About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Wednesday, August 29, 2012

වෙලඳ කොන්දේසි හෙවත් Trade Terms



අද කාලෙ ගොඩක් ව්‍යාපාර කටයුතු කෙරෙන්නෙ අපේ රට ඇතුලෙ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව පැතිරුණු සැපයුම් කරුවො, ගැණුම් කරුවො  ඉන්න ව්‍යාපාරික ලෝකෙක මේ වෙලඳ කොන්දේසි කියන්නෙ මොනවද කියල පොඩි විස්තරයක් සටහන් කරන්නයි මම හදන්නෙ. අපේ සමහර සහෝදර සහෝදරියො ඔය වෙලඳ කොන්දේසි වලට කෙටියෙන් කියන නම් ඇහුවහම කිසිම දෙයක් නොදන්න නිසාත් කොයි දේ වුණත් දැනගෙන හිටියාම පසු කලෙක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසාත් ඔන්න පොඩි සටහනක්. මෙතන විස්තර වෙන්නෙ ගොඩක්ම ජනප්‍රිය ක්‍රම පමණක් නිසා සමහර විට මගෙ අතින් පොඩි පොඩි දේවල් මග ඇරෙන්න පුළුවන්. එහෙම ඔයාල දැක්කොත් කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න.


1) භාණ්ඩයේ මිල පමණයි කොන්දේසිය (Ex Works)

භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක තමයි මේක්‍රමය වෙන්නෙ. එතකොට කිසියම් පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් හෝ අපේම රටේ ඉන්න ගැණුම් කරුවෙක්ට සිදු වෙනවා අපේ ආයතනයේ ගබඩවෙන් (හෝ නම් කරන ලද ස්ථානයකින්) භාණ්ඩ ටික අරන් යන්න. හදිසියේවත් ඒ භාන්ඩ මිළදී ගන්නෙ පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් නම් ඔවුන්ට සිද්ධ වෙනවා නිශ්පාදනය කරපු රට ඇතුලේ සිදු වෙන රේගු කටයුතු තමුන්ගෙ වියදමින් සිදු කරන්න සහ ඒ භාණ්ඩ ලොරියකට/නැවට/ගුවන් යානයට ගාස්තුවත් ගෙවල තමුන්ගෙ අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කරගන්න එක වගේම ගම්නාන්ත බදු සහ රේගු කටයුතු සිද්ධ කරන්නත්.

කොයි දේත් පැති දෙකක් තියෙනවනෙ. අපි ගැණුම්කරුවෙක් විදිහට පිට රටකින් ඒ ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය කරනවනම් භාණ්ඩයේ මිලට පිටින් සියලුම වියදම් (උඩ සඳහන් කරපු විදිහට) අපි විසින් දැරිය යුතු වෙනවා

මේ ක්‍රමයට ගොඩක් ජාත්‍යන්තර ගැණුම් කරුවො කැමති නැහැ වගේම මේක වැඩිපුරම භාවිතා වෙන්නෙ රටක් ඇතුලෙ වෙලඳ කටයුත්තක් වෙන කොටයි.



2) භාණ්ඩයේ මිල ප්‍රවාහන මාධ්‍යය තෙක් නොමිලේ කොන්දේසිය (Free On Board - FOB)

මේ ක්‍රමය තමයි ගොඩක් පිට රට ගැණුම් කරුවො අපෙන් බඩු ගන්න ක්‍රමය. මෙතනදි වෙන්නෙ භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) සහ රට ඇතුලේ සිද්ධ වෙන රේගු කටයුතු වලට යන වියදම් ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක. ඉන් පස්සෙ දෙපාර්ශවයම එකඟතාවයකට ඇවිත් ඒ මිලට භාණ්ඩය නිශ්පාදනය කරනවා. නමුත් නිශ්පාදකයගෙ වගකීම තියෙන්නෙ නිම කරපු භාණ්ඩ නැවට හෝ ගුවන් යානයට පටවන තෙක් පමණයි. ඉන් පස්සෙ ඒ භාණ්ඩ වල අයිතිය සහ වගකීම පැවරෙන්නෙ ඒවා මිලට ගන්න පාර්ශවයට. නැව්/ගුවන් යානා ගාස්තු (Freight Charges) ගෙවන්න, ඒ භාණ්ඩ රක්ෂණය කරන්න සහ ගමනාන්තයේ රේගුව හරහා බඩු තමුන්ගෙ ගබඩාවට ගෙනයන එක භාණ්ඩ මිලදී ගන්න පාර්ශවය සිදු කළ යුතුයි.

