අපෙන් වෙන් වුණු විශිෂ්ටයා නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං
2012 අගෝස්තු 25 වෙනිදා ලෝකෙන් යන්නම ගිය, 1969 ජූලී 20 වෙනිද ලෝකෙටම අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නු අපි කවුරුත් දන්න නීල් ආම්ස්ට්‍රෝං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුණා.
1930 අගෝස්තු 05 වෙනිදා ඇමරිකාවේ ඔහියෝ වල ජීවත් වුණු විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන් කෝනිග් ආම්ස්ට්‍රෝං සහ වයලා ලුයිස් යුවලට පුතෙක් ලැබෙනවා.නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං විදිහට නම් තැබෙන ඒ පුතාට පසුව තවත් දරු දෙදෙනෙක්ගෙ සුරතල් බලන්නත් මේ යුවල වාසනාවන්ත වෙනවා. රජයේ විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන්ගෙ රාජකාරි ජීවිතය නිසා නීල්ට වයස අවුරුදු 15ක් වෙනකොට ඔවුන් ජීවත් වුණේ තමුන් ඒ වෙනකම් එක දිගට වෙනස් කරපු 20 වෙනි නගරයෙ. හැමදාම නගරයෙන් නගරයට යන එක නීල්ට එක අතකින් කරදරයක් වුණත් මුලු ලෝකෙටම බලපාන එක දවසක් උදා වෙන කොට ඒකෙ කොටස් කාරයෙක් වෙන්න නීල්ට පුළුවන් උනේ ගුවන් යානා වලට ඇති උණු ඇල්ම නිසා කිව්වොත් හරි. වයස අවුරුදු 2 වෙනකොට ඔහුගෙ පියා නීල්ව ගුවන් යානා තරඟ බලන්න එක්ක යනවා. ඉන් පස්සෙ තමුන්ගෙ පළමුවෙනි ගුවන් ගමනට නීල් සහභාගි වෙන්නෙ ඔහුට වයස අවුරුදු 6ක් වෙද්දි.
කොහොමින් හරි තමුන්ට අවුරුදු 15ක් වෙද්දි නීල් ගුවන් යානා පැදවීමේ සහතිකය ලබාගන්නෙ රියදුරු බලපත්‍රයක් ගන්නත් කලින්මයි.ඉන් පස්සෙ 1947දී නීල් අහස් ඉංජිනේරු විද්‍යාව (Aerospace Engineering) ඉගෙන ගන්න පටන් ගන්නවා. පසුව කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයට ඔහු ඇතුල් වෙන්නෙ විශේෂ ශිෂ්‍යත්වයක් ලබාගෙන, ඒ ශිෂ්‍යත්වයට අනුකූලව වසර දෙකක අධ්‍යාපනයෙන් පස්සෙ අවුරුදු 3ක් නාවික හමුදාවෙ සේවය කරන්න වෙනවා. ඉන් පස්සෙ තමයි ඊලඟ අවුරුදු දෙක සම්පූර්ණ කරන්න ඉඩ ලැබෙන්නෙ.අන්තිමේ 1950 අගෝස්තු 16 වෙනිදා ආම්ස්ට්‍රෝං සුදුසුකම් ලත් නාවික හමුදා ගුවන් නියමුවෙක් බවට පත් වෙනවා.ඉන් පස්සෙ ඔහු කොරියන් යුද්ධයට තමන්ගෙ සහභාගිත්වය ලබාදෙනවා 1951 අගෝස්තු 29 වෙනිදා. ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ හදිසි අනතුරකින් ගුවන් යානයෙ තටුවකින් අඩි 3ක පමණ කෑල්ලක් කැඩුණත් ඔහු ආරක්ෂිතව මිතුරු ප්‍රදේශ වලට ලඟා වෙනවා.කොරියානු යුද්ධය අවසානයේ නීල් පදක්කම් 4කට හිමිකම් කියමින් කණිටු ලුතිනන් තනතුරකට පත් වෙනවා.කොහොමින් හරි 1960 අවුරුද්දෙදි නීල් නාවික හමුදාවෙන් විශ්‍රාම යනවා.නාවික හමුදාවෙන් පස්සෙ කාලෙක ඔහු පර්යේෂණ ගුවන් නියමුවෙක් විදිහට අපි කවුරුත් දන්න ජනප්‍රිය ගුවන් යානා ගොඩක් පදවපු බවත් සඳහන් වෙලා තියෙනවා.
