සාර්ථකත්වයේ රහස

සාර්ථකත්වයට පුද්ගලයෙකුගෙ හැකියාව සහ වැඩ කරන ක්‍රමවේදයන් යම් තරමක් දුරට බලපානවා. නමුත් සර්ථකත්වය කියන දේට සෘජුවම බලපාන්නෙ ඒ දේවල් නෙවෙයි. අන්න ඒකයි හේතුව සමහර උපාධිධාරියො රු 50,000 ක පඩියක් ගනිද්දි උපාධියක් නැතිව උනත් මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන උපාධියක් නැති පුද්ගලයෙක් ර්ය් 150,000ක පඩියක් , කාර් එකක් ඇතුලුව ගොඩක් වරප්‍රසාද ලබන්නෙ. (බොරුනං බලන්න ලංකාවෙම පොඩ්ඩක් හොයල)
සාර්ථකත්වය කෙලින්ම තීරණය වෙන්නෙ වැඩකට තමුන්ගෙ හිතේ තියෙන ආසාව වගේම තමන් කොච්චර කැපකිරීමක් ඒ රස්සාව වෙනුවෙන් කරනවද කියන එක. ඉතිං ඒක තමුන් අත්හ්දා බලලා තමුන්ගෙ කාර්ය මණ්ඩලේටත් කියල දුන්නනම් උදාහරණ එක්කම, ඔය තියෙන්නෙ සාර්ථකත්වය කකුල් දෙක ලඟම.


8)    තොරතුරු හුවමාරුව සහ තොරතුරු තාක්ෂණය භාවිතය

තොරතුරු තාක්ෂණය ගැන මේ බ්ලොගට ගොඩ වෙලා මේ ලිපිය කියවන ඕගොල්ලන්ට කිව්වොත් ඒක දවසේ විහිළුව වෙයි. නමුත් තොරතුරු හුවමාරුව සහ අදාල පුද්ගලයින් (Information Looping) කියන දේ නම් කියන්නම ඕනෙ.අපි ලඟ තොරතුරු තියං ඉඳගෙන ඉඳල අපි අල තම්බන්නද? ඒ තොරතුරු අදල පුද්ගලයන්ට ලැබෙන්න ඕනෙ.
ඉතාමත් සරලම උදාහරණයක් - ඔයාලගෙ ගබඩාවෙන් වෙන ආයතනයකට බඩු වගයක් යවන්න ඕනෙ. ඒ තොරතුර වැදගත් වෙන්නෙ ගබඩාවෙ භාරකාරයට මිසක් පහල තට්ටුවෙ ඉන්න පිළිගැනීමේ නිලධාරී නංගිට (හිනාවක් ගියා නේ…) නෙමෙයිනෙ.
තාමත් අපේ අය කරන වැරැද්දක් තමයි විද්‍යුත් තැපෑලක් ආවහම හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝටම පිළිතුරු දෙන බොත්තම ඔබල කොටල යවල දානවා. එහෙම කරන්න කලින් පණිවුඩේ තියෙන වැදගත් කම ගැන පොඩ්ඩක් හිතන්න. ලොකු පිරිසක් කළමණාකරනයෙදි මේ දේ හරිම වැදගත්.