අපි කිසියම් පිටරට ඉන්න සැපයුම් කරුවෙකුගෙන් මේ ක්‍රමයට කිසියම් භාණ්ඩයක් මිළට ගන්නවනම් එතනදි අපේ චරිතය වෙන්නෙ කලින් අපි ගැණුම් කරුවට විකුණන විට ගැණුම් කරුවගෙ චරිතය. ඒ කියන්නෙ අපි විසින් නැව්/ගුවන් යානා ගාස්තු ගෙවල ඉන් පස්සෙ අපේ රටේදි රේගු කටයුතු සිදු කරල අපේ ගබඩාවට බඩු අරන් එන්න ඕනෙ.

ඔය වගේ වෙලාවල් වල තමයි ඔය ප්‍රවාහන කටයුතු සමාගම් (Freight Forwarders) අපේ පිහිටට එන්නෙ. 

මේ ක්‍රමය නිමි භාණ්ඩ අපනයනයෙදි ගොඩක්ම සැපයුම් කරුවො භාවිතා කරන ක්‍රමයක්.



3) භාණ්ඩයේ වටිනාකම, රේගු කටයුතු සහ ප්‍රවාහණය කොන්දේසිය (Cost & Freight - C&F/CNF)

මෙතනදි වෙන්නෙ අර කලින් සඳහන් කරපු ක්‍රමය (FOB) තවත් විස්තාරණය වීමක් කියන්න පුළුවන් මේ වෙලාවෙදි සැපයුම් කරුවා වශයෙන්  අපි විසින් කලින් ක්‍රමයේ ඔක්කොමත් එක්ක තව ප්‍රවාහන වියදමත් දරන්න වෙනවා (නැවට/ගුවන් යානයට) ඉන් පස්සෙ පාරිභෝගිකයට මිල ගණන් නියම කරන්නෙ මේ සියලුම වියදම් එක් කරලා ගන්න ඒකක මිලකට. භාණ්ඩය ප්‍රවාහනය වෙන කාලය (මුහුදේ/අහසේ) ඇතුලත රක්ෂණය කරගන්න සිද්ධ වෙනවා ගැණුම් කරුවාට. අවශ්‍යනම් රක්ෂණය නොකර වුණත් ගෙන්න ගන්න පුළුවනි (භාණ්ඩයේ වටිනාකම සහ ස්වභාවය අනුව). මේ ක්‍රමය ගැණුම්කරුවාට වාසිදායකයි මොකද ඔවුන්ට තියෙන්නෙ භාණ්ඩ තමුන්ගෙ රටට ලඟා වුණාම රේගු කටයුතු තමුන්ගෙ වියදමින් කරන්න විතරයි.

අපි පාරිභෝගිකයෙකුගෙ ඇහින් බලනකොට මේ ක්‍රමය කලින් කිව්ව ක්‍රම දෙකටම වඩා ලෙහෙසියි. අපට තියෙන්නෙත් අපේ සැපයුම් කරුවා එවන ලියකියවිලි ටික අරගෙන රේගු කටයුතු අපේ වියදමින් කරන්න විතරයි.

මේ ක්‍රමය වැඩි වශයෙන්ම භාවිතා කරන්නෙ නිම නොකළ භාණ්ඩ (උදා - සපත්තු අඩි, රසායන ද්‍රව්‍ය, නිම නොකළ යකඩ හෝ අමු ද්‍රව්‍ය) සැපයුම් කරුවො 



4) භාණ්ඩයේ වටිනාකම, රේගු කටයුතු,රක්ෂණය සහ ප්‍රවාහණය කොන්දේසිය (Cost, Insurance & Freight - CIF)

ඉහත සදහන් වෙච්ච ක්‍රමයට (C&F) තවත් එකතු වෙලා භාණ්ඩ රක්ෂණයත් සැපයුම් කරුවා විසින් සිදු කරන ක්‍රමය තමයි  මෙතනදි විස්තර කෙරෙන්නෙ. ගැණුම්කරුවා විදිහට ඉතාම පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමය තමයි මේ ක්‍රමය. කලින් වගේම තමුන්ගෙ ගමනාන්තයට භාණ්ඩ ලඟා වුණාම රේගු කටයුතු කරල භාණ්ඩ නිදහස් කරගැනීම තමයි කරන්න තියෙන එකම අමාරු දේ.