වසර 3ක නාවික හමුදා සේවයෙන් පස්සෙ නැවත අධ්‍යාපනය සම්පූර්න කරන්න විශ්ව විද්‍යාලෙට යන නීල් 1955 උපාධිය ලබා ගන්නවා. ඉන් පස්සෙ විශ්ව විද්‍යාලෙදිම හමු වෙන ජැනට් එලිසෙබෙත් ෂැරොන් එක්ක 1956 ජනවාරි 28 වෙනිදා විවාහ වෙන නීල් දරුවන් තුන් දෙනෙකුගෙ පියෙක් බවට පත් වෙනවා.නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ එක දරුවෙක් 1962 ජනවාරි 28 වෙනිදා රෝගී තත්වයක් හේතුවෙන් මිය යනවා. පසු කාලීනව නීල් තමුන්ගේ විශාරද උපාධිය දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කරපු බව වාර්තා වෙනවා.
නීල් ආම්ස්ට්‍රෝං ගේ අභ්‍යාවකාශගාමී ජීවිතය පටන් ගන්නෙ 1958 අවුරුද්දෙදි. ඇමෙරිකානු ගුවන් හමුදාවෙන් දියත් කරපු "උඩු ගුවනට මිනිසෙක් යැවීම" කියන වැඩ සටහනට ඔහු සම්බන්ධ වෙනවා, ඉන් පස්සෙ 1962 සැප්තැම්බර් 13 වෙනිද තමයි ඔහු ලෝකෙටම වැදගත් වෙන මිනිසෙක් වෙන්න පාර කැපෙන්නෙ.නාසා ආයතනයෙ අභ්‍යාවකාශගාමි මඩුල්ලට එක් වෙන්න නීල්ට ආරාධනාවක් ලැබෙනවා. ඉන් පස්සෙ 1965 සැප්තැම්බර් 20 වෙනිදා දියත් වුණ ජෙමිනි 8 කියන් වැඩ සටහනේ අණ දෙන නියමුවෙක් විදිහට නීල් ආම්ස්ට්‍රෝං නම් කෙරුනා.නමුත් ඒ වැඩසටහනේ පුහුණුවීම් වල සිදු වුණ වැරදි නිසා යම් මත භේද වලට ලක් වීමෙන් වැඩසටහන අඩාල වුණා.ඉන් පසුව සාපේක්ෂව සාර්ථක වැඩ සටහනක් වුණු ජෙමිනි 11 1966 සැප්තැම්බර් 12 වෙනිදා දියත් වුණා වගේම ආම්ස්ට්‍රෝං සාර්ථකව එයට සහභාගී වුණා.
ඇපලෝ වැඩසටහන සඳට මිනිසුන් තවත් ළං කළා කිව්වොත් ඒක වැරදි නැහැ. කෙසේ හෝ ඇපලෝ 1න් පටන් ගෙන සඳ වටා කක්ෂ ගත වුණු ඇපලෝ 8 දක්වා මේ පර්යේෂණ වලට දුන්න දායකත්වය සුළුපටු එකක් නෙවෙයි. කොහොමින් හෝ 1969 ජූලි 20 වෙනිදා සඳ මත පා තබපු කණ්ඩායම පිටත් වෙන්නෙ ඇපලෝ 11 යානයෙන්. නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් යන තිදෙනා රැගත් යානය පුංචි තාක්ෂණික දෝශත් සහිතවම ඉතිහාසයේ නොමැකෙන දිනයක් සටහන් කළා.
සඳ ගමනින් පස්සෙ ආම්ස්ට්‍රෝං නාසා අභ්‍යාවකාශ අනතුරු පිලිබඳ නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. 1970 දි සිදු වුණු ඇපලෝ 13 අනතුර වගේම තමුන් විශ්‍රාම ගියායින් පසුව වුණු 1986 චැලෙන්ජර් ඛේදවාචකයටත් සම්බන්ධ වෙලා වැඩ කරන ඔහු ඒ පරීක්ෂණ වලදි ලොකු කාර්ය භාරයක් ඉටු කරනවා.
1971 වර්ෂයේ නිල් ආම්ස්ට්‍රෝං නාසා ආයතනයෙන් විශ්‍රාම යනවා.ඉන් පසුව බලවත් ඉල්ලීම පිට බොහෝ ආයතන ගනනාවක මාධ්‍ය ප්‍රකාශක තනතුර හොබවන නීල් ආම්ස්ට්‍රෝං තමුන්ගේ අත්සනේ වටිනාකම සහ සමහරුන් විසින් ඔහුගේ හොර අත්සන් විකිණිම නිසා සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම දෙවෙනි වතාවටත් කැරොල් නයිට් සමග 1994 ජූනි 12 වෙනිදා විවාහ වෙනවා.