9)    කළමණාකරණය

සමහර කළමණාකරුවො ඉන්නවා පුද්ගලිකවම හොයල බලනවා පොඩිම පොඩි කටයුතුත් දවසේ වෙන (උදා - පාර්සලයක් යවනවා පරිභෝගිකයෙකුට. ඒ යවන එක පවා ඔහු දැනුවත් වෙන්න ඕනෙ, දැන් පාර්සලේ කොහෙද, කවුද අරන් යන්නෙ, අරන් යන කෙනාගෙ ජංගම දුරකතන අංකය  බ්ලාහ් බ්ලාහ්..). මේන්න මේ මනුස්සයට පවුල් ජීවිතයක්, සමාජ ජීවිතයක් නැහැ වගේම ඔහුගෙ කාර්ය මණ්ඩලයෙන් වැඩි හරියක් ඔහුට කැමතිත් නැහැ. ඇයි????
මුලින්ම, ඔහුට බෑ තමන්ගෙ දවසේ වැඩ කළමණාකරනය කර ගන්න. තමුන්ගෙ වැඩ වගේම අනුන්ගෙ වැඩත් කරන්න යන එක නිසා. දවසෙ වැඩ කළමණාකරනය කරන්න බැරි මනුස්සය රෑ වෙනකම් වඩ කරන එක අහන්නත් දෙයක්ද? රෑ වෙනකම් වැඩ කරන මනුස්සයෙක්ට කොහෙද වෙලාවක් තමුන්ගෙ පවුලෙ අය එක්ක සතුටින් හිනා වෙලා එකට ඉන්න වෙලාවක්. වැඩ ඇරිල යන වෙලාවට යාලුවොත් ඔක්කොම නින්දට ගිහින්. අර කලින් කියපු ඒවගෙන් ගොඩක්ම හරි නේද?
එතකොට කාර්ය මණ්ඩලේ කතාව? තමුන් හරියාකාරව වගකීමකින් කරන තමුන්ට අදාල පොඩි දේටත් ඇඟිලි ගහන ලොක්කෙකුට කවුද කැමති??
කාර්යමණ්ඩලයව විශ්වාස කරන බව ඒ අයට තේරුනාම ඔවුන්ගෙ යම්කිසි වැඩකට තියෙන ආසාව වැඩි වෙනව වගේම  ඔවුන් මෙහෙමත් හිතනවා (ලොක්ක මට දුන්න වැඩේ කරාද කියල නිකම්වත් ඇහුවෙ නෑ. පොරට මාව ඒ තරමට විශ්වාසයි. ඊ ලඟ පාර මීටත් හොඳින් කරන්න බලන්න ඕනෙ). හිතල බලන්න. පොඩි දේවල් නමුත් ගොඩක් වටිනවා


කියවල හිතට එන අදහසක් ලියල ගියොත් මට ගොඩාක් වටිනවා යාළුවනේ.

6 comments:

  1. වටිනා ලිපියක්.හැබැයි මට නම් මේවා තිත්තයි.මොකද මං මේවා ඉගෙන ගද්දි අප්පිරියා වෙලා තිබ්බේ.නියම ලිපිය.

    ReplyDelete
  2. කුමක් හෝ හේතුවක් නිසා අපිට ලොකු සයිස් අකුරු භාවිත කරන්න වෙලා තියෙනවා බ්ලොග් ලිවීමේදී.. ඒකෙ අවුලක් නෑ වගේ ඒත්...වාක්‍ය අතර තව හිදැස් වැඩි වුනානම් හොදයි...

    මම දකින එක සූටි දෙයක් කියන්නම් මචං...අපේ රටේ හෝ වෙනත් අපිට ආසන්න ආසියාතික රටවල අය මාර විදියට ප්‍රොමෝෂන් එහෙම නැත්නම් උසස්වීම් කියන දේ පිටිපස්සෙ යනවා... ඒ තුල හැමෝටම ඕනි වෙනවා මැනේජර් කෙනෙක් ලොක්කෙක් වෙන්න...

    ඒකට හේතුත් තියෙනවා...අපේ රටේ ගත්තොත් එහෙම ලොකු නිලවල ඉන්න අයට පැහැදිලිවම වරප්‍රසාද වැඩියි..නමුත් මං හිතන්නෙ මේක වැරදි දෙයක්...සමාන වරප්‍රසාද දිය නොහැකි වුවත් සැලකිය යුතු මට්ටමේ ජිවන තත්වයක් හැමෝටම තියෙන්නෙ ඕනි...
    එතකොට කවුරුත් මැනේජර්ලා වෙන්න බොසාලා වෙන්න දගලන්නෙ නෑ...මෙතන පොඩි ව්‍යාකරණ දෝෂයකුත් තියෙනවා..මැනේජර් කෙනෙක්ට තියෙන පීඩනය, ඒ අය මේන්ටේන් කරගන්න ඕනි සමාජ තත්වය පොඩි අයට පේන්නෙ නෑ.... ඉතිං එයාලට පේන්නෙ මැනේජර්ට ඉන්න බඩු ගාන තියෙන වාහන ගාන ගෙවල් ගාන වගේ දේවල් විතරයි...

    ඇත්තටම ඒ පීඩනය වෙනත් අය දන්නවානම් ඒ අය හිතනවා හොඳ වෙලාවට මම සේවකයෙක් විතරක් වුනේ කියලා... මම නම ්කියන්නෙ පිස්සු බල්ලො වාෙග් අපි හැමෝම ඉහල නඟින්න දඟලන එක මෝඩ කමක්... ඒ ඉහල යෑම කියන සංකල්පයම අපිව මුලාවකට හසු කරලා තියෙනවා...

    මගේ සමස්ථ මේ ගැන තියෙන අයිඩියා එක හෙන ලොකුයි...ඒක මෙතන කොටන්න බෑ..ඒ නිසා නවතිනවා.. බාඉ...