මේ ක්‍රමයත් වැඩිපුරම භාවිතා වෙන්නෙ නිම නොවූ භාණ්ඩ අනයනය / අපනයන කරන කොටයි



5) ගමනාන්තයේ බදු ගෙවූ කොන්දේසිය (Landed Duty Paid - LDP)

මේ කියන්නෙ භාණ්ඩය නිපදවල මුදල් ගෙවල පිට රටකට ප්‍රවාහණය කරල ඉන් පස්සෙ රේගුවෙන් බදුත් ගෙවල නිදහස් කරගෙන ගැණුම් කරුවා කියන තැනටම/නියම කරගත් තැනකට ගෙනිහින් දෙන එකයි. මෙතනදි ඒකක මිළ සාපේක්ෂව ගොඩක් ඉහල අගයක් ගන්නවා.

අපි ගැණුම්කරුවෙක්නම්. මේ ක්‍රමයෙදි අපිට තියෙන්නෙ සැපයුම්කරුව භාණ්ඩ ටික ලඟටම ගෙනත් දෙනකම් බලා ඉන්න තමයි

මේ වගේ මිලක් නියම වෙන සරලම උදාහරනයක් විදිහට වාහන පෙන්නන්න පුලුවන්. 

මෙතනදි මම පුළුවන් තරම් සරලව විස්තර කරන්නයි උත්සහ කරේ. නොතේරෙන තැනක් තියේනං අහන්න.

කියවල බල ඔයාලගෙ අදහසත් කියලම යන්න.

16 comments:

  1. නියම ලිපයක්.බොහොම වටිනවා.

    ReplyDelete
  2. ඔන්න ඉස්කෝලේ වානිජ්‍ය කරන අයට හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. හයියෝ.. මේක අධ්‍යාපනික ලිපියක් විදිහට ගන්න තරම් සුදුසු නෑ සරත් මහත්තයෝ. සාමාන්‍ය එදිනෙදා දැනුමට ප්‍රයෝජනවත් වෙයි කියලයි ලිව්වෙ...

      Delete
  3. බොහොම හොඳයි. මීට ටිකක් කිට්ටුවෙන් යන සබ්ජෙට් එකක් මටත් සම්බන්ධයි. ඉස්සරහට ලියන්නං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට. හැමදාම එන්න.

      මොකක්ද අර සම්බන්ධයි කිව්ව සබ්ජෙක්ට් එක?

      Delete
  4. දැක්කෙ නැතුව බඩු ගන්න යන එක ඩේන්ජර් නේ...

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි..... එහෙම හිතනවනං කොහොමද බං උඹලගෙ අපේ කොම්පැණි දුවන්නෙ?? සාම්පල් එකක් බලලා තමයි බඩු ඕඩර් කරන්නෙ....

      Delete
  5. නොදන්නා සබ්ජෙක්ට් එකකි. දැන් ගැනීමට ලැබීම ගැන සතුටට පත් වෙමි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.......... :)

      Delete
  6. මෙව්වා ඉතින් අපිට තේරෙන එකක්යැ. ආයිත් ලියන්න ගත්තු එකට සන්තෝෂයි .

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියොත් කවදක හරි සංවාදෙකදි හෝ ප්‍රයෝජනවත් වෙයි. සාමාන්‍ය දැනුම. අපි පොඩි කාලෙට වඩා දැං ළමයින්ට සාමාන්‍ය දැනුම තදින්ම අවශ්‍යයි. පොඩි අයට හරි ඕනෙ දවසක කියා දෙන්න බැරියැයි.

      බොහොම සන්තෝසයි මේ පැත්තෙ ආ එක ගැන. දිගටම එන්න.....

      Delete
  7. ඒත් ඉතින් නොදන්න කර්මාන්ත වලට ගිහින් අහවල් කාක්කටයි මෙහෙවල් කාක්කටයි ගෙව ගෙව කාලෙයි ශ්‍රමයයි නොකා අන්තිම ක්‍රමේම තෝරගන්න තමා සිද්ධ වෙන්නෙ අපි වගේ අයට...

    ReplyDelete
    Replies
    1. හපොයි. එහෙම කරොත් හොඳට හිටියි. අන්තිම ක්‍රමේ සාමාන්‍ය බඩු භාණ්ඩ වලට බලපාන්නෙ හරිම අඩුවෙන්.

      බොහොම ස්තුතියි ආ එකට... දිගටම එන්න

      Delete
  8. මෙක වැදගත් ලිපියක් දන්නැති ගොඩක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.

      හැමදාම් අත පත ගන දේ අනිත් අයත් එක්කත් බෙදාගන්න තමයි මේක ලිව්වෙ :) බොහොම සන්තෝසයි ඒ ගැන.

      Delete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......