අවසානයේ බොහොම දුක්ඛ දායක විදිහට ඔහු අපෙන් සමු ගන්නෙ හදවතේ නහර සම්බන්ධ සැත්කමකට මුහුණ දීල (2012 අගෝස්තු 7) එයින් ඇතිවූ ව්‍යාකූලතා නිසා කියලයි වාර්තා සඳහන් කරන්නෙ.ඇමරිකානු ජනපති ඇතුළු විශාල පිරිසක් ඔහුගෙ අභාවය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළා.
මේ සාරාංශයක් පමණයි.මට විස්තර හොයාගන්න විකිපීඩියා ඇතුළු ගොඩක් පිටු ප්‍රයෝජනවත් වුණා.
බලලා හොඳ නරක කියල ගියොත් බොහොම අගය කරනවා.....
weell done dika....very good article
ReplyDeletecow
තැංකිව් කව්.... වරෙං ආපහු බලන්ඩ ඈ....
Deleteපසුගිය අවුරුදු 43 ඇතුලත හඳ ගැන කරපු දෙයක් නැහැ බැලුවම හඳ ගමනට පස්සේ
ReplyDeleteඒක නං ඇත්ත සරත්. මේ දවස් වල කොහෙද ඉන්නෙ?
Deleteඅපේ උන් හැමදාම හවසට හදේ !
ReplyDeleteඅපිත් ගිය කාලයක් තිබ්බ. ඉස්සර උසස් පෙල කාලෙ. ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට. දිගටම එන්න හොඳේ
Deleteහදට යන්න ඔච්චරම අමාරුද බන්...ඇයි බොබ් මාලි සරණ ගිය උන් උදේ හවස යන්නේ.
ReplyDeleteඋන් ගියාට ධඳේ ඉඳන් ෆොටෝ ගන්න බෑනෙ බං :D
Deleteලොකයේ ගමනට අළුත් පරිච්ඡේදයක් එක කල විශිෂ්ඨයෙක්..
ReplyDeleteඅනිවා මචං. බොහොම ස්තුතියි ආ මේ පැත්තෙ ආවට.
Deleteනීල් ආම්ස්ට්‍රෝංග් හදට ගියේ නෑ කියලා මං දැක්කා පොතක් තියෙනවා..ඇත්තද බොරුද කියලා දන්නේ නෑ ඉතින්.කොහොම උනත් නීල් ගැන දන්නේ නැති ටිකක් දැනගත්තා.
ReplyDeleteඒ ගැන නම් මම කියන්න දන්නෙත් නැහැ.
Deleteගොඩක් සන්තෝසයි මගෙ බ්ලොග නිසා කෙනෙක් නොදැන හිටි දෙයක් දැනග්ත් එක ගැන.
ගොඩ්ඩක් ස්තුතියි එනවට. දිගටම එන්න.
"පසු කාලීනව නීල් තමුන්ගේ විශාරද උපාධිය" සංගීත නෙමෙයිනේ :D
ReplyDeleteමොකක්ද මේ විශාරද උපාධිය ???
නීල් ආම්ස්ට්‍රෝන් ඇමරිකානු බාලදක්ෂයෙක්. ඒ වගේමයි ඇමරිකානු බාලදක්ෂයෙක්ට දිනාගන්න පුලුවන් ඉහළම ප්‍රදානය වෙන ඊගල් පදක්කම දිනාගත්තු බාලදක්ෂයෙක්. ඔහු හඳට අරගෙන ගිය ලෝක බාලදක්ෂ පදක්කමකුත් තිබෙනවා....
සිංහල ගලපනකොට එහෙ මෙහෙ වෙන්න ඇති. සමා වෙන්න. අර මාස්ටර් ඔෆ් සයන්ස් කියන එක... :)
Deleteකාලෙකිං දැක්කෙ. මොනවද අලුත් තතු??
හරියට හරි හසිත. ඊගල් ස්කවුට් කියන තත්වයට පත් වෙලා තියෙනවා..
@ අලුත් කොල්ලා
Deleteසරසවි වසා ඇති නිසා දැහැමින් සෙමෙන් බ්ලොග් කරුමාන්තය karagena සිටිමි :D
එළ එළ.හොදයි ක්යන්නත් බෑ නරකයි කියන්නත් බෑ. හොදයි කිව්වොත් අහයිනෙ සරසවිය වහල නිදහසේ ඉන්න එක හොඳද කියලා :D
Delete