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව අමිල...

      අමිලගේ අදහසත් එක්ක සෑහෙන්න දුරට එකඟයි...

      ජය වේවා!!!

      Delete
  3. මේක න්‍යයාත්මක පැත්තෙන් ප්‍රායෝගික පැත්තට ටිකක් බර කරලා ලිව්ව එකට මම කැමතියි. තියරි වල තියන වචන මේ වෙනකොට ගොඩක් අයට තිත්ත වෙලා කියන එක අතිශයෝක්තියක් නෙමේ.

    පුංචි දෙයක් මේකට මම මේකට එකතු කරන්නම්. වැඩවසම් ක්‍රමය එහෙම නැත්නම් සේවකයින් මත අනවශ්‍යය පීඩනයක් ඇති කරමින් යන කළමනාකරන ක්‍රමවල තියන අසාර්ථක බව පැහදිලි කරන්න වුවමනා නැති වුනත් මෙහි අනිත් අන්තය වන සේවකයන් සමග ඉතාම කුළුපග (එකට ෂොට් එක ගහන ) මට්ටමට වැටීමත් පිරිහීමේ ආරම්භයක්. මේක මම පෞද්ගලික අත්දැකීමෙන් දන්නව.

    මම මේකට තව ප්‍රවේශයක් එක්ක කමෙන්ටුව ඉවර කරන්නම්. අපි ඉගෙන ගන්න, ක්‍රියාත්මක කරණ බොහෝ කළමනාකරණ ගුණාංග බුදු දහමේ විස්තර කරළ තියනවා. (ඉදිරියෙදි ඉඩ ලැබුනොත් ඒ ගැන පොස්ට් එකක් දාන්නම්). හොදම උදාහරණ කීපයක් තමා අත්ථස්ද්වාර ජාතකයේ දියුණුවෙ දොරටු, මධ්‍යම ප්‍රතිපදාව, සිගාලෝවාද සුත්‍රයේ සේව්‍යය සේවක යුතුකම්.

    ReplyDelete
  4. මූ මොකාටද මේ එන්න හදන්නේ මේ පාර... අළුත් බ්ලොගට ජය වේවා කොල්ලෝ...

    අළුත් කිව්වට උඹ පරණයි කොල්ලො..

    ReplyDelete
  5. @ ධම්මික - මුලින්ම ගොඩක් ස්තුතියි ආවට මේ පැත්තෙ... ඔව් තියරි නම් තිත්තයි. ඒත් වැඩක් කරනකොට තියරි වලින් අදාල ටික වැඩේට හරි විදියට පාවිච්චි කරනවනම්, අනිවාර්යයි වැඩේ ගොඩ :)

    @ අමිල - ස්තුතියි මචං ආවට සහ අමු ඇත්ත ඇති සැටිය කමෙන්ට් එකක් විදියට මෙතන දැම්මට. අපි ගොඩක් වෙලාවට මූණු පොතේ හම්බු වෙලා කතා කරන දේවල් වලින් අපි දෙන්නම එකඟයිනෙ මේ වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් හෙවත් ආකල්ප වල කියලා. අපි පොඩි උත්සහයක් ගත්තොත් පොඩ්ඩක් වෙනස් වෙන්න, අඩුම ගානෙ අපෙන් පස්සෙ එන පරම්පාරවක් හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගනී නේද? එක රැයින් අපිට සිස්ටම් වෙනස් කරන්න බෑනෙ. හිමීට බලමු

    @ ඇම්. පේට්‍රියට් - දන්නවනෙ ඉතිං මං ප්‍රැක්ටිකල් කොලුවා කියල එදා ඉඳන්ම :). මධ්‍යම ප්‍රතිපදාවනෙ කොයි දේකිනුත් හොද ප්‍රතිඵලයක් ගන්න උදව් වෙන්නෙ, සම්පූර්නයෙන්ම එකඟයි. බ්ලොගේ ලිව්වනං මොකද පරන රස කතා ටිකකුත්?? බොහොම ස්තුතියි ආවට. දිගටම වරෙං ඈ...

    @ අභියා - උඹේ කන්සල්ටන්සි කම්පැණියට තර්ජනයක් වෙයි වගේද???? :P එච්චරම පරන නෑ මචං. ස්තුතියි ආවට මේ පැත්තෙ. දිගටම එන්න.

    @ රනා - බොහොම ස්තුතියි මචං ආවට මේ පැත්තට. අමිලගෙ කතාව නං හරි. මගෙ උත්තරෙත් පොඩ්ඩක් බලන්න.... :)

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......